අනුරාධපුර ප්‍රදේශයේ මේ දිනවල අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතී.
එම කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වී සිටින බව දැනගන්නට තිබේ.
මේ අතර හෙට දිනයේ කාලගුණ තත්ත්වය පිළිබදව කාලගුණ දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කොට ඇත.
එහි සදහන් වන්නේ මොනරාගල, නැගෙනහිර උතුරු මැද පළාත් සහ කිලිනොච්චිය, කුරුණෑගල, හම්බන්තොට, මුලතිව්, යාපනය ආදී ප්‍රදේශවලටද හෙට දිනයේදී අධික උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකි බවකි.










