සීදූව පොලිස් වසමේ රාජපක්ෂපුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ (14) රාත්‍රියේදී මෙම ඝාතනය සිදුකර ඇති බවය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 45 හැවිරිදි රාජපක්ෂපුර ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
මරණකරු සහ සැකකරු යන දෙදෙනා අතර පැවැති ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් පිස්තෝල අවියකින් වෙඩිතබා මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඝාතනයට සම්බන්ධ සැකකරු විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු වන අතර සැකකරුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.










