• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙණ ගහන ඖෂධ හොරකම I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වංචාකාරී ලෙස රටින් පිටකරන මූලික ක්‍රමය ඖෂධ මාෆියාව බවත්, ඇමැතිවරු සහ බලධාරීන් පිස්සු නටමින් සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පසුගිය 04 වැනිදා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසුවා.(Sri Lanka Latest News)

මෙම සියලු ක්‍රියාකලාපයන් පිටුපස අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ කූට ව්‍යාපාරිකයන් සිටින බව ද කී ඒ මහතා, මෙරටට ඖෂධ සැපයීමට සමාගම් 6ක් ඉදිරිපත් වී ඇති අතර, ඉන් එක් සමාගමක් ඖෂධයක් සඳහා ශත 19ක අවම ලංසුවක් ඉදිරිපත් කර තිබියදී වෙනත් සමාගමකට ශත 85කට ඖෂධ ටෙන්ඩරය දීමට සූදානම් වන බව ද සඳහන් කළේය.

සෞඛ්‍ය වෘත්තිකයන් රට හැරයාම හේතුවෙන් රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වී ඇති බවද කී ජයගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, දැනට රෝහල් ගණනාවකම පවතින ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් එම රෝහල් ඒකක වසාදමා ඇති බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා එම මාධ්‍ය සාකච්ඡාවේදී සිදුකළ අනාවරණය ඇතුළත් ඔහුගේ සම්පූර්ණ කතාව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.

අපි අද විශේෂයෙන් මේ මාධ්‍ය හමුව කැඳවන්න තීරණය කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ ඉතා බරපතළ ගැටලු කිහිපයක් පැනනැගිලා තියෙනවා. එක පැත්තකින් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් රට හැරයනවා. ඒ හරහා ලොකු අර්බුදකාරී තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒකට බලපාලා තියෙනවා උපයන විට බද්ද, රෝහල්වල අත්‍යාවශ්‍ය ශල්‍ය උපකරණ සහ ඖෂධවල බරපතළ හිඟය, ලංකාවේ පොදු ආර්ථික අස්ථාවරභාවය සහ දේශපාලන අස්ථාවරත්වය කියන සියලු කරුණු. විශේෂයෙන්ම, විශේෂඥ වෛද්‍යවරු, සාමාන්‍ය වෛද්‍යවරු, හෙද හෙදියන්, තාක්ෂණ ශිල්පීන් රට හැර යෑම නිසා රෝහල් පද්ධතිය බිඳවැටීමට ලක්වෙලා තියෙනවා.

ගිය සතිය වෙද්දී අපට වාර්තා වුණා අනුරාධපුර මහ රෝහලේ ළමා රෝහල වසාදමන්න වෙනවා කියලා. එහි හිටපු ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු 4 දෙනාම රට හැර යෑම නිසා. ඊට දින කිහිපයකට පස්සේ වාර්තා වුණා ඇඹිලිපිටිය රෝහලේ අක්ෂි ශල්‍ය ඒකකය ඇතුළු ඒකක කිහිපයක් වසා දමන්න සිදුවෙනවා කියලා. ඒවට අදාළ විශේෂඥ වෛද්‍යවරු රට හැර යෑම නිසා. හම්බන්තොට මහ රෝහලේ තවත් සතියක් දෙකක් ඇතුළත සායන කටයුතු නවත්වන්න සිදුවෙනවා කියලා, සායන සඳහා ඉන්න විශේෂඥ වෛද්‍යවරු රට හැර යෑමේ තීරණයත් එක්ක.

