• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නන්දලාල් තනතුර බාර ගත්තෙ සිකුරාදා! අඟහරුවාදා ප්‍රකාශයට පත් කළා ලංකාව බංකොලොත් කියලා! ගියේ දවස් 4යි! එහෙම වුණේ කොහොමද? ආවේ මේක ප්ලෑන් කරලමද? මහබැංකු අධිපති ගැන අනුරට බරපතළ සැකයක්! VIDEO

April 10, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
නන්දලාල් තනතුර බාර ගත්තෙ සිකුරාදා! අඟහරුවාදා ප්‍රකාශයට පත් කළා ලංකාව බංකොලොත් කියලා! ගියේ දවස් 4යි! එහෙම වුණේ කොහොමද? ආවේ මේක ප්ලෑන් කරලමද? මහබැංකු අධිපති ගැන අනුරට බරපතළ සැකයක්! VIDEO
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට යෑමට සිදුවුණේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ නිසා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසන්නේ. මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ශ්‍රී ලංකාව ලබාගත් ණය සම්බන්ධ ගෙවීම් තවදුරටත් නොකරන බවට නිල වශයෙන් ඒක පාර්ශව ප්‍රකාශයක් කිරීම ඊට හේතුව බවයි ඔහු කියන්නේ.

“ආචාර්ය නන්දලාල් වීරසිංහ, ඔහු මහ බැංකු අධිපති ලෙස පත්කරන්නේ 2022 අවුරුද්දේ අප්‍රේල් මාසේ 08 වෙනිදා. එදා සිකුරාදා දවසක්. අප්‍රේල් නමය සෙනසුරාදා. රජයේ නිවාඩු දවසක්. අප්‍රේල් 10 ඉරිදා, එදත් නිවාඩු දවසක්. අප්‍රේල් 11 රජය විසින් විශේෂ නිවාඩු දවසක් බවට නිවේදනය කළා. හරියටම ගත්තොත් නිවාඩු දින තුනක්. ඊට පස්සේ වැඩ කරන දවස අප්‍රේල් 12 වෙනිදා. ආචාර්ය නන්දලාල් වීරසිංහ 2022 අප්‍රේල් 8වෙනිදා තමන්ට අදාළව මහ බැංකු අධිපති පත්වීම අරගෙන දවස් හතරකට පස්සේ අප්‍රේල් 12 මහ බැංකුවේ වැඩට ගියා.

තමන්ගේ පුටුවේ වාඩි වුණු පළමු මොහොතේම ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ලෙස පළමුවෙන්ම ගත්ත තීන්දුව තමයි ශ්‍රී ලංකා රජය විදේශීය රටවලින් ලබාගත් ණය ගෙවන්නේ නැති බවට ගත් තීරණය. ‘ශ්‍රී ලංකා රජය විදේශීය රටවලින් සහ මූල්‍ය ආයතනවලින් අරන් තියෙන ණය ගෙවන්නේ නැහැ’ නැහැ කියලා මේ රටේ මහ බැංකු අධිපතිවරයා නිවේදනය කළා.

කවර හෝ මහ බැංකු අධිපතිවරයෙකුට මහ බැංකුවට ගොඩ වූ පළමු දවසේම ණය නොගෙන්වන බවට තීන්දුවක් ගැනීමේ යම් අන්තර් සබඳතාවයක් තියෙන බව නොතේරෙන්නේ කාටද. ඒ විතරක් නෙමෙයි 2022 දී අයවැය ලේඛනයේ සඳහන් වෙනවා ඒ වර්ෂයට අදාළ ණය සහ පොලී වාරිකය ගෙවීමට නිශ්චිතව සඳහන් කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය අනුව රටේ මූල්‍ය බලය මුළුමනින්ම පැවරෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒකට කාටවත් අත තියන්න බැහැ. 2021 දෙසැම්බර් මාසයේ අයවැයෙන්, 2022 වසරේ ණය ගෙවීම සඳහා මුදල් වෙන්කර තිබුණා. එහි නිශ්චිතව සඳහන් කර තිබුණා ගෙවීමට තිබෙන ණය මුදලත්, එම ගෙවීමට තිබෙන ණය මුදල් සඳහා මුදල් සොයා ගන්නා ආකාරයත්. සල්ලි තිබුණද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. පුලුවන්ද බැරිද කියන එකත් වෙනම විවාදයක්.

හැබැයි කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට කිසිදු අවබෝධයකින්, දැනුවත් කිරීමකින්, තීන්දුවකින් තොරව මහ බැංකු අධිපතිවරයා තීන්දුවක් ගන්නවා අපි ණය ගෙවන්නේ නැහැ කියලා. සමහර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස පෙන්වා දුන්නා.

