• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වේදිකාවට නැගපල්ලා…! කඩේ පලයල්ලා…! ඒත් කලාකරුවන්ට සලකපල්ලා…! අපි කලාකරුවන්ට කියන්නේ අන්න ඒකයි…!

March 31, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
වේදිකාවට නැගපල්ලා…! කඩේ පලයල්ලා…! ඒත් කලාකරුවන්ට සලකපල්ලා…! අපි කලාකරුවන්ට කියන්නේ අන්න ඒකයි…!
Share on WhatsAppShare on Facebook

කලාකාරයෝ දේශපාලන වේදිකාවට නගින කලාව ගැන කතන්දර කොයි තරම් නම් අපි කියලා ඇද්ද? ඇත්තටම කියනවා නම් එක එක තාලෙට එක එක ජාතියේ සිදුවීම් අල්ලාගෙන ඒ ගැන අපි කතාකරපු වාර අනන්තයි අප්‍රමාණයි. අදත් මේ සූදානම් වෙන්නේ එහෙම කතාවක් කියන්නද?

අපොයි නැහැ. මේ සූදානම් වෙන්නේ ඊට වැඩිය වෙනස් කතාවක් කියන්නයි. මොකද දේශපාලන වේදිකාව සහ කලාකාරයා ගැන කතා කරන්න හෝ ඒ ගැන කරුණු කාරණා එකතු කරලා යාං හෑලි ලියන්න තරම් විස්තරයක් දැන් ඇහැට පේන්න හෝ කනට ඇහෙන්නත් නැහැ. ඒකට හේතුව රාජපක්ෂ ආණ්ඩුවට ලක්ෂ හැටනවයක ඡන්ද අරන් දෙන්න ගිහිල්ලා අපේ කලාකරුවෝ ‘කලා කවයක්’ විදියට එකතු වෙලා නාගත්ත නාගැනිල්ල සුපිරි නෑමක් වීමයි. ඒ වගේම රාජපක්ෂ හවුල එකට එකතු වෙලා රට හතරගාතේ දාලා බිමට ඇදවැට්ටෙව්වට පස්සේ මුහුණුපොත හරහා කතිරය ගහපු මිනිස්සුම ඔවුන්ට ‘නිවන් සුව’ පතන කොට ඉහත කී කලා කවය හදපු කලාකාරයෝ කොයිද කියලාවත් හොයාගන්න බැරිවිය. ඕෂධීලා වාගේම ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණුලාද ඉන්ටර්විව් එකකට ආවත් පොලිටික්ස් ගැන කතා කිරීම මාධ්‍යවේදීන්ට තහනම් කොට තිබිණි. ඔන්න ඒ නිසාවෙන්ම කලාකරුවන් දේශපාලන වේදිකාවට සමග සම්බන්ධ කොට කතා කිරීම දැන් නම් විහිළුවකට සමාන වී ඇත.

ඉතින් මේ යොමුවන්නේ අද කියන්නට යන එයට වෙනස් තාලේ කතාවටය. ඒ කතාව සුපිරි ටෙලි නිළියකව සිටි අතිදක්ෂ රංගනවේදිනියක ගැන කතාවකි. මතකය නිවැරැදි නම් ඈ කලා ලෝකයට පය තැබුවේ විජය ධර්ම ශ්‍රී නම් ප්‍රවීණ නිර්මාණකරු මහපොළ ශිෂ්‍යත්වය අලළා තැනූ ‘චාරුලතා’ නම් ජනප්‍රිය ටෙලිනාටකයත් සමගය. රන්ජන් රාමනායක සහ රමණී සිරිවර්ධන සමග එදා එහි රඟපෑ ඒ ප්‍රතිභාපූර්ණ නිළිය සුසන්තා චන්ද්‍රමාලිය. තවත් විදියකට කියනවා නම් අදටත් ජනප්‍රියත්වය සමග තරග කරන තිසුරි යුවනිකාගේ අම්මා ඈය.

