• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවො දෙන්නෙක්ට ජීවිත අහිමි කරපු බදුල්ලෙ අරුම පුදුම පෙරඩ් එක…

April 10, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
දරුවො දෙන්නෙක්ට ජීවිත අහිමි කරපු බදුල්ලෙ අරුම පුදුම පෙරඩ් එක…
Share on WhatsAppShare on Facebook

මේ වෙද්දී බදුල්ලේ සිද්ධිය මුළු රටම දන්නවා. ඒ තමයි බදුල්ලේ පාසල් දෙකක් අතර තිබුණු බිග් මැච් එකක් අතරතුර වාහන පෙළපාළියක ගමන් කළ රථයක් පෙරළී ගොස් එහි සිටි සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වීම. ඊට අමතරව තවත් සිසුන් කිහිප දෙනෙක් තුවාල ලබනවා. වාසනාවකට ඔවුන් කිසිවකුට මාරාන්තික තුවාල සිදුවෙන්නේ නෑ. සිද්ධිය අවස්ථාවේ අප දැනගත්තේ ඔවුන් අතරිනුත් කිහිප දෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව. නමුත් ඔවුන් පසුව සාමාන්‍ය තත්ත්වයට පත්වූ බවත් දැනගන්නට ලැබුණා.

මේ කතාව මේ වෙද්දී සිදුවෙලා අවසානයි. අපි කෙළින්ම මේ බදුල්ලේ ඉස්කෝලවලට ඇඟිල්ල දිගුකරමින් ඉන්නවා. මේ සිද්ධියට අදාළ බදුල්ලේ පාසල් මොනවාද කියලා මම නම් නොලියා හිටියාට, මම දන්නවා ඔබ එහි නම් දන්නා බව. මම එහි නම් නොලියන්නේ එය නමක් ලෙස ගත් විට පාසලකට පොදුවේ චෝදනා කරන්නට තරම් වරදක් නොවන නිසා. මොකද මේ එකම පාසල නොවෙයි මේ විදියට පාරේ ජෝගි නටන. ඒ වගේම මේ පාසල 100%ක් මීට වගකිව යුතුයි කියලා කියන්න අපට බෑ. ඒ වගේම පාසලේ සමස්තය මීට මැදිහත් වෙලා හෝ මීට අනුබල දීලත් නෑ. හැබැයි මේ පාසලේ විදුහල්පතිවරයා අපූරු කතාවක් කියනවා ලියුම්කරු පහුගිය දිනෙක දැක්කා. ඔහු කියනවා ඔහුවත්, ඔහුගේ පාසලේ වෙනත් කිසිවකුවත් මේ සිද්ධියට අනුබල නොදුන්නාය වැනි ආකාරයේ කතාවක්. ඒ වගේම ආදිශිෂ්‍ය සංගමය සහ පාසල් සංවර්ධන සමිතිය ඇතුළු බොහෝ ආයතන මින් නිදහස් කරන විදුහල්පතිතුමා පොලිසියටත් කරකියා ගන්න දෙයක් නෑ වගේ අදහසක් තමයි කියන්නේ. ඉන් පස්සේ අපි දැක්කා පාසල් සංවර්ධන සමිතියේ එක්තරා නිලධාරියකුත් මෙවැනිම කතාවක් කියනවා. ඔහු කියන විදියට මේ පෙළපාළිය යන බවක්වත්, මේ පෙළපාළිය ගිය බවක්වත්, සමහර විට සමහරු දැනගෙන ඉඳලත් නෑ. පොලිසිය දැනුම් දුන්නා ලු මෙවැනි දෙයක් කරන්න එපා කියලා. නමුත් පොලිසිය කියන දේ නොඅසා ඔවුන් එය සිදුකළාලු.

