• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හයදෙනාගේ මරණෙත් එක්ක මතකෙට ආපු ඩෙල්ෆ්…

May 5, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
හයදෙනාගේ මරණෙත් එක්ක මතකෙට ආපු ඩෙල්ෆ්…
Share on WhatsAppShare on Facebook

සුබ දේම අහන දකින සුබ අවුරුද්දක් උදා වේවා

තල් රුප්පාවලට ඉහළින් ඉර ගිනි ගන්නවා. අහසෙ වළාසළු ලෙහිලා. ඈතට ඈතට පාවෙලා. නිරුවත් අහසෙ තියෙන තද නිල් පාටක්. ඒ අහස යට එළපු නිල් පාටයි සුදු පාටයි මුහුවෙච්ච මුහුද හරියට බුමුතුරුණක් වගේ. ඉන්දියාව පැත්තෙ ඉඳලා එන ලුණු රහ හුළඟට ඒ බුමුතුරුණු තාලෙකට හෙල වෙනවා. අපි කියන්නෙ යාපනේ ගැන කතාවක්. හැබැයි මේ කතන්දරය අයිති යාපනයටම නෙවෙයි. මේක අයිති යාපනෙන් කිලෝමීටර ගණනක් ඈතට. ඒ කියන්නෙ ඩෙල්ෆ්ට්වලට.

මේ වෙලාවෙ ඩෙල්ෆ්ට් ගැන කතාකරන්නෙ එහෙ සිදුවුණු මනුෂ්‍ය ඝාතන කීපයක් නිසා කියලා අපි හැමෝම දන්නවා. ඒත් ඇත්තටම ඩෙල්ෆ්ට් කියන්නෙ එහෙම මනුෂ්‍ය ඝාතන ටිකක් වෙන වෙලාවට විතරක් කතා කරන්න, අමතක කරලා දාන්න ඕනෙ මාතෘකාවක් නෙවෙයි. මොක ද ඩෙල්ෆ්ට් කියන්නෙ ලංකාවෙ පුරාවෘත්තයක්.

යාපනයේ ඉඳලා අංක 776 පාරේ බස් එකක නැගලා කුරිකඩ්ඩුවාන් වරායට යන එකයි සාමාන්‍යයෙන් ඩෙල්ෆ්ට් සංචාරයක ස්වභාවය. මේ ගමන අපිව එක්ක යන්න එන හුරුපුරුදු හිතවතී ‘වඩතාරකී’. එයා අයිති ශ්‍රී ලංකා නාවික හමුදාවට. තව අය ඉන්නවා. ඒත් ඒ අයගෙ නම් මතක නෑ. මේ ගමන යන ඔබට ඉතාම පුංචි වෙලාවකින් චෝල රජවරුන්ගෙ ඉඳලා, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුග දක්වාම විවිධ මතක සටහන් අස්සෙ ඇවිදින්න ලැබෙනවා. ඒක අපූරු අත්දැකීමක්. රිච්ක්ලොෆ් වෑන් ගෝන්ස් පියතුමා තමයි ඩෙල්ෆ්ට්වලට එන යන හැමෝවම මුලින්ම පිළිගන්න සූදානමින් ඉන්නෙ. ඔහු තමයි නයිනතිව් ඩෙල්ෆ්ට් නමින් බෞතීස්ම කළේ. ඊට කලින් ඩෙල්ෆ්ට්වලට තවත් නම් තිබුණු බවක් කියනවා. ඉන් එකක් ශිව දෙවියන් සම්බන්ධයෙන් කියැවෙන නමක්. අභිශේගතීව් කියන්නෙ ඒ නම. කොහොම නමුත් යාපනේ මිනිස්සු ඉඳලා හිටලා මේ දූපතට නයිනතිව් කිව්වත් අද මේක මුළු ලෝකෙයම ඩෙල්ෆ්ට්. මේ දැනුත් වෑන්ගෝන්ස් පියතුමා බලාගෙන ඇති මාවලිතුරෙයි තොටුපළට වෙලා, ඔබ එනතුරු.

මම මේ ලියන්න යන්නෙ ඔබ කීයටවත් නොඅදහන පන්නයේ කතාවක්. මට වරක් ඩෙල්ෆ්ට්වල හිටපු පොලිස් නිලධාරියෙක් මේ කතාව කිව්වෙ.

