• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැංකු ගිණුම්වල ක්‍රෙඩිට් කාඩ්වල ‌තොරතුරු ‌වෙන අයගේ අත්වලට යනවා? ලොකු සල්ලියකුත් කැපෙනවා! එකපාරක් රින්ග් වෙලා නවතින නාඳුනන දුරකථන අංකවලට ආයෙ ගත්තොත් වෙන දේ මෙන්න!

April 25, 2023
in Exclusive
Reading Time: 19 mins read
A A
කාලා විතරක් නෙමෙයි කතා කරලත් හමාරයි! දුරකතන ගාස්තු- 20%කින් නග්ගයි!
Share on WhatsAppShare on Facebook

නොයෙකුත් කරුණු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව දැනුවත් කරන සටහන් අපට නිරන්තරයෙන් දක්නට ලැබෙනවා. නමුත් මෙම කරුණු නිවැරදි තොරතුරුද යන්න බව  තහවුරු කර පළ නොකිරීමෙන් ජනතාව නොමග යන අවස්ථා ද අපට දැකගන්නට පුළුවන්. සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කරන ලෙසට ඉල්ලමින් පළ කළ සටහනක නිරවද්‍යතාවය සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුණේ එක් වරක් පමණක් නාදවෙන ඇමතුම් ලෙසට ජාත්‍යන්තර දුරකථන ඇමතුම් රටවල් කිහිපයකින් ලැබෙමින් පවතින බවයි.

“හදිසි දැන්වීමකි  …

කරුණාකර මෙම පණිවිඩය ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට දැන් යවන්න.

පහත දුරකථන අංක වලින් ඇමතුම් ලැබෙමින් පවතී 

       දුරකථන: +375602605281

       දුරකථන: +37127913091

       දුරකථන: +37178565072

       දුරකථන: +56322553736

       දුරකථන: +37052529259

       දුරකථන: +255901130460

හෝ +371 ,+375 ,+381 සිට ආරම්භ වන ඕනෑම අංකයකින් ඔබට ඇමතුම් ලැබිය හැක

මේ කට්ටිය එක් වරක් පමණක් නාද කර  සිටී,

ඔබ නැවත අමතන්නේ නම්, ඔවුන්ට ඔබේ contact list තත්පර 3 ඇතුලත පිටපත් කළ හැකි අතර ඔබේ දුරකථනයේ බැංකුවක් හෝ ක්‍රෙඩිට් කාඩ් විස්තර තිබේ නම් ඔවුන්ට එයද පිටපත් කළ හැකිය …

   +375 කේතය බෙලාරුස් සඳහා වේ.

   +371 කේතය ලැටිවා සඳහා වේ.

   +381 සර්බියාව.

   +563 වල්පරයිසෝ.

   +370 විල්නියස්.

   +255 ටැන්සානියාව.

පිළිතුරු නොදෙන්න හෝ නැවත අමතන්න එපා.

එසේම, ඔබ 

# 90 හෝ # 09

අමතන්න එපා  

ඇමතුම්කරුවෙකුගෙන් විමසූ විට ඔබේ ජංගම දුරකථනයෙන්  ඔබගේ සිම් කාඩ් පතට ප්‍රවේශ වීම, ඔබේ වියදමින් ඇමතුම් ලබා ගැනීම සහ අපරාධකරුවෙකු ලෙස ඔබව රාමු කිරීම සඳහා භාවිතා කරන නව උපක්‍රමයකි.

ඕනෑම මැදිහත්වීමක් නැවැත්වීමට ඔබට හැකි තරම් මිතුරන් වෙත මෙම පණිවිඩය හදිසි ලෙස යොමු කරන්න !!!”

එම සටහන පහතින්.

