• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මරණය එන්නේ අපි හිතන විදියට නෙමෙයි…

April 1, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
මරණය එන්නේ අපි හිතන විදියට නෙමෙයි…
Share on WhatsAppShare on Facebook

අපිට දිනෙන් දිනම අසන්නට දකින්නට ලැබෙන්නේ නොසිතූ නොපැතූ අනුවේදනීය සිදුවීම්. පසුගිය සතියෙත් හදවත කම්පා කරවන එවැනි සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. ඒ වටිනා තරුණ ජීවිත තුනක් අකාලයේ මිලින වී යෑමේ සිදුවීම්ය.

19 හැවිරිදි විහඟනාගේ අකල් වියෝව එම සිදුවීම් අතරින් සුවිශේෂ වූවක්. බොහෝ දෙනෙක් තමන් සතු ඉතා සුළු දෙයක්වත් අනුනට දෙන්නට මැළිවන කාලයක තම සිරුරේ කොටස් විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළු හත්දෙනකුගේ ජීවිත බේරාගන්නට තිළිණ කර විහඟනා දිවි ගමනට සමුදී තිබුණා. අපේ ජීවිත කොයි මොහොතේ කොතැනකදී අවසන් වේදැයි කාටවත් කියන්නට බැහැ. අප කළ හොඳ දේ පමණයි ඉතිරි වන්නේ. අපි හැමෝටම ආදර්ශයක් ගෙන දුන් මේ පුවත අසන්නට ලැබුණේ හෙට්ටිපොල අඹන්පොල ප්‍රදේශයෙන්. ඇය නමින් විහඟනා ආරියසිංහයි. ඇයට ලැබුණු ජීවිතය අන්‍යයන්ගේ යහපත පිණිස යෙදවිය යුතු බව ඇයට දැනෙන්නට ඇති. අනුරාධපුර ඉදිකරමින් පවතින සඳහිරු සැයේ ඉදිකිරීම් සඳහා ගඩොල් ඇදීමේ පුණ්‍යකර්මයට ඇය දායක වී තිබුණේ ජීවිතයෙන් සමුගන්න ආසන්න දිනෙකදීයි.

ඇගේ උපන්ගම වුණේ අඹන්පොලයි. ඇය දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ බාල දියණියයි. ඇයට වැඩිමල් සහෝදරියක් සහ බාල සහෝදරයකු සිටින අතර, විහඟනාගේ වැඩිමල් සහෝදරියද මලියදේවයෙන් උසස් පෙළ හදාරා වයඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. විහඟනා ආරියසිංහ දියණිය ජීවිතයෙන් සමුගන්නේ තවත් වටිනා ජීවිත හතකට ජීවය දීමෙන් පසුවයි.

ඇය පෙර භවයක කළ පවක් නිසා මෙලෙස සමුගන්න ඇති. විහඟනා සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත්ව, මලියදේව විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් වාණිජ විෂය ධාරාව හදාරා පසුගියදා පැවති උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙනුයි සිටියේ.

පසුගිය දිනෙක හිසේ ඇතිවූ වේදනාවක් සහ වමනය යාමක් හේතුවෙන් පසුගිය 17 වැනිදා ඇයව ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කර තිබුණා. එහිදී ඇගේ රෝගී තත්ත්වය උස්සන්න වී ඇති අතර, පසුව ඇයව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා. එහිදී යළි සිහිය නොලබාම ඇය මියගොස් ඇති බවයි වාර්තා වුණේ. කලක පටන් ඇගේ මොළහේ හටගෙන තිබූ පිළිකා තත්ත්වයක් හේතුවෙන් ඇගේ මොළය මියයෑම එම මරණයට හේතුව බව වෛiවරුන් සඳහන් කළා.

