ඉදිරි පැය 36ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර, ඌව, උතුරු මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.
බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
dasathalankanews










