• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

‘ත්‍රී ඉඩියට්ස්’ සහ ‘හරිම බඩු තුනක්’! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

May 6, 2023
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
‘ත්‍රී ඉඩියට්ස්’ සහ ‘හරිම බඩු තුනක්’! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
Share on WhatsAppShare on Facebook

‘ත්‍රී ඉඩියට්ස්’ ඉන්දියාවේ ජනප්‍රියතම චිත්‍රපටයකි. ඉන්දියාවේ පමණක් නොව ලෝකයේත් ජනප්‍රිය වුණු චිත්‍රපටයකි. මේ චිත්‍රපටයේ කතාව පාසලක පන්ති කාමරයේ හොඳම මිතුරන් තුන්දෙනෙක් කරන දඟකාරකම් ගැනය. එක් අයෙක් රන්චෝදාස්ය. අනෙකා ෆාරහාන් ය. අනෙකා රාජු රස්ටෝගිය. මේ තිදෙනා අතරින් පන්තියේ නසරානියා රන්චෝදාස්ය. අවසානයේ ලොව දිනන්නේ ඔහුය. මේ චරිතය රඟපාන්නේ ඉන්දියාවේ ප්‍රකට නළු අමීර් ඛාන්ය.

මේ චිත්‍රපට කතාව මතක් වන්නේ රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ මිතුරන් වූ රනිල් – අනුර – දිනේෂ්ගේ අතීතය මතක් කරද්දීය. මේ තිදෙනා එකම පන්තියේ මිතුරන්ය. අනුර රටේ අගමැති බණ්ඩාරනායකගේ පුතාය. එයිටත් වඩා බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයාය. දිනේෂ්ගේ පියා පිලිප් ගුණවර්ධන බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකි. රනිල්ගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ බණ්ඩාරනායකගේත්, පිලිප් ගුණවර්ධනගේත් මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවට පහර පිට පහර දෙන ලේක්හවුස් පුවත්පත් සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ බණ්ඩාරනායකගේත්, පිලිප් ගුණවර්ධනගේත් දේශපාලනයේ පරම හතුරා වූ යූ.ඇන්.පී.යේ උපදේශකයෙකි.

අනුර-රනිල් සහ දිනේෂ් බොක්කේ මිතුරන් වුණත් 1956 සිට 1959 තෙක් අනුර සහ දිනේෂ් හිටියේ එකටය. රනිල් හිටියේ කොන් වෙලාය. 1965දී මේ මිතුරු හවුලේ රනිල් සහ දිනේෂ් එකට එක්විය. 1964 රනිල්ගේ පියා එස්මන්ඩ්, ජේ.ආර්. සහ ඩඩ්ලි සමග එක්ව මහජන එක්සත් පෙරමුණු නායක පිලිප්වත් එකතු කරගෙන බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පෙරළීය. අනුරගේ මවට අගමැතිකම පමණක් නොව කොළඹ නිවෙස වූ අරලියගහ මන්දිරයද නැති විය. ඒ වෙනකොට බණ්ඩාරනායකලාගේ කොළඹ මහගෙදර වූ රොස්මිඩ් වලව්ව උකස් කොට තිබුණේය. අනුරට රෝයල් කොලේජ් එන්න සිදුවුණේ හොරගොල්ල වලව්වේ සිටය. නව ආණ්ඩුවේ අගමැති වූ ඩඩ්ලි, මැතිනියට කොළඹ ගෙයක් සොයාගන්නා තෙක් අරලියගහ මන්දිරයේ ඉන්න අවසර දුන්නත් මැතිනිය ඩඩ්ලිගේ කරුණාවට පයින් ගැසුවාය. අනුර-රනිල්-දිනේෂ් මිතුරන් ගැන දන්නා අය කියන්නේ මේ තුන්දෙනා කොයි තරම් ගජ මිතුරන් වුණත් මේ කාලයේ අනුර, රනිල් සහ දිනේෂ් සමග නිතර රණ්ඩු සරුවල් කළ බවය.