එම මරණයත් සමග විහඟනාගේ මවුපියන් තීරණය කළේ ඇගේ ශරීර අවයව තවත් රෝගීන් කිහිප දෙනකුගේ ජීවිත බේරාගැනීම සඳහා පරිත්‍යාග කිරීමටයි. ඔවුන්ගේ එම ආදර්ශවත් ක්‍රියාව පිළිබඳ එම අවයව බද්ධ කිරීමේ සැත්කම සඳහා සහභාගි වූ වෛද්‍ය කමල් ජයන්ත රාමනායක මහතා මෙලෙස අදහස් පළකර තිබුණා.

‘කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මේ දරුවාගේ මොළය අක්‍රීය වෙනවා කියලා දැනගත්ත ගමන්ම අපි ඒ දරුවාගේ මවුපියන් සමග සාකච්ඡා කරලා ඇගේ අවයව දන් දෙන්න තීරණය කළා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ අවයව බද්ධ කිරීමේ වෛද්‍ය කණ්ඩායම් සහ කොළඹ ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ වෛද්‍ය කණ්ඩායම් යුහුසුළුව මේ සඳහා සහභාගි වුණා. නිර්වින්දන වෛද්‍යතුමියක් සිටියා, එතුමියගේ මොළය සහ පෙණහළු අකර්මණ්‍ය තත්ත්වයේ තිබුණේ. ඉතින් එතුමියට මේ දරුවාගේ අවයව දෙක බද්ධ කරන්න ඉන්දියානු වෛද්‍ය කණ්ඩායමක් යොදාගෙන ඊට අදාළ ශෛල්‍යකර්මය සිදුකරනු ලැබුවා. අවයව වෙන්කරගැනීම කොළඹ ජාතික රෝහලේ ‘සී’ කොටසේදී සිදුකරනු ලැබුවා. දැරියගේ අක්මාව රාගම රෝහලටත්, එක වකුගඩුවක් මහනුවර ශික්ෂණ රෝහලටත්, අනෙක කුරුණෑගල ශික්ෂණ රෝහලටත්, ඇස්දෙක අක්ෂිදාන සංගමයටත් ප්‍රදානය කරන්න අපට හැකිවුණා. ඇගේ අවයවවලින් කිහිප දෙනෙක් මේ වන විට ජීවත්වෙනවා. මේක දුකට වගේම සතුටටත් කදුළු හැලෙන මොහොතක්. මම ජනතාවගෙන් ඉල්ලන්නේ මෙවැනි අවස්ථාවක කෙනකුට අවයවයක් දන්දීලා තවත් කෙනෙක් ජීවත් කරවන්න කියලයි. ඒක තමයි උත්තම සත්කාරය. ඒක තමයි උතුම්ම දානය….’

විහඟනාට සහ ඇගේ මවුපියන් සිදුකළ මේ මාහැඟි සත්කාරයට ගෞරව කිරීමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ අවයව බද්ධ කිරිමේ ජාතික වැඩසටහන විසින් විහඟනා ආරියසිංහ මෙනවිය වෙනුවෙන් විශේෂ සහතිකයක් ඇගේ මවුපියන් වෙත ප්‍රදානය කිරීමට කටයුතු කර තිබුණා.

විහඟනා අධ්‍යාපනය ලැබූ මලියදේව පාසලේ ඇයගේ ගුරුතුමියක් වන ලක්මිණි සමරකෝන් ගුරු මෑණියන් පවසා සිටියේ මෙවැන්නකි.

‘විහඟනා කියන්නේ මගේ පන්තියේ සිටිය අහිංසකම සිසුවියක්. එයා අහිංසක වගේම පරිත්‍යාගශීලීයි. කෙනෙක්ට තමන් සතු ඕනෑම දෙයක් නොපැකිලිව දීමට තරම් පරිත්‍යාගශීලී කෙනෙක් වුණා. එයාගේ දැඩි විශ්වාසයක් තිබුණා උසස් පෙළ සමත්වෙලා අක්කා වගේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා උසස් අධ්‍යාපනයක් ලබන්න. නමුත් ඒ දරුවාගේ වගේම සියල්ලන්ගේම සිහින බොඳවෙලා ගිහින් ඉවරයි. මේ දරුවා දන් දුන්න අවයවවලින් මේ වන විට රෝගීන් හත්දෙනෙක්ට නිරෝගීව ජීවත්වෙන්න අවස්ථාව ලැබුණා. ඒ පිනම ඇති ඒ දරුවාට…’