මේ අපි දන්න තොරතුරු විතරයි. රට පුරාම වෛද්‍ය වෘත්තිකයන් රට හැර යෑම නිසා ඉතා බරපතළ අර්බුදයක් උද්ගත වෙමින් තියෙනවා. දැනටමත් රටේ රෝහල් ගණනාවක ශල්‍යකර්ම කිරීම සඳහා අවශ්‍ය දේවල් නෑ. ඒ ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය දේවල් රෝගීන්ට අරගෙන එන්න කියනවා. ඒ දේවල් රෝගීන් අරගෙන එද්දී රු. 15,000ත් 20,000ත් අතර මුදලක් ඔවුන්ගෙන් වැයවෙනවා. ප්‍රායෝගිකව සිදුවෙන්නේ ඒ මුදල අතේ තියෙන අය සල්ලිවලට ඒ දේවල් අරගෙන ඇවිත් ශල්‍යකර්මය කරගන්නවා. සල්ලි නැති අය ශල්‍යකර්මය නොකර මරණය බලාපොරොත්තුවෙන් ඉන්නවා. මහරගම පිළිකා රෝහලේ ඖෂධ හිඟය ඉතා බරපතළ තැනකට ඇවිල්ලා තියෙනවා.

මෙහෙම තියෙද්දී සෞඛ්‍ය අමාත්‍යාංශයත්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීනුත් පිස්සු නටන එක තමයි කරමින් ඉන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ තරම් විශාල අර්බුදයකට ලක්වෙලා තියෙද්දී ලංකාවේ රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්වෙලා ඉද්දී, ඒ මරණ ඇතුළෙනුත් සල්ලි කීයක් හරි හම්බ කරගන්නේ කොහොමද, ඒකෙන් ගසාකන්නේ කොහොමද කියලා තමයි මේ අය හිතමින් ඉන්නේ. දේශපාලනඥයෝ රාජ්‍ය නිලධාරීන් සහ ඖෂධ මාෆියාවක් නිර්මාණය කරලා තියෙන සමාගම්, දේශීය නියෝජිත සමාගම් ඔක්කොම එකතු වෙලා අවසානෙදී ලංකාවේ ජනතාව මරණය කරා ගෙනයමින් තියෙනවා.

මේ සඳහා උදාහරණ ගණනාවක්ම තියෙනවා. එකක් තමයි අක්ෂි රෝගීන් සඳහා භාවිත කරන බෙහෙතක්. පෙඩි්‍රසිලෝන් ඇසිටේට් කියන අයි ඩ්‍රොප් එක. ඒක ලංකාවට ගෙන්නුවේ ඉන්දියානු සමාගමකින්. ඒ සමාගම ඉන්දියානා ඔප්ටොමිකා ප්‍රයිවෙට් ලිමිටඩ් කියන සමාගමක්. ඒ සමාගම ගෙන්වපු අදාළ බෙහෙත් සියල්ල දෝෂ සහිතයි. ඒවා මගින් විශාල ආසාත්මිකතා සහ ප්‍රශ්න ඇවිත් තියෙනවා රෝගීන්ට.

මේ බෙහෙත නිසා එක රෝගියෙක්ගේ ඇස් දෙකම අන්ධ වෙලා තියෙනවා. ඒ නිසා වහාම මේ බේත් එක රෝහල්වලින් ඉවත් කරන්න කියලා අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සියලු රෝහල්වල අධ්‍යක්ෂවරුන්ට ලිපියක් යවලා තියෙනවා. මේ ඖෂධ රෝහල්වලට ගිනිද්දී අඩුම ගානේ මේවා පිළිබඳ පරීක්ෂණයක් කළේ නැද්ද? මේවායේ ලියාපදිංචිය පිළිබඳ සොයා බැලුවේ නැද්ද? මේවායේ ප්‍රමිතිය පිළිබඳ නිසි රසායනික පරීක්ෂණයකින් සහ සායනික පරීක්ෂණයකින් තොරවද මේවා භාවිත කළේ? දැන් මිනිස්සුන්ගේ ඇස් අන්ධ වුණාට පස්සේද මේ බේත් රෝහල්වලින් අයින් කරන්නේ? මැයි මාසේ 02 දිනය දරන ලිපියකින් තමයි මේ බෙහෙත් රෝහල්වලින් ඉවත් කරන්න කියලා දැනුම් දීලා තියෙන්නේ. (ලිපියක් පෙන්වයි) බෙහෙත් ඉවත් කරන්න කියලා මැයි 02 වැනිදා ලිපිය නිකුත් කළාට මේ රෝගීන්ට සංකූලතා ඇතිවෙන්න පටන්ගත්තේ අප්‍රේල් මාසේ මුල ඉඳලා. මාසෙකට පස්සේ තමයි රෝහල්වලින් ඖෂධය අයින් කරන්නේ.

