ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්ප්‍රාප්ත වනවිට ඒ මහතා 83 වන වියේ පසු වුණා.
සිනමා ක්ෂේත්‍රයේ කලංසූරිය හා විජය කුමාරතුංගයන් අතරේ තිබ්බේ අතිශය සමීප හිතවත්කමක්.
ඒ හිතවත්කම කොච්චරද කියනවා නම් කවදාවක් දේශපාලනයට නොආ කලං විජයට සහාය දෙන්න දේශපාලන වේදිකාවටත් ආවා.
ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ අනූපමා චිත්‍රපටයේ විජය හා කලං එකට රගපෑ අවස්ථාවකි.











