• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF ගිවිසුම 25 වැනිදා පාර්ලිමේන්තුවට ගේනවා! සාගල විදෙස් තානාපතිවරුන්ට පොරොන්දුවක් දෙයි!

April 12, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
සාගල ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන විදෙස් තානාපතිවරුන්-මහකොමසාරිස්වරුන් දැනුවත් කරයි! PHOTOS
Share on WhatsAppShare on Facebook


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (IMF/EFF) පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එය අප්‍රේල් 25 වැනිදා සිට විවාදයට ගන්නා බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

එහිදී දේශපාලන පක්ෂ තම රටට සහය දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට අවස්ථාව සැලසෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳ විදේශ තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු දැනුවත් කිරීමට පසුගියදා (10) විදේශ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති හමුව අමතමිනි.

ආර්ථික ප්‍රකෘතිය සහ තිරසාර වර්ධනය සඳහා වූ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ සාගල රත්නායක මහතා මෙම වැඩසටහන මූල්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණවලට පමණක් සීමා නොවන අතර ශ්‍රී ලංකාවේ ප්‍රකෘතිය සහ තිරසාර වර්ධනය සඳහා තීරණාත්මක වන ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය වැනි කරුණු ද ඊට ඇතුළත් බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා

“ආර්ථික ප්‍රකෘතිය සහ තිරසාර වර්ධනය සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අප මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන හුදු රාජ්‍ය මූල්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණවලට පමණක් සීමා වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මූල්‍ය ප්‍රතිසංස්කරණය, ශ්‍රී ලාංකිකයන් සඳහා ප්‍රකෘතිමත් සහ තිරසාර වර්ධනයක් සඳහා ප්‍රධාන වන ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය වැනි කරුණු ද මීට ඇතුළත් වෙනවා.

එමෙන්ම එය බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඇතුළත් ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ඉදිරියට ගෙන යාම මත පදනම් වෙනවා. ඒවායින් බොහොමයක් දැනටමත් ක්‍රියාවට නංවා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය වැඩසටහන සමාලෝචනය කරන විට මෙම සැප්තැම්බර් මාසය වන විට අපට සමාලෝචනය කිරීමට සිදුවන තවත් කරුණු තිබෙනවා. උදාහරණයක් ලෙස ජනවාරි මාසයේදී සුරාබදු 20% කින් ඉහළ දැමුවා. නමුත් නීත්‍යානුකූල මිලදී ගැනීම් අඩුවීම සහ නීති විරෝධී ක්‍රියාමාර්ග වැඩි වීම හේතුවෙන් අපේක්ෂිත ආදායම් ලබා ගැනීමට නොහැකි වුණා.

2025 වන විට ඉලක්කගත බදු සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය 14%ක් වන අතර එය අසීරු ඉලක්කයක් වුවත් සාක්ෂාත් කරගත හැකි එකක්.
ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ වියදම් සාධාරණීකරණය කිරීමේ ක්‍රියාමාර්ග මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මීට අමතරව, නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) නීතියක් පැනවීම, රාජ්‍ය ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ දූෂණ අවදානම් අවම කරමින් මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා බාහිර අතිරික්තයක් නැවත ගොඩනැංවීම ඇතුළත් මූලික රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කාර්යය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන යටතේ ශක්තිමත් කෙරෙනවා.

ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකුවේ වැඩසටහන් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කොටසක් වන අතර ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහනේ ඇතැම් ක්‍රියාමාර්ගවලට ශක්තියක් බව කිව යුතුයි.

ලෝක බැංකු වැඩසටහන යටතේ, රාජ්‍ය මූල්‍ය අධීක්ෂණ සහ ණය කළමනාකරණයේ ප්‍රගතියක් ඇති අතර, ඊට පියවර දෙකක් ඇතුළත් වෙනවා. ඉන් එක් පියවරක් වන්නේ පනතක් හරහා පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් පිහිටුවීමයි. 2023 මැයි මාසය වන විට අයවැය කාර්යාලය ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ සම්බන්ධව ජනතාවට ප්‍රතිචාර දැක්වීමට අනිවාර්ය කාල සීමාවක් ලබාදීමට නියමිතයි. ඉන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පසුව රාජ්‍ය මූල්‍ය කාරක සභාවට යොමු කිරීමට අපේක්ෂා කරනවා. එය පාර්ලිමේන්තුව විසින් අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් වන අතර එය අප්‍රේල් 17 කැබිනට් මණ්ඩලය හමුවට ගෙනවිත් අපේ‍්‍රල් 25 වනදා සිට විවාදයට ගැනීමට අපේක්ෂා කරනවා.
2024 තුන්වන කාර්තුවේදී, දැනට නීතියෙන් ආවරණය නොවන ක්ෂේත්‍ර ඇතුළු විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව රාජ්‍ය ණය කළමනාකරණ නීතියක් හඳුන්වා දීමට අපේක්ෂා කරනවා. ප්‍රතිව්‍යුහගත කර වාණිජකරණයට ලක් කෙරෙන රාජ්‍ය ව්‍යවසායන්වලට ස්වෛරී ඇපකර සැපයීම සහ ණය දීමේ මෙහෙයුම් වැනි ක්‍රියාවලි මෙයට ඇතුළත්. පාර්ලිමේන්තුව විසින් දැනටමත් අනුමත කරන ලද අනිවාර්ය ආදායම් බදු පනතක් සමඟින් බදු පරිපාලනය වැඩිදියුණු කිරීම සහ 2024 පළවන කාර්තුවේ බදු විගණන සහ අනුකූලතාවය ඉහළ නැංවීම කෙරෙහි අවධාරණය කිරීම ද එහි අරමුණක් බව සඳහන් කළයුතුයි.

