• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මාරාන්තික කොරෝනා ‌ලෙඩා ඉන්න IDH ‌රෝහලට ‘මව්රට’ ගිය බිහිසුණු ගමන

February 1, 2020
in News, Politics, Uncategorized
Reading Time: 4 mins read
A A
මාරාන්තික කොරෝනා ‌ලෙඩා ඉන්න IDH ‌රෝහලට ‘මව්රට’ ගිය බිහිසුණු ගමන
Share on WhatsAppShare on Facebook

ඇත්තටම මේ මෑත ඉතිහාසයේ අපිට නුහුරු නුපුරුදු දෙයක්. අපි රටක් විදියට මෑත අවුරුදු විස්ස විසිපහ සීමාවේ හිතාගන්න බැරි විදියෙ අර්බුදයකට මුහුණ දුන්නා නම්, ඒ ඩෙංගු විතරයි. සාර්ස්, චිකුන් ගුන්යා වගේ වෛරස් ගැන ඇහුවට ඒවා අපිට දැනුණෙ නැහැ. හැබැයි අද වෙනකොට අපිට දැනිලයි තියෙන්නේ. මුළු රටේම බරපතළ විදියට ‘කොරෝනා’ බය පැතිරිලා. ආගමික නායකයො පවා ඒ ගැන ප්‍රවෘත්ති සාකච්ඡා තියන තැනට පත්වෙලා. මුහුණු ආවරණ සියල්ලම පාහේ විකිණී අවසන්. ඒවායේ මිල ගණන් පවා වෙනස් කළත්, ඒ ගැන ප්‍රශ්න නොකරන්න පාරිභෝගිකයෝ සූදානම්. එක්තරා ප්‍රධාන නගරයක බෙහෙත් හලකට ගොඩවුණු අපට, ඔහු කිව්වේ,
‘මම වෙනදා මාසෙටම විකුණන්නෙ ‘මාස්ක්’ පෙට්ටි හයක් විතර. ඒත් අද උදේ වරුවෙ විතරක් ‘මාස්ක්’ පෙට්ටි විස්සක් විකුණලා ඉවරයි. ඒ දවල් දහය විතර වෙනකොට. මම දන්නවා රෑ වෙනකල් වික්කා නම් ‘මාස්ක්’ පෙට්ටි පනහක්වත් විකුණගන්න තිබ්බා.’ කියලා.
ඒ තමයි අපි ‘කොරෝනා’ නිසා තිගැස්සුණු ප්‍රමාණය ගැන කතාව. අපි ඒ ගැන තවත් දුරට කතා නොකර
‘අයි.ඩී.එච්.’ රෝහලට ගොඩවෙන්න හිතුවා.
මේ අයි.ඩී.එච්. රෝහල තියෙන්නෙ අංගොඩ බෝවන රෝග විද්‍යායතනය. ඉස්සර කිව්වෙ ‘කැලෑ ඉස්පිරිතාලෙ’ කියලා. පස්සෙ උණ රෝහල වුණා. අද වෙන කොට අයි.ඩී.එච්. රෝහල කියලා කියනවා.
මොකක්ද අයි.ඩී.එච්. රෝහලේ තත්ත්වය?

චීන ‌කොරෝනා ‌රෝගියා අයිි.ඩී.එච් ‌ෙරෝහලේ (ජායාරූපය අන්තර්ජාලයෙනි)

අපි දන්න විදියට සාමාන්‍යයෙන් ලෝකයේ කුමන මට්ටමේ භයානක රෝගයක් සහිත රෝගියෙක් ආවත්, ඔහුව ඇතුළු කරලා ලංකාවේ පූර්ණ ප්‍රතිකාර සඳහා යොමු කරන අවසාන ස්ථානය තමයි මේ අංගොඩ පිහිටලා තියෙන බෝවන රෝග විද්‍යායතනය. මීට බොහෝ කලකට ඉහත අතිශය ජනශුන්‍ය ප්‍රදේශයක් වෙච්ච මේ රෝහල් ප්‍රදේශය අද වෙනකොට අතිශය ජනාකීර්ණයි. එතකොට මේ රෝහල අසල ජන ජීවිතයට මේ තත්ත්වය බලපාන ආකාරය ගැන විශේෂයෙන්ම සැලකිය යුතුයි. ඇත්තටම මේ රෝහල මෙතැන හදන්න තීරණය කරන්නෙම, කොළඹ නගරාසන්නයේ තියෙන උසම ස්ථානය විදියට, යම්කිසි විසබීජ පැතිරයෑමක් වෙනවා නම්, ඒ බලපෑමක් ඊට පහළින් තියෙන සාමාන්‍ය ජනතාවට වෙන්නෙ නැහැ. ඒ වගේම රෝහල තුළ රෝගීන් රැඳවීමට විශේෂ කුටි සකස් කරලා තියෙනවා. ඒ නිසා මුලින්ම කියලා ඉන්න තීරණය කළේ ඒ කාරණාව.
ඒ ඇයි?
පළමු වැනි එච්.අයි.වී. රෝගියා අයි.ඩී.එච්. රෝහලට ඇතුළු කරන මොහොතේ පවා රෝහල වටා හිටපු සාමාන්‍ය ජනතාව අතිශය කලබලයට පත්වෙනවා. එදා රෝහලේ කාර්ය මණ්ඩලය පවා කටයුතු කරන්නෙ බොහෝම බයෙන්. එදා මේ රෝගියාට බෙහෙත් දීලා තියෙන්න කඩදාසියක ඔතලා විසිකරලා. ඒත් අද වෙනකොට ඒ තත්ත්වය බොහෝම වෙනස්. නමුත් අදත් අයි.ඩී.එච්. රෝහලෙන් සාමාන්‍ය රෝගීන් පිටත්වෙලා ගිහිල්ලා. සාමාන්‍ය රෝගීන් නොපැමිණෙන තැනට අද මේ රෝහල පත්වෙලා.