මගේ ළඟ තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රජයේ රසායනාගාරය නිකුත් කළ වාර්තාව. මේක ‘පෙඩි්‍රසිලෝන් ඇසිටේට්’ කියන ඇස්වලට දාන බෙහෙත් කුප්පිවල විවිධාකාරයේ විෂබීජ අඩංගුයි කියලා තහවුරු කරපු රසායනාගාර පරීක්ෂණ වාර්තාව. මේකෙ දිනය තියෙන්නේ අප්‍රේල් මාසේ 10 වැනිදා. එතකොට අප්‍රේල් 10 වැනිදා රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා මේ බෙහෙත භාවිත කරන රෝගීන්ගේ ඇස්වලට ප්‍රශ්න එනවා කියලා. නමුත් මැයි 02 වැනිදා වෙනකල් මේගොල්ලෝ මේකට මැදිහත් වීමක් කරලා නෑ. වෛද්‍යවරු තමන්ගේ අවබෝධයේ ප්‍රමාණයට මේ බෙහෙත භාවිත කරන එක නවත්තලා දැම්මා අප්‍රේල් මාසේ දෙවැනි සතියෙන් පස්සේ.

මේ ක්‍රියාවලියේ බරපතළ ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. මේකෙ ප්‍රමාදය, මේකෙ ප්‍රමිතිය සම්බන්ධ සොයා බැලීම ගැන ප්‍රශ්න තියෙනවා. මේ වෙනකොට ලංකාවේ රෝගීන් ප්‍රධාන ප්‍රශ්න තුනකින් පීඩා විඳිනවා ඖෂධවලට අදාළව. පළමු එක තමයි ඖෂධ හිඟය. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 70කට ආසන්න ප්‍රමාණයක් සමග සමස්ත ඖෂධ 300ක විතර හිඟයක් තියෙනවා. ශල්‍ය උපකරණ හිඟයක් තියෙනවා.

දෙවැනි කරුණ තමයි තියෙන ඖෂධවල ගුණාත්මක බව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. කිසිම ගුණාත්මක බවක් නැති ඖෂධ වෙළෙඳපොළට මුදාහැරලා තියෙනවා. රජයේ රෝහල්වලට ලබාදීලා තියෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නැති, අසාදු ලේඛනගත වෙච්ච සමාගම්වලින් පවා ඖෂධ මිලදී ගන්න දරපු උත්සාහයන් ගැන පහුගිය දවස්වල වාර්තා වුණා. ඖෂධවල ගුණාත්මක බව පිළිබඳ ප්‍රමිතිය පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා.

තුන්වැනි කරුණ තමයි ඖෂධවල මිල. සෑම ඖෂධයකම මිල කලින් තිබුණු මට්ටම වගේ තුන් ගුණයක් හතර ගුණයක් වෙලා තියෙනවා. මේක සාමාන්‍ය රෝගීන්ට දරන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට මෙහෙම වෙලා තියෙද්දී රජයේ රෝහල්වලට ඖෂධ මිලදී ගැනීමේ කාර්යයේදී ඉතා බරපතළ වංචා සිදුවෙමින් යනවා. මේක ලොකු ප්‍රශ්නයක්. මෙච්චර විනාශයක රට තියෙද්දී මේ දේශපාලනඥයොයි, නිලධාරියොයි, කූට ව්‍යාපාරිකයොයි එකතු වෙලා මහා විනාශයක් කරමින් යනවා. දැන් මගේ අතේ තියෙනවා සෙෆියුරොක්සින් සෝඩියම් කියන එන්නත ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම කරපු වාර්තාව.

