• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්න නැති, බොන්න නැති, ඉන්න හිටින්න පහසුකම් නැති, අරුම පුදුම රටක කතාව…

May 11, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
කන්න නැති, බොන්න නැති, ඉන්න හිටින්න පහසුකම් නැති, අරුම පුදුම රටක කතාව…
Share on WhatsAppShare on Facebook

ලංකාවෙ මිනිස්සු මේ වෙලාවෙ ජීවත් වෙන්නෙ අසීරුවෙන්. ඒක මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඒ වගේම ඒක ඔබටත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඒකට හේතුව ඔබත්, මමත්, අපි දෙන්නම මේ රටේ මිනිස්සු නිසා. ඔබේ අසීරුව මට දැනෙනවා. මගේ අසීරුව ඔබට දැනෙනවා. මේ රට මේ තත්ත්වයට ඇදලා දැම්මෙ පාලකයො කියලා අපි කොහොම කිව්වත්, ඒ වගේ පාලකයන්ට රට භාරදීලා මේ අමාරුවෙ දැම්මෙ අපි. ඒ නිසා කාටවත් ඇඟල්ල දික් කරන්න කලින් බලන්න ඔබේ පැත්තට ඇඟිලි කීයක් හැරිල ද කියලා. මම නම් බැලුවා. මගෙ පැත්තටත් ඇඟිලි කීපයක්ම දික්වෙලා තියෙන බව මම දැක්කා.

මේ ගතවෙලා යන කාලය ඇතුළෙ යම් සහනයක් සමහර විට ඔබට දැනෙනවා ඇති. මේ ලියන ඊයෙ දවස වෙන කොට ගෑස් මිල තවත් ටිකක් අඩු වුණා. ඒ කියන්නෙ ගෑස් සිලින්ඩරයක මිල ඉහළටම ගිය මොහොතෙ ඉඳලා මේ වෙනකොට දළ වශයෙන් සියයට විසිපහකින් විතර අඩු වෙලා. තෙල් මිලත් එහෙමයි. ඒකත් සියයට විස්සකට ආසන්න අඩු වීමක්. ඒ නිසා දැන් යම් ආකාරයක සාධරණයක් මිනිස්සුන්ට තියෙනවා. බොහෝ විට ඒක කාට කාටත් සහනයක් බව ඇත්ත. ඒත් අපේ රටේ මිනිස්සු අතරින් සිය දහස් ගණනක් තමන්ගෙ ජීවිතේ තවමත් ගෙවන්නෙ ඉතා අසීරුවෙන්. ඒක කවුරු කොහොම කිව්වත් එහෙමම තමයි.

මිනිස්සුන්ගෙ බෙහෙත් හේත්වල වියදම අද ආණ්ඩුව මඟ හැරලා. සැත්කම් විශාල වශයෙන් සීමා කරලා. මේ විදියට ප්‍රශ්න දහස් ගානක් තියෙනවා. රෝහල් ක්ෂේත්‍රයම සම්පූර්ණයෙන්ම කඩාවැටිලා කියන එකයි බැලූ බැල්මට පේන්නෙ. ඒ නිසා මිනිස්සුන්ගෙ ජීවිත මීට වඩා වට්ටන්න අඩියක්, පතුලක් නෑ.

2022 වර්ෂය අවසාන වෙනකොට ලංකාවෙ ජනගහනයෙන් 68%ක් විතර ආහාර ගන්න ප්‍රමාණය අඩුකිරීම, ආහාර වේල් ගණන අඩුකිරීම, අඩු රුචිකත්වයක් දක්වන ආහාර මත යැපීම වැනි විකල්ප ආහාර උපායමාර්ග වෙත යොමුවී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව වාර්තා කරන බව කියනවා. මිනිස්සු තමන්ගෙ සෞඛ්‍ය පුරුදු මත ආහාර ගන්න ප්‍රමාණය අඩු කිරීම නරක දෙයක් නෙමෙයි. ඒත් ආහාර ගන්න ප්‍රමාණය අඩුකරන්නෙ, කන්න ගන්න සල්ලි නැති හින්දා නම් ඒක ලොකු අවුලක්.

ලෝක ආහාර වැඩසටහනේ දුරස්ථ, ගෘහස්ථ, ආහාර සුරක්ෂිතතා, සමීක්ෂණ දත්ත පදනම් කරගෙන මහබැංකුව සඳහන් කරන්නේ ජනගහනයෙන් 85%ක් මුදල් ණයට ගැනීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා වූ වියදම් අඩුකිරීම, ඉතුරුම් වියදම් කිරීම හා ගෙවීමට ඇති ණය මුදල් කල් දැමීමට යොමුවී ඇති බව. මේක රටේ සියයට අසූපහක් විතරක් කළත්, රටක් විදියට අපේ සමස්ත ප්‍රතිපත්තියම ඒක. ඒ නිසා ඒක ලොකු අවුලකුත් නෑ. මොකද රටේ ප්‍රතිපත්‍තියම සාමාන්‍ය මහජනතාවගෙත් ප්‍රතිපත්‍තිය වෙන එක හරි සාධාරණයි.

