එක්සප්‍රස් පර්ල් නැව ලංකාවෙන් යැවීම සදහා උපදෙස් දුන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත හිටපු විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ මහතා කියා සිටියේ ඩොලර් මිලියන 250ක අල්ලසක් ගත් බව කියන චාමර ගුණසේකර මහතාගේ නම කලින්ම කිව්වේ තමන් නොව චන්දිම වීරක්කොඩ මහතා බවකි.










