• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහබැංකුව ස්වාධීන කිරීමේ පනත බරපතළයි! අතඋස්සන අයට වගකියන්න වේවි! පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමකුත් විරුද්ධව ඡන්දය දෙන්න සූදානමින්? විපක්ෂයත් පනත පරද්දන්න ඉස්සරහට එයිද?

May 8, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
මහබැංකුව ස්වාධීන කිරීමේ පනත බරපතළයි! අතඋස්සන අයට වගකියන්න වේවි! පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමකුත් විරුද්ධව ඡන්දය දෙන්න සූදානමින්? විපක්ෂයත් පනත පරද්දන්න ඉස්සරහට එයිද?
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මහබැංකුව ස්වාධීන කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වනවිට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමකගේ දැඩි විරෝධය පළව ඇති බව වාර්තා වේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම පනත සම්මත වුවහොත් මූල්‍ය අරමුදලේ ඉතා අහිතකර කොන්දේසියක් වන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු නියත වශයෙන්ම සිදු කිරීමට ආණ්ඩුවට සිදු වනු ඇති බවකි.

එසේ වුවහොත් දේශීය බැංකු පද්ධතිය කඩා වැටීමේ බරපතළ අවදානමක් මතුවිය හැකි බවද ඔව්හු පෙන්වා දෙති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව මහබැංකුව ස්වාධීන කිරීමේ යෝජනාව ඉදිරිපත්ව ඇති බවත්, එම යෝජනාව ක්‍රියාත්මක කළහොත් මහබැංකුව රටේ උන්නතියට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවන් අනුව හැසිරෙන ආයතනයක් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇති බවත් පෙන්වා දී ඇති මෙම මන්ත්‍රී කණ්ඩායම ඊට සිය විරෝධය පළ කොට ඇති බව දැනගන්නට ඇත.

දැනටමත් විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙම පනත් කෙටුම්පතට විරෝධය පළ‌ කොට ඇති අතර ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස ඔවුන් ඊට එරෙහිව පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමටත් තීන්දු කොට තිබේ.

සමගි ජන බලවේගය පසුගිය සතියේදී මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී සිය මන්ත්‍රීවරුන්ට විශේෂ වැඩමුළුවක් පවත්වා තිබූ අතර ඊට එක්ව සිටි ආර්ථික විශේෂඥයන්ද මෙම පනතේ ඇති රටට අහිතකර බරපතළ වගන්ති පිළිබද දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කොට තිබිණ.

මීට අමතරව ස්වාධීන ආර්ථික විශේෂඥයන් පිරිසක් පසුගිය සතියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙන්ම විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත ලිපියක් යොමු කරමින් ලිඛිතව මෙහි ඇති බරපතළ තත්ත්වය පිළිබද පැහැදිලි කිරීමක් සිදු කොට ඇති බව වාර්තා වේ.

මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තමන්ට අවශ්‍ය ආකාරයට මහබැංකුව පාලනය කිරීම සිදුකරනු ඇති බවද එහිදී ඔවුන් සිය කරුණු දැක්වීම මගින් ‌මහින්ද රාජපක්ෂ මහතාටත්, විපක්ෂ නියෝජිතයන්ටත් පෙන්වා දී ඇති බව පැවසේ.

එමෙන්ම වත්මන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පමණක් නොව අයි.එම්.එෆ් වැඩපිළිවෙළට ලංකාව ඇතුළත් කිරීම පසුපස සිටි හිටපු මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවා මූල්‍ය අරමුදලෙන් වැටුප් ලබන පිරිස් බවත්, ඔවුන් එම ආයතනයේ උපදෙස්වලට අනුව කටයුතු කරන පිරිසක් බවත් එම ලිපියේ සදහන්ව ඇති බව දැනගන්නට තිබේ.

කෙසේවෙතත් විපක්ෂයේ කණ්ඩායම් විසින් මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ අවස්ථාවේදී ‌ශ්‍රේෂ්ඨාධිකරණය පවා මෙහි ඇතුළත් බොහොමයක් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දී තිබිණ.

නමුත් එම කරුණ පාර්ලිමේන්තුවට දැනුම් දීමේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හැසිරුණු ආකාරය පිළිබදව විපක්ෂය විසින් බරපතළ කරුණු ගණනාවක් මතු කරනු ලැබ තිබේ.

විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කොට තිබුණේ කතානායකවරයා මේ බව නිවැරදි අයුරින් පාර්ලිමේන්තුවට දැනුම් නොදුන් බවත්, ඒ හරහා සිය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත්ය.

මීට අමතරව හෙට දිනයේදී ආර්ථිකය සම්බන්ධ විශේෂඥයන් කණ්ඩායමක් මෙම පනත් කෙටුම්පත පිළිබදව දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට සැලසුම් කොට ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ජාතියේ පියා ඩී.එස්.නේ! මෙන්න අලුත්ම යෝජනාවක්! ජාතියේ නායකයා ලෙස රනිල් පත්කර ගන්න! VIDEO

Next Post

ගණිතය සර් ෆෝන් එකෙන් කරපු අයුතු වැඩකින් ගම්මු කුලප්පු වෙයි! අන්තිමේ ඉස්කෝලෙම වහන්න වෙයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.