ලෙඩ දුක් හැදෙන්නේ තරාතිරම් හෝ තනතුරු බලන්නේ නැතිව යැයි යන කියමන සනාථ කරමින් සුසන්තා චන්ද්‍රමාලි නම් මේ ජනප්‍රිය කලාකාරියද පිළිකා රෝගයට ගොදුරු වූයේ නොසිතූ ලෙසය. නොසැලී නොබියව තිසුරි තම අම්මාව බලාකියා ගත් නිසා පළමු වතාවේදී පිළිකා රෝගයෙහි අවදානම්සහගත තත්ත්වයෙන් සුසන්තා මිදුණාය. එහෙත් බොහොමයක් වූ පිළිකා රෝගීන් මුහුණදෙන දෙවැනි අවදානම සුසන්තා වෙතතද පැමිණ තිබුණේ හිතුවේ නැති විදියටය. එලෙසම දෙවැනි අවදානමට මුහුණ දුන්නා පමණක් නොව ඉහළ මිලකට අලෙවි වන ඖෂධ මිලට ගන්නට නොහැකිව අසීරුතාවටද සුස්න්තා අන් බොහොමයක් වූ රෝගීන් සේම මුහුණ පෑවාය.

සියල්ල සිදුවන්නේ ගස් ගල්වලට නොව මිනිසුන්ටමය යන නිදසුන් දෙමින් සුසන්තා මුහුණු පොත හරහා තම අසීරුතාව ලොව හමුවේ ප්‍රකාශ කොට සිටියේ නිහතමානීවය.

එතැනදී දහසකුත් එකක් ටෙලිනාට්‍ය ලෝලීන්ගේ ශෝකවත් ප්‍රකාශයන් එම පෝස්ටුවට ලැබුණා මිසක ඈ වෙනුවෙන් මුදලින් උපකාර කරන අයකු සොයාගැනීම අසීරුව තිබිණි.

ඒ අතර ප්‍රසිද්ධ සමාජ සේවිකාවක සහ නිරූපිකාවක වූ පියුමි හංසමාලි, සුසන්තා චන්ද්‍රමාලිගේ ඖෂධ වියදම තමාට දරන්නට පුළුවන් බව පවසමින් මුහුණු පොතෙහි ඇගේ සොඳුරු රූ සපුව සමග පෝස්ටුවක් මුදාහැර තිබුණාය. එම පෝස්ටුවට පියුමි හංසමාලිට ලැබුණු පින්වන්ත ආශීර්වාදයන් හාරපන්සිය ගණනක් විය. එයට පසුව ඒ ගැන හාවක් හූවක් අසන්නට හෝ දකින්නට ලැබුණේ නැත.

අරගලයට සහාය දුන්නාය කියන චෝදනාව මත රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් දඟගෙයි දාපු ප්‍රවීණ නිළි දමිතා අබේරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව මුණගැහෙන්නට ගියේ ඒ අතරවාරයේය. අසරණව සිටින කලාකාරී මිතුරිය, එහෙමත් නැත්නම් සහෝදරිය වෙනුවෙන් යමක් කරන්නට දමිතාට ඕනෑ විය. සජිත් ප්‍රේමදාසව මුණගැසෙන්නට ඈ ගියේ ඒ දයාවන්ත කාරණය ඔළුවේ තියාගෙනය.

‘සුසන්තා චන්ද්‍රමාලි වෙනුවෙන් අපි මොනවා හරි කරන්න ඕනෑ විපක්ෂ නායකතුමා. ඒක අපේ යුතුකම. විශේෂයෙන් ඔබතුමා සමග මේ මොහොතේ මම ඉන්න නිසා සහෝදර කලා ශිල්පිනියක ලෙස මම ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නම ඕනෑ…’

දමිතා, සජිත් හමුවේ කියා සිටියේ එහෙමය.

