පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වෙන් කළ මුදල් නිකුත් කරන ලෙසට නියෝගයක් නිකුත් කළ අධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැදවීමට විරෝධය පළ කරමින් පොදුරාජ්‍ය මණ්ඩලයීය නීතීඥ සංසදය, මහේස්ත්‍රාත්වරුන්ගේ සහ විනිසුරුවන්ගේ සංගමය, නීති අධ්‍යයන සංසදය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.
ඔවුන් සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ අධිකරණය ස්වාධීන ආයතනයක් වන බවත්, ඊට බලපෑම් කිරීම පිළිගත නොහැකි බවත්ය.











