ඊයේ සවස 4.30 ට පමණ ගල්ගමුව නගරයේ පහල ගල්ගමුව ප්‍රදේශයට වර්ෂාවත් සමඟ පැමිනි සුළි සුළගක් නිසා ප්‍රදේශයේ ගොඩනැගිලි හා පොදු දේපල රැසක් විනාශයට පත්ව තිබෙනවා.
විදුලි කෙටීමත් සමග අකුණු තත්වයක් ඇති වි ඇති අතර විශාල ප්‍රමාණයේ මාර ගසක් අකුණු සැර වැදීමෙන් විනාශව ගොස් තිබේ.
එමෙන්ම ගස් පෙරලීම නිසා මාර්ගවලට සහ බෝක්කුවලට දැඩි හානි සිදු වී තිබෙනවා.
ගල්ගමුව ප්‍රාදේශිය ලේකම්තුමන්ගෙන් කල විමසීමක දී ඔහු පැවසුවේ හානියට පත් පොදු දේපළ ඉතා ඉක්මනින් යථා තත්වයට අපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් මහජනතාවගේ විනාශ වී ඇති දේපල පිළිබදව තොරතුරු රැස් කර කඩිනමින් වන්දි ලබා දීමට කටයුතු කරන බවයි.










