• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යූ.ඇන්.පිය ඉවරයිද? (උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

February 1, 2020
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
යූ.ඇන්.පිය ඉවරයිද? (උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘කොළඹ නගර සභා මැතිවරණයෙන් ලද ප්‍රබල ජයග්‍රහණයෙන් එක්සත් ජාතික පක්ෂය යළිත් කලින් පැවැති තත්ත්වයට ප්‍රකෘතිමත් කළ හැකි බව ඒත්තු ගැන්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය වෙත මහජන මතය නැඹුරු කැරවීමේ කාර්යයට ඔහු සිය ශක්තිය යොමු කිරීමට පටන් ගත්තේය. 1956 අප්‍රේල් මහ මැතිවරණයෙන් ලද අන්ත පරාජයෙන් අධෛර්යයට පත්ව නිසි නායකත්වයකින් තොරව සිටි සමයක පක්ෂයේ දුක්ඛදායක තත්ත්වය හමුවේ එය ඉතා භාරදූර කාර්යයක් විය. ඔහුගේ ප්‍රධාන අරමුණ වූයේ සිය පක්ෂය යළි බලයට පත්කිරීම හෝ එසේ නොකළ හැකි නම් යටත් පිරිසෙයින් පවත්නා රජයට විකල්පයක් වශයෙන් පෙනීසිටිය හැකි තත්ත්වයට පත් කිරීමත්, මුඵ රටේම ඡන්ද කොට්ඨාස මට්ටමේදී තවමත් තම පක්ෂයට ඇති මහජන සහයෝගයට සරිලන මන්ත්‍රී සංඛ්‍යාවකින් යුත් පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමත්ය. “බලය වූ කලී පක්ෂ දේශපාලනයේ ප්‍රථම ඉලක්කයයි. එය දේශපාලන සාර්ථකත්වය සඳහා නැතිව බැරි දෙයක්” යන ආර්. ඒ. බට්ලර්ගේ කියමන ජේ. ආර්. උද්‍යෝගයෙන් අනුමත කළ සිද්ධාන්තයක් විය හැකිය.

පිටු අංක 03, ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානය

ජේ.ආර්.ගේ පොතේ සඳහන් ජේ.ඒ. බට්ලර් ගේ මේ කියමන දිහා බලන විට අද ජේ.ආර්.ලාම හදපු යූ. ඇන්.පී.යට තවදුරටත් පක්ෂයක් ලෙස පවතින්න පුඵවන් වෙයිද කියන ප්‍රශ්නය මතු වෙයි. ඊට හේතුව යූ. ඇන්. පී.ය 1994 පරාජයට පත්වීමෙන් පසු බලය ලබා ගැනීම මූලික සිද්ධාන්තය බවට පත් කර නොගෙන පක්ෂයේ තනතුරු ආරක්ෂා කර ගැනීම පක්ෂය තුළ බලය බෙදා හදා ගැනීම මූලික සිද්ධාන්තය බවට පත් කර ගෙන ඇති නිසා පක්ෂයට සිදුව ඇති හානිය ගණන් බලන විටදීය.
1994ට පසු මේ තාක් වසර 26ක් තුළ පළාත් පාලන ඡන්ද 5ක් පවත්වා ඇත. 1997, 2002, 2006, 2011, 2018 වශයෙනි. මෙම පළාත් පාලන ඡන්දවලින් යූ. ඇන්. පී. ය ජය ගත්තේ එක් පළාත් පාලන ඡන්දයක් පමණි. ඒ කියන්නේ 2002 පළාත් පාලන ඡන්දය පමණි.
ලංකාවේ පළාත් සභා ඇති කොට පවත්වපු පළමු පළාත් සභා ඡන්දය 1988 පළාත් සභා ඡන්දයය. 1988 පළාත් සභා ඡන්දය යූ. ඇන්. පී. ය. ජයග්‍රහණය කළේය. ඉන් පසු පළාත් සභා ඡන්ද 5ක් පවත්වා ඇත. මේ 5න් එක පළාත් සභා ඡන්දයක්වත් යූ. ඇන්. පී. ය ජයග්‍රහණය කර නැත. පක්ෂයක බිම් මට්ටමේ සංවිධාන ජාලය හැදෙන්නේ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රී ජාලයෙනි. ගම තියෙන්නේ එතැනය. බැසිල් රාජපක්ෂ පොහොට්ටුව හැදුවේ මේ ජාලයට රිංගලා මේ ජාලය ශක්තිමත් කරලාය. පක්ෂයක මුදුන් මුල මේ පළාත් පාලන සහ පළාත් සභා මන්ත්‍රි ජාලයය. පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ පළමු වරට ආණ්ඩුවක් බලයේ සිටියදී පළාත් පාලන ඡන්දයක් පරාජය වූවා නම් ඒ යූ. ඇන්. පී. යය. යූ. අන්. පී.ය 2018 පළාත් පාලන ඡන්දය පරාජය වූයේ ආණ්ඩුවත් තියාගෙනය. ඒ කියන්නේ යූ. ඇන්. පී. යේ බිම් මට්ටම නාය යෑමකට ලක් වී ඇත. එය එක දවසකින් සිදු වූවක් නොවේ. යූ. ඇන්. පී. ය කාලයක් තිස්සේ පළාත් සභා සහ පළාත් පාලන යාන්ත්‍රණය ශක්තිමත් නොකර දුර්වල කිරීමෙන් සිදු වූ දෙයකි. අනෙක යූ. ඇන්. පී. බල මණ්ඩලවලටද ඉන්නේ 1994ටත් පෙර කාලයේ පටන් ඉන්නා වයස්ගත ඇට්ටකුණා වෙච්ච සාමාජිකයන්ය. යූ. ඇන්. පී. බල මණ්ඩලවලටවත් තරුණ ලේ කාන්දු වීමක් සිදුව නැත.

