• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජීවිත රැකගන්න TIK TOK කරන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරිය…

May 3, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
ජීවිත රැකගන්න TIK TOK කරන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරිය…
Share on WhatsAppShare on Facebook

‘ගොඩක් අය ටික්ටොක් එකේ නටද්දී අපි උත්සාහ කළා ටික්ටොක් එකෙන් ජනතාව ජීවත් කරවන්න…’ මේ දිනවල ටික්ටොක් ඔස්සේ වැඩි දෙනකුගේ අවධානය දිනාගෙන සිටින ප්‍රියා සම්මානි නමැති වෛද්‍යවරිය පවසයි.

ඇය @drpiyasammani නමින් ටික්ටොක් ගිණුමක් පවත්වාගෙන යන අතර, සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ඇගේ අරමුණ වී තිබේ.

ඇයගේ සුවිශේෂත්වය වන්නේ, ජනතාවට නීරස සෞඛ්‍ය කාරණා සම්බන්ධයෙන් ඉතා සරල සහ ඇතැම් විට හාස්‍යමය ආකාරයට විවිධ උදාහරණ ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාදීමය. ඇගේ ටික්ටොක් ගිණුමට සම්බන්ධ වී සිටින ග්‍රාහකයන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂයකට ආසන්න වී ඇත.

එහි පළකර ඇති වීඩියෝ අතරින් ‘ඉරුවාරදය’ සහ ‘මත්පැන් භාවිතය’ ගැන පැහැදිලි කෙරෙන වීඩියෝ මිලියන 1.2කට අධික වාර ගණනක් නරඹා තිබේ.

ඊට අමතරව Dr. Priya’s Health Tips නමින් ෆේස්බුක් ගිණුමක් ද, Nirogi Lanka නමින් යූටියුබ් නාලිකාවක් ද ඔවුහු පවත්වාගෙන යති.

වෛද්‍ය යුවළ ටික්ටොක් වීඩියෝ ඇරඹූ හැටි

වෛද්‍ය ප්‍රියා සම්මානිගේ මෙම කර්තව්‍යයේ නිර්මාතෘවරයා මෙන්ම මඟ පෙන්වන්නා වන්නේ, ඇගේ සැමියා වන වෛද්‍ය පුලස්ති ගයාන් සේනාරත්නය. බණ්ඩාරවෙල උපන් වෛද්‍ය ප්‍රියා සම්මානි, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් අධ්‍යාපනය හදාරා පසුව වෛද්‍යවරියක ලෙස ජාතික රෝහල, සොයිසා කාන්තා රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල යන රෝහල්වල සේවය කර තිබේ. ඇය මේ වන විට කොළඹින් දුර බැහැර ප්‍රදේශයක ප්‍රධාන රෝහලක සේවය කරන්නීය.

ඇගේ සැමියා වන වෛද්‍ය පුලස්ති පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවකු ලෙස හොරණ තක්ෂිලා විද්‍යාලයේ ඉගෙනුම ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හිමිකර ගත්තෙකි. ඔහු මේ වන විට විකිරණවේදය පිළිබද විශේෂඥ වෛද්‍යවරයකු වීම සඳහා සූදානම් වෙමින් සිටියි.

‘කළුබෝවිල රෝහලේ මම විකිරණවේදය පිළිබඳ විශේෂඥ පුහුණුවට ගිහිල්ලා එතැන පාඩම් කළා යාළුවොත් එක්ක. එහෙම පාඩම් කරන්න ගිහින් තමයි ප්‍රියාව හම්බ වුණේ. එයා ඒ කාලේ වෛද්‍ය ශිෂ්‍යාවක්. මම වෛද්‍යවරයෙක්…’ සිය බිරිය මුණගැසුණු ආකාරය වෛද්‍ය පුලස්ති පැහැදිලි කළේය.

වෛද්‍ය පුලස්ති ගයාන් සේනාරත්න යනු සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ වෛද්‍ය ශිෂ්‍යයකුව සිටි කාලයේ සිට හැදෑරීමක් කළ අයෙකි.

‘මට ඒ කාලේ ඉඳලා වුවමනාවක් තිබුණා සෞඛ්‍ය ගැටලු ගැන ජනතාව දැනුවත් කරන වෙනස් විදිහේ වැඩක් කරන්න. ගොඩක් මිනිස්සු අතරට පණිවුඩයක් ගෙනියන්න පුළුවන් මාධ්‍යයක් වගේම, සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී සිටින කෙනකුට තනිව භාවිත කරන්න පුළුවන් මාධ්‍යයක් නිසාත්, ක්ෂණයකින් ප්‍රතිචාර ලැබෙන නිසාත් සමාජ මාධ්‍ය මේකට තෝරා ගන්න හිතුවා. මේකට මගේ බිරිඳත් යොදාගෙන සාර්ථකව කරගන්න උත්සහ කළා…’ වෛද්‍ය පුලස්ති පැවැසීය.