මේ වාර්තාවට අනුව සෙෆියුරොක්සින් සෝඩියම් කියන ප්‍රකට ප්‍රතිජීවක ඖෂධය කුප්පි ලක්ෂ 25ක් ගෙන්වීම සඳහා තමයි ටෙන්ඩරය ප්‍රදානය කරලා තියෙන්නේ. ටෙන්ඩරය ප්‍රදානය කරන්න යද්දී ටෙන්ඩර් කැඳවීම කරලා තියෙනවා 2022 නොවැම්බර් මාසේ. සාමාන්‍යයෙන් මේ බෙහෙත රජයේ රෝහල්වල ප්‍රතිජීවක එන්නතක් ලෙස බහුලව භාවිත වෙන එකක්. සාමාන්‍යයෙන් රජයේ රෝහල්වලට මාසයකට මේ ජාතියේ කුප්පි එක්ලක්ෂ හැටදාහක් අවශ්‍යයි. එතකොට අවුරුද්දක විතර කාලයකට තමයි මේ ලක්ෂ 25ක් කුප්පි ගෙනල්ලා තියෙන්නේ.

සාමාන්‍ය ඖෂධවලටත් වඩා ප්‍රතිජීවකවල ප්‍රමිතිය ඉහළ තියෙන්න ඕනෙ කියන එක හැමෝම දන්න දෙයක්. මොකද මොනවා හරි විදියකට ප්‍රතිජීවක ප්‍රතිරෝධයක් හැදුණොත් ඒ රෝගියා මියයන්න පවා ඉඩ තියෙනවා ආසාදනයකින්. මොකද එයාට ප්‍රතිජීවක වැඩ කරන්නේ නැති නිසා. එතකොට දැන් ප්‍රශ්නය තමයි රජයේ රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඖෂධ මිලට ගැනීමේ කටයුත්තෙදී ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් හිතුවොත් ඖෂධ මිලදී ගනිද්දී කොන්දේසි තුනක් සම්පූර්ණ වෙන්න ඕනනේ. ඉහළ ගුණාත්මක බවින් යුතු ඖෂධ ගෙන්වන්න ඕනේ. ඖෂධ කඩිනමින් ගෙන්න ගන්න ඕනේ. ඒ වගේම මහජන මුදල් නාස්ති නොකර අඩු මිලට ඖෂධ මිලදී ගන්න ඕනේ. නමුත් ඒකද දැන් මේ සිදුවෙන්නේ?

2022 නොවැම්බර් මාසේ 08 වැනිදා ටෙන්ඩරයක් කැඳෙව්වා මේ කියන සෙෆියුරොක්සින් සෝඩියම් එන්නත සඳහා. ඒ එන්නත් කුප්පි ලක්ෂ 25ක් සඳහා තමයි මිල ගණන් කැඳෙව්වේ. එතකොට මේ වාර්තාවට අනුව මේ ටෙන්ඩර් පිළිබඳ වාර්තාවට අනුව සමාගම් 06ක් මිල ගණන් ඉදිරිපත් කරලා තියෙනවා. සමාගම් 05ක විස්තර මේකෙ සඳහන් කරලා තියෙනවා. එතකොට මිල ගණන් අඩුම මිල ඉදිරිපත් කරලා තියෙන්නේ Swiss Parenterals කියන සමාගම. ඔවුන් මේ එක කුප්පියක් සඳහා ඩොලර් ශත 19ක් ඉදිරිපත් කරලා තියෙනවා ටෙන්ඩරයේ.

ඊළඟට ඉදිරිපත් කරලා තියෙන්නේ ක්ලින්ටස් කියලා සමාගමක්. ඔවුන් ඩොලර් ශත 24කට මේ කුප්පියක් දෙන්නම් කියලා තියෙනවා. ඊට පස්සේ කැඩිලා ෆාමසූටිකල්ස් කියන ආයතනය ඩොලර් ශත 36කට මේක දෙන්නම් කියලා තියෙනවා. කර්නාටක ඇන්ටිබයොටික්ස් කියන ඉන්දියානු සමාගම ඩොලර් ශත 36.5කට මේ කුප්පියක් දෙන්නම් කියලා තියෙනවා. ඒ අතර Eureka Life Sciences කියලා සිංගප්පූරු සමාගමක් ඩොලර් ශත 85කට මේ ඖෂධය දෙන්නම් කියලා ටෙන්ඩරයක් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ ලේඛනයේ විදියට සෞඛ්‍ය අමාත්‍යාංශය ඩොලර් ශත 19ට ඖෂධය දෙන්නම් කියපු සමාගමත් අතහැරලා ඩොලර් ශත 24ට, ශත 36ට, ශත 36.5ට දෙනවා කියපු සමාගමුත් අතහැරලා ඩොලර් ශත 85 ගානේ එන්නත් කුප්පි ලක්ෂ 25ක් මිලට ගැනීම සඳහා අනුමැතිය ලබාදෙන්න යනවා. ඒ සඳහා වන සියලු ලේඛන මේ වෙනකොට සම්පූර්ණ කරලා තියෙනවා.