මේ මිතුරන් අතරින් ස්ටාර් වූයේ අනුරය. එයට හේතුව, අනුර බණ්ඩාරනායක ‘ඔටුන්න හිමි කුමරා’ ලෙස බෞතීස්ම කොට තිබීමය. රාජකීය විද්‍යාලය තුළ පමණක් නොව ලංකාවත්, ලෝකයත් හිතුවේ අනුර ලංකාවේ ඊළඟ අගමැති වේවි කියාය. දිනේෂ්ගේ පියා පිලිප් ගුණවර්ධන 1965-70 යූ.ඇන්.පී. ආණ්ඩුවට එක්වීමත් සමග දිනේෂ්ගේ පවුලේ දේශපාලන රශ්මියද බැස්සේය. 1970 මහ මැතිවරණයෙන් පිලිප්ද ඇමැති ධුර දරපු යූ.ඇන්.පී. ආණ්ඩුව අන්ත පරාජයකට පත්විය. රනිල්ගේ පියාද ඒ පරාජයෙන් හතරගාතේ වැටී තිබිණි.

1977 අනුර පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර, රනිල්ද පාර්ලිමේන්තුවට තේරීපත් විය. දිනේෂ් 1983 අතුරු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් විය. රාජකීය විද්‍යාලයේ ගජමිතුරන් තිදෙනා පාර්ලිමේන්තු ආවේ එහෙමය. 1980 රනිල්, ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් විය. 1983 අනුර විපක්ෂ නායක විය. දිනේෂ් විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස අනුරට එක්විය.

මේ තිදෙනාගේ පියවරුන්ගේ දේශපාලනය මෙන්ම ඔවුන්ගේ දේශපාලනයද අවසන් වන්නේ මහා පෙරළියකිනි. 1947 මහ ඡන්දයෙන් තේරීපත් වන යූ.ඇන්.පී. ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ බණ්ඩාරනායක යූ.ඇන්.පී.යෙන් ඉවත් වී විපක්ෂයට පැමිණ ශ්‍රීලනිපය නම් නව පක්ෂයක් පිහිටුවා ගනී. රනිල්ගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ දේශපාලනය පටන්ගන්නේ ලංකා නව සමසමාජ පක්ෂයෙනි. ඔහු ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකි. ඔහු ලංකා සමසමාජ පක්ෂ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු ලෙස සිටින අතර, දැඩි වාමාංශික විරෝධී යූ.ඇන්.පී. පක්ෂපාතී පත්තර කොම්පැනියක් වූ ලේක්හවුස් ආයතනයේ හිමිකරු ඩී.ආර්. විජයවර්ධනගේ දියණිය සමග ප්‍රේම සබඳතාවක් ඇතිකරගෙන ඇයව විවාහ කරගන්න තීරණය කරයි. මේ කාලයේ ලේක්හවුස් පත්තර, ලංකා සමසමාජ පක්ෂයට සහ කොමියුනිස්ට් පක්ෂයට පහර ගහන්නේ පැල්බැඳගෙනය. එස්මන්ඩ්ගේ විවාහය ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලයට එන්නේ මේ හේතුව නිසාය. එහිදී එස්මන්ඩ් ලංකා සමසමාජ දේශපාලන මණ්ඩලයට පොරොන්දු වන්නේ ධනපති යූ.ඇන්.පී. හිතවාදී ලේක්හවුස් ආයතනය වාමාංශික පක්ෂවලට පහර ගැසීම නතර කිරීමට තමා විවාහයෙන් පසු උත්සාහ ගන්නා බවය. එස්මන්ඩ්ගේ ඒ උත්තරයෙන් සතුටු වන ලංකා සමසමාජ දේශපාලන මණ්ඩලය එස්මන්ඩ්ගේ විවාහයට අවසර දෙන්නේ ලංකා සමසමාජ පක්ෂයට ලේක්හවුස් පත්තර කොම්පැනිය දිනාගැනීමට මෙය හොඳ චාන්ස් එකක් කියාය. හැබැයි වෙන්නේ ඒකේ අනෙක් පැත්තය. එස්මන්ඩ් ලේක්හවුස් පත්තර කොම්පැනියේ විධායක අධ්‍යක්ෂ වී යූ.ඇන්.පී.ය සමග එක්වේ. යූ.ඇන්.පී. නායකයන්ගේ සමීපතම උපදේශක වේ.