D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\233 Scam Calls\-20-Breaking-News-Monaragala-–-Posts-Facebook.png

Facebook | Archived

මෙම කරුණු WhatsApp ඔස්සේ ද බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබු අයුරු අපට දැක ගන්නට ලැබුනේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

මේ පිළිබඳව අප සිදුකළ මුලික විමර්ෂණයේ දී අනාවරණය වූයේ මෙය ‘One-Ring Scam’ හෙවත් එක් වරක් පමණක් නාදවෙන වංචා සහගත ඇමතුම් ගණයට ඇතුළත් වන්නක් බවයි. එක් වරක් පමණක් නාද වී විසන්ධි වන (Missed Call) ලෙසට තත්ත්පරයක් දෙකකටත් අඩු කාලයකින් නාද වී ඇමතුම ලබා ගැනීමට පෙර විසන්ධි වන නාඳුනන, විදෙස් දුරකථන අංකයකින් හෝ කේතයකින් පැමිණෙන ඇමතුම් මාර්ගයෙන් සිදුවන වංචනික ක්‍රියාවක් පිළිබඳ මෙයින් විස්තර කෙරෙනවා.

ලොව ජංගම දුරකථන භාවිතා කරන්නන් මිලියන ගණනක් ඉලක්ක කරගනිමින් අහඹු ලෙස ලබා ගන්නා ඇමතුම් මගින් මෙම වංචාව සිදු කරනු ලබයි.

මෙම අංක වෙතට නැවත ඇමතුමක් ලබා ගැනීමට තැත් කිරීමේදී ඔබ නොදැනුවත්වම ඔබේ දුරකතනයේ පවතින මුදල් වංචා සහගත ලෙස කපා ගන්නා ඇමතුම් මෙසේ One-Ring’ Scam යනුවෙන් සඳහන් කරයි.

බොහෝ විට මෙම වංචනික කණ්ඩායම් මගින් ආපසු පැමිණෙන ඇමතුම සම්බන්ධ කරගෙන පිළිතුරු ලබා නොදී සිටින අතර ඇතැම් ඇමතුම් වල පටිගත කළ පණිවිඩයක් ඇසීමට සලස්වා ඇමතුම් කාල වේලාව වැඩි කිරීම ඔවුන්ගේ ප්‍රයත්නයයි. 

පෙර ගෙවුම් සේවාවක් ලබා ඇත්නම් දුරකතනයේ පවතින මුදල් කැපී ඇමතුම විසන්ධි වීමක් ද බොහෝ දුරට සිදුවිය හැක. පසු ගෙවුම් සේවාවක් ලබා ගෙන ඇත්නම් ඔබ නොදැනුවත්ව බිල්පතට ඇමතුම් ගාස්තුව වශයෙන් විශාල මුදලක් එකතුවේ. 

බොහෝ විට මෙම වංචනකයින් දුදරකථන ඇමතුම් අන්තර් ජාතික ප්‍රිමියම් (වැඩිපුර ගාස්තු අයවන) සේවාවන් හරහා ක්‍රියාත්මක කර ඇති අතර එමගින් විශාල මුදලක් කපා ගැනෙන බවටත් එය සාමාන්‍යයෙන් ජාත්‍යන්තර දුරකතන ඇමතුමක් ලබාගැනීමේදී වැයවන මුදලට ද වඩා වැඩි මුදලක් බවටත් අමෙරිකාවේ ෆෙඩරල් සන්නිවේදන කොමිසම (Federal Communications Commission (FCC) සඳහන් කළ වාර්තාව මෙතනින්.

නමුත් ඉහත සමාජ මාධ්‍ය සටහන් තුළ දැක්වෙන පරිදි යම්කිසි විදෙස් දුරකතන අංක වෙතට නැවත ඇමතුම් ලබා ගැනීමේදී ඔබේ දුරකතන නාමාවලිය(Contact list)හෝ ඔබගේ බැංකු ගිණුමේ, ණයවර පතේ විස්තර ඇත්නම් ඒවාද තත්පර 3 ඇතුලත පිටපත් කර ගන්නා බවට ද සඳහන් වන කරුණු අසත්‍ය වෙයි. 