රටෙන් සියයට 40ක් විතර අධ්‍යාපන වියදම් කපාහැරලා තියෙන බවක් මේ වාර්තාවල සඳහන් වෙනවා. රටක අධ්‍යාපනය අතහරින තැනට ඒ රට පත්වෙන එක තරම් නරක දෙයක් නෑ. ඒ වගේම ලංකාව කියන්නෙ සාක්ෂරතාව අතින් විතරක්වත් ලෝකෙ යන්තමින් ඔළුව උස්සලා හිටපු රටක්. මෙහෙම ගියොත් ඒකත් ඉක්මනින්ම නැතිවෙලා යයි. නිදහස් අධ්‍යාපනය තියෙන රටකට අධ්‍යාපනයේ වියදම ගැන මොකටද කතාවක් කියලා කෙනෙක් අහන්න පුළුවන්.A4 කොළයක් රුපියල් 10ක් 15ක් වුණු රටක අධ්‍යයාපනයේ වියදම ගැන කවර කතාද කියලා අහන්න වෙනවා. මේ වෙලාව පොත් පෑන් පැන්සල් සියල්ලකම වගේ මිල හත්අට ගුණයකින් ඉහළ ගියා.

සාමාන්‍ය CR වර්ගයේ පොත්වල මිල රුපියල් දහස ඉක්මවා යන තරම් ඉහළ නැග්ගා. ඉස්කෝලෙ යන්න දාන්න සපත්තු කුට්ටමක මිල රුපියල් පන්දාහ ඉක්මවා ගියා. මෙහෙම තත්ත්වයක් යටතේ අධ්‍යාපනයේ මිල වියදම් කිරිල්ල පැත්තකට දානවා ඇර වෙන දෙයක් කරන්න බැරි තැනට මේ මිනිස්සු පත්වුණා.

සේවා නියුක්තියෙන් වැඩි කොටසක් අවිධිමත් අංශයේ රැකියාවල නිරතව සිටින බව කියැවෙනවා. ජනගහනයෙන් 14.3%ක්ම ඉන්නෙ දරිද්‍රතා රේඛාවට පහළින්. මේ තත්ත්වය ‍යටතේ ආර්ථික අර්බුදයේ පීඩනය වඩාත් උග්‍ර විය හැකි බවත්, එය ජනතාවගෙන් විශාල පිරිසක් දරිද්‍රතාවට ඇද දැමීමට හේතුවිය හැකි බවත් මහබැංකු වාර්තාවේ සඳහන් වන බවක් කියනවා. මේ වෙනකොට ලංකාව තියෙන්නෙ ලෝකෙ ජීවත් වීමට සුදුසු රටවල් අතරෙ 73 වැනි තැන. ඒ, රටවල් 190කට ආසන්න ගානක් අතරින්. මේ ලැයිස්තුවෙ තව ටිකක් ඉස්සරහට යන්න අපිට පුළුවන්ද?

ඒක තමයි වැදගත්ම ප්‍රශ්නය. මේ තියෙන තත්ත්වය ‍යටතේ ජීවන තත්ත්වය ඉහළ දමාගැනීමක් සඳහා අපේ උත්සාහයක් ගැන ඔබට දැනෙනවද? එහෙම නම් හොඳයි. ඒත් අපට ඔය කිසිම අවස්ථාවක ඒ බව දැනිලා නෑ. ඒ නිසා අපිට තියෙන්නෙ මේ සියලු ආකාරවලින් සංවර්ධනය වෙන්න උත්සාහ කරන එක. බඩගින්නෙ ඉන්න රටකට කොයි තරම් දුර යන්න පුළුවන් ද කියන එක ගැටලුවක්. දේශපාලකයො තම තමන් රජවෙන්න උත්සාහ දරන අස්සෙ, අධ්‍යාපනයේ වියදම කප්පාදු කරන මිනිස්සු හේනෙ වට්ටක්ක විකුණ ගන්න බැරුව එල්ලිලා මැරෙන බව අපි දන්නවා. ණය ගෙවාගන්න බැරි මිනිස්සු පවුල් පිටින් මැරෙනවා. ඒ නිසා අපි ජීවත් වෙන්න ක්‍රමයක් හදමු. ඊළඟ පරම්පරාවටවත්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

විහඟනාගේ හදවතෙන් වෛද්‍යවරියට හුස්ම ගන්න බැරි වුණේ දොස්තරලගේ වැරැද්දෙන්ද?

Next Post

වැඩි වුණොත් එක්ස්ප්‍රස් එකේ වැඩි වෙන, අඩු වුණොත් කොට කොටා අඩු වෙන, එහෙට කපන වෙට්ටු දාන, තුට්ටු දෙකට ගේම ගහන, බස් කතා බස්…

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.