ඇත්තටම ප්‍රදේශයක පොලිසියේ දැනුවත් කිරීම නොතකා යම් කණ්ඩායමක් වැඩ කරනවා නම්, විනය විරෝධී කටයුත්තක් සිදුකරනවා නම්, එවිට පොලිසිය කළ යුත්තේ අපි කිව්වා, කියන දේ අහන්නෙ නෑ කියලා ආයෙත් පොලිසියට වෙලා කට පියාගෙන, තමන්ගේ වැඩක් බලාගන්න එකද? නැත්නම් ඒ විදියට නොමනා ලෙස හැසිරෙන්නන් කවුද කියලා දැනගෙන, ඔවුන් නතර කරලා, ඔවුන්ව අත්අඩංගුවට ගන්න එකද? ඒ වගේම මේ සිද්ධිය ඇතුළෙදී පොලිසියට එහෙම කරන්න බැරිවෙන තරම් කවුරු හෝ කෙරුමෙක් මේකට මැදිහත් වුණාද? මේ ශිෂ්‍යයන්ගෙන් සමහරු යන්නේ බැකෝ එකක. ඒ බැකෝ එකේ කුල්ල උඩ ඇතැම් ශිෂ්‍යයෝ ඉන්නවා අපි දැක්කා. ඇතැම් ශිෂ්‍යයෝ යන්නේ කාර් එකක් උඩ. කාර් එකක් උඩ ශිෂ්‍යයකුට යන්න පුළුවන් ආකාරයේ පරිසරයක් කිසිදු ආකාරයට නිර්මාණය වෙලා නෑ. ඒ වගේම මේ පෙරළීමට ලක්වෙන්නේ සෆාරි වර්ගයේ ජීප් රථයක්. මේ සාමාන්‍ය වාහනයක ළමයි 10, 15, 20 වගේ ප්‍රමාණයක් යනවා. මේ හරහා සිසුන්ගේ ජීවිත අනාරක්ෂිත වෙනවා වගේම, මේ බිග්මැච් සමයේදී ඒ ආශ්‍රිතව ගමන් කරන සියලු දෙනාගේම ජීවිත අනාරක්ෂිත වෙනවා. මේක බදුල්ලේ විතරක් නෙවෙයි. මේක වැඩිපුරම වෙන්නේ කොළඹ. ඒ වගේම ගාල්ලේ. මහනුවර. පහුගිය කාලේ කුරුණෑගල. මේ හැම තැනම මේ නාඩගම් නැටීම අපි දකිනවා අඩු වැඩි වශයෙන්. විශේෂයෙන්ම මේක කොළඹ ඉතා දරුණු ආකාරයෙන් සිදුවෙනවා. කොළඹ පාසල්වල විදුහල්පතිලාවත්, මහනුවර පාසල්වල විදුහල්පතිලාවත්, ගාල්ලේ පාසල්වල විදුහල්පතිලාවත් මේවාට නිශ්චිතව විරුද්ධ වෙලා නෑ. අවශ්‍ය පියවර අරගෙන නෑ. ඒ නිසා කිසි කෙනකුට කියන්න පුළුවන්කමක් නෑ අපි නම් එපා කිව්වා, අපි කියන දේ අහන්නේ නෑ වගේ කතන්දර. මොකද සාමාන්‍යයෙන් ළමයින්ගේ ස්වභාවය ඕක තමයි. ළමයි සාමාන්‍යයෙන් කියන දෙයක් අහන්නේ නෑ. ළමයි කියන දෙයක් අහන්නේ නැත්නම්, මම කිව්වා එයා ඇහුවේ නෑ කියලා අත පිහදාගන්නවද, එහෙම නැත්නම් ඒ දරුවා පරිස්සම් කිරීම සඳහා පියවර ගන්නවද කියන එක ගුරුවරු විදියට හිතන්න ඕනේ කාරණයක්.

