• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

අලුත් ‌STF ලොක්කා ගැන කවුරුත් ‌නොදන්න රහසක් ‌හෙළිවෙයි

February 8, 2020
in CID, Exclusive
Reading Time: 3 mins read
A A
අලුත් ‌STF ලොක්කා ගැන කවුරුත් ‌නොදන්න රහසක් ‌හෙළිවෙයි
Share on WhatsAppShare on Facebook

මෙම වසරේ ලොකුම මත්කුඩු තොගය අල්ලා ගන්නට සමත් වූ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්ර පොලිස් විශේෂ කාර්ය බළකායේ ලොකු පුටුවට පත්වේවි යැයි බොහෝ අය සිතූහ. අපේ රටේ පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන පොලිස් විශේෂ කාර්ය බළකාය බිහි කිරීමෙන් පසු එම බළකායට අලුත් මුහුණුවරක් දුන්නේ නම් ඒ නිමල් ලෙව්කේය. 2001 වසරේදී නිමල් ලෙව්කේ විශේෂ කාර්ය බළකා ලොකු පුටුවට පත්වීමත් සමග විශේෂ කාර්ය බළකායට ලැබෙන්නේ නව පණකි. ඒ නිමල් ලෙව්කේ සහ විශේෂ කාර්ය බළකාය යනු දෙදෙනෙක් නොවන බැවිනි.
විශේෂ කාර්ය බළකාය පාතාල අපරාධ මර්දනයට අත තබන්නේද එකලය. රටේ නමගිය පාතාල අපරාධකරුවන් විශේෂ කාර්ය බළකායේ වෙඩි උණ්ඩවලට ගොදුරුවන විට පාතාලයේ ගෝඞ් ෆාදර්වරු අතුරුදන් වන්නේ අදටත් ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි සොයා ගන්නට ඉඩක් නොතබමිනි. එදා නිමල් ලෙව්කේ පාතාල අපරාධ මර්දන ඒකකයක් විශේෂ කාර්ය බළකායට අනුයුක්තව ස්ථාපිත කරන්නේ පාතාල අපරාධකරුවන් සහ පාතාල ක්‍රියාකාරකම් ගැන සොයා බැලීමට බුද්ධි අංශයක්ද ස්ථාපිත කරමිනි. එම බුද්ධී අංශයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතවූයේ අජිත් වික්‍රමසේකරය. රාජ්‍ය බුද්ධි සේවයේ සිට විශේෂ කාර්ය බළකායට සම්බන්ධ වූ ඔහු යටතේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කළේය. ඔහු වෙන කිසිවෙක් නොව, වරුණ ජයසුන්දරය. පසු කාලයේ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පාතාලය නිහඬ කිරීමට විශාල වැඩ කොටසක් කරන්නේ ඔහුය. පසුගිය කාලයේ රටේ විවිධ තැන්වලින් කිලෝ සිය ගණනින් මත්කුඩු තොග සොයා ගන්නේත්, කොකේන් කන්ටේනර් පිටින් අල්ලන්නේත් ඔහුගේ ගෝලබාලයින්ය. මාකඳුරේ මධුෂ්ව ඩුබායි පොලීසියට කොටුකර දීමේ රහස් මෙහෙයුම පිටුපස සිටි සැඟවුණු චරිතය වූයේද ඔහුය. පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින අල්ලසට ගැති නොවන අතලොස්සක් නිලධාරීන් අතර සිටින නිලධාරියෙක් වන වරුණ ජයසුන්දර විශේෂ කාර්ය බළකායේ ලොකු පුටුවේ ඉන්දවීමට ඔහු දන්නා මෙන්ම නොදන්නා බොහෝ පිරිසක්ම උත්සහ ගත්තේය. ඒ ඔහු දේශපාලන ගැත්තෙක් නොවී රජකාරිය නිසි ලෙස ඉටුකරන නිලධාරියෙක් වන බැවිනි.

