වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ආණමඩුව පොලිස් අධිකාරී හා ආණමඩුව පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා පොලිස් කේෂත්‍ර බළකා මුලස්ථානයට මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ.
මෙසේ හදිසි ස්ථාන මාරු ලබාදී ඇත්තේ වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස්. පතිනායක, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි.එම්. සෙනවිරත්න, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පුෂ්පකුමාර, ආණමඩුව පොලිස් අධිකාරි එච්.එම්.සී.පී. හේරත් හා ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිලන්ත ආර්. බංඩාර නමැති පොලිස් නිලධාරීන්ට බව පැවැසේ.
මෙම ස්ථාන මාරුවීම් පොලිස්පතිවරයා විසින් ඊයේ (28) දින රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරමින් අදාළ නියෝගය නිකුත් කර තිබේ.
මෙම මාරුවීම් සදහා හේතුවී ඇත්තේ පසුගිය 22 දින නවගත්තේගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයකුට ආණමඩුව ආලංකුලම ප්‍රදේශයෙදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් පහරදීමේ සිද්ධිය සමතයකට පත් නොකර අධිකරණය දක්වා යාම බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
lankadeepa