රටක් ණය ගෙවන්නේ නැතැයි කියන්නේ රට බුන්වත්භාවය ප්‍රකාශ කිරීමක්. රට බංකොලොත්. ඊට පස්සේ අපිට පෙන්වන එකම පාර ණය ගෙවන්නේ නැත්නම් අනිවාර්යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ එකඟතාවයකට යා යුතුමයි. වෙනත් කිසිදු විකල්ප මාවතක් නැහැ.

අපිට මුදල් සපයා ගැනීම වෙනුවෙන් ද්විපාර්ශ්වික එකඟතාවයන් වෙත යා හැකිව තිබුණා. 2022 අගෝස්තු මාසය වන විට 2022 වසර සඳහා පමණක් ඉන්දියාවෙන් ඩොලර් බිලියන 3.8ක ණය පහසුකම් අරගෙන තිබුණා. තවදුරටත් ඉන්දීය සමඟ සාකච්ඡා දීර්ඝ කර ණය පහසුකම් ලබාගැනීමට අවස්ථාව තිබුණා. අපි හදාගන්නා සංවර්ධන මාවත්වලට අනුරූප වන පරිදි ඉන්දියාවත් සමග ණය එකඟතාවයකට යා හැකිව තිබුණා. චීනයෙනුත් එහෙමයි. පසුගිය මාර්තු මස ඩොලර් බිලියන 1.5ක් වටිනා යුවාන් ණය මුදලක් ලබාදී තිබෙනවා. අදත් එය මහ බැංකුවේ සංචිතවලට ඒක ඇතුළත් වෙලා තිබෙනවා. හැබැයි අපි ණය නොගෙවන්නේ නම්, ද්විපාර්ශ්වීය ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව ඇහිරී යනවා.

ඒ වෙනකොටත් මේ අර්බුදයෙන් ගොඩඒම සඳහා ජපානයත් සමඟ යම් මුදල් ගනුදෙනුවක් පිළිබඳව සාකච්ඡා කරමින් තිබුණා. හැබැයි අපි ණය ගෙවන්නේ නැත්නම් ණය ගෙවන්නේ නැති රටකට කිසිවෙක් ණය දෙන්නේ නැහැ. ආසියානු සංවර්ධන බැංකුවෙන් අපට ණය ලබාගැනීමේ හැකියාව තිබුණා. ඒ සියල්ල අප්‍රේල් මාසයේ 12වනදායින් පසුව ගිලිහී ගියා.

මහ බැංකු අධිපතිවරයා අප්‍රේල් මස 12වනදා ගත් තීරණයත් සමඟ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක වියහැකි පරිදිම ගැටගැසුවා. මෙය ඉතාමත් දැනුවත්භාවයකින් කරන ලද කාර්යයක්. ඔහු එම පුටුවේ වාඩිවෙන ලද්දේ එම කාර්යය සඳහාමයි යන මතය සමාජය තුළ මතුවී තිබෙනවා.

අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් පළමු ණය පහසුකම ලබා ගන්නේ 1966 වසරේ දී. 66 සිට 2016 දක්වා අපි දහසය වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබාගෙන තිබෙනවා. මේ අවස්ථාව සමඟ අවස්ථා හතරක් අපි ණය ලබාගෙන තිබෙන්නේ විස්තීරණ පහසුකමක්. එයින් අදහස් කරන්නේ එයාලා දෙන ලද න්‍යාය පත්‍රයකට අනුව, එසේ නැත්නම් එයාලා සමඟ ඇතිකරගන්නා එකඟතාවයකට අනුව අපේ රටේ ආර්ථිකය මෙහෙයවීම.

පත්වීම බාරඅරගෙන දවස් හතරකට පස්සේ තමන්ගේ පුටුවේ පළමු වරට ඉඳ ගත්ත ආචාර්ය නන්දලාල් වීරසිංහ අපි ණය නොගෙවන රටක් බවට කළ ප්‍රකාශය හරහා සිදු කරන්නේ අපේ රටේ ආර්ථිකය මෙහෙයවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පැවරීම” යි අනුර දිසානායක මන්ත්‍රීවරයා පවසනවා.

SendShareShare
Previous Post

දැන් අහනවා කව්ද අපේ ජනාධිපති අපේක්ෂකයා කියලා! පළාත් පාලන ඡන්දේ තියන්න සල්ලි නැත්නම් ජනාධිපතිවරණය තියන්න සල්ලි කොහෙන්ද? නාමල් කියන විදිහට දිගටම රනිල් තමයි ජනාධිපති! VIDEO

Next Post

දරුවො දෙන්නෙක්ට ජීවිත අහිමි කරපු බදුල්ලෙ අරුම පුදුම පෙරඩ් එක…

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.