• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාල කලාපය වහලා වනජීවිය කළු කොටියාගේ බෙල්ලට තොණ්ඩුව දමයි! දැනට යාල කළු කොටි 3ක් මරලා! දඩයක්කරුවන් හැම තැනම! සති 2කට කලින් කළු කොටියාට ආසන්නම වනජීවී බීට්ටුවත් දඩයක්කරුවන් කොල්ල කාලා! කළු කොටියාව රැකගන්න නම් මේ ලිපිය වහාම කියවන්න!

April 1, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
යාල කලාපය වහලා වනජීවිය කළු කොටියාගේ බෙල්ලට  තොණ්ඩුව දමයි! දැනට යාල කළු කොටි 3ක් මරලා! දඩයක්කරුවන් හැම තැනම! සති 2කට කලින් කළු කොටියාට ආසන්නම වනජීවී බීට්ටුවත් දඩයක්කරුවන් කොල්ල කාලා! කළු කොටියාව රැකගන්න නම් මේ ලිපිය වහාම කියවන්න!
Share on WhatsAppShare on Facebook

ඇත්තටම යාල කළු කොටියා ඉන්න ප්‍රදේශය වසා දැමීම හොඳ ද? නරක ද? කියලා බොහෝ දෙනෙක් කතා කරලා විමසනවා.මාධ්‍යවලිනුත් අහනවා.බෙහෝ අය ඒ ගැන වනජීවීයට ස්තුති කරනවා.

එහෙත්
මගේ මතය ඊට ඉඳුරා වෙනස්.මේක ජනප්‍රිය මතය නොවුනත් මම හිතනවා මෙය නිවැරදි මතය කියලා.ඒ නිසා එය ලිවිය යුතුයි.මේ මතය දරන විශාල පිරිසක් සිටින බවත් මම දන්නවා.

සමහර සංචාරකයන්ගේ හැසිරිම අන්තිමයි !

මේ කොටි පැටියා හම්බ වුණ ප්‍රදේශය මේ වනවිට සංචාරක වාහන තදබදයකට ලක් වෙලා.හැමතැනම වාහන.ඒ වාහනවල එන සමහර අයගේ හැසිරීමත් අන්තිමයි.කොටියාට වතුරටවත් එන්න බැරි වෙන්න වාහන ගහලා.මේවා නතර කර ගන්න බැරිම තැන “වනජීවීය” ඒ ප්‍රදේශය වසා දැම්මා.බැලු බැල්මට ඒක හරි වගේ.

ඒත් ඇත්ත කතාව ඊට වෙනස්.මම මේ කතා කරන්නේ ඒ තිත්ත ඇත්ත ගැන.සමහරු දන්නේ නැති සමහරු දැන ගෙනත් දන් නැහැ වගේ ඉන්න ඇත්ත ගැන.
මේ වසා දැමීම නිසා සිදුවෙන ප්‍රශ්න කිහිපයක් මම පැහැදිලිව දකිනවා.ඒවා ගැන මතක් කිරීම කතා කිරීම තමයි මෙහි අදහස.

පළමු වැනි කාරණය තමයි මේ කොටියා ඉන්න ඉසව්ව දඩයක්කරුවන්ගේ කෙළිබිමක් වීම.සාමාන්‍යයෙන් මේ ඉසව්වට දඩයක්කරුවන් එන මාවත් කිහිපයක්ම මේ ලියුම්කරු දැක තිබෙනවා.එකක් තමයි මගුල් මහ වෙහෙරට ආසන්නව තියෙන රඳා වැටි ආර හරහා යාල පරණ මායිම් පාරට වැටිලා ඒ ඔස්සේ කැටගල්වල ඒ වගේම ජඹුරාගලට පැමිණීම.අනිත් පාර තමයි ලුණුවැරණිය පොකුණ ආසන්නයෙන් වනයට ඇතුළු වීම.මේ ආශ්‍රීතව ඇතුළු වන පිරිස් විලාපලාව දක්වාම ගමන් ගන්නවා.ජඹුරාගල ඔවුන්ගේ නැවතුම් තිප්පොලක්.ජඹුරාගල ළිඳට පවා මේ දඩයක්කරුවන් එන බව ප්‍රසිද්ධ රහසක්.ඒ වගේම ඇතැම් අය වැල්මල් කෙමටත් යනවා.ආකාශ චෛත්‍ය පාර වගේම ප්‍රේම්දස් මගත් ඔවුන්ට නුහුරු තැන් නෙමෙයි.
විශේෂයෙන්ම තඹරව,රන්මිණිතැන්න ප්‍රදේශවල ඉන්න දඩයක්කරුවන් ඇස් පියා ගෙන වුනත් මේ පාරවල්වල යයි.මේක අපි හැමෝම දන්න දේයක්.