එතකොට අද වෙනකොට අයි.ඩී.එච්. රෝහලේ තත්ත්වය මොකක්ද?
ඇත්තටම අයි.ඩී.එච්. රෝහල කියන්නෙම ශ්‍රී ලංකාවේ තියෙන විශේෂ පහසුකම් සහිත රෝහලක්. රෝහල් පර්යේෂණාගාරය පැය විසිහතරේම කටයුතු කරනවා. ඒ රාජකාරිය අට – පහ එකක් නෙවෙයි. ඒ වගේම රෝහලේ වෛද්‍යවරු මේ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ අය. විශේෂඥ වෛද්‍ය ආනන්ද වික්‍රමගේ, දමයන්ති ඉඩම්පිටිය, වෛද්‍ය නාරංගොඩ ඇතුළු ඒ අතර විශේෂයි. ඒ වගේම මේ රෝහලේ විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් රෝහලක තියෙන ස්වභාවය රෝගියා වැඩියෙන්ම නිරාවරණය වෙන්නෙ හවුස් ඔෆිසර් විදියකට හඳුන්වන, අත්දැකීම් ලබමින් ඉන්න අලුත් පත්වීම් සහිත වෛද්‍යවරයාට, විශේෂඥ වෛද්‍යවරයා රෝගියා දකින්නෙ ඉතාම කලාතුරකින්. නමුත් අයි.ඩී.එච්. රෝහලේ ඒ තත්ත්වය වෙනස්. මේ ගැන අපි වරක් විශේෂඥ වෛද්‍ය දමයන්ති ඉඩම්පිටිය මහත්මිය සමඟ කතා කළා. ඈ අපිට කිව්වෙ මේ වගේ අදහසක්.
‘සාමාන්‍ය මේ වගේ බරපතළ තත්ත්වයේ රෝගියෙක් ළඟට යනකොට විශේෂ උපක්‍රම යොදන්න වෙනවා. නොදන්න කෙනෙක් ගිහිල්ලා ඒ රෝගය බෝකර ගන්න පුළුවන්. ඒ නිසා අපි ආරක්‍ෂිතව රෝගියා එක්ක ගනුදෙනු කරනවා.’
මොනවද මේ ආරක්‍ෂක උපක්‍රම?
රෝගියා තියන්නෙ සාමාන්‍ය වාට්ටුවල නෙවෙයි. ඒ වෙනුවෙන් විශේෂයෙන් සකස් කරපු කාමර තියෙනවා. ඒ කාමරවල රෝගියා සඳහා තියෙන කොටස වීදුරු ආවරණයක් සහිතයි. ඒ දොර නිරන්තරයෙන්ම වහලා තියෙන අතරෙ, ඊට පිටස්තර තවත් විශේෂ වීදුරු ආවරණයක් තියෙනවා. රෝගියා ඉන්නෙ ඒ තුළ. මේ ‘කොරෝනා’ රෝගියා සහ ඒ පිළිබඳව සැක සහිතව රෝහල්ගත කරපු රෝගීන් දැනට ප්‍රතිකාර ලබන්නෙත් ඒ ආකාරයෙන්. විශේෂයෙන් සකස් කරපු රෝහල් කාමරවල.