ටික්ටොක් වීඩියෝවක් සඳහා සූදානම් වීම

‘අපි වීඩියෝ එකක් හදන්න කලින් යම්කිසි රෝගයක් හෝ සෞඛ්‍ය ගැටලුවක් ගැන සමාජ මාධ්‍ය හරහා ප්‍රශ්නයක් යොමු කරනවා. ඒකට ජනතාව විවිධ ප්‍රතිචාර දක්වනවා. සමහරු බොරු උත්තර දෙනවා. සමහරු දැනුවත්කමක් නැතිව උත්තර දෙනවා. සමහරුන්ගෙන් විවිධ අදහස් ලැබෙනවා. ඒ සියල්ල බලලා ජනතාව වැරැදි අදහස්වල ඉන්නවා නම් නිවැරැදි සෞඛ්‍ය කරුණු පැහැදිලි කරමින් මුලින්ම පිටපත ලියනවා. සමාජයේ ඉන්න සෑම මට්ටමකම අයට තේරෙන විදිහට සරලව පිටපත ලියනවා. අනවශ්‍ය සියලු වචන ඉවත් කරනවා. සමහර වෙලාවට සති ගණන් ගත කරනවා හරිම පිටපත හදාගන්න. ඊට පස්සෙ තමයි වීඩියෝ එක කරන්නේ…’ වෛද්‍ය ප්‍රියා සම්මානි පැහැදිලි කළාය.

මෙම වීඩියෝ කෙරෙහි ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානයක් යොමු වීමට බලපෑ හේතු ගැන වෛද්‍ය පුලස්ති සේනාරත්න පැහැදිලි කළේය.

‘මේකෙදි අපි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ කෙළින්ම සෞඛ්‍ය ගැටලුවක් ඉදිරිපත් කරලා මේකෙන් වැළකෙන්න මොනවාද කරන්න ඕනෙ කියන එක ගැන නෙවෙයි. එහෙම වුණාම සෞඛ්‍ය කරුණු ගැන ජනතාවට නීරස වෙනවා. අපි කරන්නේ, යම්කිසි සෞඛ්‍ය ගැටලුවකින් මිදෙන්න කළ යුතු දේවල් කළ යුත්තේ ඇයි කියන එක සරලව පැහැදිලි කරන එකයි. ඒ වගේම ඒ පැහැදිලි කිරීම විවිධ උදාහරණ, විවිධ චරිත හරහා ඉතා කෙටි කාලයක් තුළ ඉදිරිපත් කිරීමත් මේ ගැන වැඩි අවධානයක් යොමු වෙන්න හේතු වුණා කියලා හිතෙනවා.’

‘උදාහරණයක් විදිහට අපි මත්පැන් බීම ගැන වීඩියෝ එකක් කළා. බැලූ බැල්මට කට්ටිය හිතුවේ ඒකෙන් බොන්න ඕනෙ කොහොම ද කියලා උපදෙස් දෙනවා කියලා. ඒත් වීඩියෝ එකේ අන්තිමට ලැබෙන පණිවුඩය තමයි බොන්න එපා කියන එක. ඒක බොන කට්ටිය අතරෙම ගොඩක් ෂෙයාර් වුණා. ඒ නිසා අපේ වීඩියෝ එකේ අරමුණ ගොඩක් සාර්ථක වුණා. ගොඩක් අය මැසේජ් කරලා තිබුණා, ඒක බැලුවට පස්සේ බොන එක අඩු කරන්න හිතුණා කියලා….’

‘මේ වගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණේ නෑ…’

සෞඛ්‍ය ගැටලු වැනි ජනතාව වැඩි අවධානයක් යොමු නොකරන විෂයක් සම්බන්ධ වීඩියෝ කෙරෙහි ජනතා අවධානයක් යොමුවනු ඇතැයි අපේක්ෂා නොකළ බව එම වෛද්‍ය යුවළ පැවසූහ.

‘අපි හිතුවෙ නැහැ මෙඩිකල් කන්ටෙන්ට් වීඩියෝ මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. මේක මිනිස්සුන් ප්‍රිය කරන විෂයක් නෙවෙයි. ඒ නිසා මුල් කාලයේ හැදුව වීඩියෝ අපි එතරම් සැලසුම් කරලා කළේ නැහැ. ඒත් ජනප්‍රියත්වය වැඩි වෙන්න ගත්තාම අපි ගොඩක් වගකීමෙන් සැලසුම් කරලා වීඩියෝ හදන්න පටන් ගත්තා. දැන් අපට හිතාගන්න බැරි තරම් ජනප්‍රියත්වයක් ලැබිලා තියෙනවා….’

මෙම ජනප්‍රියත්වයට වෛද්‍ය ප්‍රියා සම්මානිගේ ආකර්ෂණීය ඉදිරිපත් කිරීමද යම් කිසි ආකාරයකට බලපාන්නට ඇත.

‘කතාකිරීම උපතින් ලැබුණු දක්ෂතාවක් නම් නෙවෙයි. එහෙම කතාකරන්න ලොකු හැකියාවක් තිබුණෙ නෑ ඉස්සර. එක පාරටම ගොඩනැගුණු දෙයක් නෙවෙයි. මුල ඉඳන් කරපු වීඩියෝ හරහා ආව පරිචයක් තමයි මට තියෙන්නේ. මුල් කාලේ වීඩියෝ එච්චර සාර්ථක වුණේ නෑ. පස්සේ කැමරාවට තිබුණු චකිතය නැති වුණා’ වෛද්‍ය ප්‍රියා සම්මානි පැවැසුවාය.