1994ට පසු යූ. ඇන්. පී.ය 2002 දින්නේ යූ. ඇන්. පී. ය නැඟිට්ට නිසා නොව එවකට ශ්‍රී ල. නි. ප. ලේකම් එස්. බී. ඇතුඵ පොදු පෙරමුණු ආණ්ඩුවේ ප්‍රබලයන් රැසක් ආණ්ඩුව කඩා ගෙන ආ නිසාය. යූ. ඇන්. පී. ය ඉන් පසු 2015 දින්නේ එවකට ශ්‍රී ල.නි.ප. ලේකම් මෛත්‍රිපාල ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු පිරිසක් කඩා ගෙන ආ නිසාය. හැබැයි යූ. ඇන්. පී. ය 1947 දින්නේ ඩී. ඇස්. බණ්ඩාරනායක සුසංයෝගයෙනි. 1951 දින්නේ ඩඞ්ලි-ජේ.ආර් සුසංයෝගයෙනි. 1965 දින්නේත් ඩඞ්ලි-ජේ. ආර්. සුසංයෝගයෙනි. 1977 දින්නේ ජේ. ආර්. - ප්‍රේමදාස සුසංයෝගයෙනි. 1982 දින්නේත් ජේ.ආර්. -ප්‍රේමදාස සුසංයෝගයෙනි. 1988 දින්නේ ප්‍රේමදාස-ලලිත්-ගාමිණී ත්‍රිශූලයෙනි. ඉන්පසු ප්‍රේමදාස ඝාතනය විය. ලලිත් ඝාතනය විය. ගාමිණී ඝාතනය විය. යූ. ඇන්. පී.යේ සිටි දුර්වලතම දේශපාලනඥයෙක් වූ ඩී. බී. විජේතුංග නායකයා විය. යූ. ඇන්. පී. යේ නායයෑම පටන් ගන්නේ එතැනින්ය. කොර ගහන යූ. ඇන්.පී.යට ඡන්දෙ දිනන්න ශ්‍රී ල.නි.ප. කරු ඕනෑ වුණේ එතැන් සිටය.

“ඉතින් යූ. ඇන්. පී. යට යළිත් නැඟිටින්න බැරිද...?”

යූ. ඇන්. පී. ය තුවාල වූයේ නායකයන් අහිමිවීමෙන් පළාත් පාලන, පළාත් සභා ජාලය කඩා වැටීමෙන් පමණක් නොවේ. 1999 සිට යූ.ඇන්. පී. යට ගහපු කොටි හංවඩුව, බෙදුම්වාදී හංවඩුව, සිංහල බෞද්ධ විරෝධී හංවඩුව, යුද විරෝධී හංවඩුව නිසා යූ. ඇන්. පී. ය ඔත්පොළ වී සිටින්නේ නැඟිටින්න බැරි ලෙසය. අලි මදිවාට කොටි කිව්වා සේ සහරාන්ගේ බෝම්බයෙන් මුස්ලිම්වාදී හංවඩුවත් වැදිණි. බැඳුම්කර හංවඩුවෙන්ද ගැලවෙන ක්‍රමයක් සොයාගෙන නැත. මේ හංවඩු ගලවන එකත් ලේසි නැත.

“එහෙනම් යූ.ඇන්. පී. ය මොකක්ද කරන්න ඕනෑ.....?”

2018 බැසිල් කළා වගේ යූ. ඇන්. පී. ය අලුත් පක්ෂයක්, අලුත් ලාංඡනයකින් එළියට එන්න වෙලාව හරිය. ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට මුලින් හැදෙන්නේ පක්ෂ නොව නායකයාය. ඒකට හොඳම නිදසුන යූ. ඇන්.පී. ය බිහිවුණ හැටි කියන ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් මේ කතාවය.

“ඩී. ඇස්. සේනානායකට එවකට රටේ තිබූ සැලකිල්ලත් කිත් යසසත් නිසා සිංහල ජනතාව එක්සත් ජාතික පක්ෂය වටා රොක් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළද, නව පක්ෂයට වැඩි ආනුභාවයක් ආරූඪ වූයේ ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ සහ ඔහුගේ සිංහල මහ සභාවේ සහභාගිත්වය නිසයි....”

