• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හුක්කි හුක්කි හූ… බන්දුලටත් හූ කියලා, අමරවීරටත් හූ කියලා, පොලීසියත් පැටලිලා, උසාවියෙන් ගෙදර යවලා…

April 1, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
හුක්කි හුක්කි හූ… බන්දුලටත් හූ කියලා, අමරවීරටත් හූ කියලා, පොලීසියත් පැටලිලා, උසාවියෙන් ගෙදර යවලා…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ක්‍රියාත්මක වෙන්නේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම නැත්නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය. ඒ කියන්නේ ඡන්දදායකයන් තමන් වෙනුවෙන් නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට යවනවා. ඔහු විසින් ඒ අයගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රටේ ප්‍රශ්න විසඳීම සඳහා ඇපකැප වී කටයුතු කරනවා. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. එතකොට මේ වෙනකොට ඇත්තටම මේ වැඩේ පාර්ලිමේන්තුව ඇතුළේ සිදුවෙනවද? තමන් විසින් පාර්ලිමේන්තුවට යවපු තමන්ගේ නියෝජිතයා විසින් මේ කාර්යභාරය නිවැරැදිව ඉටු කරනවා කියලා අපේ රටේ මිනිස්සු හිතනවද? ඒක තමයි තියෙන බරපතළම තත්ත්වය. දැන් අපට නිතර අහන්න දකින ලැබෙන දෙයක් තමයි පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනෙ, ඔය ඉන්න 225ම පන්නලා දාන්න ඕනේ, මොනවා හරි දෙයක් වෙනවා නම් වෙන්න ඕනේ පාර්ලිමේන්තුවට කියලා කියන ඡන්දදායකයෝ දකින්න ලැබීම. ඒත් මේ සියලු දෙනාම පාර්ලිමේන්තුවට යවන්නේ ජනතාවගේ ඍජු සහ වක්‍ර මැදිහත් වීමෙන්. මේ අය අතරින් 196 දෙනෙක් පාර්ලිමේන්තුවට යන්නේ කෙළින්ම ජනතා ඡන්දයෙන්. ඉන් බොහෝ දෙනෙක් ඉන්නේ ජනතා මනාප 40,000, 50,000, 100,000, 200,000 අරගත්ත අය. පස්සේ ඒ අයගේ නිවාසවලට ගහලා, ගිනි තියලා, විනාශ කළත් ඇත්තටම මේ ජනතාවගේ නියෝජිතයෝ.

ජනතාවට ජනතාවගේ නියෝජිතයන්ව එපාවෙන තැනට පත්වෙනවා නම් ඒ නියෝජිතයෝ තවදුරටත් තමන්ගේ කාර්යභාරය හරියට කරපු අයද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ. මොකද හේතුව පහුගිය දවසක අපි දැක්කා පාර්ලිමේන්තුවේ ඉන්න ඉතා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් වෙච්ච මහින්ද අමරවීර මහත්තයටත් මිනිස්සු හූ තිබ්බ හැටි. එක්තරා ප්‍රදේශයක තිබිච්ච ආගමික උත්සවයකදී සිදුවුණු සිදුවීමක් කියලා තමයි අපට දැනගන්න ලැබෙන්නේ. එම ප්‍රදේශය හම්බන්තොට පැත්තේ තැනක් කියලත් දැනගන්න ලැබුණා. මේ පිළිබඳ වීඩියෝ අපි දකිනවා අන්තර්ජාලය ඔස්සේ එහෙට මෙහෙට සංසරණය වන ආකාරය. ඒ වීඩියෝවලටත් බොහෝ දෙනෙක් කමෙන්ට් කරලා තිබුණේ හොඳ වැඩක් විදියට. මිනිස්සු නියමයි කියලා. මේ වගේ තත්ත්වයකට රටේ ඉන්න වගකිවයුත්තෝ මැති ඇමැතිවරු පත්වීම ඉතා අප්‍රසන්නයි. මොකද හැබෑ කතන්දරය තමයි කවුරු වුණත් තමන්ගේ නිවැරැදි වැඩ ටික නොකර ඉන්න ගියාම තමන්ගේ වගකීම ඉටු නොකර ඉන්න ගියාම, තමන්ගේ ගොඩ වැඩි කරගන්න උත්සාහ කළාම මෙවැනි ඉරණමකට පත්වෙනවා. මල් යහනාවක ඔබ සතපා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ කියන කතාවේ අර්ථ කිහිපයක් තිබෙන බව අපට මෙතැනදී තේරෙනවා. ඒ කියන්නේ ඔබව මල් යහනාවට ඔසවා තැබූ ජනතාව අද ඔබට හූ කියනවා. ඔබට ඡන්දෙ දීපු මිනිස්සු ඔබව ප්‍රතික්ෂේප කරනවා. මේ රටේ රජවරු විදියට සමුඅරගෙන යන්න තිබුණු, මේ රටේ වීරයෝ විදියට ජීවිතේ අවසන් භාගය ගතකරන්න වාසනාව තිබුණු බොහෝ දෙනෙක් අද පත්වෙලා තියෙන්නේ ඒ වගේ මිනිස්සු ඉස්සරහා අන්ත අසරණ වෙන තත්ත්වයකට.

