

මාධ්‍ය සහ ඇතැමුන් සංවිධානාත්මකව සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට මඩ ගැසීම ආරම්භ කොට ඇති බව හෙක්ටර් අප්පුහාමි මහතා කීය.
අද පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා කියා සිටියේ කිසිම අවස්ථාවක ආණ්ඩුවට එක්වීමට සූදානම් නැති බවකි.
නමුත් යම් යම් මාධ්‍ය තමන් කළ කතා විකෘති කොට තමන්ටත්, පක්ෂයටත් මඩ ගැසීම සිදුකරන බවද ඒ මහතා කීය.