ඇත්තෙන්ම ගුරු මෑණියන් පැවසුවා‌ සේම ඇය මියගියද ඇය තවම ජීවමානයි. ඇය බිහිකළ මවුපියන්ටත් ඇගේ අවයව බද්ධ කිරීමට දායක වූ වෛද්‍යවරු සියලු දෙනාටත් නිරෝගී සුව අත්වේවා යන්න බොහෝ දෙනාගේ පැතුමයි.

‘මිනිසුන් ඉපිද වෙන්වී යාවි.
එය සදාතනික වූ ලෝ දහමකි.
නමුත් ගෙවන මේ කෙටි කාලය තුළ
සියලු දෙනාගේ හදවතේ තරුවක් විය නොහැකිය.
තරුවක් වූ බව නෙතක
කඳුළක් උරුම කොට සැමට
ගියත් දුර ඔබ ඈත අහසට
අපේ හිත් තුළ සැමදාම දිළෙනු ඇත
ඉතින් යන්නට අවසරයි
සොඳුරු වූ නිවනට…’

යන්න බැනරයක සටහන්ව තිබුණා.

මලියදේව විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ඇදුරු මඩුල්ල විහඟනාගේ වෙන්ව යෑම දරාගන්න බැරිව බැනරයක සටහන් කර තිබුණේ

‘දෙවසරක කාලයට නුඹ ඇවිත් අප ළඟට
හිනාවෙන ඇස් දෙකින් උමතු කර අපි සැවොම
සිත් සොරාගත් විහඟනාවිය හොරු අරන් ගියාදෝ
සුවඳ වියැකී ගිහින් හදවත නිහඬ වී
අපි තාම ගොළු වෙලා නුඹ කොහේදැයි බලනවා
මගේ දුවේ දෙලොවින් ආ සුරලියක් වී
මනුලොවට ජීවය ලබාදී නුඹ ගියත් නොකියාම
නුඹ හිතේ හිඳීවි හැමදාම සුවඳ මල් කැකුලක්ව’

කෙසේ වෙතත් සියලු දෙනා හඬවමින් විහඟනා ඇගේ ජීවිතයට සමුදුන්නේ තවත් කිහිපදෙනකුට නිරෝගීව දිගු කලක් ජීවිත් වීමේ අපේක්ෂාව ඉතුරු කරමිනි.

විහඟනා එලෙස අවසන් ගමන් යද්දී අවනීතියට හිස නොනැමූ කෘෂි පර්යේෂණ නිලධාරිනී දීපශිකා ලක්රුවනි ඝාතනය වන්නේ පසුගිය 27 වැනිදා පෙරවරුවේය. ඇය සේවයට යමින් සිටියදී තම නැන්දණිය ඉදිරිපිටදීම ඝාතනයට ලක්ව තිබුණේ තංගල්ල වැලිආර නෙතොල්පිටිය ප්‍රදේශයේදීයි. ඝාතනයට ලක්වූ කාන්තාව 30 හැවිරිදි ආර්.එම්. දීපශිකා ලක්රුවනි විජේදාස වන අතර, ඇය කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරියක් ලෙස සේවය කරමින් සිටියා. ඇය සිය නිවෙසේ සිට මීටර් 150ක් පමණ දුරකදී ඝාතනය වී තිබුණේ සිය නැන්දණියද සමග සේවා ස්ථානය වෙත යමින් සිටියදීය. එම සිදුවීම දීපශිකාගේ නැන්දණිය විස්තර කළේ මේ ආකාරයටයි.

