අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රදවා සිටින වාට්ටුවටම ඇතුළත් කර ඇති බව පැවසේ.
ඒ අනුව චන්ද්‍රසේන මහතාද ‘පී’ වාට්ටුවේ සිටින බව දැනගන්නට ඇත.
ඒ මහතාගේ බිරිය වන ප්‍රියංකා නියෝමාලි යන අය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රදවා ඇති බවද වාර්තා වේ.










