• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිකම් මිනිහෙකුගේ ගිණුමකට ඩොලර් මිලියන 250ක් වැටෙයිද? කව්ද මේ චාමර ගුණසේකර? කාටද සම්බන්ධය තියෙන්නේ? ආණ්ඩුව කොහෙද නඩු දාන්නේ? නීතීඥ සමාගම මොකද්ද? මෙච්චර කල් නඩු දාන්න පරක්කු කළේ ඇයි? එක්ස්ප්‍රස් පර්ල් ප්‍රශ්න වැළක්! VIDEO

April 26, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල්ට ගෝ හෝම් වෙන්න‌ දෙයක් නෑ! ගිය ජන්දෙදි මිනිස්සු එයාව ‌ගෝ හෝම් කළා! එයා එක්ක ඇමැතිකම් කරන්න යන්න අපේ පක්ෂයේ කවුරුත් නෑ! යනවානම් ඉතින් ඔළුවෙ අමාරුවක් තියෙන කෙනෙක් තමයි! සජබ මහලේකම් ප්‍රකාශයක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ කීය.

අපි දන්නවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බිලියන ගාණක් ගානක් අපිට ගන්න තිබුණා හැබැයි ඒ වෙනුවට මේ රටේ අධිකරණය ඇමතිතුමා කියනවා ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් එක පුද්ගලයෙක්ගේ බැංකු ගිණුමකට ගිහිල්ලා කියලා. ඇයි මේ බැංකු ගිණුමකට ගියේ ආණ්ඩුව ඇයි මෙච්චර කල් නඩු දාන්න පරක්කු කළේ අන්තිම දවස් ටිකේ නඩු දාන්නේ එක පැත්තකින් ආණ්ඩුව පරක්කු කරනවා අනිත් පැත්තෙන් පුද්ගලයෙක් කොමිස් ගන්නවා අපි අහනවා කවුද මේ චාමර ගුණසේකර. අපිට වහාම පැහැදිලි කරන්න මේ චාමර ගුණසේකර කියන පුද්ගලයා ආණ්ඩුවට සම්බන්ධ කෙනෙක්ද, වෙන කාටවත් සම්බන්ධ කෙනෙක්ද, චාමර ගුණසේකරට මේක නවත්තන්න බැහැ ඒක නවත්තන්න පුළුවන් ආණ්ඩුවේ ඉන්න අයට. ඒ අය මේක කල් දාන්න යනකොට නඩු පැවරීම එංගලන්තයේ කරනවද, සිංගප්පූරුවේ කරනවද ,ලංකාවෙ කරනවද කියලා තීරණයක් ගන්න බැරුව ඉද්දි ඒකෙම ක්‍රියාවලියක් විදිහට තව මිනිහෙක් මිලියන 250ක් ඩොලර්වලින් අල්ලස් ගන්නවා. ආණ්ඩුව මේ දෙකටම වග කියන්න ඕන.