‘දුවයි මායි බස් එක ගන්න පාරට යනකොට ‘ඩැනී බේබි’ බෝක්කුව උඩ ඉඳගෙන හිටියා. එයා අපිව දැකලා අපේ ඉස්සරහට ආවා. එයා ළඟටම ඇවිල්ලා එකපාරටම ඉණේ තිබ්බ පිහියක් අරගෙන දුවගෙ බෙල්ලට ඇන්නා. පස්සේ මුහුණටයි හැම තැනටම අනින්න ගත්තා. මම ඒක නවත්වන්න හදනකොට මටත් අනින්න හැදුවා. දුව ලේ පෙරාගෙන බිම වැටුණා. ඩැනී බේබි බිම වැටිලා හිටපු දුවගේ බෙල්ල, ඔළුව එහාට මෙහාට තල්ලු කර කර කැපුවා. පස්සේ එයා මට අනින්න යනකොට මම දුවලා බේරුණා….’

කෘෂි නිලධාරිනියට මෙලෙස මරණීය තුවාල සිදුකළ ඩැනී බේබි නමැත්තා, ඇය රෝහලට රැගෙන යෑමට පවා කිසිවකුටත් ඉඩ නොදී ඇය අසලට පැමිණෙන අයට ලේ පෙරෙන පිහියෙන් අනින්නට උත්සාහ දරා ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම ඝාතනයේ සැකකරු වන ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ‘ඩැනී බේබි’ නැමැත්තා පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු ප්‍රධාන දේශපාලන පක්ෂයකින් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වීමට සිටි අයකු බවද සඳහන්ය. සැකකරු මෙම ඝාතනය සිදුකිරීමට හේතුව බවට අනාවරණ වී ඇත්තේ, රජයෙන් නොමිලයේ ලබාදෙන පොහොර ලබාගැනීමට අවශ්‍ය ලිපියක් දීපශිකා විසින් ඔහුට ලබානොදීමය. ධීවර කාර්මිකයකු වන ඩැනී බේබි නැමැත්තා නොමිලේ පොහොර ලබාගැනීමට ලිපියක් ඉල්ලා අවස්ථා කිහිපයකදීම කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනී දීපශිකාව මුණගැසෙන්නට පැමිණ කරදර කර ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණ වී තිබුණා.‌

රෝහල් සේවකයකු වූ ඔහුගේ මිතුරකු ගොවියකු බවට සහතික කරමින් පොහොර ලබාගැනීමට අදාළ ලිපියක් ව්‍යාජ ලෙස සකස් කර දෙන ලෙසටයි ඔහු දීපශිකාගෙන් ඉල්ලා තිබුණේ. පසුගිය 26 වැනිදාද සැකකරු කෘෂි නිලධාරිනිය පදිංචි නෙතොල්පිටිය නිවෙසට රාත්‍රියේ පැමිණ අදාළ ලිපිය ඉල්ලා තිබූ අතර, එවිට කෘෂි නිලධාරිනිය පවසා තිබුණේ පසුදා තමා කාර්යාලයට පැමිණ මේ පිළිබඳ කතා කරන ලෙසයි.

කෙසේ වෙතත් දීපශිකා මෙම නීති විරෝධී ලිපිය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දැඩි ලෙස උරණව සිට ඇති සැකකරු පිහියක්ද අතැතිව ඇය පැමිණෙන මග රැක සිට ඇත්තේ ඇය ඝාතනය කරන අපේක්ෂාවෙනි. ඒ අනුව සිය නැන්දණිය සමග පැමිණෙමින් සිටි කෘෂි නිලධාරිනියට පිහියෙන් ඇන ඇති අතර, බිම ඇදවැටී වේදනාවෙන් දඟලමින් සිටින අතරතුරද ඇයට තවත් පිහි පහර කිහිපයක් ඔහු විසින් එල්ල කළ බව දීපශිකාගේ නැන්දණිය පොලිසියට පවසා තිබුණා. ඇය බේරා ගැනීමේ අදහසින් තමා කෑගැසුවද සැකකරු තමාටද පිහි පහරක් එල්ල කිරීමට උත්සාහ දැරූ බවත්, ඒ අවස්ථාවේ එම ස්ථානයට පැමිණෙන අයටද පිහියෙන් අනින්නට සැකකරු උත්සාහ කර ඇති බවත් පොලිස් විමර්ශනවලිදී හෙළිවුණා. අවසානයේ තංගල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් පැමිණ දැඩි උත්සාහයක් දරා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