මේ වන විට විශේෂ කාර්ය බළකායේ නව ප්‍රධානියා ලෙස පත්කරන ලෙස ජාතික පොලිස් කොමිසම විසින් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට දැනුම් දී ඇති නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකද දේශපාලන ගැත්තෙක් නොවන කොන්දක් ඇති නිලධාරියෙකි. මෙතෙක් කලක් විශේෂ කාර්ය බළකායේ ලොකු පුටුවේ සිටි කීර්තිමත් පොලිස් නිලධාරියෙක් වන එම්.ආර්. ලතීෆ් පොලිස් සේවයෙන් ඉකුත් 04 වෙනිදා විශ්‍රාම යන විට විශේෂ කාර්ය බළකායේ දෙවැනියා ලෙස සේවයේ නිරතව සිටියේ ලයනල් ගුණතිලකය. උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වූ ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසම සේවයේ නිරතව සිටියේ විශේෂ කාර්ය බළකායේය. සාමාන්‍ය පොලිස් සේවයට එක්වූ ඔහු දිවයිනේ පොලිස් ස්ථාන රැසකම ස්ථානාධිපතිධුරයද හොබවා ජනතා ප්‍රසාදය දිනාගත් නිලධාරියෙකි. යුද්ධය දරුණුවටම පැවැති අවසන් වකවානුවේදී කැබතිගොල්ලෑවේ යකා වැව ප්‍රෙද්ශයේදී බස් රථයක් ඉලක්කර පුපුරාගිය බෝම්බයෙන් මුළු ගමක්ම මළගමක් වන විට එවකට ජනාධිපතිධුරය හෙබවූ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ කැබතිගොල්ලෑවට ගිය විට ජනතාව සිය ආරක්ෂාවට පොලිස් නිලධාරියෙක්ව ඉල්ලා සිටියේය. ඒ කාලයක් කැබතිගොල්ලෑව පොලීසියේ සිටි පොලිස් ස්ථානාධිපතිවරයාවය. ගම් වැසියන් කියන්නට වූයේ ඔහු පොලිස් ස්ථානාධිපතිවරයාව සිටියදී ගමට කිසිදු ත්‍රස්ත තර්ජනයක් එල්ලනොවුණු බවය. ඒ වන විට එම පොලිස් ස්ථානාධිපතිවරයා සිටියේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීමක් ලබා රත්නපුරයේය. ජනතා ඉල්ලීමට ඇහුම්කන් දෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් පැමිණි හෙලිකොප්ටරය ඒ මොහොතේම රත්නපුරයට යවා එම නිලධාරියාව කැබතිගොල්ලෑවට ගෙන්වා ගත්තේය. එදා කැබතිගොල්ලෑවේ ජනතාව ඉල්ලා සිටි නිලධාරියා වෙන කිසිවෙක් නොව, ලයනල් ගුණතිලකය. යුද්ධය නිම වන තුරුම ලයනල් ගුණතිලක කැබතිගොල්ලෑවේ රැඳී සිටියේය. ඒ කාලය තුළ කැබතිගොල්ලෑවේ කිසිදු බෝම්බයක් පුපුරා ගියේ නැත. ත්‍රස්ත ප්‍රහාරයක්වත් එල්ල නොවීය.
