• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ලෝකයම එරෙහි වෙද්දී මහින්ද IMF එකෙන් ඩොලර් බිලියන 2.5ක් ගත්ත හැටි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

March 25, 2023
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
ලෝකයම එරෙහි වෙද්දී මහින්ද IMF එකෙන් ඩොලර් බිලියන 2.5ක් ගත්ත හැටි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘ආණ්ඩුව අයි.එම්.එෆ්. යුද්ධයත් දිනයි…’
29.07.2009

මේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ඉතිහාසයේ විශාලතම අයි.එම්.එෆ්. ණය පහසුකම හිමි කරගත් දින ලංකාවේ මාධ්‍යවල පළවූ පුවත් සිරස්තලයය.

‘මහින්දගේ ආණ්ඩුවට එක පිට එක ජය. ආණ්ඩුව අයි.එම්.එෆ්. යුද්ධය දිනයි…’
31.07.2009
සන්ඩේ ටයිම්ස්

මේ, සන්ඩේ ටයිම්ස් පත්තරය අයි.එම්.එෆ්. සහනය ලංකාවට හිමිවීම වාර්තා කළ ආකාරයය.

මහින්දගේ ආණ්ඩුව අයි.එම්.එෆ්. ණය සහනය ගන්න ඉල්ලුම් කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව යුද්ධය යන අතරතුරදීය. යුද්ධයේ දරුණුතම කාලයේ සටන් විරාමයකට යන ලෙස බි්‍රතාන්‍ය සහ ප්‍රංශ විදේශ ඇමැතිවරු ලංකාවට පැමිණ මහින්ද හමුවී කළ ඉල්ලීම මහින්ද පයට පෑගෙන දූවිල්ලකට ගණන් නොගැනීමත්, මහින්ද ස්වීඩන් විදේශ ඇමැතිට ලංකාවට පැමිණීමට අවසර නොදීමත් යන හේතු නිසා මහින්දගේ ආණ්ඩුවට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව සිටියේ අවි අමෝරාගෙනය. 2009 මැයි පළමු වැනිදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති මැක්සිකානු තානාපතිවරයා ‘ද ගාඩියන්’ පුවත්පතට පවසා සිටියේ ලංකාවට අයි.එම්.එෆ්. සහනය ලබාගැනීම වළක්වන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කටයුතු නොකරනු ඇති බවය.
‘ජාත්‍යන්තර බලපෑම් තිබුණත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ලංකාවට අයි.එම්.එෆ්. ණය සහනය දීමට බාධා නොකරයි…’
එ.ජා. ආරක්ෂක මණ්ඩල සභාපති
01.05.2009
‘ද ගාඩියන්’

31.07.2009 දින ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත සඳහන් කළේ ලංකාවට අයි.එම්.එෆ්. සහනය ලබාදීමට තීරණය කරන අයි.එම්.එෆ්. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ජර්මනිය සහ ප්‍රංශය ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි නොකිරීමට තීරණය කළත්, ලංකාවට විපක්ෂව ඡන්දය පාවිච්චි නොකර ඔවුන් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ලංකාවට අයි.එම්.එෆ්. ණය ලැබීම වළක්වන්න ඇමෙරිකාව කටයුතු කරන බවට එවක මුදල් රාජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම චෝදනා කළත් එකල මෙරට ඇමෙරිකානු තානාපති බ්ලේක් කීවේ එය අසත්‍යයක් බවය. ඇමෙරිකාව අයි.එම්.එෆ්. අධ්‍යක්ෂ මණ්ඩලයේදී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළා නම් ලංකාවට ණය ලැබෙන්නේ නැත. ඒත් ඇමෙරිකාව මහින්දගේ ආණ්ඩුව යුද්ධයේදී ක්‍රියා කළ ආකාරය හෙළාදකින ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ දෙමළ ඩයස්පෝරාව සතුටු කරන්න ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි නොකර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් නැගිට ගියෝය.

එකල මහින්දගේ ආණ්ඩුව ලංකාවට පෙන්නුවේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල විරෝධය හමුවේ මහින්ද අයි.එම්.එෆ්. ණය ලබාගන්න සමත් වූ බවය. ඒ වෙනකොට යුද්ධයේදී මානව හිමිකම් කඩකිරීම්, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම ඇතුළු මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් මහින්දගේ ආණ්ඩුවට එරෙහිව ජාත්‍යන්තර චෝදනා පත්‍රයක් තිබිණි. වෙනකක් තබා මහින්දගේ පාක්ෂිකයන් මෙරට බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය යුද්ධයේ අවසන් දින කිහිපයේ ප්‍රභාකරන් බේරාගන්න කුමන්ත්‍රණය කළා කියා කොළඹ මහකොමසාරිස් කාර්යාලයට කුණු තක්කාලි සහ ගල් මුගුරු ප්‍රහාරයක් එල්ල කර තිබිණි. මුළු ලෝකයම මහින්දගේ ආණ්ඩුවට එරෙහිව නැගීසිටියදීත් මහින්දගේ ආණ්ඩුවට අයි.එම්.එෆ්. සහනය ලැබිණි. මහින්දගේ පාක්ෂිකයන්ගෙන් කුණු තක්කාලි, කුණු බිත්තර සහ ගල් මුගුරු කාපු බි්‍රතාන්‍යයත් ලංකාවට ණය දීමට එරෙහිව ඡන්දය පාවිච්චි කළේ නැත.