අඩුවෙන්ම මිල ඉදිරිපත් කරලා තියෙන්නෙ Swiss Parenterals සමාගම. ඩොලර් ශත 19 ගානේ ඖෂධ කුප්පි ලක්ෂ 25ක් මිලට ගන්න ඇමෙරිකානු ඩොලර් 4,75,500ක් වියදම් වෙනවා. මේ යුරේකා Eureka Life Sciences කියන සිංගප්පූරු සමාගම ඉදිරිපත් කරපු ආකාරයට ඩොලර් ශත 85 ගානේ කුප්පි ලක්ෂ 25ක් මිලට ගනිද්දී ඇමෙරිකානු ඩොලර් 21,25,000ක් වියදම් වෙනවා. මේ සමාගම් දෙක අතර වෙනස ගත්තොත් ඇමෙරිකානු ඩොලර් 16,49,500ක්. ඒ කියන්නේ දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6ක් වැඩිපුර වියදම් කරනවා මේ ඩෙන්ඩරය හරහා.

මේක රුපියල්වලින් ගණන් බැලුවොත්, රුපියල් මිලියන 500ක් 600ක් විතර වෙනවා. රුපියල් මිලියන 500ක් 600ක් ගඟේ මූදේ දානවා වගේ දෙන්න තීරණය කරලා තියෙනවා. අනෙක් අතට ලංකාවේ තියෙන විදේශ විනිමය ඩොලර් මිලියන එකහමාරක් විතර රටෙන් එළියට වැඩිපුර ඇදිලා යනවා අමතරව. එතකොට මේක පිටිපස්සේ තියෙන වංචාව ඉතා පැහැදිලියි. සාමාන්‍යයෙන් ණයවර ලිපි විවෘත කරන්නේ ඖෂධ නිෂ්පාදන සමාගමට. ඒ නිසාම ටෙන්ඩර් කැඳවීමකදී ලංසුකරුවා වෙන්නේ නිෂ්පාදකයා.

නිෂ්පාදන සමාගම තමයි ලන්සුකරුවා වෙන්නේ. ඒකට දේශීය නියෝජිත සමාගමක් ඉන්න පුළුවන්. නමුත් ලන්සුකරුවා වෙන්නේ නිෂ්පාදන සමාගම. හැබැයි මේ Eureka Life Sciences කියන සිංගප්පූරු සමාගම ඖෂධ නිෂ්පාදනය කරන සමාගමක් නෙවෙයි. ඔවුන්ට ඖෂධ නිෂ්පාදනාගාරයක්වත් නෑ. ඔවුන් ඇත්තටම කරන්නේ ඉන්දියානු සමාගමකින් ඖෂධ මිලට අරගෙන ලංකාවට විකුණන එක. මේකෙ ලංකාවේ ඉන්න දේශීය නියෝජිත සමාගම යාදෙන් කියලා සමාගමක්. ඇයි ඔවුන් ඉන්දියානු නිෂ්පාදන සමාගම කෙළින්ම මේකෙ ලන්සුකරුවා විදියට ඉදිරිපත් කරන්නේ නැත්තෙ? මේක පිටිපස්සේ ජාවාරමක් තියෙනවා.

