පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීම සම්බන්ධයෙන් ගොනු කොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) අවසර ලබා දුන්නේය.
පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමට එවකට කටයුතු කළ ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඔහු විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් කැදවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.
මීට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙසට කටයුතු කළ බැවින් ඔහු වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද ඔහු දැන් එම ධුරයේ කටයුතු නොකරන බැවින් නීතිපතිවරයා ඔහු වෙනුවෙන් පෙනී නොසිටින බව මෙහිදී ප්‍රකාශ කළේය.
පෙත්සම මැයි මස 26 වැනිදා සලකා බැලීමට නියමිතය.