කරුමයකටම වගේ මේ කළු කොටි පැටියා ඉන්න ඉසව්ව ඒ දඩක්කරුවන්ගේ මර්මස්ථානයක්.එහෙම ඉසව්වක් සංචාරකයන්ගෙන් විනිර්මුක්ත කරනවා කියන්නේ එය දඩයක්කරුවන්ගේ පරාදීසයක් බවට තවදුරටත් පත් කිරීමක්.ඒනිසා එය බරපතල වරදක්.

කොහොම ද එහෙම වෙන්නේ.කාට හරි එහෙම හිතෙන්නත් පුලුවන්.මේ ඒ අයගේ දැන ගැනීම සඳහා.සාමාන්‍යයෙන් වනෝද්‍යානයක් තුළ පවා දඩයම් තදින් සිදුවෙනවා.එය තරමක් හෝ නතර වෙන්නේ වනජීවීය විද්‍යාත්මකව දඩයම් මර්දනය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළොත් විතරයි.

එතකොට සංචාරකයන් යන එකයි දඩයම් අතර තියෙන සම්බණ්ධය කුමක් ද කියලා කාට හරි හිතෙන්න පුලුවන්.ඒක වෙන්නේ මෙහෙමයි.සාමාන්‍යයෙන් සංචාරකයෝ නිතර ගැවසෙන ප්‍රදේශවල දඩයක්කරුවන් ගැවසීම අඩු කරනවා.ඒ මේ කණ්ඩායම් දෙක එකට මුණ ගැහෙන්න පුලුවන් නිසා.ඒ වගේම දඩයක්කරුවන් රාත්‍රියට ක්‍රියාත්මක වුනත් උදෑසන ඒ ප්‍රදේශයට යන සංචාරකයන්ට දඩයක්කරුවන්ගේ පා සලකුණු හම්බ වෙනවා.ඔවුන් පාවිච්චි කළ දුම්වැටි,ගිනිමැල වගේ දේවල්වල අඩුම කුඩුම සංචාරකයන් දකිනවා.ඒ වගේම දඩයක්කරුවන් නිතර ගැවසෙන ප්‍රදේශවල “මුවෝ”පිටිවල දකින්න ලැබෙන්නේ නැහැ.ඒ වගේම කොටි ගස් උඩ නගිනවා ඉතාම අඩුයි.ඊට අමතරව සතුන්ගේ සංක්‍රමණ ක්‍රියා අඩු වෙනවා.(මේ හැම දේයකටම වෙන වෙනම හේතු තිබෙනවා)මේ ලක්ෂණ නිතර දකිනවා නම් ඒ ප්‍රදේශවලට වනජීවී අවධානය යොමු කරන්න කියලා අපි වගේ සංචාරකයන් වනජීවී පරිපාලනයට මතක් කරනවා.ඒවා වාර්තා වෙන්න නම් ඒ ප්‍රදේශවල සංචාරකයන් නිබඳව සැරි සරන්න ඕනා.

මම මෙය ලියන මොහොතෙත් ඔබ මෙය කියවන මෙහොතෙත් යාල කලාප අංක දෙකේ පොත්තන වෙරළ තිරයේ පොකිරිස්සන් අල්ලන කර්මාන්තය ක්‍රියාත්මක වෙනවා.නමුත් සංචාරකයන් ඒ ප්‍රදේශයේ නිබඳව සැරි සරනවා නම් මේ කටයුතු අවම වෙනවා.

මම තවත් එක් උදාහරණයක් කියන්නම්.මිට දශක දෙකකට පමණ පෙර මම ඇතුළු කණ්ඩායමක් වනජීවීයේ විශේෂ අවසරයක් මත මිනිහාගල් කන්ද බලන්න ගියා.කාලයකින් ඒ පාරේ කවුරුවත් ගිහින් නැහැ.සංචාරකයන් නැති වුනත් දඩයක්කරුවන් නම් ඒ ප්‍රදේශයේ සුලබව හැසිරුණු ලක්ෂණ තිබුනා.කොච්චර ද කිව්වොත් වල් හරක් 18ක් මරලා මස් කරලා තිබුනා.කොටින්ම කියනවා නම් ඒක මස් මඬුවක්.වනෝද්‍යානයක් ඇතුළත පවත්වා ගෙන ගියපු.ඒ වගේ සිද්ධි යාල,වස්ගමුව,විල්පත්තු,කුමන වැනි වනෝද්‍යාන කිහිපයකම මම දැක තිබෙනවා.ඒ සියල්ල මම වාර්තා කරලත් තිබෙනවා.ඒ හැම තැනක්ම සංචාරකයන් ඉතාම අඩුවෙන් ගැවසෙන තැන්.ඒනිසා මේක වනෝද්‍යාන ගැන දන්න ඒවායේ සබුද්ධිකව සංචාරය කරපු හැමෝම දැක පුරුදු සංසිද්ධියක්.මේ යථාර්ථය මත කළු කොටියාගේ ඉසව්ව හුදකලා කිරීම භායානක අපරාදයක් වගේ.

