• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

SDIG අජිත් රෝහණ ගිය පාරේම SDIG ප්‍රියන්ත වීරසූරියත් යයි! ස්ථාන මාරුව නීති විරෝධී බව කියමින් පොලිස් කොමිසමට ලියුමක් යවයි!

April 26, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
SDIG අජිත් රෝහණ ගිය පාරේම SDIG ප්‍රියන්ත වීරසූරියත් යයි! ස්ථාන මාරුව නීති විරෝධී බව කියමින් පොලිස් කොමිසමට ලියුමක් යවයි!
Share on WhatsAppShare on Facebook

යතමන්ට ලබා දුන් ස්ථාන මාරු නීති විරෝධී ස්ථාන මාරුවක් බවත් එබැවින් එම නීති විරෝධී ස්ථාන මාරුව තමන් ක්‍රියාත්මක නොකරන බවත් දන්වමින් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මීට පෙර ලිඛිතව දැනුම් දී තිබුණා. මෙම ස්ථාන මාරුව සිදු කර ඇත්තේ එක්තරා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ආරක්ෂා කිරීමේ අරමුණින් නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් බව දන්වමින් ඔහු විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ට ද ලිඛිත දැනුම්දීමක් කළ බව පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙකු පවසා තිබෙන බව වාර්තා වෙනවා.

ඒ සමඟම තමන් වෙත ලබාදුන් ස්ථානමාරුව නීති විරෝධී සහ අයුක්තිසහගත බවත්, එනිසා එම ස්ථාන මාරුවට තමන් දැඩි ලෙස විරෝධය පල කරන බවත් දන්වමින් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ද පොලිස් කොමිෂන් සභාවට ලිපියක් යවා තිබෙනවා. ඔහු එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ තමාට ලබා දුන් ස්ථාන මාරුව අනුමත නොකරන ලෙසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු ස්ථාන මාරු කරමින් ඊයේ (25) පොලිස්පති චන්දන වික්‍රමරත්න නියෝග නිකුත් කළා. එම ස්ථාන මාරු නියෝගයේ සඳහන් වුණේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ අංක 02/08/එස්ජීඕ/02/2023 දරණ ලිපිය මගින්ලබා දුන් අනුමැතිය අනුව මෙම ස්ථාන මාරු කිරීම් සිදු කරන බවයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දරන දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාට ලිඛිත උපදෙස් ලබා දී තිබියදී එය ක්‍රියාත්මක නොකරන පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ ලිපිය ලැබී පැය කිහිපයක් ගත වෙන්නටත් මත්තෙන් මෙලස ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීමට එරෙහිව පොලිස්පතිවරයාට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමට ස්ථාන මාරු ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතර දෙනකු සාකච්ඡා කර ඇතැයි දැනගන්නට තිබෙන බව පැවසෙනවා. නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා බැඳී නැති බවත්, මෙලෙස නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට අමතරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීම සිවිල් ක්‍රියාකාරීන් කිහිප දෙනකුද සූදානමින් සිටින බවයි කියන්නේ.

මීළඟ පොලිස්පති ධුරය සඳහා පත් කිරීමට යෝජනා වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනාගෙන් තිදෙනකුටම ඊයේ ස්ථාන මාරු ලබාදීම විශේෂත්වයක් බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා. එම පස්දෙනාගෙන් ස්ථාන මාරුවීම් ලැබී නැත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කළ නිලන්ත ජයවර්ධනට සහ නීතිපතිවරයා පවා ස්ථාන මාරු කිරීමට යෝජනා කර ඇති දේශබන්දු තෙන්නකෝන්ට පමණක් වීම විශේෂයක් බවයි ඔවුන් කියන්නේ.