නීති විරෝධී ලෙස මෙම ලිපිය ලබාදීමට දීපශිකා කටයුතු කළා නම් ඇය මෙලෙස ඝාතනය වන්නේ නෑ. වරදාන වරප්‍රසාදවලට යටවී නීති විරෝධී කටයුතු සිදුකරන බොහෝ රාජ්‍ය නිලධාරීන් මෙන් දීපශිකා මෙම සැකකරුට පොහොර ලබාගැනීමට අදාළ ලිපිය ලබාදුන්නා නම් ඇය අදත් ජීවතුන් අතරය. එහෙත් නීතියට පිටින් කටයුතු නොකර සිටින්නට තරම් කොන්දක් ඇයට තිබීම ගැන අප ආඩම්බර විය යුතුය. ධන බලය වගේම දේශපාලන බලයද ඇති ඩැනී බේබි ආරක්ෂා කරන්න බොහෝ පිරිසක් ඉදිරිපත් වේවි. යම් දවසක ඔහු නිදහස්ව යළි ගමට පැමිණේවි. ඒත් යුක්තිය වෙනුවෙන් නිවැරැදි තීරණ ගත් දීපශිකා මේ රටේ සාධාරණත්වය අගයන මිනිස්සුන්ගේ හදවත්වල හැමදාමත් හිඳීවි.

දීපශිකාගේ ඝාතනය සිදුවූ දිනම තවත් තරුණියක් ඝාතනය වුණේ රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේදීයි. ඇය 25 හැවිරිදි සචිනි ජිනාදරීය.

පසුගිය 27 වැනිදා රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගැනුණා. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ සචිනි ජිනාදරී නමැති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරී තරුණියකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමකළ ඇය රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර තිබුණා.

පසුගිය 27 වැනිදා උදෑසන 6.30ට පමණ ඇය රැකියාව සඳහා ගෙදරින් පිටත්ව ගොස් ඇති අතර, වෙනදා මෙන් සිය පෙම්වතාට දුරකතන ඇමතුමක් නොදී තිබීම හේතුවෙන් සචිනිගේ මවුපියන් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. පසුව කළ සොයා බැලීමේදී ඇයගේ මෘත ශරීරය පදිංචි නිවෙසේ සිට මීටර 200ක් දුරින් පිහිටි නිල්වලා ගඟේ ඇළ මාර්ගයක් අසල බෝක්කුවක් යට තිබියදී සොයා ගැනුණා. සචිනිගේ සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බව ඇලපාත පොලිසිය සඳහන් කර ඇති අතර, මෙය තවත් ඝාතනයක්ද යන්න තහවුරු කරගෙන නැති බවයි පොලිසිය සඳහන් කර තිබුණේ. සචිනිගේ සිරුරේ බාහිරව හෝ අභ්‍යන්තරව කිසිදු තුවාලයක් පෙනෙන්නට නොවීම සහ ඇගේ ඇඳුම්ද ඒ අයුරින්ම තිබීම නිසා අතවරයක් හෝ පොරබැදීමක් වූ බවක් නොපෙනෙන බව පොලිසිය සඳහන් කර තිබුණා.

සිය පෙම්වතාට උදෑසන රැකියාවට යන්න කලින් සහ රැකියා ස්ථානයට ගිය පසු ඇමතුමක් දීම සචිනි පුරුද්දක් කරගෙන තිබුණා. නමුත් ඝාතනය සිදුවූ 27 වැනිදා උදෑසන ඇය ඔහුට කතාකර තිබුණේද නිවෙසේදී පමණයි.

