• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් බය නැතිව සටන් කරලා ඉරාන ආණ්ඩුවෙන් හිරේ දාපු මාධ්‍යවේදිනියන් තුන්දෙනකුට ලෝක ජනමාධ්‍ය සම්මානය හිමිවෙයි!

May 7, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් බය නැතිව සටන් කරලා ඉරාන ආණ්ඩුවෙන් හිරේ දාපු මාධ්‍යවේදිනියන් තුන්දෙනකුට ලෝක ජනමාධ්‍ය සම්මානය හිමිවෙයි!
Share on WhatsAppShare on Facebook

මාධ්‍ය වෘත්තිකයන්ගේ ජාත්‍යන්තර ජූරි සභාවක නිර්දේශය අනුව 2023 UNESCO/Guillermo Cano ලෝක ජනමාධ්‍ය ත්‍යාගයේ හිමිකාරිනියන් ලෙස ඉරාන ජනමාධ්‍යවේදිනියන් තිදෙනෙකු නම් කර තිබෙනවා. මෙම සම්මාන ප්‍රදානෝත්සවය මැයි 02 දින සන්ධ්‍යාවේ ඇමෙරිකාවේ, නිව්යෝර්ක්හි යුනෙස්කෝ හි දී පවත්වා තිබුණා. නිලූෆා හමෙදි, එළහෙහ් මොහම්මදි සහ නාර්ගේස් මොහොම්දි එම සම්මානයෙන් පිදුම් ඇති මාධ්‍යවේදීන් තිදෙනා යි.

කොලොම්බියානු පුවත්පතක් වූ El Espectador කාර්යාලය ඉදිරිපිට දී 1986 දෙසැම්බර් 17දා ඝාතනය කරන ලද Guillermo Cano Isaza නමින් මෙම ත්‍යාගය නම් කර තිබෙනවා. 1997 මැයි 03දා ජාත්‍යන්තර මාධ්‍ය නිදහස පිළිබඳ දිනයේ දී මෙම ත්‍යාගය පිරිනැමීම ආරම්භ කළා.

මෙවර සම්මාන ත්‍යාගය ලබන ජනමාධ්‍යවේදිනී නිලූෆා හමෙදි (Niloofar Hamedi) ප්‍රධාන පෙළේ ප්‍රතිසංස්කරණවාදී දිනපතා පුවත්පතක් වන Shargh පුවත්පතේ මාධ්‍යවේදිනියකි. 2022 සැප්තැම්බර් 16 දින පොලිස් අත්අඩංගුවේ දී මියගිය මාෂා අමිනීගේ මරණය පිළිබඳ පුවත ප්‍රථමයෙන්ම වාර්තා කළේ ඇයයි. ඇය 2022 සැප්තැම්බර් මාසයේ සිට ඉරානයේ එවින් බන්ධනාගාරයේ හුදෙකලා සිරකඳවුර හි රඳවා සිටිනවා.

22 හැවිරිදි මාෂා හමෙදි 2022 සැප්තැම්බර් 16 දින ටෙහෙරානයේ කස්රා රෝහලට ඇතුළු වීමේදී හිජාබය අනිසි ලෙස පැළඳීම සම්බන්ධයෙන් ඉරානයේ සදාචාර පොලිසිය විසින් ඇය ව රඳවා තබාගෙන පහර දී රෝහලට ඇතුළත් කර තිබුණා. අමිනීගේ මරණය සිදු වූ අවස්ථාවේ දී, හමෙදි විසින් අමිනීගේ මව්පියන් රෝහලේ බදාගෙන අඬන ඡායාරූපයක් ට්වීට් කළා. එය අමිනීගේ මරණය පිළිබඳ ප්‍රථම වාර්තාව යි. එම ඡායාරුපය ඉක්මනින් පැතිර ගිය අතර, අවසානයේ ඉරානය පුරා ස්ත්‍රීන් විරෝධතා සංවිධානය කළා.

විරෝධතාවලට එක් වූ මාධ්‍යවේදීන් සහ සිසුන් ඉලක්ක කර ඉරාන පාලනය සිදු කළ අත්අඩංගුවට ගැනීම් රැල්ලකින් පසුව, නිලූෆා හමෙදිගේ ප්‍රවෘත්ති ආවරණයේ ප්‍රතිඵලයක් ලෙස, 2022 සැප්තැම්බර් 21 දින හමෙදි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තා. ඇය විදේශීය ඒජන්තවරියක් ලෙස හංවඩු ගසා ඇති අතර, එය දීර්ඝ සිරදඬුවමකට හේතු විය හැකි බවයි කියන්නේ.

