ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශ්වයම දූෂිත බවත්, වහාම සමස්ත පද්ධතියම පිරිපහදු කළ යුතු බවත් කතානායක කරු ජයසූරිය මහතා අවධාරණය කර ඇත.
ට්විටර් පණිවුඩයක් තබමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කොට තිබේ.
එහි මෙසේද සදහන්ය.
‘එන සෑම වාර්තාවකින්ම එළි වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශයම කෙතරම් දූෂිත වී තිබේද යන්නයි. වෝහාරික විගණන වාර්තාව සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියකුගේ ඩොලර් මිලියන 2ක් වන දූෂිත ක්‍රියා ලන්ඩනයේදී හෙළි වීම ආසන්න සිදුවීම්ය. සමස්ත පද්ධතියම කඩිනමින් පිරිපහදු කළ යුතුමය.’