‘ඔව්, අපි බලමු මොනවා හරි කරන්න…’

බොහෝ දේශපාලකයන් දෙන ඒ උත්තරය වෙනුවට සජිත් ප්‍රේමදාස එතැනදී කළේ පසුදාම රුපියල් ලක්ෂ ගණනක් වටිනා ඖෂධ සහිත තිළිණයක් සුසන්තාගේ නිවෙසටම ගිහින් ඇගේ දෝතට තෑගි කිරීමය.

මෙම සිදුවීමෙහි වැදගත්ම කොටස වන්නේ සුසන්තා චන්ද්‍රමාලි මුහුණු පොත හමුවේ සිය අවශ්‍යතාව සහ තමා මුහුණපා සිටින බැරෑරුම් තත්ත්වය ප්‍රකාශ කිරීම නොවේය. එහෙම නැත්නම් පියුමි හංසමාලි වැනි සුරූපී සමාජ සේවිකාවක් සුසන්තාට උපකාර කිරීමට ඉදිරිපත් වීමද නොවේය. එහෙම නම් වැදගත් කොටස වන්නේ දමිතා අබේරත්න, සුසන්තා වෙනුවෙන් විපක්ෂ නායක සජිත්ව සොයා යෑම හෝ ඔහු දෙවරක් නොසිතා සුසන්තාට උදව් උපකාර කිරීමට පෙලඹීමද?

නැහැ, ඒ හැම දේටම වැඩිය මෙහි වැදගත්ම සිදුවීම වන්නේ සජිත් පක්ෂග්‍රාහී බව අමතක කොට දමා සුසන්තාට උපකාර කිරීමට පෙලඹීමය. පක්ෂග්‍රාහී බව අමතක කොට දමා කීවේ, සුසන්තා චන්ද්‍රමාලි, සජිත්ට විරුද්ධව යම් දේශපාලන මතයක් දැරූ කලා ශිල්පිනියක්ද?

සුසන්තා චන්ද්‍රමාලි පසුගිය මැතිවරණයකදී රාජපක්ෂ ආණ්ඩුවට පක්ෂව හම්බන්තොටින් ඡන්දයට ඉදිරිපත්ව තිබිණි. මේ කරන්නට යන්නේ පරණ කෝන්තර පිරිමැහිල්ලක් නොව, උදව් උපකාර කුල කීමක්ද නොව, මේ කියන්නට යන්නේ මිනිස් සිත පිනවූ කලාකාරයකු හෝ කලා ශිල්පිනියක අසරණ වූ විට පක්ෂ පාට අමතක කරලා හැමෝම ඔවුන්ට උදව් උපකාර කළ යුතුය යන යහපත් සිතුවිල්ල පෙරදැරි කොට ගෙන අපි කවුරුත් එකා වගේ අත්වැල් බැඳගත යුතුය යන හැඟීම සහ සිතුවිල්ල ලෝකයා හමුවේ තබන්නටය.

දමිතා මාධ්‍ය හමුවේ කියා සිටියේ, ‘සුසන්තා චන්ද්‍රමාලි නම් මගේ සහෝදර කලා ශිල්පිනිය වෙනුවෙන් මැදිහත් වෙන මොහොතේ මම සජිත් ප්‍රේමදාසට පළමුවෙන්ම කියා සිටියේ සුසන්තා පොහොට්ටුවට පසුගිය ඡන්ද කාලයේ ක්‍රියාකාරීව එක්ව සිටි බවයි. නමුත් එතුමා කිව්වා, ඒවා මෙතැනදී අදාළ නැහැ. ඒවායින් මට වැඩකුත් නැහැ, අපි ඇයට උපකාර කිරීමයි වැදගත් කියා…’
දේශපාලනමය ගනුදෙනුවලදී තමන්ට අවශ්‍ය මතයක් දැරීම කාගේත් නිදහස් අයිතියකි. කලාකරුවන්ටද ඒක එහෙමය. සුසන්තා චන්ද්‍රමාලි පොහොට්ටුවට පක්ෂව මැතිවරණයට පෙනී සිටියේද එනිසා වන්නට ඇත. තිසුරි යුවනිකාද 69 ලක්ෂයක ඡන්ද මල්ලක් ගෝඨාභයට ලැබුණු ජනාධිපති සටනේදී විශ්ව කොඩිකාරලා සමග කලා කවය පිහිටුවා ගත්තේද ඒ නිසා වන්නට ඇත. ඒ, එදා ඔවුන් දැරූ දේශපාලන මතය වන්නට ඇත. අම්මා ප්‍රසිද්ධ වේදිකාවට නැඟලා ඡන්දය ඉල්ලපු හින්දා දුව තිසුරිද ඇය සමග කලා කවයෙන් පොහොට්ටුවට අත්වැල දෙන්නට ඇත. එය ඔවුන්ගේ කැමැත්තය. එහි වරදක් නැත්තේද නිදහස් මත දැරීම නරකක් නොවන නිසාය.