‘හතේ පොත නැති කරපු එක අපරාධයක්’

ශ්‍රී ලංකාවේ බහුතරයකට ප්‍රමාණවත් ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම හේතුවෙන් බරපතළ ප්‍රශ්න රැසක් උද්ගත වී ඇතැයි වෛද්‍ය ප්‍රියා සම්මානි පවසයි. ඇය පෙන්වා දුන්නේ, ඒ පිළිබඳ පාසල් ළමුන් දැනුවත් කිරීම සඳහා හඳුන්වා දුන් ‘හතේ පොත’ ඉවත් කිරීම අපරාධයක් බවය.

‘ලිංගික ප්‍රශ්න ගැන ලංකාවේ දැනුවත්භාවය ඉතා අඩුයි. ඒ ඉගෙන ගන්න තරුණ පිරිසට මාධ්‍යයක් නෑ. හතේ පොතත් අයින් කළානේ. අපි හිතන විදිහට හතේ පොත තියෙන්න ඕනෙ. ජීව විද්‍යාව ඉගෙනගත් පිරිස හැර අනිත් බහුතරයට ලිංගික අධ්‍යාපනයක් ලැබිලා නෑ අපේ රටේ. උදාහරණයක් විදිහට කිව්වොත්, සමහරු හිතාගෙන ඉන්නේ උපත් පාලනය කියන්නේ ළමයි මරන එක එහෙම නැත්නම් ගබ්සා කරන එක කියලා. ඒ නිසා මේ වැරැදි මත වෙනුවට නිවැරැදි කරුණු සමාජගත කරන්න හතේ පොත අනිවාර්යයෙන්ම ගේන්න ඕනෙ කියන මතයේ තමයි අපි ඉන්නේ….’

මේ පිළිබඳ වෛද්‍ය පුලස්ති ද අදහස් පළ කළේය.

‘අපේ සමාජයේ පොඩි දරුවන්ට කියන්නේ ඔයාව ගෙනාවේ රෝස කැලෙන් කියලා. ඒ වුණාට අනිත් රටවල තුන වසරේදී උගන්වනවා අම්මයි තාත්තයි එකතු වෙලා තමයි බබෙක් ලැබෙන්නේ කියලා. ළමයින්ට සරල විදිහට තේරෙන්න ඒක කියලා දෙනවා. අපේ මිනිස්සු ඕකට කියන්නෙ කුණුහරප කියලානේ. කුණුහරපයක් නෙවෙයි ඒක. ලස්සනට කියල දෙන්න පුළුවන් ළමයින්ට. ඒ දැනුම හරියට ළමයින්ට නොලැබුණාම වෙන වෙන පැතිවලින් ඒක හොයා ගන්න ළමයි උත්සාහ කරනවා. කුතුහලය නිසා ළමයි වැරැදි පැතිවලට යන්න පුළුවන්….’

‘ටික්ටොක් එකේ නටනවා වෙනුවට ජනතාව දැනුවත් කරන්න’

ටික්ටොක් භාවිතය පිළිබඳ ඇතැම් විට වැරැදි ආකල්ප පැවතියද, එය සමාජය නිවැරැදි මඟකට යොමුකිරීම සඳහා සාර්ථකව භාවිත කළ හැකි බව ඔවුන්ගේ අදහසයි.

‘ගොඩක් අය ටික්ටොක් එකෙන් කරන්නෙ නටන එක. අපි ඒක පාවිච්චි කළා ජනතාව දැනුවත් කරන්න. ඕනම ක්ෂේත්‍රයක කෙනෙකුට මේ වගේ දේවල් කරන්න පුළුවන්. හොඳ පණිවුඩයක් තරුණ ප්‍රජාව අතරට ගෙනයන්න සමාජ මාධ්‍ය භාවිත කරන්න පුළුවන්….’

BBC සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

ස්වාධීන නාලිකාවේ අය ඇත්තටම ලිංගික අල්ලස් ඉල්ලුවද?

Next Post

ආණ්ඩුව ගේන්න යන අලුත් විදුලි පනත ගැන කවුරුත් නොදත් මහා හෙළිදරව්වක් මහාචාර්ය චරිත කරයි! රනිල්ම ගෙනා උපයෝගිතා කොමිසම රනිල්ම අහෝසි කරන්නයි යන්නේ! විදුලිය සම්ප්‍රේෂණයත් පළමු වරට පෞද්ගලික අංශයට! සමහර ජල විදුලි බලාගාරත් දෙන්නයි යන්නේ! එතකොට වතුර ගන්නෙ කෘෂිකර්මයට නෙමෙයි විදුලිය හදන්නමයි! රනිල් කියන ‌කියන දේට වහල්ලු වගේ අත උස්සන්න එපා! පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙනුත් ඉල්ලීමකුත් කරයි! VIDEO

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.