‘ලංකාවෙ ලස්සනම කෙල්ලො ඉන්නෙ ඩෙල්ෆ්ට්වල…’

ඔබට ඒක විශ්වාස කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද මමත් ඩෙල්ෆ්ට්වලට පය ගහනකල්ම ඒක විශ්වාස කළේ නෑ. හැබැයි ඔබ ඩෙල්ෆ්ට්වලට නිතරම යන එන කෙනෙක් නම් ඔබ මේ කොටස කියවන අතරෙ ඔබේ මුහුණෙ පොඩි හිනා ඉරක් ඇඳේවි. මොකද ඔබට ඈව සිහිපත් වෙන නිසා.

‘කවුද ඈ…?’

ඈ තමයි ඔබට කඩමණ්ඩියෙ කෝවිල් දොරකඩදී, බෝට්ටුවෙදී තොටුපළේදී මුණගැහුණ සුන්දර ඩෙල්ෆ් තරුණිය. ඔබ දන්නෙ නැති කතාවක් ඇගේ ජීවිත ඉතිහාසයෙ තියෙනවා. ඩෙල්ෆ්ට්වල වැසියන්ගෙන් බොහෝ දෙනෙක්ගෙ පරම්පරාවන් ද්‍රවිඩ සහ ලන්දේසි මිශ්‍ර බවක් හුඟ දෙනෙක් කියන්නෙ. ඒ නිසා ඔවුන් සාම්ප්‍රදායිකව යාපනේ තරුණියකගෙ නැති තරමෙ සුන්දර බවක් දකින්න පුළුවන්. වෙන පැතිවල අය ඔව්වා කිව්වාය කියලා මා එක්ක තරහ වෙන්න කාරි නෑ. ඒත් පිච්ච මල් වැලක් කොණ්ඩෙ ගහපු, පච්චවඩං සාරි ඇඳපු, ලා දුඹුරු පාට තරුණියකගෙ විනිවිද පේන නිල් ඇස් දිහා බලාගෙන, ඈතට ඈතට ගිහිල්ලා තල් රුප්පා අස්සෙ මැකිලා යන පාදසලං හඬ ඔබට අමතක කරන්න බැරි වෙන එක සාමාන්‍ය දෙයක්.

ඒ වගේම ඩෙල්ෆ්ට් කියන්නෙ අරුම පුදුම සල්ලිකාරයො ටිකක් ගැවසෙන තැනක් විදියටයි ප්‍රසිද්ධ. සමහර තොරතුරු කියපු අයට අනුව එකදහස් නවසිය හතළිහේ කාලේ ටයිල් අල්ලපු ඇටෑච් බාත්රූම් සහිත නිවාස මෙහෙ තිබිලා තියෙනවා. ඒ කාලෙ කොළඹ කොල්ලුපිටියෙ තිබුණේ පොල්අතු නිවාස. ඒ කාලෙ ඉඳලම ඩෙල්ෆ්ට් කියන්නෙ පොහොසතුන්ගේ ගම්මානයක්. මේ නිවාසවල රත්තරන් සහ මිල මුදල් යහමින් ගැවිසිලා තියෙනවා. ඒ වගේම ඉතාම ඉහළ උගත්කමක් සහිත පුද්ගලයන් ඩෙල්ෆ්ට්වල හිටි බවටත් සාක්ෂි තියෙනවා. ඒ නිසා ඩෙල්ෆ්ට් කියන්නෙ සරුසාර දූපතක්.

ඩෙල්ෆ්ට් වැඩියෙන්ම ප්‍රකට වෙලා තියෙන්නෙ එහෙ ඉන්න අශ්වයො නිසා. සමහරු මේ අශ්වයන්ට කියන්නෙ පෝනියෝ කියලා. ඒ වගේම තවත් සමහර අය කියන්නෙ ඒ ඉන්නෙ කැලෑ අශ්වයො කියලා. විද්‍යාත්මකව ඔවුන් හඳුන්වන්න සුදුසුම නම මොකක්ද කියන්න මම දන්නෙ නෑ. 16 වැනි සියවසේදී අරාබියෙන් පෘතුගීසින් මුලින් ගෙනාපු අරාබි අශ්වයො මේ විදියට මුළු දූපතේම බෝවෙලා තියෙන්නෙ. 19 වැනි සියවසේ මුල් භාගයේදී ලුතිනන් නෝලන් යටතේ මේ අශ්වයන් බෝකිරීම ව්‍යාපෘතියක් විදියට කරලා තියෙනවා. මේ විදියට නිදැල්ලෙ ඇවිද්දට මේ බොහෝ දෙනක්ට තවමත් අයිතිකරුවන් ඉන්න බවයි කියැවෙන්නෙ.