එක ශිෂ්‍යයෙක් හෝ තමන්ගේ භාරයේදී, තමන්ගේ පාසලේදී, තමන්ගේ යටතේදී මියයනවා නම්, එක ශිෂ්‍යයෙක් හෝ යම් අනාරක්ෂිත බවකට මුහුණ දෙනවා නම්, අනපේක්ෂිත තත්ත්වයකට මුහුණ දෙනවා නම් ආයෙත් ඒ ගැන කතාකරලාවත් වැඩක් නෑ. ඒ නිසා අතිශය කනගාටුදායක සිදුවීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. දැන් අවසානයේදී මවුපියන්ට දරුවෝ දෙන්නෙක් අහිමි වුණා.

එක ශිෂ්‍යයෙක් පන්තියට හැරිලා ආවට පස්සෙයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. ඇත්තටම බදුල්ල කියන්නේ වෙන ලෝකයක්ද? වෙන රටක්ද බදුල්ල කියලා කියන්නේ? මොකද අපි දන්න තරමින් නම් පොලිසිය, හමුදාව, ආරක්ෂක අංශ, පාසලක විදුහල්පතිවරයා මේ සියලු දෙනාම යම් බලයක් තියෙන, කොන්දක් තියෙන, යම් පියවරක් ගතහැකි අය. මේ කිසි කෙනෙක් පියවරක් ගන්නේ නැතුව මේ ශිෂ්‍යයන් දෙන්නා මියගියාට පස්සේ තැන් තැන්වල තමන්ගේ ස්ටේට්මන්ට් දෙනවා, අපි කිව්වට ඇහුවේ නෑ, අපිට කරන්න දෙයක් නෑ කියලා. එතකොට මහත්වරුනි අපිද මේකට වගකියන්න ඕනේ? මේ ලියුම්කරු විදියට මට නම් 100%ක් විශ්වාසයි මේ පෙළපාළිය මම සංවිධානය කරපු එකක් නෙවෙයි කියලා. මම හිතනවා අපේ මාධ්‍ය ආයතනයේ කිසිවකුත් මේකට සම්බන්ධ නැතිව ඇති. මේ සිද්ධියට සම්බන්ධ කවුද කියන එක ඔබතුමාලා පරීක්ෂණ පවත්වලා හොයන්න. මේ විදියට ජනතාවගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට තියලා, මහ පාරේ ජෝගි නටන එකට ආදි ශිෂ්‍ය සංගමයත්, පාසලත්, පාසල් සුබසාධක සංගමයත් සම්බන්ධයක් නැත්නම් මේ පාසලේ මේ වගේ දෙයක් ලෑස්ති කරන්න කවුද මැදිහත් වුණේ? කවුරු කියන හින්දද මිනිස්සු මේ දේවල් කරන්නේ? පාසලේ ශිෂ්‍යයන් තමන්ගේ පාසල් නිල ඇඳුමෙන් නොසිටි බව ඇත්ත. නමුත් ඔවුන් යන්නේ පාසල නියෝජනය කරමින්. ඔවුන් යන්නේ පාසලේ කොඩිය යටතේ. ඔවුන් යන්නේ පාසලේ කැප් එක දාගෙන. සමහර විට ඔවුන්ගේ පපුවේ තියෙන්නේ නිල ලාංඡනය. එතකොට ඔවුන් පාසලේ නිල ඇඳුම ගලවලා ගෙදර තියලා ආපු එක වෙනම කතන්දරයක්. හැබැයි ඔවුන් යන්නේ පාසල නියෝජනය කරමින්. මේක දැක්කේ නෑ කියලා කියනවා නම්, මේක දන්නේ නෑ කියලා කියනවා නම් මේ වගේ මිනිස්සු රස්සාවේ තියාගන්නවට වඩා හොඳයි ඒ අයට වෙන මොකක් හරි භාරදෙන එක. විදුහල්පතිවරයා හෝ පොලිසිය හෝ කවුරු හරි කෙනෙක්. අපි දැක්කා ගුවනින් ගත්ත ඡායාරූප. මුළු පාරම වැහෙන ආකාරයට රථ වාහන ගමන් කරන හැටි අපි දැක්කා. මිනිස්සු දහස් ගණනක් බලාගෙන ඉන්නකොට මහ පාරේ මේ දේවල් සිද්ධ වෙන්නේ. අනෙක මේක මහ දවල් සිදුවුණු සිද්ධියක්.