අපි දන්නවා අද වන විට මේ රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුව වුණේ මේ වංචාවන්. සීනි බදු වංචාව, සුදුලූනු වංචාව, antigen වංචාව මේවට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග මොනවාද ඒ විතරක් නෙමෙයි 2014 ට මුලින් සිදුවූ වංචාවන් 2015 පස්සේ සිදුවූ වංචා වලට මොකක්ද ගත්ත ක්‍රියාමාර්ග තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ ලිපි ගොනු එකසිය ගානක් තියෙනවා පහුගිය කාලය තුළ අපි දැක්කේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ වා ඉල්ලා අස්කරගන්නවා ඒකයි රටේ නීතිපති දෙපාර්තමේන්තුව අල්ලසට දූෂණයට වැට බඳින හැටි ඒ වගේ බොහොමයක් තිබුණේ තාක්ෂණික හේතු නිසා එහෙම නම් ඒවා ඉල්ලා අස්කරගන්නවා නම් නැවත නඩු පවරන්න ඕන. එක පැත්තකින් අපි ජනාධිපතිවරයාට කියනවා තමුන්නාන්සේ මේ ආණ්ඩුව කරන්නේ වංචාවට දූෂණයට හොරකමට චෝදනා තියෙන කණ්ඩායමක් එක්ක ඒ වගේම මේ රට වට්ටපු කණ්ඩායමක් එක්ක ආණ්ඩුව කරන්නේ අපි අහනව කරුණාකරලා මේ රට ගොඩගන්න නම් බදු වැඩි කරලා, ජනතාව පිට බදු බර පටවලා, ලයිට් බිල් වතුර බිල්, තෙල් මිල වැඩි කරලා හරියන්නේ නැහැ. හොරු ටික අල්ලලා හොරකම නවත්තන්න ඕන රට මෙච්චර වැටිලා තියෙද්දි ආන්ඩුවේ ක්‍රියාකාරකම් පරක්කු නිසා ආණ්ඩුවේ ම කට්ටියක් නිසා ඩොලර් බිලියන ගානක් එන්න තිබුණු එක ඩොලර් මිලියන 250 ක් කොමිස් අරන් ආන්ඩුවේ අයම ලැජ්ජාවක් නැතිව ඒ ගැන කියනවා ඇයි ඒක ගන්න හේතු වුණේ මොකෝ චාමර ගුණසේකර කියන පුද්ගලයාට ආණ්ඩුවත් එක්ක සම්බන්ධයක් නැති නම් එයා කොහොමද ගන්නේ ඕන මිනිහෙකුට පුළුවන් මේක ගෙවන්න එපා කියලා කොමිස් එකක් ගන්න. ආයතනයක් කොමිස් මුදලක් දෙන්නේ තව පුද්ගලයෙකුට මේක නවත්තන්න ආණ්ඩුව තුළ බලපෑමක් තියෙන නිසා අපට සැකයක් තියෙනවා මේ නඩු පැවරීම කල් දාන්නත් එක හේතුවක් මේක කියලා.

අපි කියනවා මේකට පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන්න ඒ විතරක් නෙමෙයි අද අපි මේවා සම්බන්ධව අලුත් ගමනක් ආරම්භ කරා අලූත් ප්‍රවේශයකට අවතීරණ වුණා විපක්ෂයේ ඉන්න සියලුම කණ්ඩායම් එකට එකතු වෙලා මේ ආණ්ඩුවේ මර්ධනකාරි ත්‍රස්ත විරෝධී පනත ගැනත් දූෂණ වලට සම්බන්ධ ආන්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධව කොහොමද විපක්ෂයකට කටයුතු කරන්නේ කියලා විපක්ෂයේ ඒකාබද්ධ රැස්වීමක් තිබුණා. මේ සඳහා එක කණ්ඩායමක් ඇරෙන්න විපක්ෂයේ සියලුම කණ්ඩායම් එකතු වුණා.එහිදී අපි බැලුවා කොහොමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම සම්බන්ධව කටයුතු කරන්නේ අපි කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා නමුත් පසුව ගිහින් ඒ ගිවිසුමේ මොනවද තියෙන්නේ කියලා ජනතාවට අපි පැහැදිලි කරල දෙන්න ඕන. අපි අහනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම නිසා ජනතාව අධික බදු බරක් එක්ක තෙල් මිල වැඩිවෙලා තියෙනවා දැන් ප්‍රකාශ වෙලා තියෙනවා ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල අඩුවෙද්දී අපිට අඩු කරනවා කියලා නමුත් අඩු වෙලා නැහැ ජාත්‍යන්තර තෙල් මිල අනුව තව රුපියල් සීයකින් පමණ අඩු වෙන්න ඕන විදුලිබිල අඩු වෙන්න ඕන ලයිට් බිල වැඩි කරේ 450ට 500ට තියෙද්දි ඒ අනුව තමයි සූත්‍රය හැදුවේ අපි අහනවා කෝ ජනතාවට සහන. ඒ විතරක් නෙමෙයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වලින් රට ගොඩ ගත්ත නම් ජනතාව ගත්තු ණය වලට 10% පොලියට 30% පොලිය ගෙවෙනවා එහෙනම් ජනතාවගේ බදු බර වත් ජනතාවගේ පොලිය වත් බඩු මිල වත් අඩු වෙලා නැහැ. මේගොල්ලෝ පෝලිං නැති වුණා කියලා පොඩි චූන් එකක් ඇතිවෙලා තියෙනවා ආණ්ඩුවෙන් අහන්නේ පෝලිම් ඇති කිරීම ද ආණ්ඩුවේ කාර්යභාරය පොලී නැති කරලා තියෙන්නේ සලාක ක්‍රමයක් හදලා සලාකයක් නැත්නම් පෝලිම් තියෙනවා අවශ්‍ය තෙල් ටික ලැබෙන්නේ නැහැ .ඒ නිසා ආණ්ඩුවට කියනවා බොරුවට මේ සියල්ල සාර්ථකයි සියලු ප්‍රශ්න විසදුවා කියලා චිත්‍රයක් මවන්න රජයත් ජනාධිපතිවරයාත් මාධ්‍ය මෙහෙයුම ලොකුවට යනවා. ඒ නිසා අද විපක්ෂය ඒකාබද්ධ වෙලා ශක්තිමත් වැඩපිළිවෙලක සිටිනවා.