එකල මෙරට විපක්ෂ නායක වූයේ ජාත්‍යන්තරයම පිළිගන්නවා කී රනිල් වික්‍රමසිංහය. ජාත්‍යන්තරයේ ළඟම මිතුරා කී මංගලත් විපක්ෂයේ සිටියේය. ඒත් අයි.එම්.එෆ්. ලංකාවට ණය සහනය දෙන්න තීරණය කළේය.

‘ඉතින් ජාත්‍යන්තරයම පිළිකුල් කළ මහින්දට අයි.එම්.එෆ්. ලංකාවේ ලොකුම ණය මුදල දුන්නා නම් ජාත්‍යන්තරයම පිළිගන්නවා කියන රනිල්ට අයි.එම්.එෆ්. ණය දීමේ මහ ලොකු විජ්ජාව මොකක්ද…?’

මහින්දට හෝ රනිල්ට පමණක් නොව ජනතාව යකඩ සපත්තුවෙන් පාගාගෙන ඉන්න ලොව ප්‍රබලතම ඒකාධිපතීන්ටත් අයි.එම්.එෆ්. ණය දී තිබේ. එළියේ ඒකාධිපතියකු වූ පිනෝචේටද අයි.එම්.එෆ්. ණය දුන්නේ ඔහු දසවධ දී මිනිස්සු මරද්දීය. එහෙම බලනකොට අයි.එම්.එෆ්. කොන්දේසි ඉටුකරනවා නම් යකාට වුණත් අයි.එම්.එෆ්. ණය ගැනීම මහලොකු කජ්ජක් නොවේ. අද රනිල් ඉන්න පුටුවේ ගෝඨාභය හෝ බැසිල් හෝ මහින්ද හිටියත් අයි.එම්.එෆ්. ණය හිමිවෙයි. මේ ණය ගන්න පළමුවෙන්ම කතා කළේ මුදල් ඇමැති ලෙස බැසිල් රාජපක්ෂය. බැසිල් මුදල් ඇමැති ලෙස අයි.එම්.එෆ්. සමග ඇති කරගත් එකඟතා මොනවාදැයි එදා රනිල් ප්‍රශ්න කරන්නේ අයි.එම්.එෆ්. සමග සාකච්ඡා බැසිල් පටන් අරගෙන තිබුණු නිසාය. ඉන් පසු ලංකාව බංකොලොත් බව ප්‍රකාශයට පත්කොට ගෝඨාභය බැසිල්ව මුදල් ඇමැති ධුරයෙන් ඉවත් කොට අලි සබි්‍රව මුදල් ඇමැති කොට ඔහුව අයි.එම්.එෆ්. යැව්වේය. ඉන්දියාවේ විදේශ ඇමැතිනී නිර්මලා ලංකාව වෙනුවෙන් කතාකොට අයි.එම්.එෆ්. ණය පහසුකම ගන්න මුදල් ඇමැති අලි සබි්‍රට උදව් කළාය. බැසිල් පටන් අරගෙන අලි සබි්‍ර භාරගත්ත වැඩේ රනිල් අවසන් කළේය.

‘ අයි.එම්.එෆ්. ස්ටාෆ් ලෙවල් ඇග්‍රිමන්ට් අස්සන් කරන්න හිටියේ ජූලි මාසයේ. අරගලය නිසා ඒක කඩාකප්පල් වුණා…’