දිනේෂ්ගේ පියා පිලිප් ගුණවර්ධන 1956 යූ.ඇන්.පී. පරාජයට පසු කියන්නේ යූ.ඇන්.පී මිනී පෙට්ටියට අන්තිම ඇණය ගැහුවා කියාය. ඔහු යූ.ඇන්.පී. නායකයන් වූ සර් ජෝන්, ඩඩ්ලි සහ ජේ.ආර්.ට පහර ගසන්නේ වියරුවෙන්ය. ඒත් අන්තිමේදී ඔහු 1964 බණ්ඩාරනායක මැතිනිය සහ ලංකා සමසමාජ පක්ෂ, කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව පෙරළා යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදන්න ඩඩ්ලි සහ ජේ.ආර්. සමග එක්වේ. අවසානයේ ඔහු යූ.ඇන්.පී. ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් වේ.

බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරු වූත්, යූ.ඇන්.පී.යේ පරම හතුරා වූත් අනුර දේශපාලනය අවසන් කරන්නේ යූ.ඇන්.පී.යට එක්වීමෙනි. එතකොට අගමැති ධුරය දරන්නේ රනිල් වික්‍රමසිංහය. බණ්ඩාරනායක යූ.ඇන්.පී.ය අතහැර ශ්‍රීලනිපය නිර්මාණය කළා සේ අනුර ශ්‍රීලනිපය හැර යූ.ඇන්.පී.යට එක්වෙයි. ඔහු යූ.ඇන්.පී.යට එක්වන්නේ 1993 දීය. 2001 දී ඔහු යළිත් ශ්‍රීලනිපයට එක්වන්නේ තමන්ට යූ.ඇන්.පී.යේ තැනක් තැනි බව අවබෝධ කරගෙනය. 2005 මහින්ද ජනාධිපති වූ පසුව 2007දී අනුර යළි යූ.ඇන්.පී.යට එක්වීමට සාකච්ඡා ආරම්භ කළත් ටික දිනකින් ඔහු මියයයි.

දිනේෂ් 1983 සිට පෙනී සිටින්නේ ධනවාදයට එරෙහි බෙදුම්වාදයට පුද්ගලීකරණයට එරෙහි නායකයෙක් ලෙසය. ඔහු රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහිව පෙනී සිටි සටන්කාමියෙකි. ඒත් ඔහු අවසානයේ ඔහුගේ ගජමිතුරා වන රනිල් යටතේ අගමැති වී බලය බෙදීම, රාජ්‍ය ආයතන විකිණීම, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටවීම පිළිගනී. ඔහු රනිල් යටතේ අගමැති වී එක රැයින් ධනවාදී ප්‍රතිපත්තිය වැලඳ ගනී. රනිල් 1993 පළමු වරට අගමැති වී අනුරව යූ.ඇන්.පී.යට ගත්තේය. රනිල් 2022 ජනාධිපති වී දිනේෂ්ගේ ප්‍රතිපත්ති වෙනස් කළේය.

හැබැයි ශ්‍රීලනිපයේත්, පොදුජන පෙරමුණේත් පරම හතුරා ලෙස පෙනී සිටි රනිල්, 2022 අගමැති වී පසුව ජනාධිපති වී පොදුජන පෙරමුණේ ආණ්ඩුවේ නායකයා වෙයි. ඔහු යූ.ඇන්.පී.යේ පරම හතුරා වූ පොදුජන පෙරමුණේත් රාජපක්ෂලාගේත් ආරක්ෂකයා විය.

එහෙම බලනකොට මේ තිදෙනාගේම දේශපාලන දෛවය කරකැවෙන්නේ ග්‍රහ තාරකාවලටත් වඩා වෙනස්වය. රනිල්, අනුරව තම නායකත්වයට ගත්තේය. අනුර විනාශ විය. දැන් දිනේෂ් ඉන්නේ රනිල්ගේ නායකත්වය යටතේය. දිනේෂ්ගේ අනාගතය අවිනිශ්චිතය. රනිල්ද අනුර මෙන් දේශපාලන කරණමක් ගසා තිබේ. රනිල්ටයි දිනේෂ්ටයි අනුරට වෙච්ච දේම වෙයිද කියා තවම කිව නොහැකිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වෙසක් එකට විජේරාමේ නිල නිවස ඉදිරිපිට මහින්ද කඩල දන්සලක් දෙයි! විමල්ගේ නෝනා ශෂීත් ගිහින් මහින්ද එක්ක කඩල බෙදයි! PHOTO

Next Post

පොහොට්ටුවේ නායකත්වය බැසිල්ට! ජනාධිපති අපේක්ෂකත් බැසිල්? VIDEO

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.