• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෝගම්බරට ගියේ නැති අයයි, බෝගම්බර හිටපු අයයි, කවුරුත් හරියට නොදන්න බෝගම්බර කතාව…

April 22, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
බෝගම්බරට ගියේ නැති අයයි, බෝගම්බර හිටපු අයයි, කවුරුත් හරියට නොදන්න බෝගම්බර කතාව…
Share on WhatsAppShare on Facebook

පැරැණි බෝගම්බර බන්ධනාගාරය ඉතා ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක් වන අතර එහි ප්‍රධාන ගොඩනැගිල්ල 1876 වර්ෂයේදී බි්‍රතාන්‍ය ජාතිකයන් විසින් ඉදිකර බෝගම්බර බන්ධනාගාරය පිහිටුවන ලදී. බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුළද බෝගම්බර බන්ධනාගාරයට සුවිශේෂ වැදගත්කමක් හිමිවේ. වර්ෂ 1815න් වසර 61කට පසුව එනම් වර්ෂ 1867දී එංගලන්ත එඩිම්බරෝ වික්ටෝරියා මහ රැජිනගේ ඔටුන්න ආකෘතියට මේ බෝගම්බර දඟගෙය ගොඩනංවා ඇත. හිස්‌ පලඳනාව හෙවත් ඔටුන්නෙහි හැඩය විදහා පාමින් දිගින් අඩි 556ක්‌ද, පළලින් අඩි 144ක්‌ද, උසින් අඩි 102ක්ද‌ වන එකම අත්තිවාරමේ තැනූ මේ මහා ප්‍රාසාදය ආසියාවේ දිගම අත්තිවාරම ලෙස නම්දරා තිබේ. මෙවන් අපූරු ගෘහ නිර්මාණ ශිල්පයක්‌ ඇසුරෙහි වූ මේ ගොඩනැඟිල්ලේ ඇත්තේ දොරටු දෙකකි.

එම දොරටු දෙක ගොඩනැඟිල්ලේ වම්පස හා දකුණුපස ඉදිකොට ඇති හෙයින් එක්‌කෝ වම්පසින් ඇතුළු වී දකුණු පසින් පිටවිය හැකියි. නැතිනම් වම් පසින් ඇතුළුව දකුණු පසින් පිටව යා හැකිය. එනමුදු මෙම ගොඩනැගිල්ල හා කොටු පවුර ඉදිකර ඇත්තේ මෙරට එවක බන්ධනාගාර පරිපාලක ජෙනරල් හා පොලිස් කොමසාරිස්වරයා වූ N.R. Sondrass මහතාගේ අධීක්ෂණය යටතේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව සහ එවක සිරකරුවන් 92කගේ ආධාරයෙනි. මුළු භූමිය හෙක්ටයාර 5,596කි. සිරමැදිරි 04කින්, සිරකුටි 43කින් සිරකරුවන් 408ක් දැමිය හැකි සිර මැදිරි 328කින් සමන්විත ගොඩනැඟිල්ලකි. ප්‍රථම ජේලරවරයා වන්නේ Wolintan මහතාය.

මෙම බෝගම්බර බන්ධනාගාරය මහල් තුනකින් සමන්විත වන අතර මෙය ලෝක උරුමයක් ලෙසද නම්කර ඇත. ලංකාව තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ බන්ධනාගාර දෙකෙන් එකක් ලෙසද බෝගම්බර සිරගෙය ප්‍රසිද්ධිය උසුලයි.

බෝගම්බර බන්ධනාගාරය, ශ්‍රී ලංකාවේ පිහිටි දෙවැනි විශාලතම සිරගෙය වේ. මෙහි සිටි රැඳවූවන් සඳහා තම ආගම ඇදහීමට අවැසි සියලු සිද්ධස්ථානද මෙම බන්ධනාගාරය තුළ ස්ථාපිත කර තිබී ඇත. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් බෝගම්බර හිරගෙය නිර්මාණය කරනු ලැබුවේ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළ දේශප්‍රේමී ප්‍රභූන් හා රදළයන් රඳවා තබනු පිණිස වන නමුත්, පසු කාලයේදී දරුණු ගණයේ අපරාධකරුවන්, මිනීමරුවන්, මංපහරන්නන් රඳවා තබන ස්ථානයක් බවට බෝගම්බර සිපිරි ගෙය පරිවර්තනය වී තිබේ. මෙම අති දැවැන්ත බන්ධනාගාර ගොඩනැඟිල්ල අභ්‍යන්තරය ගුප්ත අඳුරින් වැසී ඇත. ලී තරප්පු පෙළෙහි ඇත්තේ බොල් හඬකි. එම බිහිසුණු පරිසරය තුළ රැඳවූවකුගේ සියොළඟම සලිත කරවීම අරමුණු කොට ගෘහ නිර්මාණ ශිල්පය පවා යොදාගත් බව පැහැදිලිය.