මේ නිලධාරියා රත්නපුරයේ සේවයේ නිරතව වූයේ සංවිධානාත්මක අපරාධ මර්දනයේය. කැබතිගොල්ලෑවට පැමිණි ඔහු එතැනින් යන්නේ හැටන්වලටය. එතැනින් ඔහු ස්ථාන මාරුවීමක් ලබන්නේ කොළඹ උතුර කොට්ඨාස භාර පොලිස් ප්‍රධානියා ලෙසිනි. විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස ඔහුට ස්ථාන මාරුවක් ලැබෙන්නේ ඉකුත් වසරේදීය. ඒ විශේෂ කාර්ය බළකායේ එකල ප්‍රදානියා ලෙස සේවයේ නිරතව සිටි ලතීෆ් විශ්‍රාම ගිය පසු ඒ හිඩැස පුරවන්නට පොලිස් ප්‍රධානීන් කළ සැලසුමකට අනුවය. ඒ වන විට වරුණ ජයසුන්දර ද සිටින්නේ විශේෂ කාර්ය බළකායෙන් ඉවත්ව සාමාන්‍ය පොලිස් රාජකාරිවලට අනුයුක්ත කරමිනි. ඔහු කාලයක් නීතිය හා සාමය අමාත්‍යාංශයේ පොලිස් සම්බන්ධිකාරක ලෙස සේවයේ නිරතව සිටියේය. චාවකච්චේරිය කොට්ඨාස භාර පොලිස් ප්‍රධානියා ලෙසද සේවයේ නිරතව සිටියේය. නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා වැඩ තහනමකට ලක්ව අත්අඩංගුවට ගන්නා විට ඒ හිඩැස පුරවන්නට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්කරන්නේද වරුණ ජයසුන්දරවය. මේ දෙදෙනාගෙන් නියෝජ්‍ය පොලිස්පතිධුරයට මුලින්ම උසස්වීම් ලබන්නේද වරුණය. නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස්වීමෙන් පසු වරුණට හිමි වන්නේ බදුල්ල සහ මොණරාගලය. එහෙත් ඔහුට වැඩි කාලයක් එහි ගතකරන්නට ඉඩක් නොවීය. බස්නාහිර පළාත් උතුරු දිසා (ගම්පහ) පොලිස් ප්‍රධානියා ලෙස ස්ථාන මාරුවීමක් ලැබීය. ලයනල් ගුණතිලක නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස් වන්නේ ඒ අතරතුරදීය. ඔහු සමග උසස්වීම් ලද නිලධාරීන් රැසකට දිවයිනේ දිස්ත්‍රික් රැසකම පොලිස් ප්‍රධානී තනතුරු ලැබුණත් ඔහුව විශේෂ කාර්ය බළකායේම රඳවා ගත්තේ ඊළග ප්‍රධානියා බවට ඔහුව පත්කරන්නටය. එහෙත් අවසානයේදී සිදුවන්නේ විශේෂ කාර්ය බළකායේ ලොකු පුටුවට ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ තරගයකි. ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේද තරගය ජයටම පැවතුණි. අවසානයේදී වැඩ බලන පොලිස්පතිවරයාද ගිරයට අසුවුණු පුවකක් මෙන් අසරණ වන තරමට මේ තරගය උඩු දිව්වේය. අවසානයේදී ජාතික පොලිස් කොමිසම තීන්දුවක් ගත්තේ ලයනල් ගුණතිලකට විශේෂ කාර්ය බළකායේ ලොකු පුටුවට පත්කරන්නටය.