ඒ සියල්ල මැද මෙතැනදී දකින්නට පුළුවන් හොඳ වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ කිසිවක් සිතට නොගැනීමය. මේ මොහොතේ සුසන්තාට උදව් කළ යුත්තේ පොහොට්ටුවේ පිරිස් නොවේදැයි ඔහුට සිතුණේ නැති එක අමතක නොකළ යුතු කාරණයකි. හරි නම් මෙතැනදී උදව් උපකාර රැගෙන පැමිණිය යුත්තේ නාමල් රාජපක්ෂ හෝ රාජපක්ෂ බැටෑලියන් එකේ වෙනත් අයකු නොවේදැයි සජිත්ට හිතුණේ නැති එක මෙම සිදුවීමේ ‘හයිලයිට්’ විය යුතු හොඳම කොටස වන්නේය.

දමිතා අබේරත්න උදව් ඉල්ලන මොහොතේද සුසන්තා පොහොට්ටුවේ සාමාජිකාවක බව ඇය පවසා සිටියේ තම සිතටද එය විචිකිච්චාවක් වූ නිසා නොවේද? එහෙත් ඒ විචිකිච්චාව සජිත්ට නොදැනී තිබීම මේ සද්කාර්යයේදී කාටත් සිතට දැනුණු, ඇසට පෙනුණු සුවිශේෂ සිදුවීමක්ව තිබිණි.
අර කිව්වත් වාගේ සුසන්තා වෙනුවෙන් ඉදිරිපත් වෙතැයි සිතන්නට අනුමාන කරන්නට තව කොයි තරම් නම් අය ඉන්නවාද? දළ වශයෙන් දක්වනවා නම් නාමල් ප්‍රමුඛ තව ඕනෑ තරම් රාජපක්ෂ අනුගාමිකයන්ට සුසන්තාගේ ෆේස්බුක් පෝස්ටුවට හැරෙන තැපෑලෙන් උපකාර අරගෙන එන්නට තිබිණි. ඒ වෙනුවෙන් ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු හෝ ජැක්සන් පවුලේ කුමාරි මුණසිංහලා වැනි අයට කලා ශිල්පීන් ලෙස පෙනී සිටින්නට තිබිණි. නමුත් ඒ කිසිවක් සිදුවූයේ නැත.

සිදුවූයේ දමිතාගේ කන්නලව්වට ඉතසිතින්නම අත එසවූ සජිත්, හම්බන්තොටින් පොහොට්ටුව නියෝජනය කරමින් ඡන්දය ඉල්ලූ තම ප්‍රතිවාදියා වෙනුවෙන් ඇගේ නිවෙසට පැමිණීමය.
මෙම සටහන හෝ මෙයට ඇතුළත් කිසිවක් සුසන්තා චන්ද්‍රමාලි නම් අතිදක්ෂ කලාකාරියට අගතියක් හෝ අපහාසයක් කිරීමට ලියවුණේ නැති බව සුවිශේෂව සඳහන් කළ යුතුමය.
එහෙනම් මෙවැන්නක් ලියවුණේ කුමක් අරබයාද?