දරුවෝ හදන්න ඕනේ. දරුවන්ට හරි මග කියලා දෙන්න ඕනේ. කවුරු හරි කෙනෙක් කියනවා නම් දරුවෝ නරකයි, දරුවෝ වැරැදියි කියලා, නෑ දරුවෝ කියන්නේ එහෙම තමයි. කොළඹ ඉස්කෝලේ දරුවත්, මහනුවර ඉස්කෝලේ දරුවත්, කැබිතිගොල්ලෑවේ දරුවත්, කහටගස්දිගිලියේ දරුවත් එක වගේ තමයි. ඔවුන්ට අවශ්‍ය කරන්නේ නිවැරැදි මග පෙන්වීමක්. ඇහැ ගහගෙන ඉන්න බැරි නම් දරුවෝ සම්බන්ධයෙන් ඒ කිසිවෙක් දරුවන් සම්බන්ධයෙන් නියාමකයන් බවට පත්වෙන්නේ නෑ. දරුවන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත හැක්කන් බවට පත්වෙන්නේ නෑ. ඒ නිසා මතක තියාගත යුතු වැදගත්ම දේ තමයි දරුවන් ආරක්ෂා කරන්න බැරි බලධාරීන්, දරුවන් ආරක්ෂා කරන්න බැරි නිලධාරීන්, දරුවන් වෙනුවෙන් කැපකිරීම් කරන්න බැරි ප්‍රධානීන් එක්ක මේ සෙල්ලම කරනවා නම් හොඳටම පරිස්සම් වෙන්න. කොළඹ ප්‍රධාන නගරවල පාරවල් වහගෙන පැය ගණන් මිනිස්සු රස්තියාදු කරගෙන, පාරේ එහෙට මෙහෙට ජෝගි නටන කොළඹ ඉස්කෝලවලට ඇඟිල්ල දික් කරන්න ඇයි බැරි? කොළඹ ඉස්කෝලවලට එරෙහිව පියවර ගන්න ඇයි බැරි? කියන දේ අහන්නේ නැත්නම්, කියන දේ අහන්නේ නැතුව පාරේ ජෝගි නටනවා නම්, නවත්තන්න කිව්වට අහන්නේ නැත්නම් ගහන්න කඳුළු ගෑස්. එල්ල කරන්න ජල ප්‍රහාර. විසුරුවා හරින්නේ එහෙමයි අයුතු ජන රාශියක්. පොලිසියේ උපදෙස් නොතකා මහ පාරේ කණ්ඩායමක් ගමන් කරනවා නම් ඒක අයුතු ජන රාශියක්. ඒකට විරුද්ධව ගන්න ඕනේ පියවර ඔය විශ්වවිද්‍යාල සිසුන්ට විරුද්ධව ගන්නේ. ඔය ගන්නේ සමහර පිකටින්වලට විරුද්ධව. ඒ පියවර ගන්න බැරියැ?

එහෙම නැතුව සිද්ධියක් වුණාට පස්සේ අපි කිව්වා, නමුත් ඇහුවේ නෑ වගේ කතන්දර කියනවට වඩා පොලිසියට හොඳයි නිල ඇඳුම ගලවලා තියලා ගෙදර ගියා නම්. මොකද දරුවෝ දෙන්නෙක් ජීවිතයෙන් සමුඅරගෙන ඉවරයි. ඒ දරුවන්ව පරිස්සම් කරන එක අපි විශ්වාස කරන්නේ මිනිස්සුන්ගේ වගකීමක්, මේ සමාජයේ වගකීමක්. දරුවෝ කියන්නේ දරුවෝ. ඒ අය කොහොමත් උත්සාහ කරන්නේ ටි්‍රප් එකක් ගියාම ගඟට මූදට පැනලා නාන්න. වැවකට පැනලා නාන්න. එහෙම නැත්නම් අවදානමක් ගන්න. කන්දකින් බිමට බහින්න. පාරේ මොකක් හරි පිස්සුවක් නටන්න. දරුවන්ට ඒක කරන්න එපා කියලා, ඒක කරන එකෙන් ගලවා ගන්න එක තමයි වැඩිහිටියෝ වෙච්ච අපේ රාජකාරිය විය යුත්තේ.