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ බව සදහන් කරමින් අපරාධ චෝදනා ගොනුකර මාස හතරක් තිස්සේ බන්ධනාගාරගතකර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට අධිකරණයෙන් ඇප ලැබෙන්නේ මේ අතර තුරදීය. දේශපාලන ලොක්කන්ගේ ගැලවිල්ලට සියළු පව් ඔවුන් පිට පටවා මෙතෙක් කලක් සිරකරගෙන සිටි මේ දෙදෙනා වැඩි කල් යන්නට මත්තෙන් මෙතෙක් රටටම රහසක් වන පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමේ රහස හෙළිකරනු ඇත. එදා ඇප මත නිදහස ලබා අධිකරණයෙන් එළියට එන විට මාධ්‍යවේදීන් ඔවුන් දෙදෙනාව වටකරගත් විට ඔවුන්ගේ නීතීඥයා පවසන්නේ පාස්කු කොමිසම හමුවේ සැබෑව රටට හෙළිකිරීමට ඔවුන් සූදානමින් සිටින බවය. පාස්කු කොමිසම හමුවේ ඉකුත් සිකුරාදා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනද සාක්ෂි දුන්නේය. ඒ මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම් සම්බන්ධයෙනි. මාවනැල්ලේ බුදුපිළිම හානි කිරීම් වලට සම්බන්ධ මරාගෙන මැරෙන්නට පුහුණුව ලැබූ සැකකරුවන් දෙදෙනෙක් පොලීසියට භාරදෙන බව අසාද් සාලි පොරොන්දු වූ බව මුලින්ම රටට හෙළිකළේ ඔහුය. පොලීසියේ නමගිය චරිතයක් වන පාලිත සිරිවර්ධන මේ වන විට පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්තද නැවත පොලිස් සේවයට ගැනීමට කැබිනට් පත්‍රිකාවක් පවා සකස් වී හමාරය. ඉකුත් සතියේ එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එය සිදුනොවන්නේ මුදල් අමාත්‍යාංශයෙන් ලැබිය යුතු වාර්තාවක් නොලැබීම නිසාය. ඒ අනුව පාලිත සිරිවර්ධන නැවත පොලිස් සේවයට පත්කිරීමේ කැබිනට් තීරණය ගැනීමට නියමිතව ඇත්තේ මෙම සතියේදීය. පාලිත පොලිස් සේවයට නැවතත් කැබිනට් අනුමැතියෙන් පැමිණීමත් සමග ඔහුට හිමිවීමට නියමිතව ඇත්තේ කොළඹ නියෝජ්‍ය පොලිස්පතිධුරයයි. ඔහුගේ ඒ ආගමනයෙන් බියට පත්ව සිටින ඉහළ පොලිස් නිලධාරීන් මේ වන විටත් ඔහුට එරෙහිව සටන තීව්‍රකර හමාරය. ඒ වෙන කිසිවක් නිසා නොව, ඉහළ දේශපාලන අධිකාරිය සමග ඝෘජු සම්බන්ධකම් පාලිත සිරිවර්ධනට ඇති බැවින් දැනට ඉහළ දේශපාලන අධිකාරිය සමග ගනුදෙනු කරන පොලිස් ලොක්කන් කිහිප දෙනෙකුම පාලිතගේ පැමිණිමත් සමග එම දේශපාලන අධිකාරියෙන් කැපී යමින් පොලීසිය සමග ගනුදෙනු පාලිත සමග සිදුවන බව දන්නා බැවිනි. කෙසේ වෙතත් බහුතරයක් පොලිස් නිලධාරීන් නම් සිය කැමැත්ත දක්වන්නේ පාලිතගේ පැමිණිමටය.