ඒ වගේම ලබන මැයි පළවෙනිදා සමගි මැයි දිනය, වැඩබිමෙන් ඇරඹෙන මව්බිමේ අරගලය අපි ආරම්භ කරනවා එය ඉතාමත් ශක්තිමත් වැඩි පිරිසක් සම්බන්ධ වන මැයි දිනය ලබන පළවෙනිදා ඒ ඊ ගුණසිංහ ක්‍රීඩාංගනයෙ පවත්වනවා එයට රටේ වැඩකරන ජනතාව වන ගොවියා, කම්කරුවා ධීවරයා රජයේ සේවකයා ඇතුළු සියල්ල සම්බන්ධ කරගන්න සංවිධානය කරගෙන යනවා.

ඒ වගේම අද පොලිසිය ගැනත් කතා කර යුතුයි පොලිසිය අද දේශපාලනීකරණය වෙලා පසුගිය දවස්වල නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනෙක් මාරු කරලා. මේ නියෝජ්‍ය පොලිස්පතිවරු මාරු කරන්න පොලිස් කොමිසමෙන් අවසරයක් ගන්න ඕන .අද එක නියෝජ්‍ය පොලිස්පති වරයෙක් කියනවා පොලිස් කොමිසමෙන් කිසිම අවසරයක් නැතුව මේක කරලා තියෙන්නේ අජිත් රෝහණ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා කියනවා ඒක අපි ප්‍රතික්ෂේප කරනවා කියලා ඒ තත්ත්වයට අද රට පත්වෙලා. පොලිසියේ ස්වාධීනත්වය නැති කරලා උසාවියෙන් දෙන නියෝග පවා පොලිසිය ක්‍රියාත්මක නොකරන තත්ත්වයට පත්වෙලා. අපි කියනවා රටක නීතිය හා සාමය තියෙන්න ඕන. නීතිය වැනසෙන කොට රටත් වැනසෙනවා. ඒක තමයි පහුගිය කාලයේ සිද්ධ වුණේ අපි අහනවා මේ අය මාධ්‍ය ඔස්සේ කරන යම් යම් ප්‍රචාරණ වලින් රට හරි තැනකට ඇවිත් තියෙනවා නම් මේ රටේ දූෂණය නැති වෙන්න ඕන නීතිය හා සාධාරණත්වය සැමට එක වෙන්න ඕන. අපිට පේනවා මේ තුළින් ආණ්ඩුව උත්සාහ කරනවා තමන්ගේ බලය රැක ගෙන මැතිවරණ ජයග්‍රහණය කරන්න අපි කියනවා පලාත් පාලන මැතිවරණය වහාම තියන්න ඇයි රජය කල් දැම්මේ රටේ ආර්ථික ප්‍රශ්න නිසා ද, නැහැ රජයට ඡන්ද නැති නිසා සල්ලි නැති නිසා නෙමෙයි දැන් දිය නියමයක් නැතිව ලිපිගොනු බහා තියනවා එහෙම නීතියක් නැහැ පළාත් පාලන ඡන්දය ගැන කියන කොට මැයි මාසය දක්වා කල් දාලා තියෙනවා. මම දන්නේ නැහැ මේවා සම්බන්ධව රටේ ජනතාව මොනව කල්පනා කරනවා ද කියලා. අධිකරණයටත් බලපෑම් කරන තත්වයට රට පත් වෙලා තියෙන බව කියන්න ඕන. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න ඕන එතකොට තමයි රටක නීතිය හා සාමය ක්‍රියාත්මක වෙන්නේ අද තියෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ජන වරමක් නැති ආණ්ඩුවක් ජනාධිපතිවරයා එළවපු මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කරපු ආණ්ඩුවක් පහුගිය කාලයේ ජනතාව මුණ ගැහෙන්න මන්ත්‍රීවරුන්ට යන්න බැරි තත්ත්වයක් තිබුණා. ආණ්ඩුවේ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දරදඬු ප්‍රතිපත්ති නිසා ගෙයින් එලියට බැස්ස නිසා රනිල් වික්‍රමසිංහ වටා එකතු වෙලා. ඡන්දය වන විට ඕක නැති වෙනවා මම දකින්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා night watchman කෙනෙක් විතරයි එතුමා අද ආණ්ඩුවේ මයෙ අද කියනවා අපේ ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුනේ කෙනෙක් දානවා කියලා මම හිතෙනවා එතුමාට අන්තිමට කොහේ ඉන්න වෙයිද දන්නෙ නැහැ ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මියට ජන වරමක් නැති ජනාධිපති කෙනෙක් ව්‍යවස්ථාවෙන් ආපු ජනාධිපති කෙනෙක් අපි කියනවා ඒගොල්ලෝ ලෑස්ති වෙලා ජනතාව රවට්ටන්න එපා මුලා කරන්න එපා ඔවුන් කතා කරන්නේ රටේ සියලු ප්‍රශ්න ඉවරයි වගේ එහෙම නැහැ ජනතාව තාම අධික ලයිට් බිලක් ගෙවනවා අධික ජල බිලක් ගෙවන හෙට අනිද්දා වන විට මේවා ගෙවා ගන්න බැරි තත්වෙට ජනතාව පත්වෙනවා අධික පොලියක් බැංකුවට කියනවා ඒ අස්සෙ අධික බදු ඒ ව්‍යාපාරික ජනතාවගෙන් අය කරනවා ඒවා කිසි දෙයක් අඩුවෙලා නැහැ අඩු වෙලා තියෙන්නෙ පෝලිම් විතරයි.