Guillermo Cano Isaza සම්මානයෙන් පිදුම් ලබන දෙවැන්නිය වන්නේ ජනමාධ්‍යවේදිනී එළහෙහ් මොහම්මදි (Elaheh Mohammadi). ඇයත් අත්අඩංගුවට ගැනුණේ මාෂා අමිනීගේ මරණය සම්බන්ධයෙන් කරන ලද වාර්තා කිරීම් නිසායි. එළහෙහ් මොහම්මදි සමාජ ගැටලු සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ආවරණය කරමින් ප්‍රතිසංස්කරණවාදී පුවත්පතක් වන Ham-Mihan සඳහා ජනමාධ්‍යයේ නිරත් වන්නියක්. මාෂා අමිනීගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳව එළහෙහ් මොහම්මදි විසින් වාර්තා කර ඇති අතර, 2022 සැප්තැම්බර් මාසයේ සිට ඇයවත් එවින් බන්ධනාගාරයේ ම රඳවා සිටිනවා. ඇයගේ මාධ්‍ය භාවිතය හේතුවෙන් 2020 වසරේ දී එක් වසරක කාලයක් වාර්තා කිරීම ද ඇයට තහනම් කර තිබුණා.

ටෙහෙරානයේ සදාචාරාත්මක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු දින 03ක් කෝමා තත්ත්වයෙන් පසු වී සැප්තැම්බර් 16 දින මිය ගිය 22 හැවිරිදි මාෂා අමිනීගේ අවමංගල්‍යය ඉරානයේ හැම්-මිහාන් පුවත්පත සඳහා ආවරණය කිරීමට ද එළහෙහ් මොහම්මදි එක්ව තිබෙනවා. ඇය අවමංගල්‍ය උත්සවයේ දී පොලිස් ප්‍රහාරය ගැන වාර්තා කර තිබූ බවයි කියන්නේ. අධිකරණ බලධාරීන් විසින් ඇයව කැඳවනු ලැබූ නමුත් ඊට පෙර 2022 සැප්තැම්බර් 29 දින ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රශ්න කිරීම සඳහා බුද්ධි අමාත්‍යාංශයේ කාර්යාලයට යමින් සිටියදී යි. එළහෙහ් මොහම්මදි ට එල්ල කර ඇති චෝදනාවත් විදේශීය ඒජන්තයකු ලෙස ජාතික ආරක්ෂාවට හානි කරන ලද බවයි.

ලෝක ජනමාධ්‍ය ත්‍යාගයේ තෙවන හිමිකාරිය වන්නේ නාර්ගේස් මොහම්මදි (Narges Mohammadi) යි. ඇය පුවත්පත් කිහිපයක මාධ්‍යවේදිනියක ලෙස වසර ගණනාවක් සේවය කර ඇති අයෙක්. ටෙහෙරානය පදනම් කරගත් සිවිල් සමාජ සංවිධානයක් වන මානව හිමිකම් කේන්ද්‍රයේ ආරක්ෂිකාවෝ (DHRC) නම් සංවිධානයේ කතුවරියක සහ උප අධ්‍යක්ෂකාවක යි. නාර්ගේස් මොහම්මදි දැනට වසර 16ක සිරදඬුවමක් විඳිමින් සිටින්නේ එවින් බන්ධනාගාරයේ. බන්ධනාගාරයේ සිට මුද්‍රිත මාධ්‍ය සඳහා වාර්තා කිරීම දිගටම කරගෙන ගොස් ඇති නාර්ගේස් මොහම්මදි, අනෙකුත් කාන්තා සිරකාරියන් සමඟ සම්මුඛ සාකච්ඡා ද කර තිබෙනවා. මෙම සම්මුඛ සාකච්ඡා ඇගේ White Torture නම් වූ පොතෙහි ඇතුළත්. 2022 දී, ඇය දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ (RSF) ධෛර්යය සඳහා වන ත්‍යාගය ද දිනාගත් අයෙකි.

ඇයට පනවන ලද දීර්ඝ සිරදඬුවම් විඳීමෙන් පසු නිදහස්ව සිටි ඇය 2021 නොවැම්බර් 16 දින, රට පුරා පැවති විරෝධතා අතරතුර ඉරාන ආරක්ෂක හමුදා විසින් ඝාතනය කරන ලද ඊබ්‍රාහිම් කෙටාබ්දාර්ගේ අනුස්මරණයකට සහභාගි වෙමින් සිටියදී, මොහොමඩි ඇල්බෝර්ස් පළාතේ කරජ්හිදී අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත්තා. ඉරාන රජය විවේචනය කිරීම හේතුවෙන් මොහම්මදි 1998දී ප්‍රථම වරට අත්අඩංගුවට ගෙන වසරක් සිරගත කළා. 2010 අප්‍රේල් මාසයේ දී ඇය යළිත් සිරගත කරන ලද නමුත් අසනීප තත්ත්වයක් නිසා නිදහස් කරනු ලැබුවා.