තව කතාවක් මම කියන්නම්.යාල ජාතික වනෝද්‍යානයේම මිට දශක දෙකකට පමණ පෙර සිද්ධ වුන සිදුවීමක් මෙය.ඒ කාලයේ උද්‍යාන භාරකරු වශයෙන් කටයුතු කළේ ජයරත්න රාළහාමි.ඒ දවස්වල හින්වැව පාරේ කුඩා කොටි පැටව් තුන් දෙනෙක් හිටියා.ඒ කාලයේ උද්‍යානය නියං සමයට වහනවා.මේ කියන වසරේත් වැහුවා.නැවත යාල විවෘත කරන කොට ඒ කොටි පැටව් තුන් දෙනා අතුරුදහන් වෙලා තිබුනා.සංචාරකයන් නැති වුණ ගමන් දඩයක්කරුවන් ඔවුන්ගේ රාජකාරිය හරියටම කරලා තිබ්බා.

ඒ වගේම කුමාරසිංහ මහත්තයා යාල වැටලීම් භාරව ඉන්න අවදියේ තඹරව නිවසකින් කොටි පැටව් හම් දෙකක් ඇල්ලුවා.ඒ වැටලීමට එවකට අඩවි ආරක්ෂක සියාසිංහ,එවකට අඩවි සහකාර රංජිත්,එවකට නියාමක විජිත ඇතුළු පිරිසක් එක් වුණා.රියදුරු වුණේ ප්‍රේරුසිංහ.ඔහුගේ පාදයත් තුවාල වුණා.මේ වැටලීම වෙන වේලාවේ මම හිටියෙත් යාල.ඒ ඕන්ඩච්චි පැත්තේ හිටපු කොටි පැටව් දෙන්නෙක්.

ඒ වගේම මේ දඩයම් නිසාම බන්දු වැව ආසන්නයේ නියං කාලයට වනජීවී බීට්ටු කාර්යාලයක් අතීතයේ දැම්මා.දැන් එකත් නැහැ.ඒ වගේ ඒ අසල තියෙන පනාගම්මන බීට්ටුව දඩයක්කරුවෝ විසින්ම මංකොල්ල කැවා.දැන් සති දෙකකට විතර කලින්.වනජීවී බීට්ටුවත් මංකොල්ල කන ඉසව්වක වනජීවීය මෙහෙම හැසිරිම ජුගුප්සාජනකයි.එහෙම තැනක තමයි මේ සතාව තනි කරලා තියෙන්නේ.

යාල වනජීවී කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව වගේම ඔවුන්ගේ භෞතික සම්පතුත් එන්න එන්නම අඩු වෙනවා.
මීට කාලයකට පෙර පලටුපානේ නියාමකයින් 13ක් හිටියා.දැන් ඉන්නේ 8 දෙන්නෙක් විතරයි.ඒ අටෙන් දෙකක් ගේට්ටුවේ රාජකාරියට යන්න ඕනා.තව එක් කෙනෙක් පටනංගල ඩියුටි.දෙකක් නැත්නම් තුනක් හැමදාම නිවාඩු.එතකොට ඉතිරි තුනක් නැත්නම් දෙකයි.නිලධාරිනුත් මදි.වනජීවී බීට්ටු කාර්යාලවල නිලධාරින් නැති තරම්.

ඒ වගේම සමහරු වෘත්තිය සමිති හෝ දේශපාලන අත්තක් අල්ලලා හෝ නැත්නම් වනජීවී මුල් පුටුවකට සෙට් වෙලා තමන්ගේ ගෙවල් ළඟ තැනකට මාරුවක් හදා ගන්නවා.ඊට පස්සේ රෑට ගෙදර ගිහින් නිදා ගන්නවා.වනජීවී නිලධාරින් ගෙදර යනකන් ඉදලා දඩයක්කරුවන් වනෝද්‍යානයට බියක් සැකක් නැතුව ඇතුල් වෙනවා.මේවා වහාම වෙනස් විය යුතුයි.