මෙම බන්ධනාගාරය ස්ථාපිත කර ඇත්තේ ඉපැරණි බෝගම්බර වැව ගොඩකළ ස්ථානයේ බව ඉතිහාසයේ සඳහන් වේ. එකල මහනුවර බෝගම්බර වැව පිහිටා තිබී ඇත්තේ මෙම භූමියේ බව පැවසෙන අතර, බෝගම්බර බන්ධනාගාරය ඉදිකර ඇති ස්ථානයේ පිහිටි බෝගම්බර වැවේ එදා ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වා මරාදැමීමෙන් අනතුරුව එම මළ සිරුර ගොඩගත් ස්ථානය අදත් මෙම බෝගම්බර බන්ධනාගාරය තුළ දැකගත හැකි ලෙසින් තැනවූ කුඩා ස්මාරකයක් ද ඇත.

උඩරට ඇතිවූ වියවුල් හේතුවෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තමා ළඟින් සිටි ඇහැලේපොළ නිලමේ සමග උරණ වී සබරගමුවට යවා ඔහුගේ දරු පවුල ඝාතනය කිරීමත් සමග ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු තවත් කීපදෙනකු බෝගම්බර වැවේ රාජ නියෝග මත ගල්බැඳ ගිල්වා මරාදමා ලක්මවට කළු පැල්ලමක් එක්කරන ලද්දේ මහනුවර බෝගම්බර වැව අසලදී බව කවුරුත් දන්නා ප්‍රකට කරුණකි. ඇහැලේපොළ මොණරවිල කුමාරිහාමිගේ දේහය පාවී තිබී, ගොඩගැසූ ස්ථානයේ වත්මන් බන්ධනාගාර බෝධීන් වහන්සේ පිහිටුවා ඇත. සිරිවිකුම් රජුගේ අවසාන සමයේ රජු සහ දේවේන්ද්‍ර මූලාචාරියා ලවා ඉදිකරන ලද, එදවස ටිගොල් කුඹුර හා අලකොල ගොල්ලකුඹුර ගොඩකර සාදන ලද කිරිමුහුද නොහොත් වත්මන් නුවර වැව හා බෝගම්බර වැව යනු වැව් දෙකකි.

එකල කන්ද උඩරට රජු විසින් රජයට විරැද්ධව කෝලාහල කළ උදවිය ඝාතනය කරන ලද්දේ වර්තමාන මධ්‍යම වෙළෙඳපොළට ඉදිරියෙන් ඇති Hangmans Hills නම් ස්ථානයේය. එදවස එහි පුද්ගලයන් එල්ලා මරන ලදී. නමුත් උඩරට සිංහල රාජ්‍ය අහෝසිවීමත් සමග ලංකාවේ දණ්ඩ නීතිය ඉංගිරිසි ආරට සැකසුණි.

1876 වසරේ මහනුවර බෝගම්බර බන්ධනාගාරය ඉදිවූ පසු එහි මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර ඇත. ලංකාවේ පළමුවරට, එකවර තිදෙනකු එල්ලා මරාදැමිය හැකි ආකාරයේ එල්ලුම්ගසක් නිර්මාණය කර ඇත්තේ ද බෝගම්බර බන්ධනාගාරයේ පමණි. බන්ධනාගාර ගොඩනැගිල්ලේ පහත මාලයේ එල්ලුම්ගස පිහිටා තිබේ. බන්ධනාගාරයේ ‘ඩී’ වාට්ටුව වෙන්වී තිබෙන්නේ මරණීය දණ්ඩනය නියම වූ රැඳවූවන්ට හා මරණීය දණ්ඩනය ඇපිල් කළ රැඳවූවන්ටය. බන්ධනාගාරයේ බිම් මහල, ජීවිතාපේක්ෂාවන් දුරස් කළ මරණීය දණ්ඩනයට නියම වූ හා මරණීය දණ්ඩනයට අභියාචනා ඉදිරිපත් කළ රැඳවූවන් වෙනුවෙනි.

මරණ දඬුවමට ආසන්න දිනයන්හිදී දඬුවම නියම වූ තැනැත්තා දිනෙන් දින කාමර හතක්‌ හරහා විත් පෝරකය අසල මැදිරියට එයි. එහිදී තමන් කැමැති ඕනෑම ආහාරයක්‌ අනුභව කිරීමටත් නිවැසියන් බැහැදැකීමටත් හැකි වුවද දඬුවම් ලැබූ කිසිවෙක්‌ එහිදී ආහාර ගත් බවක්‌ හෝ නිවැසියන් සමග දොඩමලු වූ බවක්‌ සඳහන්ව නැත. මහමෙරක් උසට ජීවිතාපේක්ෂාවන් පොදි බැඳ ජීවිතයේ එක්තරා නිමේෂයකදී ඒ සියල්ලටම සමුදීමට සිදුව මරණය එනතුරු බලා සිටින මිනිසුන් අඩි 10×10 කුඩා අඳුරු කුටියක සිරකළ කල්හි ඔවුන්ට දැනුණු හැඟීම හා ජීවිතයේ බරැතිම වේදනාවෙන් මඬිනු ලැබූ ඔවුන්ට ලොවට කීමට යමක් තිබේද?