මූල්‍ය අංශයේ ස්ථායීතාවය ආරක්ෂා කර ගැනීමටත්, පෞද්ගලික අංශයට ණය ගලා ඒම යථා තත්ත්වයට පත් කිරීමටත් කටයුතු කරමින් තිබෙනවා. හදිසි ද්‍රවශීලතා ආධාර දැනටමත් ලබා දී ඇති අතර මූල්‍ය අංශයේ අර්බුද කළමනාකරණ කමිටුවක් ද පිහිටුවා තිබෙනවා. බැංකු විශේෂ විධිවිධාන පනත කඩිනමින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ලෝක බැංකු වැඩසටහනේ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අප්‍රේල් මාසය අවසන් වන විට එය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුයි.

රාජ්‍ය ව්‍යවසායන්වල වාණිජ කාර්ය සාධනය, මූල්‍ය විනිවිදභාවය සහ පුද්ගලික අංශයේ සහභාගීත්වය වැඩිදියුණු කිරීම සඳහා, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කරනු ලබනවා.

වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවය අවම කිරීම සහ තරගකාරිත්වය වැඩි කිරීම සඳහා වසර තුනේ සිට පහ දක්වා කාලය තුළ පැරා තීරුබදු ඉවත් කිරීම අපේක්ෂාවයි. ආදායම් මධ්‍යස්ථභාවය සහතික කිරීම සඳහා වන්දි ගැලපීම් සිදු කරනු ලබන අතර, පැරා තීරු බදු වලින් සිදුවන පාඩු පියවා ගැනීම සඳහා මෙම ගැලපීම් වලින් ලැබෙන ආදායම සැලකිල්ලට ගන්නවා.
දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම අවධානය යොමු කළයුතු ප්‍රධාන ක්ෂේත්‍රයක්. සමාජ ආරක්ෂණ ආයතන ශක්තිමත් කිරීම, බෙදාහැරීමේ පද්ධති වැඩිදියුණු කිරීම සහ නිවැරදි ඉලක්ක සහතික කිරීම මෙයට ඇතුළත් වෙනවා. එය සාක්ෂාත් කර ගැනීම සඳහා, පළමු පියවර වන්නේ නිලධාරීන්ගේ ප්‍රතිවිරෝධය හේතුවෙන් අභියෝගාත්මක වූ ලේඛන යාවත්කාලීන කිරීම බව හඳුනාගෙන තිබෙනවා.
සුදුසුකම් සපුරණ ප්‍රතිලාභීන්ගේ විස්තර සහ ඡායාරූප එක්රැස් කර නිශ්චිත නිර්ණායක මත තෝරා ගැනීම සඳහා කමිටුවක් වෙත ඉදිරිපත් කෙරෙනවා. නව සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමයක් සඳහා වන රෙගුලාසි කැබිනට් මණ්ඩලය විසින් සම්මත කිරීමෙන් අනතුරුව, ප්‍රතිලාභීන් සඳහා ගෙවීම් ජුනි 01 වනදා සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා.
ලෝක බැංකු වැඩසටහන මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි වන අතර ආසියානු සංවර්ධන බැංකු වැඩසටහන විදුලිබල හා ජල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් මෙන්ම තිරසාර සංචාරක ව්‍යාපාරය සහ නාගරික සංවර්ධනය සඳහා සහාය ලබා දෙනවා.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සඳහා සංහිඳියා වැඩසටහන ඉතා වැදගත් වන අතර ත්‍රස්තවාදයට එරෙහි නීතියක් හඳුන්වාදීමට ද බලාපොරොත්තු වෙනවා. මහජනතාවගේ නිර්මාණාත්මක උපදෙස් අගය කරනවා. ණය තිරසාරභාවයට අනුකූලව සහ අතිරේක ජාත්‍යන්තර මූල්‍ය වැඩසටහන් නොමැතිව අනාගත ව්‍යාපෘති සඳහා රජය විසින් මෙහෙයවනු ලබන ප්‍රතිපත්ති යාන්ත්‍රණයක් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවනවා.
අපි නීතිය හා සාමය ශක්තිමත් කරනවා වගේම අසාධාරණ හා වෘත්තීය සමිති මුවාවෙන් සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවලට ඉඩ තබන්නේ නැහැ. රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජනතාවගේ සහයෝගය ඇතිව කටයුතු කිරීම අපේකෂාවයි.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය
දුෂ්කර කාල පරිච්ඡේදයකදී ශ්‍රී ලංකාවට සහාය වීම සම්බන්ධයෙන් සියලුම ශ්‍රී ලාංකික ණය හිමියන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ස්තූතිවන්ත වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන්නේ, ජනවාර්ගික සංහිඳියා ක්‍රියාවලියට ප්‍රමුඛත්වය දෙමින් ගැටලුවලට දීර්ඝකාලීන විසඳුම් ලබාදීම සඳහා ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සාක්ෂාත් කර ගැනීමයි.
සංහිඳියා අරමුණු වෙනුවෙන් පියවර 03ක් ඔස්සේ රජය ජාතික සංහිඳියාව පිළිබඳ කැබිනට් අනුකමිටුවක් පිහිටුවනු ලැබුවා. එහි පළමු පියවර වන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂවල සහය ලබාගෙන සියලු ශ්‍රී ලාංකිකයන්ට ලැබිය යුතු ගෞරවය ලබාදීම සඳහා පුළුල් එකඟතාවකට පැමිණීමයි.