කොහොම වුණත් මේ යාපනය කියලා කියන්නේ නිතරම විදේශීය ආක්‍රමණවලට ලක්වෙච්ච තැනක්. 17 වැනි සියවසේ මැද භාගයේදී ලන්දේසින් ඊට පස්සේ පෘතුගීසින් යාපනය අල්ලගත්තා. මේ යාපනය අල්ල ගත්ත එකත් එක්ක රටම යම් විදිහකට පෝෂණය වෙලා කියලයි අපට හිතෙන්නේ. සාමාන්‍යයෙන් ඩෙල්ෆ්ට් කියලා කියන්නේ විශේෂිත ගස් කිහිපයක්, විශේෂිත පිහිටීම් කිහිපයක් සහිත තැනක් විදිහටයි හඳුන්වන්නේ. මෙහි තියෙන ළිඳ යක්ෂයාගේ ළිඳ කියලා හඳුන්වනවා. ලෙහෙසියෙන් හිඳී නොයෙන ළිඳ ඩෙල්ෆ්ට්වල තියෙන විශේෂත්වයක්. ඒ වගේම ඩෙල්ෆ්ට්වල වෙට්ටුප්කුලම් සහ පෙරිය කුලම් කියලා වැව් දෙකකුත් පිහිටලා තියෙනවා.

ඩෙල්ෆ්ට්වල එක පැත්තක් පඳුරුවලින් වැහිච්ච යම් වනාන්තර ස්වරූපයක් තියෙන තැනක්. ඩෙල්ෆ්ට්වල ගස් ගැනත් විශේෂයෙන් කතා කරනවා. ඩෙල්ෆ්ට්වල තියෙනවා ජම්බුලාන කියලා ගස් වර්ගයක්. ඉන්දියාවේ සහ ලංකාවේ වියළි කලාපවල වැවෙන ගස් විදිහටයි හඳුන්වන්නේ. මේ ජම්බුලාන ගස්වල පලතුරු ඉතාම පුංචි, කළුපාටින් ඉදෙන පලතුරක්. සමහරු මේකට කියනවා blackberry කියලත්. ඇයි ඇත්තටම මේක blackberry ද නැත්නම් වෙනස් විදිහකින් හඳුන්වන වැරදි හඳුන්වාදීමක් ද කියන්න අපි දන්නේ නෑ.

ඒ වගේම බයෝබබ් ගස් සම්බන්ධත් ඩෙල්ෆ්ට් දූපතේදී අපි කතා කරනවා. ඩෙල්ෆ්ට් දූපතේ බයෝබබ් ගහේ කඳේ උස මීටර් 12ක් විතර කියලා කියනවා. මීටර් පහළොවක් විතර පමණ වට ප්‍රමාණයක් සහිත බයෝබබ් ගස් ඩෙල්ෆ්ට් දූපතේ තියෙනවා. ඩෙල්ෆ්ට් දූපතේ වැසියෝ මේවට කියන්නේ වඳුරු පාන් ගස් කියලා. සමහරු කියනවා අලි ගස් කියලත්. ඇත්තටම වඳුරුපාන් ගස් කියලා කියන්නේ මේවායේ පෝෂණීය ගෙඩි විශේෂය නිසා කියලා කියනවා. බයෝබබ් ගස් අයිති වෙන්නේ අප්‍රිකාවටනේ.

කොහොම නමුත් ඩෙල්ෆ්ට් කියන්නෙ LTTE එකට අල්ලගන්න බැරි වුණු තැනක්. වෙනස් දේශපාලනයක් අදටත් ඩෙල්ෆ්ට්වල පැලපදියම් වෙලා තියෙන්නෙ. ඉතින් එන්න වෙලාවක් තිබ්බොත් ඩෙල්ෆ්ට් පැත්තෙ රවුමක් ගහන්න. සමහරු සිරීපාදයක්ය කියන හින්දුවරු හනුමන්තගෙ පා සටහන කියන අපූරු තැනත් බලලා රවුමක් ගහන්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ප්‍රකට අධ්‍යක්ෂවරයෙක් පැහැරගනී! පසුව පහරදී මහ මග දාලා ගිහිල්ලා!

Next Post

අල්ලස් ගත්ත හිටපු ජනාධිපති කෙනෙක් රටෙන් පිටුවහල් කරපු ආස හිතෙන කතාව…

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.