එල්ලා මරනු ලබන සිරකරුවකුගේ ගෙලට තොණ්ඩුව වැටෙන්නේ එම සිරකරු දළදා මාලිගයට මුහුණලා සිටගත් විටය. එල්ලුම්ගස ආසන්නයේම බිත්තියෙහි ඇඳි බුදු රුවකි. බුදුරජාණන් වහන්සේගේ දියත පතළ මහා කරුණාවත්, බිඳකුදු අඩු නොවන සේ පින්සලෙන් මැවූ අපූරු සිත්තරා ද රැඳවූවෙකි. ඔහු මරණීය දණ්ඩනයට නියමව එයට අභියාචනාවක් ඉදිරිපත් කළ අයෙකි. සමාධි බුදුගුණයෙන් සිත් නිවී පහන් වන ලෙසින් බිතු සිතුවමක් බවට පත් කිරීමට සමත් සිත්තරාගේ සන්සුන් මනස හා සසඳන විට බෝගම්බර ඒමට තරම් වරදක් කිරීමට ඔහු පෙලඹීම පුදුමසහගතය. කුලියාපිටියේ සිට මරණ දණ්ඩනයට ලක්ව බෝගම්බර කල්දේරම් බතෙහි රස බැලීමට පැමිණි එම සිත්තරාගේ අංකය ම.ද.නි.ඇ. 7233ය. බුදු සිතුවම ඇඳි දිනය ලෙස සටහන්ව තිබෙන්නේ 2008-7ලෙසිනි.

1876 වසරේ සිට 1975 වර්ෂය දක්වා මෙම එල්ලුම්ගසේ වැරැදිකරුවන් 524 දෙනකු එල්ලා මරාදමා ඇති අතර අවසාන වරට එල්ලා මරා ඇත්තේ එකල මහත් ආන්දෝලනයක් ඇති කළ තිස්මඩ ගම තුළ සිදුවූ මිනීමැරුමේ වරදකරුවන් දෙදෙනා වූ ඩබ්ලිව්.ඩී. රිචඩ් හා ටී.එම්. ජයවර්ධන යන වරදකරුවන්ය. මෙහිදී ප්‍රසිද්ධ මංපහරන්නන් වූ උතුවන්කන්දේ දීකිරිකෑවගේ සරදියල් හා මංමලේ මරික්කාර් යන අයද එල්ලා මරා ඇත. එසේම සිරිපාල නොහොත් මරුසිරා මරණ දණ්ඩනයට ලක්වූයේද මෙහිදීය. නමුත් 1976න් පසුව කිසිවකු එල්ලා මරා නැත.

මෙහි සිරගත වූ ප්‍රසිද්ධ පුද්ගලයන් අතර ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, විලියම් සිල්වා වැනි අයද සිටිති.

වර්තමානය වන විට මහනුවර නගරය සංවර්ධනය හා ජනාකීර්ණ වීම මත එනම් 2014 වසරේ මාර්තු මස 18 සිට 29 දක්වා මහජන ප්‍රදර්ශනයෙන් අනතුරුව බන්ධනාගාරය පල්ලේකැලේ මහවැලි නදිය අසලට රැගෙන ගොස් ඇත. අද එය බෝගම්බර නොව දුම්බර බන්ධනාගාරයයි. එදා යුක්තිය පසිඳලූ බෝගම්බර දඟගෙය වර්තමානයේ පාළු ස්වභාවයක් ගනී. අතීතයේ දිනෙක එක සිරකරුවකු තම මැදිරියේ ලියා තිබුණේ ‘අපේ අම්මා මං ගැන දන්නවා… – සටහන නුගලියැද්දේ බුවනෙක බණ්ඩාර දුග්ගන්නාරාළ වම්හ. 2018.09.17….’ ලෙසිනි.

අතීත බෝගම්බර සිපිරිගෙය වර්තමානයේ සංස්කෘතික උද්‍යානයක් ලෙසට පරිවර්තනය කර ඇත.

අන්තර්ජාලය ඇසුරෙන්

SendShareShare
Previous Post

ගෙයක් ඇතුළේ 5ක් මරා දැමීම! බරපතළ තුවාල ලැබූ කාන්තාවගේ වයස අවුරුදු 100ක්! VIDEO

Next Post

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි නොගෙන අල්ලස් ගත්තාට අනුර කුමාර CIDයට යයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.