දැන් මම නැවත එන්නම් කළු කොටි ගැන කියන්න.

මිට පෙර මෙවැනි කළු කොටි තිදෙනෙකුගේ මරණ ගැන මම පරීක්ෂා කර තිබෙනවා.ඉන් දෙකක් නියත වශයෙන්ම කළු කොටියාවම ඉලක්ක කර තැබු මද්දවල් බව පැහැදිලිව පෙන්න තිබුනා.එක් කොටියෙකු මරා දැමීමෙන් පසු යම් ශරීර කොටස් පවා රැගෙන ගොස් තිබුනා.ඒනිසා මේ සතුන්වම ඉලක්ක කළ පැහැදිලි අනතුරක් තිබෙන බව අවිවාදිතව ගම්‍ය වෙනවා.එවැනි වටාපිටාවක සතා ඉන්න තැන ප්‍රසිද්ධ කරලා මෙහෙම දේයක් කිරීම සතාගේ බෙල්ලට තොණ්ඩුවක් දැම්මා වගේ.

මෙහෙම තැනක දී මොකක්ද කළ යුතු දේ.ඇත්තටම දඩයම් මැඩලන්න නිවැරදි විද්‍යාත්මක හා කාර්යක්ෂම ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ.ඒ කියන්නේ දිවා රාත්‍රි වනජීවී මුර සංචාර,දඩයක්කරුවන් එන ගම්මානවල උපාය දුතයන් වහාම ස්ථාපිත කිරීම හා ඔවුන් මාර්ගවෙන් තොරතුරු ලබා ගැනීම,දඩයක්කරුවන් පැමිණෙන ස්ථාන ඉලක්ක කොට වනජීවී මුරපොළවල් පිහිටු වීම(අවශ්‍ය නම් ජඹුරාගල කඳවුර බිම වනජීවී කණ්ඩායමකට වෙන් කිරීමේ හැකියාවකුත් තියෙනවා.ඔවුන්ට එම ස්ථානයේම සිටම මුර සංචාර මෙහෙය වීමට ඒ හරහා ඉඩකඩ විවර වෙනවා) හා ඩ්‍රෝන කැමරා හා ට්‍රැප් කැමරා පද්ධතිවල සහාය ලබා ගැනීම වැනි විද්‍යාත්මක ප්‍රවේශයකට යාම හරහා යම් තරමක සාධනිය මට්ටමකට යා හැකි වෙනවා.හැබැයි මේ එකක්වත් වනජීවීය නිසි ලෙස නොකරන නිසා ඒ ගැන විශ්වාසය තැබිම ගැටළුවක්.

සංචාරකයන් ගියාම මොකද වෙන්නේ.කාට හරි එකත් හිතෙන්න පුලුවන්.ඇත්තටම දරා ගන්න බැරි විදියට සංචාරකයන් ගියාම එකත් ප්‍රශ්නයක්.මේ තත්ත්වය පාලනය කරන්න ලෝකය පුරාම වන උයන්වල දරාගත හැකි දෛයිනික සංචාරක ධාරිතාව(Daily carrying capacity) ගණනය කර තිබෙනවා.ඒත් ලංකාවේ එහෙම නැහැ.ලංකාව කෝකත් එහෙමනේ ඉතින්.

කොටි වැඩියෙන්ම බය වෙන්නේ මිනිස්සු පයින් යන විට.වාහනයක මිනිසුන් යනවිට ඔවුන් ඒ පද්ධතිය දිහාම තමයි බලන්නේ.වාහන හරියාකාරව ධාවනය නොකර කොටි මිය ගිය අවස්ථාත් යාල තියෙනවා.ඒ ගැනත් ප්‍රවේසම් වෙන්න ඕනා.
අනවශ්‍ය විදියට සතාව බය කළොත් අම්මා එයාව මිනිස්සුන්ට නොපෙනෙන ඉසව්වකට ගෙනි යනවා.සමහර විට කවදාවත් ඒ සතාව නැවත බලන්න බැරි වෙයි.එහෙම සිදුවීම් යාල මිට ඉහත වාර්තා වෙලා තියෙනවා.ඒ වගේම මේ සතා ඒ ආසන්නයේ තියෙන සිතුල්පව්ව පාර පැත්තට ගියොත් සතාට අනතුර තවත් වැඩි වෙනවා.