2011 ජූලි මාසයේදී මොහම්මදිට නැවත නඩු පවරන ලද අතර, ජාතික ආරක්ෂාවට එරෙහිව ක්‍රියා කිරීම, පාලන තන්ත්‍රයට එරෙහිව ප්‍රචාරය කිරීම යන චෝදනාවලට වරදකාරියක කළා. සැප්තැම්බර් මාසයේ දී ඇයට වසර 11ක සිරදඬුවමක් නියම වුණා.

2022 දෙසැම්බරයේදී මාෂා අමිනී අත්අඩංගුවේ සිටියදී මියයෑමෙන් ඇති වූ විරෝධතා අතරතුර, නර්ගේස් මොහම්මදි බීබීසී විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවක, රඳවාගෙන සිටින කාන්තාවන් මුහුණ දෙන ලිංගික හා ශාරීරික අපයෝජනයන් විස්තරාත්මකව කිආ තිබුණා.

2023 ජනවාරි මාසයේදී ඇය සිරකරුවන් 58 දෙනෙකුගේ ලැයිස්තුවක් සහ ඔවුන් මුහුණ දුන් ප්‍රශ්න කිරීම් ක්‍රියාවලිය සහ වධහිංසා ඇතුළු එවින් බන්ධනාගාරයේ සිටින කාන්තාවන්ගේ තත්ත්වය විස්තර කරන කම්පන සහගත වාර්තාවක් ලබාදී තිබෙනවා. මෙම කාන්තාවන්ගෙන් 57 දෙනෙකු දින 8,350ක් හුදෙකලා සිරකඳවුරේ සිරගත කර තිබූ අතර, ඉන් 56 දෙනෙකුට මාස 3,300ක සිරදඬුවම් නියම වී තිබුණා.

1999දී ඇය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ක්‍රියා කළ මාධ්‍යවේදියෙකු වූ තග්හි රහ්මානි (Taghi Rahmani) සමඟ විවාහ වූ අතර, වැඩි කල් නොගොස් ඔහුත් අත්අඩංගුවට ගත්තා. රහ්මානි වසර 14ක සිර දඬුවම් විඳීමෙන් පසු 2012දී ප්‍රංශයට සංක්‍රමණය වූ නමුත් මොහම්මදි ඇගේ මානව හිමිකම් කටයුතු දිගටම කරගෙන යෑමට ඉරානයේ නතර වූවා. ඔවුන් දෙදෙනාට අලි සහ කියානා යන නිවුන් දරුවන් සිටිනවා.

මාධ්‍ය වෘත්තිකයන්ගේ ජාත්‍යන්තර ජූරි සභාවේ සභාපතිනිය සයිනබ් සල්බි මේ මාධ්‍යවෙදීනියන් තිදෙනා සම්බන්ධ ත්‍යාග ප්‍රධාන උත්සවයේ දී “සිය වාර්තාකරණය ස්ත්‍රී මූලික විප්ලවයකට මග විවර කළ ඉරාන මාධ්‍යවේදිනියන්ගේ නිර්භීත සේවයට ගෞරව කිරීමට අපි කැප වෙමු. සත්‍යය වාර්තා කිරීමට සහ ප්‍රකාශ කිරීමට ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් ඔවුන් විශාල මිලක් ගෙවීය. ඒ සඳහා අපි ඔවුන්ට ගෞරව කිරීමට කැපවී සිටින අතර, ඔවුන් සුරක්ෂිතව සහ නිදහස්ව සිටින තුරු ඔවුන්ගේ හඬ ලොව පුරා දෝංකාර දෙන බව සහතික කරමු” යි සඳහන් කර තිබෙනවා.

Voice Tube

SendShareShare
Previous Post

වැස්සත් එක්ක මේ පැති නායයන්න පුලුවන්! විමසිල්ලෙන් ඉන්න! අනතුරු ඇඟවීම් නිකුත් වෙයි!

Next Post

මේ ‌රෝග ලක්ෂණ තියෙනවා නම් හිත හිත ඉන්න එපා! වහාම ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරගන්න! ‌දොස්තරවරු විශේෂ උපදෙසක් නිකුත් කරයි!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.