මේ, රනිල් අයි.එම්.එෆ්. ස්ටාෆ් ලෙවල් ඇග්‍රිමන්ට් අස්සන් කිරීමෙන් පසු කිව්ව කතාවය. ඒ කියන්නේ අයි.එම්.එෆ්. ස්ටාෆ් ලෙවල් ඇග්‍රිමන්ට් අස්සන් කරන්න ඉඳලා තියෙන්නේ ජනාධිපති ගෝඨාභයගේ නායකත්වය යටතේය. අයි.එම්.එෆ්. ණය සහනය ගන්න අයි.එම්.එෆ්. සමග ගනුදෙනු කරන්න ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ඇති තිදෙනෙක් පත් කළේය. එක් අයෙක් හිටපු මහබැංකු අධිපති කුමාරස්වාමිය. අනෙක් දෙදෙනා ශාන්ත දේවරාජන් සහ ගාමිණී කුරේය. එලෙසම ලංකාවේ ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කරන්න ලොව ප්‍රකට ලසාඩ් සහ ක්ලිෆර්ඩ් කොම්පැනියට භාරදුන්නේත් ගෝඨාභයය. රනිල් අයි.එම්.එෆ්. එක්ක ගනුදෙනු කළේත් මොවුන් හරහාය. ඒ නිසා මේ අයි.එම්.එෆ්. සහනය ලබාගැනීම මහලොකු විශ්මකර්මයක් නොවේ.
මේ අයි.එම්.එෆ්. ණය ලංකාවට ලබාගන්න ඇමෙරිකාව, ඉන්දියාව සහ ජපානය බැහැලා ගේම ගැසූහ. ඒ වෙන හේතුවක් නිසා නොව ලංකාව චීනයෙන් ණය ගනියි කියන බයටය. මහින්ද සහ රාජපක්ෂවරු මුළු ජාත්‍යන්තරය සමගම කොකු පටලවාගෙන සිටියදී 2009 අයි.එම්.එෆ්. මහින්දට ණය දුන්නේත් මහින්ද චීන කොන්දේසිවලට යටත් වී චීනයෙන් ණය ගනී කියන බයටය. ලංකාවට අයි.එම්.එෆ්. ණය ගන්න කියලා බලපෑම් කළේ ඇමෙරිකාව, ජපානය සහ ඉන්දියාව බව මුළු ලෝකයම පිළිගෙන ඇත. ලංකාවට අයි.එම්.එෆ්. ණය සහනය ගන්න බාධාව චීනය යැයි ඇමෙරිකාව පොළොවේ පස් කන්න ගියේ චීනය කොටු කරගන්නටය.

අයි.එම්.එෆ්. ණය ගන්න අවශ්‍ය කොන්දේසි සියල්ල මම ඉටුකළා යැයි රනිල් ප්‍රකාශ කළ විට අයි.එම්.එෆ්. විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා කීවේ චීනය ලියුම දෙනතුරු ණය දෙන්න බැහැ කියාය. එයින් පේන්නේ උත්සාහ කළේ ලංකාව ලවා චීනය අයි.එම්.එෆ්. කොන්දේසි ළඟ දණගස්වන්නටය.

චීනය තමන් වෙනත් රටවලට දෙන ණය අයි.එම්.එෆ්. ලවා ප්‍රතිව්‍යුහගත කරගන්න කැමැති නැත. සැම්බියාව, ලංකාව වගේම චීනයෙන් ණය ගත් රටකි. සැම්බියාවට ලංකාවට වගේම අයි.එම්.එෆ්. පළමු ණය වාරිකය ලැබුණේය. ඒත් චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කරගන්න බැරිව දැන් සැම්බියාවේ සහ අයි.එම්.එෆ්. ගනුදෙනුව අතරමග නතර වී ඇත.

‘ඒ කියන්නේ අයි.එම්.එෆ්. රනිල්ට ණය පාස් කළේ චීනය කොටු කරන්නද…?’

ඇත්ත කතාව ඒකය. රනිල්ට අයි.එම්.එෆ්. එකෙන් ලැබුණේ බිලියන 2.9කි. මහින්ද මුළු ලෝකයම එරෙහි වෙද්දී බිලියන 2.5ක් අයි.එම්.එෆ්. එකෙන් ගත්තත් ඔහු අයි.එම්.එෆ්. ගිවිසුමට තම අස්සන දැම්මේත් නැත. මුදල් ඇමැති ලෙස අයි.එම්.එෆ්. ගිවිසුමට මහින්ද අස්සන් තැබිය යුතු වුණත් මහින්ද අස්සන් කිරීම මඟහරින්න ඊජිප්තු ගියේය. ගිවිසුමට අස්සන් කළේ එවක මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටියය. මහින්ද හිතුවේ ගිවිසුමට අස්සන් තැබීම තමන්ගේ දේශපාලනයට කැලලක් කියාය. රනිල් සහ ඔහුගේ පක්ෂය හිතන්නේ එය විජයග්‍රහණයක් කියාය. සිරිකොතේ රතිඤ්ඤා පත්තු වුණේ ඒකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

බැසිල් කාටවත් නොකියා තනිවම ගිහින් රනිල් හමුවෙලා! ඇමැතිකම් ගැනත් කතා කරලා! එයාලට බැරිනම් මෙයාලට දෙන්න කියලා රනිල්ගෙන් ඉල්ලලා! EXCLUSIVE

Next Post

හපුහින්න අමාත්‍යංශ ලේකම්කමින් එළියට විසිවූ රහස එළියට එයි! EXCLUSIVE

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.