අප වෙබ් අඩවිය මගින් අනාවරණය කළ ආකාරයටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද (03) දින දිවයිනට පැමිණියේය.
අනෙකුත් පුවත්පත්, සහ වෙබ් අඩවි බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණෙන දිනය සම්බන්ධයෙන් විවිධ වකවානු සදහන් කළද අප සෙනසුරාදා (01) දිනයේ සදහන් කර සිටියේ 02 වන දින බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණීම සදහා අමෙරිකාවෙන් පිටත් වන බවකි.
ඒ අනුව රාජපක්ෂ මහතා අද දින දිවයිනට පැමිණි අතර ඒ මහතා පිළීගැනීම ආණ්ඩුවේ අමාත්‍යවරුන් රැසක් පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි විය.










