ශ්‍රී ලංකා රජයේ මූලික ආදායම් මාර්ග වන දේශීය ආදායම් (Inland Revenue),ශ්‍රී ලංකා රේගුව (Sri lanka Customs),ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව (Excise Department of Sri lanka) යන ආයතන 3හි ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමේදී ආයතනවල ප්‍රගතිය මෙන්ම ඉදිරි කටයුතු පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර පවතින ගැටලු සඳහා රත්නායක මහතා විසින් පිළියම් හා උපදෙස්ද ලබාදීමද සිදු කෙරිණ.