මේ විදියෙම දෙයක් තමයි බන්දුල ගුණවර්ධනට වෙන්නේ. හැබැයි ඒක ඊට වඩා නරක අතට හැරිච්ච කාරණාවක්. අමාත්‍ය බන්දුල ගුණවර්ධන එක්තරා උත්සවයක් සඳහා සහභාගි වෙමින් ඉන්න අවස්ථාවේ තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. මේක මේ හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ තමයි සිදුවෙලා තියෙන්නේ. ඒ ස්ථානයේ අභිනවයෙන් ඉදිකරන්නට නියමිත බුද්ධ මන්දිරයට මුල්ගල තබන අවස්ථාවේ තමයි සිදුවීම සිදුවෙලා තියෙන්නේ. අමාත්‍යවරයා මේ අවස්ථාවට සහභාගි වුණු වෙලාවේ ඒ ස්ථානයෙන් ගිය 43 හැවිරිදි ව්‍යාපාරිකයෙක් තමන්ගේ ලොරියේ ඉන්න ගමන් මේ මනුස්සයට හූ කියනවා. මේ විදියට හූ කිව්වම මේ හූ කියපු එකට විරුද්ධව පොලිසිය ඉතා දරුණු ප්‍රතිචාර දැක්වූ බව තමයි ඔහුම කියන්නේ. ඔහු කියනවා ඔහු මේ වැඩේ කරලා ආපහු තමන්ගේ රාජකාරි ස්ථානයට ගිහිල්ලා, ඒ ස්ථානයෙන් එනකොට හවස් යාමේ ඔහුගේ නිවෙසට එක්තරා පොලිස් කණ්ඩායමක් ඇවිල්ලා ඔහුව අත්අඩංගුවට ගත්ත බව. අපි දැක්කා සමහර මාධ්‍ය වාර්තා කරලා තිබුණා මේ රථය පිටුපස හඹා ගොස් ඔහුව අත්අඩංගුවට ගත්තා කියලත්. අපි දන්නේ නෑ මොකක්ද සිදුවුණේ කියලා. කෙසේ නමුත් ඔහුව අත්අඩංගුවට ගන්නවා. ඔහු කියනවා තරු තුනේ, දෙකේ මහත්තුරු ඇවිල්ලා මාව අරගෙන ගියා කියලා. ඔහුව අරගෙන යන්නෙත් කටඋත්තරයක් ගන්න තියෙන බව පවසා බවයි ඔහු කියන්නේ. අපි දන්නේ නෑ ඇත්ත නැත්ත.

මේ විදියට ඔහුව අත්අඩංගුවට අරගෙන එක දවසක් පොලිස් කූඩුවේ තියලා, අනාදරය ඇතිකිරීම, ආගමික උත්සවයකට බාධා කිරීම, ආගම ඇදහීමට ඇති අයිතියට අභියෝග කිරීම කියන චෝදනා යටතේ ඔහුව හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනවා. ඔහුව මේ වැරැදි සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරනවා. නීතිඥයකු මාර්ගයෙන් කරුණු දක්වනවා. ඉන් පසුව ඔහුව අධිකරණය විසින් නිදහස් කළ බව තමයි දැනගන්න ලැබෙන්නේ. මේ නිවැරැදි තීන්දුවේ විධිවිධාන සහ වාක්‍ය පිළිබඳ අපට අදහසක් නෑ. ඒ නිසා අපට ඒ ගැන කියන්න විදියක් නෑ. කොහොම නමුත් බන්දුල ගුණවර්ධන කියලා කියන්නේ ලංකාවේ හිටපු ඉතා දක්ෂ, ඉතා ප්‍රබල ආචාර්යවරයෙක්. ඔහු ඉතා දක්ෂ ආර්ථික විද්‍යා ගුරුවරයෙක්. ඔහු දරුවන් අතර අතිශය ප්‍රසිද්ධියට පත්වෙච්ච ගුරුවරයෙක්. ඔහුගෙන් ඉගෙනගත්තු ශිෂ්‍යයන් අද පාර්ලිමේන්තුවේ පවා ඉන්නවා. ඒ නිසා ඔහු මේ රටේ මේ තත්ත්වයට පත්විය යුතු මනුස්සයෙක්ද කියලා අපට දෙතුන් වතාවක් හිතන්න සිදුවෙනවා.