එදා සිද්ධිය වෙනුවෙන් අපි හරියට කනගාටු වෙනවා. මොකද ඔබට වෙච්ච මේ දේ නිසාවත් අඩුම තරමේ මේ රටේ මිනිස්සු හැදෙනවා නම් ඒක තමයි ඇත්තටම මේ දරුවෝ දෙන්නගේ ජීවිත වෙනුවෙන් අපට ගෙවන්න පුළුවන් එකම වන්දිය. එහෙම නැතුව වෙන කිසිම හේතුවක් නිසා මේ දරුවන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න අපට බැරි වේවි. හැබැයි රටක් විදියට මේ වගේ නොමනා ක්‍රියා නතර කරන්න තරම් කොන්දක් තියෙන පාලකයෝ පහළ වුණොත් මම ගිය ඉස්කෝලේ, අපේ නෝනා ගිය ඉස්කෝලේ, අපේ පුතා යන ඉස්කෝලේ, අපේ යාළුවා යන ඉස්කෝලේ, විදුහල්පතිතුමා මගේ හිතවතෙක්, ආදිශිෂ්‍ය සංගමය මාත් එක්ක හිතවත්, සංවර්ධන සමිතිය මට ඡන්දේ දෙනවා වගේ පටු අරමුණුවලින් එකතු නොවී සාධාරණ අරමුණකින් අපි මේ ප්‍රශ්න නතර කළ යුතුයි. එහෙම නොකළොත් තවත් මේ වගේම කතන්දර අහන්න සිද්ධ වෙයි.

සමහර වෙලාවට පාරේ යන වාහන මේ පිස්සු නටන වාහනවලට හැප්පෙන අවස්ථා අපි දැකලා තියෙනවා. එහෙම හැප්පුණොත් එක වචනයක් කිව්ව පමණින් ඒ මනුස්සයට ගුටි කන්න සිදුවෙනවා. කොළඹ පාරවල් පැය ගණන් වහලා තියෙන අත්දැකීම් ලියුම්කරුටත් තියෙනවා.

හැබැයි මතක තියාගන්න ඔබේ බිග් මැච් එකේ ආතල් එක ඛේදවාචකයකින් නිමා කරගන්නේ නැතුව දැන්වත් හිතන්න හදවතින්, බුද්ධියෙන් මිනිස්සු විදියට තීරණ ගන්න. ඔබ ඉගෙනගන්නේ ලොකු ඉස්කෝලෙක, ලොකු ඉස්කෝලෙක ඉගෙනගන්නවා කියලා පාරේ ලොකු ලොකු සෙල්ලම් දාන්නෙ නැතුව ලොකු හදවතකින් ලොකු මොළයකින් හිතලා ජීවිතය පරිස්සම් කරගන්න. ඒක ඇත්තටම ලොකු දෙයක්.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නන්දලාල් තනතුර බාර ගත්තෙ සිකුරාදා! අඟහරුවාදා ප්‍රකාශයට පත් කළා ලංකාව බංකොලොත් කියලා! ගියේ දවස් 4යි! එහෙම වුණේ කොහොමද? ආවේ මේක ප්ලෑන් කරලමද? මහබැංකු අධිපති ගැන අනුරට බරපතළ සැකයක්! VIDEO

Next Post

අවුරුදු නම් ආවා…! මෙදා අවුරුද්ද ගැන කඩවල්වල රෙදි විකුණන අය කියන්නේ මොන වගේ කතාවක්ද කියලා බලමුද? VIDEO

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.