ඒ කියන්නේ ඩොලර් ශත 20කට විතර ඉන්දියානු සමාගමෙන් ගන්නවා ඖෂධය. අරගෙන අතර මැදි සමාගමක් ලියාපදිංචි කරලා ඒ සමාගම හරහා ඩොලර් ශත 85ට විකුණනවා ලංකාවට. එතකොට සෑම ඖෂධ කුප්පියකින්ම ඩොලර් ශත 65ක විතර වංචාවක් තියෙනවා. කුප්පි ලක්ෂ 25ක් විතර ගන්නකොට ඩොලර් මිලියන 1.5ක විතර වැඩි මුදලක් රටෙන් එළියට යවන්න වෙනවා. එතකොට ලන්සුකරුවා විදියට Eureka Life Sciences කියන සිංගප්පූරු සමාගම ඉදිරිපත් කළාට පස්සේ වෙන්නේ ණයවර ලිපි විවෘත කරන්නේ ඒ සමාගමට. එතකොට ඒ සමාගමට ඩොලර් මිලියන 1.5ක් යනවා. මේ විදියට තමයි අර මහා වංචාව වෙලා තියෙන්නේ.

මීට කලින් Global Financial Integrity කියන ඇමෙරිකානු ආයතන වාර්තාවෙන් කියැවුණා 2009ත් 2018ත් අතර කාලයේ ඩොලර් බිලියන 38ක මුදලක් ලංකාවෙන් එළියට ගිහිල්ලා තියෙනවා කියලා Overestimation සහ Underestimation හරහා. ඊට පස්සේ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට වාර්තා කළා 2019 සිට 2022 අවුරුදු සැලකුවට පස්සේ ඩොලර් බිලියන 56ක මුදලක් ලංකාවෙන් එළියට වංචනිකව අරන් ගිහිල්ලා තියෙනවා කියලා කූට ව්‍යාපාරිකයෝ අතලොස්සක් විසින්. ඩොලර් බිලියන 56 කියලා කියන්නේ ලංකාවේ සමස්ත විදේශ ණයටත් වඩා වැඩි ප්‍රමාණයක්.

ලංකාවේ සමස්ත විදේශ ණය තියෙන්නෙත් ඩොලර් බිලියන හතළිස් ගානයි. දැන් අපට ණය වාරික ගෙවන්න බෑ කිය කියා නහයෙන් අඬනවා. අයි.එම්.එෆ්. එකේ මේ සකලවිධ කොන්දේසිවලට එකඟ වෙලා තියෙන්නේ ඩොලර් බිලියන 2.9ක් ගන්න. හැබැයි ඩොලර් බිලියන 56ක් රටෙන් එළියට වංචනික ලෙස ගෙනිහිල්ලා තියෙනවා. ඒ ගෙනියන විදිය ගැන හොඳම නිදසුන තමයි මේක. තව අය ගෙනියනවා. ඇඟලුම් කර්මාන්ත ශාලා හිමිකරුවොත් මේ විදියට ගෙනියනවා. තේ නිෂ්පාදකයොත් ඩොලර් ගෙනියනවා අයුතු විදියට. මේ, ඖෂධ සමාගම් ඩොලර් ගෙනියන විදිය.

ඩොලර් ශත 20ට ඉන්දියාවෙන් මිලට ගන්න පුළුවන් ඖෂධය සිංගප්පූරු සමාගමක් පාවිච්චි කරලා ඩොලර් ශත 85ට මිලට ගන්නවා. වැඩිපුර මුදල යවනවා ණයවර ලිපියක් හරහා සිංගප්පූරුවට. ප්‍රශ්නෙ තියෙන්නේ Eureka Life Sciences කියන සිංගප්පූරු සමාගම මොකක්ද කියන එක. අපි දන්න විදියට ඒක ලංකාවේ හිමිකරුවෙක් සහිත, ලංකාවේ ඖෂධ බෙදාහැරීමේ සමාගමක ඇසෝසියේට් කම්පැනි එකක්. ඒකෙ සහකාර සමාගමක්. එතකොට මොකක්ද මේ කරන්නේ? මේ කරන්නේ කූට ව්‍යාපාරිකයෝ කිහිප දෙනකුට රටේ තියෙන ඩොලර් ටික රටෙන් එළියට ගෙනියන්න ඕනෙ පදනම හදන එක. මෙතැන ඩොලර් මිලියන 1.5යි. මේ විදියට ගත්තම ඔක්කොම ක්ෂේත්‍රවල එකතුව තමයි ඩොලර් බිලියන ගනන් රටෙන් එළියට ගෙනියන්නේ. එතකොට මෙතැන ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