ඇත්තටම මේ අය යමක් කළ හැකි මිනිස්සු. ඔවුන් සමාජයේ අනාදරයට පත්විය යුතු අය නෙවෙයි. නමුත් අවාසනාවකට ඔවුන්ට හූ කියන තැනට ඔවුන් පත්වෙලා. මේ තත්ත්වයෙනුත් ඔවුන් තවදුරටත් පාඩමක් ඉගෙන ගන්නේ නැතුව තමන් සතුව තියෙන බලය පාවිච්චි කරමින්, තමන්ගේ තියෙන හයිය පාවිච්චි කරමින් ඒ අයට දඬුවම් කරන්න යන බව තමයි අපට මේ කතන්දරය ඇහුවම දැනෙන්නේ. මීට වඩා සාධාරණ, ඉතා වැදගත් කතන්දර තියෙනවා වෙන්න පුළුවන්. ඒවා අපි දන්නේ නෑ. අනිත් එක තමයි අපට අපේ රටේ දේශපාලකයෝ ගැන එහෙම දේවල් හිතෙන්නේ නෑ. අපට නිතරම දැනේනේ අපේ රටේ දේශපාලකයෝ හොඳ වැඩ කරනවා කියලා නෙවෙයි. කොහොම නමුත් මේ පළමු වැනි වතාවට හූ කියපු දේශපාලකයත් නෙවෙයි. ලංකාවේ බොහෝ දේශපාලකයන් දැන් මිනිස්සුන්ගේ අප්‍රසාදයට ලක්වෙලා ඉවරයි. ඔවුන් යළිත් ප්‍රසාදය නිර්මාණය කරගන්න උත්සාහ කරන්නෙත් නෑ. ඔවුන් තමා සතු සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික යුතුකම් ටික ඉටුකරන බවත් පේන්නේ නෑ. ඔවුන් හදන්නේ තවදුරටත් තමන් සතු බලය අනීතිකව පාවිච්චි කරමින් මිනිස්සුන්ට දඬුවම් කරන්න සහ මිනිස්සුන්ට පාඩම් උගන්වන්න.

මේ ජනතා ප්‍රතිචාරය නිමා වෙන්නෙත් නෑ. ඒ නිසයි බන්දුල ගුණවර්ධනට හූ කියලා දවස් කීපයකින්ම ආයෙත් මහින්ද අමරවීරට හූ කියන තැනට මේ තත්ත්වය නිර්මාණය වෙන්නේ. ඒ නිසා අපි මේ කියන්නේ කිසිවෙක්ට ආයෙත් මැති ඇමැතිවරුන්ට හූ කියන්න කියලා නෙවෙයි. හූ කියනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ ඔබ. හැබැයි හූ කියනවට වඩා ඔබට කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඊළඟ ඡන්දෙදී ඔබේ මනාපය සිහි බුද්ධියෙන් පාවිච්චි කිරීම. එහෙම කළොත් ආයෙත් මෙහෙම හූ කියන්න වෙන්නේ නෑ. අර හූ කීමේ වරදට අත්අඩංගුවට ගත් පුද්ගලයා විසින් කියනවා ප්‍රශ්න ඕනෙ තරම් තියෙනවා. මිනිහෙක්ට ඉන්න බස් හෝල්ට් එකක් නෑ. එහෙම තියෙද්දී ඇයි මේවා කරන්නේ? ඔබට නෙවෙයි අපටත් ප්‍රශ්න තියෙනවා. රටටත් තියෙනවා. හැබැයි මේ ප්‍රශ්න රටේ එහෙමම ඉතිරි වෙලා තියෙන්නේ අපේ රටේ දේශපාලකයෝ මේ දේවල් සත පහකට ගණන් ගන්නේ නැතුව තවමත් තමන්ගේ අභිමතය පරිදි හැසිරෙන්න පටන් අරගෙන තියෙන නිසා. ඒ නිසා දැන්වත් වෙනස් වෙන්න පුළුවන් නම් මැති ඇමැතිවරුනි ඔබටත් මේ විදියට යන යන තැනදී හූ කීමේ ප්‍රතිචාර බලාපොරොත්තු නොවී සිටිය හැකියි. ඒ වගේම පහුගිය කාලේ අපි දැක්කා බොහෝ දේශපාලකයෝ වෙස් වළාගෙන ගමන් බිමන් ගියා. තමන්ගේ සුපුරුදු වාහනේ ගමන් බිමන් නොගිහින් හිටියා. රැවුල නොවැවූ අය රැවුල වවන්නටත්, රැවුල වැවූ අය රැවුල කපන්නටත්, තමන්ගේ වාහන මාරු කරන්නටත්, ප්‍රධාන උත්සවවලට සහභාගි නොවී ඉන්නටත් අපේ රටේ දේශපාලකයන්ට සිදුවුණා. එහෙම තත්ත්වයක් යටතේ මෙහෙම රටක තවදුරටත් දේශපාලනය කරනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ. අපි දේශපාලනය කළේ වැරැදි රටේ කියලා බන්දුල ගුණවර්ධන මහත්තයා එක වෙලාවක කියලා තියෙනවා අපි දැක්කා. ඒකට ලස්සන කමෙන්ට් එහෙමත් දාලා තිබුණා. පුළුවන් නම් හොයාගෙන කියවන්න.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ත්‍රිවිධ හමුදාව අමතන්න අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගුවන් නියමුවා වැඩ දාලා හෙලිකොප්ටරයෙන් රනිල්ව අරගෙන ආ හැටි! VIDEO

Next Post

පනත අතිභයානකයි! ඕනම දෙයක් ත්‍රස්තවාදය විදිහට විග්‍රහ කරන්න පුලුවන්! දෙමළ සන්ධානය අලුත් ත්‍රස්ත පනතට එරෙහිව උතුරෙන් සටන අරඹයි! VIDEO

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.