• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ස්වාධීන නාලිකාවේ අය ඇත්තටම ලිංගික අල්ලස් ඉල්ලුවද?

May 3, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ස්වාධීන නාලිකාවේ අය ඇත්තටම ලිංගික අල්ලස් ඉල්ලුවද?
Share on WhatsAppShare on Facebook

ඉල්ලු‍වයි කියන මහල්ලා කවුද? අපහසුවට පත් වූ නිවේදිකාවො කවුද? නීතිමය පියවර ගත්තද? සහෝදර නාලිකා නිහඬ ඇයි?ස්වාධීන නාලිකාවේ අය ඇත්තටම ලිංගික අල්ලස් ඉල්ලුවද?

පහුගිය දවසක අයි.ටී.එන්. රූපවාහිනියේදී තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවට එහි එක්තරා නිවේදිකාවක් සේවයෙන් ඉවත් වෙලා ඒ පිළිබඳ ෆේස්බුක් සටහනක් තියලා තිබුණා. ඇය කියන්නේ ඇය අවුරුදු 15ක් තිස්සේ මේ ආයතනයේ නිවේදිකාවක් විදියට වැඩ කළා, ඒ කාලය ඇතුළත විවිධ අවස්ථාවලදී, විවිධ දේවල් මේ ආයතනයේ සිදුවුණු බව ඈ අහලා තියෙනවා, හැබැයි මේ වතාවේ ඇයට තම ආත්මගෞරවය වෙනුවෙන් ආයතනයෙන් ඉවත් වෙලා යන්න සිදුවුණා කියලා. ඈ කෙළින්ම චෝදනා කරනවා අයි.ටී.එන්. ආයතනයේ එක්තරා මහල්ලෙක් යැයි හඳුන්වන පුද්ගලයෙකුට. ඒ මහල්ලා යැයි හඳුන්වන්නේ කවුද කියන එක සම්බන්ධව අපට යම් යම් ඉඟි පළවුණත් යම් යම් නම් පිළිබඳ හාවක් හූවක් පැතිරුණත් හැබෑවටම ඒ කවුද, ඒ මොන විදියේ යෝජනාවක්ද, ඒ සම්බන්ධයෙන් ඈ ගත්ත නීතිමය පියවර මොකක්ද කියන එක ගැන අපටත් ප්‍රශ්නයක් තියෙනවා.

හැබැයි ඇත්තමට මෙහෙම දෙයක් සිදුවුණාද, නැද්ද කියන එක ගැන හොයා බලද්දී වටින් පිටින් ආරංචි වෙන කාරණා එක්ක එහෙම දේවල් වෙනවලු කියලත් කියැවෙනවා. හැබැයි ඉතින් ඈ මේ චෝදනාව මේ විදියට එල්ල කරලා නිකන් අත පිහදාගන්නවට වඩා හොඳයි මේ වැඩේ සම්බන්ධව නීත්‍යනුකූල පියවර ගත්තා නම් කියන එකයි අපේ අදහස. ඒකට හේතුව මෙවැනි සිදුවීම් මේ ආයතනයේ තවදුරටත් වෙනවා ඇති කියා ඈ පැවසන කතාවකින් සිදුවෙන කාරණයක් තමයි අයි.ටී.එන්. එකේ සේවය කරන සියලු නිවේදක නිවේදිකාවන් දිහා අපට වුණත් පොඩ්ඩක් වැරැදි ඇහැකින් බලන්න සිද්ධ වෙන නිසා. ඒ නිසා එහෙම දේවල් වෙනවා නම් ඊට නීත්‍යනුකූල පියවර අරගෙන, වැරැදිකරුවන්ට දඬුවම් කරලා, මේ කියන මහල්ලන්ව පොල්ලකින් ගහලා පන්නන්න තරමටම දියුණු විය යුතුයි කියලයි අපේ අදහස.