සචිනිගේ මව දීපා ශ්‍රියාලතා මහත්මිය මෙම සිදුවීම සම්බන්ධයෙන් පවසා සිටියේ මෙවැන්නකි.

‘දුවට වැඩට යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් ඇලපාත පාර. අනෙක් එක පළාවෙල ඉඳන් රත්නපුරට යන පාර. ළඟදී දවසක මේ පාරකින් යනකොට ගෙදරක බල්ලෙක් දුවට බුරාගෙන පැනලා තියෙනවා. දුව ඒක නිසා වැඩට යන්න හරි බයයි ඒ පාරෙන්. දුව එදා වැඩට ගියේ අනිත් පාරෙන්. අනේ මගේ දුවට වෙච්ච දේ හිතාගන්න බැහැ. එයා වැඩට යන්න ඕනේ කව්වේ ගෙදර තියෙන ආර්ථික ප්‍රශ්න නිසයි….’

පාදුක්ක ප්‍රදේශයේ තරුණයකු සමග ලබන වසරේදී විවාහ වීමට සචිනි සූදානමින් සිටි බවද මව වැඩිදුරටත් පවසා තිබුණා. සචිනි පවුලේ වැඩිමහල් දියණිය වන අතර, රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකද වේ. ඇයට බාල සහෝදරියක සහ සහෝදරයකු සිටියි. සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මරත්න මහතාගේ උපදෙස් මත ඇලපාත පොලිසියට අමතරව පොලිස් කණ්ඩායම් දෙකක් මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා. මරණය පිළිබඳ ස්ථානීය පරීක්ෂණය සිදුකරනු ලැබුවේ රත්නපුර අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් සුමිත් ආනන්ද මහතා විසිනි. වැඩිදුර පරීක්ෂණ සඳහා සචිනිගේ මෘත ශරීරය රත්නපුර රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යවා තිබෙනවා.

අපේ රටේ කාන්තාවන්ට සිදුවන මෙවැනි කනගාටුදායක සිදුවීම් පිළිබඳ විමසා බැලීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල හිඩසක් නිර්මාණය වී ඇති බව පෙනී යනවා. අබිරහස් ලෙස මියයන, ඝාතනය වන තරුණියන්, වැඩිමහලු කාන්තාවන් ගැන අද වන විට නිරන්තරයෙන්ම අසන්නට ලැබෙනවා. කලක් රත්නපුර කහවත්ත ප්‍රදේශයම භීතියට පත්කරමින් කාන්තා ඝාතන රැල්ලක්ම ක්‍රියාත්මක වුණා. වසර කිහිපයකට පසුව එහි සැකකරු සොයාගත්තේ ඉමහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසුවයි. විද්‍යා, සේයා වැනි තරුණියන්, දියණියන් ඝාතනය වූ රටක මෙය තවත් එවැනි ඝාතනයක්ද යන්න තවමත් තහවුරු කරගෙන නැහැ. සචිනිට වූ මෙම කනගාටුදායක සිදුවීම හෙට දිනයේ ඔබට හෝ ඔබේ දියණියට සිදුවීමටද ඉඩ ඇත. එහෙයින් වඩාත් ආරක්ෂාකාරීව සෑම මොහොතකම කටයුතු කිරීම ඔබේ වගකීමකි. එමෙන්ම ඔබේ මව, සහෝදරිය, පෙම්වතිය, ඥාතිවරිය ගැනත් මීට වඩා අවධානයකින් කටයුතු කිරීමද ඔවුන්ගේ වටිනා ජීවිත ආරක්ෂා කරගැනීමට පිටිවහලක් වනු ඇත.



නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

රනිල් හොරෙන්ම දකුණට යයි! වීඩියෝව එළියට එයි! VIDEO

Next Post

කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාව තුළ ලංකාපේ කාඩ්පත් එළිදක්වයි…

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.