මෙයින් පෙනෙන්නේ යූ.ඇන්.පී. ය බිහිවුණේ ඩී. ඇස්.ගේ සහ බණ්ඩාරනායකගේ පෞරුෂය නිසාය. 1951 ශ්‍රී ල.නි.ප. ය බිහි වූයේ බණ්ඩාරනායකගේ පෞරුෂය නිසාය. ල.ස.ස.ප. ය බිහි වූයේ ඇන්. ඇම්. ගේ පෞරුෂයෙන්ය. කො.ප. ය බිහිවූයේ දොස්තර වික්‍රමසිංහගේ පෞරුෂයෙන්ය. ජ.වි.පෙ. බිහි වූයේ විජේවීරගේ පෞරුෂයෙන්ය. මේ පක්ෂ ඉස්සරහට යන්නේත් අලත් නායකයන්ගේ පෞරුෂ තුළින්ය. නායකත්වය එක තැන පල්වෙන පක්ෂ වල්බිහි වෙයි. ල.ස.ස.ප. යටත්, කො.ප. යටත් වුණේ ඒකය. ඇන්. ඇම්. ලා මැරෙන තෙක් පක්ෂ නායකත්වය අත හැරියේ නැත. පක්ෂ අලුත් වන්නේ නායකයා අලුත් වීමෙනි. නායකයා වෙනස් වීමෙනි. නායකයා අලුත් නොවන, වෙනස් නොවන පක්ෂ දිරාපත් වී යයි. 2015 පරාජයට පසුත් මහින්ද ශ්‍රී ල.නි.ප. නායකයා වී සිටියා නම් 2018දී මහින්ද පුංචි ඡන්දය දිනන්නේ නැත. 2019 ජනාධිපතිවරණය දිනන්නේත් නැත.

මෙය හොඳට තේරුම් ගත්තේ බැසිල්ය. මෛත්‍රි ශ්‍රී ල.නි.ප. නායකත්වය ගෙන එය යූ.ඇන්.පී. ආණ්ඩුවට හේත්තු කිරීමෙන් ශ්‍රී ල.නි.ප. ය විනාශ වනවා ඔහු දුටුවේය. යූ.ඇන්.පී.- ශ්‍රී ල.නි.ප.-ජ.වි.පෙ. විරෝධී අලුත් පක්ෂයකට අවස්ථාවක් තියෙන බවත්, මහින්දට ඩී.ඇස්.ට, බණ්ඩාරනායකට වගේ අලුත් පක්ෂයක් හදන්න පෞරුෂත්වයක් තියෙන බවත්, එය ප්‍රයෝජනයට ගෙන අලුත් පක්ෂයක් හැදිය යුතු බවත්, ඔහුගේ මොළේට වැදුණේය. ඔහුගේ සූදුව හරි ගියේය. 2015 මහින්දටත්, පවුලටත් ආණ්ඩුවේ ඇමැතිවරුන්ටත් විරුද්ධව ඡන්දය දුන් අය 2018දී මේ අලුත් පක්ෂයට ඡන්දය දුන්හ. 2019 පොහොට්ටුව අලුත් පක්ෂයක් ලෙස අලුත් අපේක්ෂකයෙක්ද ඉදිරිපත් කළ නිසා පොහොට්ටුව ජනාධිපතිවරණයද ජය ගත්තේය. හැබැයි දැන් හැරිලා බලන කොට මේ අලුත් පක්ෂ ආණ්ඩුව ඉන්නේ 2015ට කලින් හිටපු ඔක්කොම පරණ මුහුණුය. හැබැයි බැසිල් ගේම ගහලා ඉවරය. දැන් ඒ ගේම ආපසු හරවන්න බැරිය.

දැන් යූ.ඇන්.පී.යත් ගහන්න ඕනෑ ඒ වගේ ගේම් එකක්ය. යූ.ඇන්.පී. හැව ඇරැලා අලුත් හැවකින් එන්න ඕනෑය. අලුත් ඡන්ද ලක්ෂ 10ක් 15ක් ආකර්ෂණය කර ගන්න පුඵවන් එතකොටය. 1977 වමේ පක්ෂ ඉවර විය. 2018 ශ්‍රී ල.නි.ප. ඉවර විය. අද ජ.වි.පෙ. ඉන්නෙත් ලොකු අර්බුදයකය. ඉතිරි වෙලා තියෙන්නේ යූ.ඇන්.පී.යය.
ස්වභාවිකවම මිය යනවාද නැද්ද කියන එක යූ.ඇන්.පී.යම තීරණය කළ යුතුය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දරුවාගේ වයස අවුරුදු තුනට කළින් මේ යුතුකම් ඉටුකරන්න

Next Post

මැතිනිගේ කාලේ සිට සිරිසේනගේ කාලේ දක්වා අධිකරණයට ඇගිලි ගහපු හැටි (‌දෙවන ‌කොටස)

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.