ස්ථාන මාරු ලැයිස්තුවේ සිටින ලලිත් පතිනායකට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට 2022 අප්‍රේල් පළමු වැනිදායින් පසු ලැබුණු තුන් වැනි ස්ථාන මාරුව මෙයයි. සෙසු පිරිසද පසුගිය වසර හෝ වසර එක හමාර ඇතුළත ස්ථාන මාරුවීමකට ලක්වූවන් බවත්, පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් වැඩිම කාලයක් එකම ප්‍රදේශයක් භාරව සිටින බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට තවමත් ස්ථාන මාරුවක් ලැබී නැති බව පැවසෙනවා. ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඔහුට ඉහළින් සිටින සහ එකම දිනක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්වූ ලලිත් පතිනායකට මෙම වසර තුනක කාලය ඇතුළත ස්ථාන මාරු ගණනාවක් ලැබුණු බවත් පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියනවා.

තම ස්ථාන මාරුව පිළිබඳව විරුද්ධත්වය දක්වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඉතා කෙටු කාලයක් ඇතුළත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයඹ පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නැගෙනහිර පළාත සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මධ්‍යම පළාත ලෙස අවස්ථා කිහිපයකදීම ස්ථාන මාරු කිරීමට ලක්ව තිබෙනවා. ඔහු පොලිස් කොමිසමට යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙලෙස අත්තනෝමතික ලෙස වරින්වර කරන ස්ථාන මාරු කිරීම නිසා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ පරිපාලනය බිඳවැටී මහජන විශ්වාසය පලුදු විය හැකි බවයි.

මේ අතර තමන්ගේ ස්ථාන මාරුව නීති විරෝධී සහ අමනෝඥ ස්ථානමාරුවක් බව දැනුම් දෙමින් අජිත් රෝහණ මහතා පොලිස් කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී ඇත්තේ නීතිය හා සාමය අමාත්‍යවරයා අප්‍රේල් 18 වැනිදා පැවැති රැස්වීමකදී තමාට දොස් නැගූ බවයි. ඉන් පසු මීට දින කිහිපයකට පෙර තමා ඔහුගේ කාර්යාලයට කැඳවා දකුණු පළාත පොලිස් පාලනයෙන් හිලිහී ඇති බවට දොස් නැගූ බවයි කියන්නේ. දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ අපරාධ වාර්තාවීම්, අපරාධ විසඳීම් සංඛ්‍යා ලේඛන ආදිය සංසන්දනය කර බලා අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සත්‍යාසත්‍යතාව තීරණය කළ හැකි බවත් අජිත් රෝහණ මහතා පොලිස් කොමිසම වෙත යොමු කළ ලිපියේ සඳහන් වෙනවා.

තමා ස්ථාන මාරු කිරීමට ගත් තීරණය නීති විරෝධී බැවින්, සහ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට විනයගරුක නිලධාරීන් බැඳී නොමැති බැවින් මෙම ස්ථානමාරුව තමන් ක්‍රියාත්මක නොකරන බව අජිත් රෝහණ මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතාට යැවූ ලිපියේ දැක්වනවා.

මෙම ස්ථානමාරුවීම් පිළිබඳව මේ වනවිට සමාජය තුළ සාකච්ඡාවක් ඇතිව තිබෙන බවයි කියන්නේ.

IMG_20230426_0003Download
SendShareShare
Previous Post

මුහුණු පොතෙන් කුඩා දැරියන් පරිස්සම් කරගන්න! මෙන්න කුඩා දැරියකට වෙච්ච අපරාධය!

Next Post

පොලිස් මාරුව දුරදිග යයි! අජිත් රෝහණට එහෙම කියන්න බෑ! මාරුව දුන්නේ කොමිසමේ පූර්ණ ආවරණ අනුමැතියට යටත්ව! ප්‍රතික්ෂේප කරන්න බෑ! පොලිස් ඇමැති ටිරාන් කියයි! මාරුවීම් සටනින් පොලිස් ඇමැති දිනයිද? අජිත් රෝහණලා දිනයිද?

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුවත් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කොට ඇති...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.