පළමු එක තමයි ඖෂධ නිෂ්පාදකයෙක් නොවන කෙනෙක් ලන්සුකරුවෙක් විදියට ගන්න ප්‍රසම්පාදන කමිටුව ඉඩ දුන්නේ ඇයි කියන එක. දෙවැනි එක තමයි අඩුම මිල ගණන් ඉදිරිපත් කළ සමාගමක් තියෙද්දී ඒ සමාගමෙන් මිලට ගන්නේ නැතුව වැඩිම මිල ඉදිරිපත් කරපු සමාගමෙන් මිලට ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක් ගත්තේ ඇයි කියන එක. අපි දන්න තොරතුරුවලට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අඩුම මිල ඉදිරිපත් කරපු සමාගම් පහෙන්ම මේක මිලට ගන්නේ නැතුව වැඩිම මිල ඉදිරිපත් කරපු සමාගමෙන් මිලට ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරමින් ඉන්නවා.

අපි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට අනතුරු අඟවනවා, ඔබ මේ කැබිනට් පත්‍රිකා හදන්නේ දේශපාලනඥයෝ කවුරුත් බලකරපු නිසා නම් අනුන්ගේ පදයට නටලා අමාරුවේ වැටෙන්න එපා කියලා. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග අපට ගන්න සිදුවෙන්නේ ඔබතුමාට එරෙහිවයි. ඒ නිසා බලකිරීමක් සඳහා නම් මේක කරන්නේ, අනුන්ගේ පදේට නටලා නිකන් අමාරුවේ වැටෙන්න එපා. ඔබත් මේකට හවුල් නම්, අපි දන්නවා මේ වංචා සියල්ලට එක පැත්තකින් ඇමැතිවරු හවුල්, දේශපාලනඥයෝ හවුල්. තව පැත්තකින් අමාත්‍යාංශ ලේකම්ලා, සංස්ථා සභාපතිලා හවුල්. තවත් පැත්තකින් කූට ජාවාරම්කාර ගජමිතුරු ව්‍යාපාරික වළල්ල හවුල්. මේ රටක් විනාශ කරන වැඩේ කරන්නේ දේශපාලනඥයොයි, ඉහළ රාජ්‍ය නිලධාරීන් කල්ලියකුයි, ගජමිතුරු ව්‍යාපාරික වළල්ලකුයි එකතු වෙලා. ඒක නිසා මේක පරාජය කරන්න බෑ කවුරු හරි තනි දේශපාලනඥයෙක් එළවලා, ආණ්ඩුවක් එළවලා විතරක්. ඒකට මේ මුළු පද්ධතිමය වෙනස් කරන්න ඕනේ.

සාමාන්‍යයෙන් ඖෂධ වෙළෙඳාම කියන්නේ මාෆියාවක්. ඖෂධවල තියෙන්නේ අති විශාල ලාභයක්. ඒ නිසා ලංකාවේ ලෝකේ ඖෂධ සම්බන්ධ මේ මාෆියාවම කෙළවර කළ යුතුයි. ඒකට තමයි මහාචාර්ය සේනක බිබිලේ, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ වගේ අය හැත්තෑ ගණන්වල ඖෂධ ප්‍රතිපත්ති හදාගෙන උත්සාහ කළේ මේ ඖෂධ මාෆියාවෙන් රෝගීන්ව බේරගන්න. අවසානයේදී ඒක හමස් පෙට්ටියට ගියා. මහාචාර්ය සේනක බිබිලේ ඝානාවේදී අබිරහස් ලෙස මියගියා. ඔහුව මරාදැමුවා කියලත් සැකයක් තියෙනවා ඖෂධ ජාවාරම්කාරයෝ. අන්තිමට කෝ ඖෂධ ප්‍රතිපත්තිය? ඒවා මුකුත් නෑ.

