පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති මහබැංකු පනත් කෙටුම්පත පිලිබදව පුළුල් විද්වත් සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුවේ ප්‍රධානීන් ඇතුළු මහජන නියෝජිතයින්, විෂය ක්ෂේත්‍රයේ විශේෂඥයින් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියහ.
අදාළ පනත් කෙටුම්පත පිළිබඳ ව පිළිබඳව දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡාවට ලක් විණි.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඊයේ දින ජනාධිපතිවරයා මුණගැසීමට ගිය වඩිවේල් සුරේෂ් මහතාද මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිටීමය.