හැබැයි එකක් තියෙනවා. ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ බොහෝ නාලිකාවල මෙවැනි සිදුවීම් සිදුවෙන බව අපි අහලා තියෙනවා. සමහර නිවේදිකාවන්ට තමන්ගේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගන්න උදව් උපකාර කරන වැදගත් මහත්වරු සහ ඒ ආයතනයේ සේවයේ නියුතුව ඉන්න අය හෝ ආයතනයේ වෙනත් තනතුරු දරන්නා වූ හෝ පුද්ගලයන් විවිධාකාරයෙන් ලිංගික අල්ලස් ඉල්ලන බවත්, ඒවා ඉතා සතුටින් සහ සෙනෙහසින් ලබාදෙන බවත් අපි අහලා තියෙනවා. එහෙම ලබාදීලා කට පියාගෙන තමන්ගේ වැඩක් බලාගෙන ඉස්සරහට යන අය ඉන්නවා කියලත් සමහර තැන්වල කියැවෙනවා. හැබැයි මේවා ඇත්තද නැත්තද කියන්න අපට කිසිම සාක්ෂියක්වත්, ඔප්පු කරන්න පුළුවන්කමක්වත් නෑ. මේ සිදුවීමත් ඒ වගේ තවත් එක සිදුවීමක් නැත්නම් කටකතාවක් බවට පත්වෙලා ඉවර වෙනවට වඩා හොඳයි මේ පිළිබඳ නිවැරැදි නීතිමය පියවර අරගෙන නිවැරැදි පුද්ගලයා ඉලක්ක කරලා ඒ පුද්ගලයාට නිසි ආකාරයෙන් දඬුවම් දීලා, ඒ පුද්ගලයාව මේ රටේ වැරැදි පුද්ගලයෙක් බව නිරවුල්ව පැහැදිලි කිරීමක් කරගන්න එක. එහෙම නොවුණොත් අයි.ටී.එන්. එකේ සේවය කරන බොහෝ නිලධාරීන්ට මේකෙන් විශාල අගෞරවයක් සිද්ධ වීමට නියමිතයි.

අයි.ටී.එන්. ආයතනයේදී ඈට සිදුවුණු මේ අයුතු යෝජනා ඔප්පු කළ හැකි සාක්ෂි ඇය සතුව තියෙනවා කියලා ඈ පවසන නිසා ඒ සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් නෑ. නීතිමය පියවර ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ කතාව ඇත්ත නම් කොන්ද කෙළින් තියාගෙන මේ වගේ තීරණයක් ගත්ත එක නිවේදිකාවක් හරි ලංකාවේ හිටපු එක ගැන අපි ආඩම්බර වෙන්නත් ඕනෙ. මේවා කෙසේ වෙතත් මේ පිළිබඳ කිසිදු නාලිකාවක් තවමත් කට ඇරියේ නැති එක ගැන අපට හරි පුදුමයි. ලංකාවේ විවිධ සංවිධාන තියෙනවා, විවිධ කණ්ඩායම් ඉන්නවා. කාන්තා අයිතීන් පිළිබඳ සංවිධාන තියෙනවා. ඒ අයට පුළුවන් මේ සම්බන්ධව නීතිමය පියවර ගන්න. මේ කිසිම දෙයක් නොවී, මේ සිදුවීම තවත් එක කතාවක් බවට පත්වෙලා ඉවර වුණොත් එහෙම ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය කුණු වෙච්ච, ගඳගහන නරක තැනක් බවට පත්වෙන එක කිසිසේත්ම වළක්වන්න බෑ. ඒ වගේම තිරය ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ මූණ පෙන්වන නිවේදක නිවේදිකාවන්ට ගමේ රටේ යන්න, ගෙදර දොරේ ඉන්න, පාර තොටේ යන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න මේ සිද්ධිය නිරවුල් කරගන්න එක ඉතා වැදගත් වෙයි. මොකද එහෙම නොවුණොත් ටී.වී. එකේ මූණ පෙන්නන වාරයක් වාරයක් පාසා බොහෝ අය හිතයි මෙතැන මේ අය ඉන්නේ ලිංගික අල්ලස් දීලා කියලා. එහෙම නොඉල්ලන ප්‍රධානීන් සහ එහෙම නොදෙන නිවේදක නිවේදිකාවන් ඕනෙ තරම් අපේ රටේ ඉන්නවා. දෙන අයත් ඉන්නවා, නොදෙන අයත් ඉන්නවා කියලා ඕනෙ කෙනකුට තර්ක කරන්න පුළුවන්.

