හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු ඇතුළු තවත් කිහිපදෙනකු සමග පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා සිදුකළ දුරකතන සංවාදවල හඩපට පාර්ලමේන්තුවට ලබාදීමට පියවර ගෙන ඇත.
රන්ජන් රාමනායක මහතා විසින් මෙම හඩපට පාර්ලිමේන්තුවට ලබා දී ඇති අතර මේ වනවිට ඒවා හැන්සාඩ් දෙපාර්තමේන්තුව සතුව පවතින බවද දැනගන්නට තිබේ.
ඉකුත් වතාවේ පාර්ලිමේන්තුව අමතමින් රාමනායක මහතා ප්රකාශ කර සිටියේ තමන් සතුව දැනට එළියට පැමිණ ඇති හඩපටවලට වඩා ආන්දෝලනාත්මක හඩපට පවතින බවත්, තමන් ඉදිරියේදී ඒවා පාර්ලිමේන්තුවට ලබා දීමට කටයුතු කරන බවත්ය.