දැන් මේ සංචාරකයන් පාලනය කරන්න බැරි ද?කාට හරි එහෙම හිතෙන්නත් පුළුවන්.ඊට ප්‍රථමව මට තියෙනවා වෙන කතාවක් කියන්න.ඉන්දියාවේ කැබනි උද්‍යානයේ මෙවැනිම කොටියෙක් ජිවත් වෙනවා.එයාව බලන්න ලංකාවෙන්ම මම දැනුවත්ව එක සියයකට වඩා පරිසර සංචාරකයන් ගියා.හැබැයි කාටවත්ම බලා ගන්න බැරි වුණා.සමහරු දෙපාර තුන් පාර ගියා.ඒ වනෝද්‍යානයේ දවසකට ඇතුල් කරන්නේ වාහන 35ක වගේ ප්‍රමාණයක්.ඒ වගේම එහි යන නේවාසික සංචාරකයින්ට ජිප් රථවල වගේම බස් රථයකත් බෝට්ටුවකත් යාම අනිවාර්ය කරලා තියෙනවා.ඒවායේ කතාව වෙනම ලියන්න ඕනේ.මට මේ හරහා කියන්න ඕන වුණේ මේ සතා ඩොලර් මවන මැෂිමක් කියන එක කියන්න.ඒනිසා එයාව හංගගෙන ඉන්න එක නෙමෙයි අපි කරන්න ඕනේ.එයාව සංචාරකයන්ට විවෘත කරන්න ඕනා නිසි ක්‍රමවේදයකට.මෙම ප්‍රදේශය වසා දැමීමෙන් සතා කවදාවත් නැවත වාහනවලට බලන්න බැරි තරම් කුලැටි සතෙක් වෙන්නත් පුළුවන්.

ඒ සඳහා සංචාරකයන් පාලනය කළ යුතුයි.ටිකට් ගැනීම බංගලා හා කඳවුරු බිම් වෙන් කිරීමේ ඉදන් ඒ ක්‍රියාවලිය අවංකව හා විද්‍යාත්මකව වෙනස් විය යුතුයි.මේ මාර්ගයේ ගමන් ගන්න වාහන සිමා කිරීම,මාර්ගය නිවැරදිව එක අන්තයකට පමණක් වාහන ධාවනය කිරීම,ටිකට් වෙන් කිරීමේ දී මේ මාර්ගයට යාම පිළිබඳ පුර්ව දැනුවත් භාවයකට යටත් කිරීම වැනි කාරණා මෙහිදි වැදගත් වෙනවා.ඒ මාවතේ වේග සිමා නිරික්ෂණය,කලබල හැසිරිම් හා නොමනා ක්‍රියා පාලනය වැනි දෑ සම්බණ්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම මෙහිදි කළ යුතුම වෙනවා.ඒවා උල්ලංඝණය කරන අයට උද්‍යානය අඩු තරමින් මාස හයකටවත් තහනම් කිරීම වැනි දේවල් ද වහාම ක්‍රියාත්මක කළ යුතුයි.මේ සතා නිසි ලෙස වාහනවලට කළමනාකරණය කිරීමේ වැදගත් කම ඒ සතාව රැක ගැනීමේ වැදගත් කම වැනි දෑ පිළිබඳ ජිප් රථ රියදුරන් දැනුවත් කිරීමත් එක ලෙස වැදගත්.හැබැයි වඩාත්ම ප්‍රායෝගික වෙන්නේ නීතිය ඉතාම තදින් ක්‍රියාත්මක කිරීම.මම පෙර සඳහන් කළ දඬුවමත් එක්ක.
මේ සතාට අපේ සංචාරක අයගෙන් හා දඩයක්කරුවන්ගෙන් තිබෙන අවධානම වගේම මේ සතාගේම අයගෙන් තියෙන අවධානමක් තිබෙනවා.

නොහොම නමුත් නිවැරදිව කළමනාකරණය කරලා මේ සතා රැක ගන්න හැමෝම අවංකව විද්‍යාත්මකව හා සබුද්ධිකව වැඩ කළොත් තව වසර 10ක් 12ක්වත් මේ සතා රටට ඩොලර් මිලියන සිය ගණනක් ගෙන බව සිකුරුයි.ඒ වගේම ඉතාම මනරම් වටිනා සම්පතක් අපට ඉතිරි වෙනවා.

නයනක රන්වැල්ල

SendShareShare
Previous Post

කංචන අනිවාර්ය නිවාඩු යැවූ තෙල් සේවකයන් උසාවි යන්න තීන්දු කරයි! මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලකුත් දමයි!

Next Post

කොන්දොස්තර ඉතුරු රුපියල දෙන්නෙ නැද්ද? පරණ ගානම ගන්නවාද? එහෙනම් 1955ට කෝල් එකක් දෙන්න!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.