• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පානදුරේ මුස්ලිම් පල්ලි 23කට හදිසි පොලිස් ආරක්ෂාව? පත්තර ගහපු තවත් අලි බොරුවක් අතේ පත්තු වෙයි! පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇත්ත කියයි!

April 28, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
මේක මොන රටක්ද? මේක මොන නීතියක්ද? මිනිහෙකුට නිදහසේ බැංකුවට ගිහින් සල්ලි ගන්න එකටත් බැරියර් දාලද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජාතික ආරක්ෂාව සුරැකීමට, ආරක්ෂක අංශ විසින් මහජනතාවට නිකුත් කරන පණිවිඩ අතරින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් ව්‍යාජ තොරතුරු ද ව්‍යාප්ත කරනු ලබන්නේ මුළු මහත් සමාජයම බිය ගන්වමින්. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවැනි තොරතුරක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. 

සමාජ මාධ්‍ය සටහන් :

“පානදුර මුස්ලිම් දේවස්ථාන 23කට හදිසි පොලිස් ආරක්ෂාව” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් මුල් කර ගනිමින් මේ පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

පානදුර මුස්ලිම් දේවස්ථාන 23 කට හදිසි පොලිස් ආරක්ෂාව ලබා දුන බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම නිරීක්ෂණය කළා.

ඒ අනුව ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ,  පානදුර පොලිස් වසම් තුනක පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන 23 ක් සහ පොදු ස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව පානදුර කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී (වෙනුවට වැඩබලන) සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න පැවසූ බවයි. ඒ බවට පළ වූ පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

එමෙන් ම මෙම පුවත් වාර්තා දෙක ම එකම පුද්ගලයෙකු වාර්තා කර තිබුණා.

දකුණ පොලිසිය මූලස්ථාන පොලිස් පරීක්ෂක

කෙසේ වෙතත් මෙම පුවතේ නිරවද්‍යතාව පිළිබඳ විමසා බැලීමට අප ප්‍රථමයෙන් පානදුර දකුණ පොලිසිය මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගෙන් විමසීමක් කළා.

ඒ මහතා සඳහන් කළේ, පානදුර ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථාන පමණක් ඉලක්ක කර ගනිමින් විශේෂ ආරක්ෂාවක් සපයා නොමැති බවත්, රාමසාන් උත්සවය හේතුවෙන් එම සතිය තුළ දිවයිනේ ම ඉස්ලාම් දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාව සපයා ඇති බවයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

එමෙන් ම අප මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතාගෙන් ද, අප විමසා සිටි අතර ඒ මහතා සඳහන් කළේ, රාමසාන් පැවැත්වෙන සතියේදී මුළු දිවයිනේ ම ඉස්ලාම් දේවස්ථාන වලට පොලිස් විශේෂ ආරක්ෂාවක් සැපයූ බවත්, එය පානදුර ප්‍රදේශයට පමණක් ලබා දුන් විශේෂ ආරක්ෂාවක් නොවන බවයි.

පසුගිය අප්‍රේල් 18 වන දා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ 118 දුරකතන අංකයට, අකුරණ නගරයේ ඉදිරි දිනකදී බෝම්බ ප්‍රහාරයක් සිදු වන බවට තොරතුරක් ලැබී තිබු බවත්, එම තොරතුර ව්‍යාජ බවට හෝ සත්‍ය බවට අනාවරණය කර ගන්නා තුරු, අලවතුගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා, ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී යන නිලධාරින් අකුරණ නගරයේ ප්‍රධාන ඉස්ලාම් දේවස්ථානයට ගොස්, එහි ආගමික නායකයන් හමු වී, එම ප්‍රදේශයේ පිහිටි අනිකුත් ඉස්ලාම් දේවස්ථාන වල ආගමික නායකයන් සහ එම නගරයේ වෙළඳ සංගම් ද සමග සාකච්ඡා කොට ආරක්ෂක වැඩ පිළිවෙළක් යෙදවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා.

එමෙන් ම අප්‍රේල් 19 වන දා තවත් තොරතුරක් ඉහත ඇමතුම ලබාදුන් පුද්ගලයා විසින් ම ලබා දුන් අතර එම පුද්ගලයා සඳහන් කර තිබුණේ, යම්කිසි සංවිධානයක් විසින් මුස්ලිම් ජනතාව වැඩිපුර වාසය කරන ගම් ප්‍රදේශ වලට ප්‍රහාරයක් එල්ල කරන බවයි. ඒ අනුව එම තොරතුරු වල නිරවද්‍යතාව හෙළිකර ගන්නා තුරු මුස්ලිම් ජනතාව වැඩිපුර වාසය කරන දේවස්ථාන වලට පොලිස් විශේෂ ආරක්ෂාව සැපයූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පවසා සිටියා.

කෙසේ වෙතත් දින තුනක් ඇතුළත මෙම තොරතුර ලබා දුන් පුද්ගලයා සොයා ගත් අතර ඔහුගෙන් විමසීමේදී අනාවරණය වූයේ මෙම තොරතුර ව්‍යාජ බවයි. එසේ ව්‍යාජ තොරතුරක් ලබා දීමට සුවිශේෂි හේතුවක් සඳහන් කර නොමැති අතර පසුගිය 22 වන දා අවුරුදු 21 හැවිරිදි මුස්ලිම් තරුණයෙකු වන ඔහු, හාරිස්පත්තුව බටුගොඩ ප්‍රදේශයේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත් කෙසේ වුවද, පානදුර ප්‍රදේශය පමණක් ඉලක්ක කර ගනිමින් පොලිස් විශේෂ ආරක්ෂාවක් සපයන බවට පළ වූයේ අසත්‍ය තොරතුරක් බව ත් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළා.

FACTCRESINDO

SendShareShare
Previous Post

කැරැල්ලක් මැඩපවත්වන්න වෙඩි තැබූ බවක් පේන්නේ නෑ! මහර බන්ධනාගාරයේ රැඳවූවන් 11ක් වෙඩි තබා මරා දැමීම අපරාධයක්! වහාම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න! අධිකරණය CIDයට නියෝග කරයි!

Next Post

රනිල් කොටස් වෙළෙඳපොළ වහලා දානවා කිව්වා! බැංකු වැහෙනවා නම් කරන්න දෙයක් නෑ කිව්වා! අන්න කොටස් ‌වෙළෙඳපොළ අද කඩා වැටිලා! අපි IMF ගිවිසුමට විරුද්ධව ඡන්දෙ දෙනවා! මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේදී කියයි! VIDEO

MORE NEWS

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

Load More
මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

බෞද්ධ සමාජය තුළ විවාදාපන්න කරුණු සාකච්ඡා කිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වයට පත් පූජ්‍ය කැකිරාවේ සුදස්සන හිමි මින් ඉදිරියට යූටියුබ්...

Read more
සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.