මේ රෝගීන් අසලට යෑමට විශේෂ පුහුණුව ලත් වෛද්‍යවරු වගේම හෙද පාලිකා ගීතානි චම්පිකා උඩුගංකෝරලා ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කරනවා. රෝහලේ අධ්‍යක්‍ෂතුමන් විදියට, වෛද්‍ය හසිත අත්තනායක මහතා කටයුතු කරනවා. මේ රෝගියා ළඟට යන වෛද්‍ය කාර්ය මණ්ඩලයට අතිවිශේෂ ඇඳුමක් තියෙනවා. ඒ පිජාමා එක සහ ඕවර් රෝල් එක ඊට උඩින් අඳින්න ඕනෑ. ඒත් එක්ක ඊට උඩින් අඳින්න පොලිතින් ඒප්රන් එකක් තියෙනවා. එන්.ජී.එස්. වර්ගයේ මාස්ක් (මුහුණු ආවරණ) ගොගොල් (විශේෂිත ඇස් ආවරණය) සහ හිස් වැස්මක් පැලැඳිය යුතුයි. ඒ වගේම විශේෂ අත් ආවරණ සහ පාවැහුම් ඔවුන්ට ලැබෙනවා. මේ තමයි ‘කොරෝනා’ රෝගියා අසලට යන රෝහල් කාර්ය මණ්ඩල නිල ඇඳුම. විශේෂයෙන්ම මේ විශේෂ ඇඳුමෙන් සැරසෙන රෝහල් කාර්ය මණ්ඩලයේ කෙනා, තමන්ම කණ්ණාඩියෙන් බලල තමන්ගේ ඇඳුමෙ අඩුපාඩු ඇත්ද නැත්ද කියලා හඳුනාගත යුතුයි. මේ ලිපිය ලියන මොහොත වෙනකොට ‘කොරෝනා’ රෝගීන්ට නිශ්චිත බෙහෙතක් හොයාගෙන නැහැ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුණෙ එච්.අයි.වී. රෝගීන්ට ලබාදෙන බෙහෙත්, විදෙස් රටවල ලබාදෙන බව. නමුත් ලංකාවේදී එවන් තත්ත්වයක් නැහැ. ඒ අයගෙ උණ තත්ත්වය පරීක්‍ෂා කරමින් ඒ සඳහා ප්‍රතිකාර කරන බවයි නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරන්නෙ.
මේ අතර, ‘කොරෝනා’ රෝගී විදේශීය කාන්තාවන් සඳහා විශේෂිත ආහාර වේල් ලබා දෙන්නත් අයි.ඩී.එච්. රෝහල කටයුතු කරලා තියෙනවා. ඒ ඒ ආහාර විදියට දැනගන්න ලැබෙන්නෙ මෙහෙමයි. උදෑසන ආහාරයට ලබා දෙන්නෙ ‘සැන්ඞ්විච්’ වගේ දෙයක්. ඒවා මාළු සහ බිත්තර සහිතයි. දවල් ආහාරය විදියට ලැබෙන්නෙ ෆ්‍රයිඞ් රයිස් හරි ෆ්‍රයිඞ් නූඞ්ල්ස් හරි. ඒ විදියටම රෑ කෑමත් හැදෙනවා. බිත්තර, මාළු වගේම කංකුන් ඩෙවල් වගේ විශේෂ කෑමක් මේ රෝගීන් වෙනුවෙන් සකස් කෙරෙනවා. ඒ විශේෂයෙන්ම රෝගියාට අවශ්‍ය කරන කෑම, බීම ඉතාම වැදගත් නිසා.
කොහොම නමුත් අයි.ඩී.එච්. රෝහල ‘කොරෝනා’ එක්ක කාර්ය බහුලයි කියලා අපි හිතුවට එහෙම නැහැ. මොකද රෝහල් වෙනත් රෝගීන් නැත්තටම නැති නිසා රෝහලේ වැඩ අඩුවෙලා. නමුත් රෝහල් කාර්ය මණ්ඩලය සාමාන්‍ය විදියට රාජකාරි කරනවා. ‘කොරෝනා’ රෝගීන් රඳවලා ඉන්නෙ කිසිසේත්ම බාහිර පරිසරයට විවෘත නොවෙන විදියට. ඒ අයට ප්‍රතිකාර කරන්නෙත් එහෙමයි. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් වගේ දැනුමක් මේ කාර්ය මණ්ඩලයට තියෙනවා. එහෙම නම් මීට වඩා භයානක තත්ත්වයකට වුණත් අයි.ඩී.එච්. රෝහල සූදානම්.
ඒ වගේම දැනගන්න තියෙන්නෙ මේ රෝගියා ඉන්නෙ භයානක තත්ත්වයක නෙවෙයි. අපි මේ ලියන මොහොත වෙනකොට වෙනත් කිසිම රෝගියෙක් ‘කොරෝනා පොසිටිව්’ තත්ත්වයට ඇවිල්ලා නැහැ. ඒ ගැන පළවෙන සමාජ ජාල වාර්තා අසත්‍යයයි. ඒ නිසා අපි ඔබට කියන්නෙ කලබල වෙන්න එපා. නමුත් ආරක්‍ෂා වෙන්න. ඒක තමයි වැදගත්ම.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

කොරෝනා ‌ලෝකයම ගිලගනියිද?

Next Post

වෝහාරිකය ආවා… ‌කෝ ‌‌මේ ඇලෝසියස්…?

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.