ලංකාවේ ආර්ථිකය අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇති බවත්, එම තත්ත්වය දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතින බවත් ලෝක බැංකුව සිය නවතම වාර්තාවක් මගින් අනාවරණය කොට ඇත.
එහි අසමතුලිතතාවයන් දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතින බව පෙන්වා දෙන ලෝක බැංකුව මෙම වසරේදී ආර්ථික වර්ධනය ඍණ වනු ඇති බවද පෙන්වා දී තිබේ.