ඒ අරමුණෙහි වූයේ එකම එක අදහසකි. ඒ,

‘කලාකරුවෙක් අසරණ වුණාම පක්ෂ පාට අමතක කරලා ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙයල්ලා…’ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හැමෝටම දුන් අගනා පණිවුඩයය.

කොහොමත් රණිසිංහ ප්‍රේමදාස මහත්තයාද කලාකරුවන් සමග ඉතා සුහදව කටයුතු කළ දේශපාලන නායකයෙකි. ශ්‍රී ලාංකේය වශයෙන් ගත් කල ඉතා සුළු චරිත රඟපෑ නළු නිළියන්වද ප්‍රේමදාස මහත්තයාට මතක තිබිණි. නළු නිළියන්ගේ මුල් නම, සිනමාව වෙනුවෙන් ලද ආරූඪ නම වාගේම වාසගමද ඔහුට පැහැදිලිව මතක තිබුණේය.

‘නම මොකක්ද කිව්වේ…? එදා කතා කළාට මට දැන් හරියට මතක නැහැ….’ කියා කලාකරුවන් පිරිවරාගත් උත්සවයකට ගිය විටෙක ප්‍රේමදාස මහත්තයා කාටවත්ම කියලා නැත. නම, ගම, වාසගම පමණක් නොව කලාකරුවන්ගේ උපන් දිනයන්ද ඔහුට කවදාවත් අමතකව ගියේ නැත. ඒ වාගේම උපන් දිනය දවසේ අහවල් කලාකරුවාට කෝල් එකක් දීලා සුබ පතලා විතරක් ජාම බේරාගත්තේද නැත. කලාකරුවන් වෙනුවෙන් ඔහු තව බොහෝ දෑ දුන්නේය. බොහෝ යුතුකම් ඉටු කළේය. ගල්කිස්සේ කලාපුර නිවාස සංකීර්ණය ඉන් එකකි. සම්මානනීය අසහාය නළු ජෝ අබේවික්‍රම මහතා දෘශ්‍යාබාධයකින් පෙළෙන්නට ගත් අවස්ථාවේ ඉන්දියාවට යවා ඔහුට ඇස් බද්ධ කිරීමක් සඳහා අවශ්‍ය මුදල් පරිත්‍යාගය නිර්ලෝභීව සපයා දීම තව එකකි.

රණසිංහ ප්‍රේමදාස එලෙසින් කලාකරුවන් වෙනුවෙන් කළ පරිත්‍යාග එමටය.

ඇතැම් විට ඔහු කලාකරුවන්ට දැක්වූ ඒ සැලකිලිමත් බවෙහි හුරුව සජිත් ප්‍රේමදාස වෙතද පැමිණියා වන්නට පුළුවන. හෙළ සංගීත කලාවේ ගීත කෝකිලාවගේ 87 වැනි උපන් දිනය දවසේද ඔහු ඇය බැහැදැකීමට ගියේ එනිසා වන්නට පුළුවන.

මේ සියලු කතා මැද මොහොතක විරාමයක් ගෙන අප මෙලෙසද ප්‍රාර්ථනා කරන්නෙමු.
ටෙලි කලා කෙත සොඳුරුව අස්වැද්දූ සම්මානනීය ප්‍රවීණ රංගවේදිනී සුසන්තා චන්ද්‍රමාලිට ඉක්මන් සුව සමග තව චිරාත් කාලයක් දිවි මඟ පියනැඟීමට අවැසි ආශීර්වාදය ලැබේවා….

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පිට පිට 6 වැනි දිනටත් රුපියල ‘ඩවුන් ද පල්ලම්’!

Next Post

අවම බස් ගාස්තුව රුපියල් 30යි! ප්‍රයිවට් බස්වල වැඩියෙන් ගන්න හැදුවොත් දෙන්න එපා! VIDEO

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.