මිලියන 3600කට ‌මොකද්ද වුණේ…

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රදේන සහ ඔහුගේ බිරිද ප්‍රියංකා නියෝමාලි විජේනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවන්නේද ඉකුත් සතියේදීය. ඒ 06 වෙනිදාය. මේ දෙදෙනාට එල්ලවී ඇත්තේ සුළු පටු චෝදනාවක් නොව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමක් සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20ක අල්ලසක් ලබා ගැනීමක් නිසාය. මේ අල්ලස ලබාගෙන ඇත්තේ අද ඊයේ නොව. 2013 වසරේදීය. මෙම වංචාව සිදුව ඇත්තේ ශ්‍රී ලංකාන් ගුවන් සමාගමේ විධායක නිලධාරියාගේ බිරිඳගේ නමින් බෘනායිහී ලියාපදිංචි කළ සමාගමක් ගුවන්යානා මිලදී ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා එයාර් බස් සමාගම අතර අතරමැදියෙක් ලෙස කටයුතු කරමිනි. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමග මෙම ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කළද ආණ්ඩුව වෙනස් වන තුරුම විමර්ශනවල අවසානයක් දක්නට නොවීය. ඉකකුත් සැප්තැම්බර් මාසයේ සිට මේ අයගෙන් ඒ ගැන ප්‍රශ්න කළද කිසිදු ලියැවිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ නැත. හිටි හැටියේම මේ විමර්ශනය මතුවන්නේ මෙ එයාබස් සමාගම ගුවන් යානා අලෙවි කිරීම්වලදී අල්ලස් ලබාදීම්වල නිරතව සිටින බව එංගලන්තය විසින් කළ විමර්ශනයකින් අනාවරණය වීමත් සමග එසේ අල්ලස් දුන් අය අතර ශ්‍රී ලංකාන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අතරමැදියන් ලෙස කටයුතු කළ සමාගමක් ගැනද කියැවෙන්නට වූ බැවිනි.
ඊට අනුව මුලින්ම බෘනායි හී පිහිටි සමාගමේ ගිණුමට එයාර් බස් සමාගමෙන් බැරවන්නේ ඇමරිකානු මිලියන 02ක මුදලකි. ඒත් එක්කම තවත් සමාගමක් නියොමාලි විජේනායකගේ නමින් සිංගප්පූරුවේදී ආරම්භවන්නේ බීස් සොලූෂන්ස් නමිනි. එම සමාගමටද එයාර් බස් සමාගම 2013 වසරේ දෙසැම්බර් 27 වැනිදා බැරකර තිබෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 02ක මුදලකි. අනතුරුව එම මුදල් අවස්ථා හතරකදී බැර කෙරෙන්නේ කපිල චන්ද්‍රසේනගේ නමින් ඇති ඔස්ටේ්‍රලියාවේ කොමන්වෙල්ත් බැංකුවේ පිහිටි ගිණුමකටය. අනතුරුව සිංගප්පූරුවේ ඇති /ගිණුම වසා දැමෙන්නේ 2015 වසරේ නොවැම්බර් 25 වැනිදාය.
ජාත්‍යන්තර මාධ්‍යවල මේ ගැන ලිපි පලවන විට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නිහඬව සීටීමට ඉඩක් නොවීය. ඒ ගැන විමර්ශනයක් කරන ලෙස වගකිව යුත්තන්ට ඔහු නියෝග කළේය. ඒ වන විටත් විමර්ශන බොහොමයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවසන් කර තිබුණු බැවින් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරියා සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙසය. එම වරෙන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් සතියේ ලබා ගන්නා විට ඔවුන් දෙදෙනා උන් හිටි තැන්වලින් අතුරුදන් වන්නේ පැදුරටත් නොකියාය.
ඔවුන් අත්අඩංගුවට ගැනීමේ කටයුත්ත දිනෙන් දින ප්‍රමාද වන විට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මාධ්‍ය හමුවේ පවසන්නේ ඔවුන් දෙදෙනා රටින් පළායාමට ගුවන් යානාවට නැග සිටියදී වරෙන්තුව ලබා ගැනීමට පොලීසිය කටයුතු කළ බවකි. ඔහු ඒ නොකියා කියන්නට උත්සහ ගත්තේ ඒ ඔවුන් දෙදෙනාට රටින් පළායාටම ඕනෑකමින්ම ඉඩකඩ සලසා දී ඇති බවකි. එජාපය පමණක් නොව,රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේද කියන්නට වූයේ ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරියා සහ බිරිද මේ වන විට රටින් පළාගොස් ඇති බවය. ඒ අය එසේ සදහන් කරද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා පවසන්නට වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවය. ඒ වන විටත් කොටුව අධිකරණයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ලබාගත් වරෙන්තුවක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබුණේය. එහෙත් එම වරෙන්තුව ක්‍රියාත්මක කරමින් අත්අඩංගුවට ගැනීමක් කරන්නට මත්තෙන් ඔවුන් දෙදෙනා ඉකුත් 06 වැනිදා උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවන්නේ නීතීඥ සහයද ඇතිවය. ඒ ඔවුන් රටින් පළාගියේ යැයි කී සියල්ලක්ම නිෂ්ප්‍රභා කරමිනි.
භාරවුණු ඔවුන් දෙදෙනාව වරෙන්තුවට අනුව අත්අඩංගුවට ගන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එදින සවසම කොටුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී ඔවුන් දෙදෙනාව බන්ධනාගාරගත කරන්නේ විමර්ශන තවදුරටත් පවතින බැවිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයමින් සිටින්නේ අල්ලස් ලෙස ලබාගත් ඩොලර් මිලියන 20 ක් නැති නම් රුපියල් මිලියන 3600 ක් තරම් වූ මේ සා විශාල මුදලට ඔවුන් කුමක් කළේදැයි කියාය.

SendShareShare
Previous Post

කොරෝනා චීන මකරා ගිලගනියිද: ලෝකෙට කියන්නේ ‌බොරුවක්ද?

Next Post

අවුරුදු 9කට ‌පෙර ‌කොරෝනා ‌අනාවැකිය ලෝකෙට ‌කියපු CONTAGION

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.