රජයට නැවතත් කියන්නේ රට වැටුනේ දූෂණය නිසා නම් දූෂණය තුරන් කරන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා නම් අද දූෂණය නැති වෙලත් නැහැ දූෂණය අඩු වෙලත් නැහැ ජාත්‍යන්තර දූෂණ දර්ශකය අපි ඉහවහා ගිය රටක් විදිහට තියෙන්නෙ එම නිසා දූෂණය කරපු අයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එය රජයේ වගකීමක් වෙනවා මොකද අධිකරණ ඇමතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා නම් ඩොලර් මිලියන 250ක් වංචාවක් කරලා කාගේ හරි ගිණුමකට ගියා කියලා නිකම් මිනිස්සුන්ගෙ ගිණුමකට සල්ලි යන්නේ නැහැ නඩුව දිනනවා ද, පරිදින වාද සියලු කාරය තියෙන්නෙ ආණ්ඩුවට ඒ කාර්යභාරය තුළ කොහොමද තවත් මිනිහෙක් කොමිස් එකක් ගන්නේ මේ ආණ්ඩුවෙන් නඩු දාන එකයි නොදාන එකයි නඩු දානවා ආකාරයයි ඒ සමාගමයි ඒ වගේම මේ බැංකුවට ගිය කොමිස් මුදලයි සම්බන්ධයක් තියෙන බව අපට පේනවා ආණ්ඩුවට කියනවා ඒකේ නැහැ කියලා ඔප්පු කරන්න කියලා.

උසස් පෙළ උත්තර පත්‍ර නොබැලීමේ ප්‍රශ්නෙට වගකියන්න ඕන ආණ්ඩුව මොකද ආණ්ඩුවේ දැනගන්න ඕන ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය කියනවා ඔවුන්ට සාකච්ඡාවකට අවස්ථාව දෙන්න කියලා. අපි කියනවා පළවෙනි ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ අධ්‍යාපනයට කිසිසේත්ම විභාග කල් දානවට ප්‍රශ්න පත්‍ර බැලීම කල් දානවට කැමැත්තක් නැහැ අපි ඒකට විරුද්ධයි අධ්‍යාපන ප්‍රමුඛතව දෙන්න ඕන රජයත් දැනගන්න ඕන ඒ තියෙන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඒ ප්‍රශ්නෙ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න රාජයේ ඒක කරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා ඒ තුළින් දරුවන් ලක්ෂ ගානක් අසරණ වෙලා

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර මහතා.

