ඩීපී එඩියුකේෂන් වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ඩීපී කෝඩින් ස්කූල් සහ ඩීපී කෝඩින් හා රොබොටික්ස් කැම්පස් 16 වැනි මධ්‍යස්ථානය අද (09) පෙරවරුවේ අම්පාර මණ්ඩල විහාරස්ථානයේ දී විවෘත කෙරිණි .
ඒ, පූජ්‍ය සුහදගම සීලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා මෙම අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ එකතු වෙමින් සභාව ඇමතුවේය.
අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන්ට පරිගණක භාෂා අධ්‍යාපනය නොමිලේම ලබාදීම උදෙසා පිහිටුවන ලද මෙම මධ්‍යස්ථානයේ පරිගණක 18ක් යොදවා ඇති අතර සිසු සිසුවියන් 800 දෙනෙකුට ඩීපී කෝඩින් ස්කූල් පාඨමාලාව ඉගැන්වීමට සැලසුම් කර ඇත.













