අන්තරේ මැදිහත්වීමෙන් ඊයේ දින ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කොට විශේෂ ප්‍රකාශයකට අස්සන් තැබීමට පියවර ගෙන තිබිණ.
ඊට සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයෝ, සිවිල් ක්‍රියාකරිකයන් සහභාගී වී සිටියහ.
මෙහිදී දැකගත හැකි වූ විශේෂම සිදුවීම වූයේ කොළඹදී මෙම රැස්වීම ආරම්භ කරද්දීම විදුලිය විසන්ධි වී යාමය.
එහිදී අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ආණ්ඩුවේ ත්‍රස්ත විරෝධී පනත පමණක් නොව ආණ්ඩුවේ ක්‍රියාකලාපයද දැඩිව විවේචනයට ලක් කිරීමට පියවර ගත්තේය.