හද අරුණ පත්තරේ පළ වෙනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියේ මිලියන 250ක් බැර වී ඇත්තේ චාමර ගුණසේකරට කියලා. අපි අහන්නේ මේ චාමර ගුණසේකර කියන්නේ ශ්‍රී ලංකාව භාරව ඉන්න මහා දිව්‍ය පුත්‍රයෙක් ද එහෙම නැත්නම් ශ්‍රී ලාංකීය සමුද්‍රීය භාරව ඉන්න දිය රකුසෙක් ද .අද ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතුව තිබිච්ච වන්දි මුදලක් කොහොමද පුද්ගලයෙක්ගේ ගිණුමකට බැර වෙන්නේ. ඒ නිසා මේ රට බොහොම සාධාරණයි රට බංකොලොත් වීම ගැන රට කඩාගෙන වැටීම ජනතාව දුක් විඳීම පැහැදිලි .මේ රට ජනතා ඡන්දයෙන් පත් කරල භාර දීල තියෙන්නෙ මෙච්චර කාලයක් දූෂිත පුද්ගලයින්ට අදටත් බොහොම පැහැදිලිව පේන්න තියෙන්නේ දුෂිතයන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ රජය තවමත් ක්‍රියා කරනවා මිසක් දූෂණ පරාජයට පත් කරලා ශ්‍රී ලංකාව ආරක්ෂා කරල ලංකාවේ ජීවත් වෙන්න ආස හිතෙන රටක් බවට පත් කරන්න කිසිදු වැඩපිළිවෙළක් නැති බව පැහැදිලියි.

ඒ වගේම නීතිය ආරක්ෂා කරන්න ඉන්න කදවුර මේ දවස්වල සංගීත පුටු තරගයක ඉන්න බව පේනවා පහුගිය අවුරුදු උත්සව වල දැක්කා සංගීත පුටු තරග. අද අපේ රටේ තියෙනවා පොලිස්පති පුටු තරගයක් ඒකට අපි දන්නවා සංගීත පුටු තරඟ තියෙන කොටත් ගම් වල එය මෙහෙයවන කෙනා තමන්ගේ හිතවතා පුටුව වටේ කැරකෙන කොට එයාට ජයග්‍රහණය කරන්න පොඩි පොඩි සපෝට් දෙනවා අපි දැකල තියනවා. ඒ වගේ තමයි අපේ පොලිසිය භාර අමාත්‍යවරයා අද තමන් බලාපොරොත්තු වෙන මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු නියෝජ්‍ය පොලිස්පති වරයෙක් මේ පුටුවේ වාඩි කිරීම වෙනුවෙන් සෙල්ලමක් කරනවා අජිත් රෝහණ නියෝජ්‍ය පොලිස්පති තුමායි ප්‍රියන්ත වීරසූරිය කියන නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනාම අද තමන්ට බාර දීලා තියෙන ස්ථාන මාරුව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න එය ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඒ නිසා මේ එක එක්කෙනාගෙ ජයග්‍රහණය වෙනුවෙන් තමන්ට හිතවත් කෙනෙක් ඒ පුටුවේ වාඩි කරවන්න ගියාම ඇතිවන ප්‍රශ්න මේ වෙනත් දේක නම් කමක් නැහැ. ශ්‍රී ලංකා කියන උත්තරීතර රටේ නීතිය භාර ව ඉන්න ප්‍රධාන පුටුව භාර දෙන්න තමන්ගේ හිතවතුන්ට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පොලිසියේ ගෞරව නාමය කෙලසපු උදවිය වාඩි කරන්න ගන්න උත්සාහයක් බව පැහැදිලියි.
ඒ නිසා මේ රටේ තවමත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලාවත් රනිල් වික්‍රමසිංහ ගෙනියන ආන්ඩුව තුලවත් මේ රටේ මොන වෙලාවක නීතියේ ආධිපත්‍ය වත් ජනතාවගේ පරමාධිපත්‍ය වත් ආරක්ෂා කරන්න කටයුතු කරලා නැහැ කියන එක බොහොම පැහැදිලි.

SendShareShare
Previous Post

පට්ටපල් ‌බොරුවක්! ප්‍රබන්ධයක්! විමල්ගේ පොතට පළමු ප්‍රහාරය අමෙරිකාවෙන්!

Next Post

ත්‍රස්ත පනතේ 3-4-10-11-13-14-15-16-28-30-31-36-82-83- 84-85-86 වගන්ති නීති විරෝධියි! නීතිඥ සංගමයේ විද්වත් කමිටුව තීන්දු කරයි! අධිකරණ ක්‍රියාමාර්ග ගන්නත් සූදානම්!

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.