කොහොම නමුත් මේ වෙලාවේ ලංකාවේ කිසිම මාධ්‍ය ආයතනයක් ඒ සම්බන්ධව නීතිමය පියවරක් ගන්න තියා ඒ සම්බන්ධව කතා කරන්නවත් ඉදිරිපත් නොවන එක ගැන නම් අපටත් හරි පුදුමයි. හැබැයි ඒ අයට යෝජනා කරනවා ඔබ මේ සම්බන්ධව නීතිමය පියවර ගන්න පරක්කු වෙන්න එපා කියලා. ඒ වගේම මේ සම්බන්ධව වැරැදිකරුවන්ට දඬුවම් කරන පරිසරයක් නිර්මාණය කරන්නත් පරක්කු වෙන්න එපා. එහෙම මොහොතකදී අපි ඔබ සමග කොන්දේසි විරහිතව හිටගන්නා බවත් අපි ඔබ වෙනුවෙන් කියනවා. ඒකට හේතුව ලංකාවේ මාධ්‍ය කියලා කියන්නේ මේ වගේ ජරාජීර්ණ වෙච්ච, පිලුනු ගඳගහන නරක තැනක් නොවී සුන්දර තැනක් වෙනවා නම් තමයි මේ රටේ මාධ්‍ය තවදුරටත් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉතින් සමහර වෙලාවට පාරේ යන ගමන් ඉන්න අයට, නැත්නම් රූපවාහිනී ආයතනයකට නිකන් යන එන ගමන් ගොඩවැදුණු කෙනකුට, එහෙමත් නැත්නම් රූපවාහිනී ආයතනයක ප්‍රධානියෙක් පාරේ යන එනකොට මුණගැහුණු කෙනකුට, ඉඩම් කඩම් අරගෙන තියෙන තැන්වල ඒ වැඩවලට ගියපු වෙලාවට ඒ අහල පහළ ඉන්න ලස්සන ගෑනු ළමයි දැකලා නැත්නම් ආයතනයට වෙන කවුරු හරි මුණගැහෙන්න ආපු ගෑනු ළමයි දැකලා, ඔයාව නිවේදිකාවක් කරන්නද කියලා අහන්න ලොක්කො ගැනත් අපි අහලා තියෙනවා. ඉතින් ඒක නිසා එහෙම කතන්දර ඇත්ත නම්, මෙහෙම කතන්දර බොරුය කියලා කියන්න තරම් අපි ළඟ පැහැදිලි සාක්ෂියක් නෑ. හැබැයි ඉතින් මේ කතාව ඇත්තය කියන්න ඇය සතුව පැහැදිලි සාක්ෂි තියෙනවා නම් මේ මාධ්‍ය සහ නිවේදක සහ නිවේදිකාවන් සුද්ද කරන්න නිරවුල් කරන්න, ඒ අයගේ ජීවිත සම්බන්ධව ඉතා සුබවාදී තීරණයක් බවට පත්වෙන්න ඇයට පුළුවන් මේ ඉතිරි ටිකත් හරියට කරගෙන යන්න. එහෙම නැතුව මේක මෙතැනින් අමතක කරලා, අතහැරලා දැම්මොත් එහෙම මේ චෝදනාව සම්බන්ධවත් අපටත් හිතෙයි සමහර වෙලාවට ඇත්තටම එහෙම දෙයක් වෙලා නෑ කියලා.

ඒක නිසා වැරැදිකාරයා හොයලා දඬුකඳේ ගහන්නයි තියෙන්නේ. අපි එනවා පින්තූරයක් ගහලා පත්තරේ දාන්න. අපි වගකීමෙන් කියනවා වැරැදිකාරයා අත්අඩංගුවට අරන් දඬුවම් කළොත් අපි අනිවාර්යයෙන්ම ඒ වැරැදිකාරයාගේ මුල සිට අගට පැටිකිරිය ලෝකෙට හෙළිකරනවාය කියන එකත්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පනින්න බලන් ඉන්න උන්ට සජිත් හොඳ වැඩක් කරයි! මුලින් මන්ත්‍රී කණ්ඩායමෙන් දොට්ට දැම්මා! දැන් සාමාජිකත්වය අත්හිටුවන ලියුමට අස්සන් කළා! ෆවුසිට දැන් ඒ පැත්තත් නෑ! මේ පැත්තත් නෑ! අනාතයි!

Next Post

ජීවිත රැකගන්න TIK TOK කරන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරිය…

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.