දෙවන පියවර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට පෙර සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගැනීමයි.
වගවීමේ ක්‍රියාවලියක් ලෙස දේශීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම තුන්වන පියවර වනවා. සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, දකුණු අප්‍රිකාවේ අත්දැකීම් අධ්‍යනය කිරීමට සහ තාක්ෂණික සහාය ලබා ගැනීමට අපේක්ෂා කරනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය
රජය විශ්ව කාලාන්තර සමාලෝචන (UPR) ක්‍රියාවලියේ නියැලී සිටින අතර දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය ආයතන 25ත් 30ත් අතර ප්‍රමාණයක් ඒ සමඟ සම්බන්ධ වී සිටිනවා. එම ආයතනවලින් අදාළ තොරතුරු ලබාගෙන ඇති අතර එම අන්තර් ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස නිර්දේශ 294 ක් පමණ ලැබී තිබෙනවා.
එයින් කුමන නිර්දේශ ක්‍රියාත්මක කළ හැකිද සහ ප්‍රගතියක් ලබා ගත හැක්කේ කෙසේද යන්න සොයා බැලීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම දැනටමත් මෙම නිර්දේශ අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන සමඟ බෙදාගැනීමට කටයුතු කර ඇති බවත් කිව යුතුයි.
විශ්ව කාලාන්තර සමාලෝචනවලට අමතරව, මානව හිමිකම් කවුන්සිලයේ 52 වැනි සැසිවාරය සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ඇති ක්‍රියාවලීන් සඳහා ද ශ්‍රී ලංකාව සහභාගී වි තිබෙනවා.
කාන්තාවන්ට එරෙහි සියළු ආකාරයේ වෙනස් කොට සැලකීම තුරන් කිරීම පිළිබඳ කමිටුව (CEDAW) යටතේ 9 වන වාරික සමාලෝචනයට ද මෙම වසරේ සහභාගි වන අතර පොදුරාජ්‍ය මණ්ඩලීය සන්දර්භය තුළ එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ ශ්‍රී ලංකාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සඳහා සංසදයක් නිර්මාණය කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය සමඟ කටයුතු ආරම්භ කර තිබෙනවා.
සමස්තයක් වශයෙන් ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසන්ධානය සමඟින් ඉදිරියට යාමට නිර්දේශ මත ප්‍රගතියක් ඇති කිරීමට සහ ඵලදායී අන්තර් ක්‍රියාකාරකමක නිරත වීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සහභාගි වී සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-04-11

SendShareShare
Previous Post

රාජිතගෙ ඉතිහාසය කවුරුත් දන්නවානේ! අපි ඊයෙත් එයා ගැන සාකච්ඡා කළා! ඉක්මනින්ම තීන්දුවක් ගන්නවා! මාධ්‍යවේදියා රාජිත ගැන අහපු ප්‍රශ්නයට කිරිඇල්ල උත්තර දෙයි! VIDEO

Next Post

පුටින්ට අමාරුයි! දිව හිරිවැටිලා! ඇස් බොඳවෙලා! දකුණු කකුලෙයි අතෙයි සංවේදී බව අඩුවෙලා! තද ඔළුවේ කැක්කුමක්!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.