නව වසර වෙනුවෙන් ආශීර්වාද ලබාගැනීමත් ඊයේ දිනට යෙදී තිබූ ජලනි ප්‍රේමදාස මහත්මියගේ ජන්ම දිනයත් නිමිතිකර ගනිමින්, සෝමාවතිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික කටයුතු රැසකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්වුනා.
මෙම ආගමික වැඩසටහන්වලට සමගාමීව සංඝගත දක්ෂිණාවක් සංවිධානය කර තිබූ අතර, එම අවස්ථාවට ඓතිහාසික සෝමාවතී රාජමහා විහාරාධිපති, මල්වතු මහාවිහාර පාර්ශ්වයේ නියෝජ්‍ය සහ වැඩබලන ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගල නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩමකර සිටියා.
මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස මහත්මිය, මෙවර සෝමාවතිය රජමහා විහාරස්ථානයේ කඨින මහා පූජෝත්සවයේ ප්‍රමුඛ දායකත්වය ද ලබාගත්තා.



