සෞඛ්‍ය අමාත්‍යාංශය කොල්ලයක නිරත වෙමින් ඉන්නවා මෙච්චර ආර්ථික අර්බුදයක් ඇවිල්ලා තියෙද්දී සෞඛ්‍ය සඳහා වෙන් කරපු සොච්චම මංකොල්ලකමින් ඉන්නවා රෝගීන් මරණය කරා ඇද දමමින් ඉන්නවා. එක පැත්තකින් ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වනවා. ඒ නිසා ඇතිවෙච්ච ප්‍රශ්න අපි දැක්කා. ඒ අතර මහජන මුදල් එක එක කූට ව්‍යාපාරිකයන්ට මංකොල්ල කන්න ඉඩ දීලා තියෙනවා. රටේ විදේශ විනිමය ටික එළියට යන්න දීලා තියෙනවා.

ඒ හරහා මේ දේශපාලනඥයන්ටයි නිලධාරීන්ටයි කොමිස් හම්බවෙනවා. මේකට එරෙහිව අපි අපේ රෝගී අයිතිවාසිකම් සංගම්වලින්, සෞඛ්‍ය සේවක වෘත්තීය සමිතිවලින් රටේ පොදු මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ අයුක්තිය ඉස්සරහා නිහඬව බලාගෙන ඉන්න එපා කියලා. මේකට විරුද්ධව නැගිටින්න. සෞඛ්‍ය සේවයේ ඇතිවෙලා තියෙන පුළුල් අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය සේවකයන්ගේ වෛද්‍ය විශේෂඥයන්ගේ, රෝගීන්ගේ, පොදු මහජනතාවගේ, දේශපාලන ක්‍රියාධරයන්ගේ ඒකාබද්ධ පුළුල් ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු වෙනවා. එහෙම එකක් ගොඩ නොනගා සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වැටෙන වැටිල්ලෙන් ගොඩගන්න බෑ.

මේ වෙනකොටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාකච්ඡා වෙමින් යනවා රජයේ රෝහල්වල රෝගීන්ගෙන් මුදල් අයකරන වැඩපිළිවෙළක්. ඒක නම්කරලා තියෙන්නේ Digitalization of Health Service කියලා. Digitalizationg කියලා නමක් දාලා පුද්ගලීකරණය තමයි කරන්නේ. ඩිජිටල්කරණය කියලා නම දාලා අසරණ රෝගීන්ගේ සල්ලි ටික ගසාකන්න යන්නේ. ඒ නිසා තියෙන නිදහස් සෞඛ්‍ය සේවාව අහෝසි කරලා ඒ වෙනුවට සෞඛ්‍ය රක්ෂණයක් ආරම්භ කරලා, ආරම්භක පියවරේදී සෞඛ්‍ය රක්ෂණ වාරිකය රජයෙන් ගෙවලා, දෙවැනි පියවරේදී රෝගීන්ටම බෙහෙත්වලට සල්ලි දෙන්න කියන තත්ත්වයට ප්‍රතිපත්තියම සම්පාදනය කරමින් ඉන්නවා.

SendShareShare
Previous Post

රෝසිගේ නිල නිවසේ ලයිට් බිල මාස 2ට ලක්ෂ 8 පන්නයි! ගෙවන්නේ නැතිව ඉඳිද්දී අන්තිමේදී නගර සභාව ජනතා බදු මුදලින් ගෙවලා! Sri Lanka Latest News

Next Post

මතකනෙ වඳ සැත්කම් පෙන්නලා එදා ජාතිවාදය අවුස්සලා කරපු විනාශය! ඒ අය ආයෙ එළියට ඇවිල්ලා! වැරැද්දක් කරලා තියෙනවා නම් ජෙරම්ට නෙමෙයි පීටර්ට හරි නීතිය ක්‍රියාත්මක කරන්න! අර සේනා.. මේ සේනා.. අර බළකා.. මේ බළකා.. එක එක පිස්සො ෆෝම් කරන්න එපා! හර්ෂණ මාධ්‍යවලිනුත් ඉල්ලීමක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.