එසේ කළ හැකි වන්නේ වෙනත් පාර්ශවයක් විසින් කෙසේ හෝ දුරකථනයට අවනසර පිවිසුමකින් ඇතුළත් වුවහොත් (via a malicious app or other code) හෝ ඔබ විසින් එම කටයුතු සඳහා යම්කිසි හෝ අවසරයක් ඔබගේ පැත්තෙන් ලබා දුනහොත් පමණි. මේ කරුණු ද ඇතුළත් ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමර්ශනයක් මෙතනින්.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ  (CERT) තොරතුරු ආරක්ෂණ නිලධාරී රොෂාන් චන්ද්‍රගුප්තා මහතා පවසන්නේ,  බොහෝ වාර්තා වලට අනුව මෙම ඇමතුම් බොහෝ දුරට බුරුන්ඩි, මලාවි, පකිස්තානය, බෙලරූස් සහ බටහිර ඉන්දීය දූපත්වලිනුත් වැනි රටවලින් පැමිණ ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව්හි විවිධ දූපත් වැනි බොහෝ රටවලින් ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට ලැබී ඇති බවයි.  මෙම වංචාවලදී භාවිතා කර ඇති සමහර කේත 268, 809, 876, 284 සහ 473 බව වාර්තා පවසයි. අමෙරිකා එක්සත් ජනපදයේ සහ කැරිබියානු දූපත් රාජ්‍යයවලට අයත් කේතයනුත් පැවැති බවට පැමිණිලි ලැබී ඇති බවද පවසනවා.

මීට වසර කිහිපයකට පෙර එතුමා පුවත්පත් සාකච්ඡාවක දී දැක්වූ අදහස් මෙතනින් සහ මෙතනින්.

වංචානික ලෙස ලබා ගන්නා මෙම  දුරකතන අංක අවහිර කර තැබීමට  ජංගම දුරකතන සේවා සපයන මෙරට පෞද්ගලික සමාගම් විසින් ද  පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් පළවූ තවත් වාර්තාවක් මෙතනින්.

මෙවැනි නොහඳුනන දුරකතන අංක වලට නැවත ඇමතුම් ලබා ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියලු දුරකථන පාරිභෝගිකයන් වෙත දැනුම් දෙනු ලබයි. එම දැනුම්දීම මෙතනින්.

වෙනත් ආකාරයේ දුරකථන ඇමතුම් හරහා සිදුකරන වංචනික ඇමතුම් පිළිබඳ වීඩියෝවක් මෙතනින්.

Conclusion (අවසාන නිගමනය)

ඒ අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉහත සඳහන් වන පරිදි එක් වරක් නාද වී විසන්ධි වන One Ring Scam මඟින් නැවත එම අංකයට ඇමතුම් ලබාගැනීමට පෙළඹවීම මඟින් අන්තර් ජාතික ප්‍රිමියම් (වැඩිපුර ගාස්තු අයවන) සේවාවන් සඳහා සම්බන්ධ කර වීමෙන් ඔබ නොදැනුවත්ව දුරකථන බිල්පතට ඇමතුම් ගාස්තුව වශයෙන් විශාල මුදලක් එකතුවේ.

එසේනමුත් මෙසේ නැවත ලබාගන්නා ඇමතුම් හරහා ඔබේ දුරකථන නාමාවලිය හෝ ඔබගේ බැංකු ගිණුමේ, ණයවර පතේ විස්තර ඇත්නම් ඒවාද පිටපත් කර ගන්නා බවට සඳහන් යන කරුණු අසත්‍යක්.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියලු දුරකථන පාරිභෝගිකයන් වෙත දැනුම් දෙනු ලබන්නේ මෙවැනි නාඳුනන දුරකථන අංක වලට නැවත ඇමතුම් ලබා ගැනීමෙන් වළකින ලෙසයි.

SendShareShare
Previous Post

ඉන්දියාවයි ලංකාවයි අතර ගනුදෙනුවලට අලුත් මුදල් ඒකකයක්!

Next Post

ITN ලිංගික අල්ලස් සිද්ධිය පත්තු වෙයි! වහා පරීක්ෂණයක් ඇරඹෙයි! තායිලන්තයේ සිට සභාපතිවරයා නියෝග නිකුත් කරයි!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.