• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ කඳුළු සහ ජනතාවගේ කඳුළු…

March 14, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ කඳුළු සහ ජනතාවගේ කඳුළු…
Share on WhatsAppShare on Facebook

දවස් ගාණක් සිහිසුන්ව ඉන්න ඉංජිනේරුවෙක් ගැන ඇත්ත කතාවක්

මේ ගතවෙමින් යන්නේ උද්ඝෝෂණ වැඩවර්ජන විරෝධතා පිරුණු සමයක්. මිනිස්සු විවිධ දේවල් ඉල්ලනවා. ආණ්ඩුව ඔවුන්ට බැටන් පොලුවලින්, කඳුළු ගෑස්වලින්, ජල ප්‍රහාරක රථවලින් උත්තර දෙනවා. පොලිසිය හමුදාව දහස් ගණන් කොළඹට ගෙනල්ලා විරෝධතා මර්දනය කරන්න ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා. ඒවායේ පේන පැත්ත සහ නොපෙනෙන පැත්ත ගැන විවිධ තැන්වල විවිධාකාරයෙන් කතා වුණත් අපට ඇහැට පේන්න තියෙන සමහර සත්‍යතා දැක්කට පස්සේ දැනෙන්නේ ඉතා කනගාටුවක්. ලිපිය ලියන මොහොතේදී පහුගිය දිනෙක අපට දැනගන්න ලැබුණු සාමාන්‍ය සත්‍ය සිදුවීමකට අපේ විරෝධතාව පළ කරලා මේ ලිපිය ආරම්භ කරන්න හිතුවා.

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉගෙන ගත්තු කොළඹ විශ්වවිද්‍යාලයට පහුගිය දවසක එල්ල වුණා යැයි කියන කඳුළු ගෑස් ප්‍රහාරය සම්බන්ධයෙන් රටේ ඇතිවෙමින් යන විරෝධය. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉගෙනගත්ත කොළඹ විශ්වවිද්‍යාලයට මේ විදියේ ප්‍රහාරයක් එල්ල කරනවා කියලා කියන්නේ ඒක රටේ ජනාධිපතිවරයාගේ විශ්වවිද්‍යාලයටම ප්‍රහාරයක් එල්ල කළා කියන තැන ආපුවාම හෙට තව මොනවා වෙයිද කියන එක ගැන අපට සැකයක් තියෙනවා. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි අය, උගන්වමින් සිටි අය, විශ්වවිද්‍යාලයේ කෑම ගනිමින්, වෙනත් ක්‍රියාකාරකම්වල යෙදෙමින් සිටි සියලු සිසුන් මේ කඳුළු ගෑස් ප්‍රහාරයත් එක්ක දැඩි පීඩාවට ලක්වූ බව තමයි දැනගන්න ලැබුණේ. සමහර සිසුන්ට විශ්වවිද්‍යාලය පිටුපස දොරටුවෙන් එළියට පැනලා බෞද්ධාලෝක මාවත පැත්තෙන් දුවන්න සිදුවුණා කියලා අපි 100%ක්ම ඒ අත්දැකීමට මුහුණ දුන්න සිසුන්ගෙන් අහලා දැනගත්තා. ඒ අනුව මේ සිදුවීම සත්‍ය නම් කොළඹ විශ්වවිද්‍යාලයට එල්ල කරපු මේ ප්‍රහාරය පිටුපස හිටියේ කවුද, ඒක කාගේ සැලසුමක්ද, කාගෙ සැලසුමක් නැති වැඩක්ද, මේ වගේ දේවල් ඉදිරියටත් සිදුවෙනවද, එහෙම සිදු නොවෙන්න ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැන වහාම පරීක්ෂණ පැවැත්විය යුතුයි. එහෙම නැතිව රටකට ඔයේ ගලාගෙන යන්න දුන්නොත් පොලිසියට හමුදාවට හෝ වෙනත් ආරක්ෂක අංශවලට හිතුවක්කාර විදියට වැඩ කරන්න දුන්නොත් හෙට තව මොනවා වේවිද කියන එක සම්බන්ධව අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.

හැබැයි නෝනාවරුනි, මහත්වරුනි මේ අවස්ථාවේදී ලියන්නට සූදානම් වන්නේ ඒ පිළිබඳ කතන්දරය නොවන බව මා ඔබට කියා සිටිය යුතුයි. මා මෙසේ ලියන්නට උත්සාහ කරන්නේ මීට පෙර සිදුවූ සිදුවීම සම්බන්ධයෙන්. ඔබට මතක ඇති පුද්ගලයෙක් මියගිය විරෝධතා ව්‍යාපාරය. මේ විරෝධතා ව්‍යාපාරය, එහෙම නැත්නම් 26 වැනිදා පැවැති විරෝධතාවයේදී කොළඹ මහනගර සභාව අසලදී ජාතික ජන බලවේගයේ විරෝධතාවට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් දැඩි ලෙස රෝගාතුර වූ අයෙක් මේ පිළිබඳ වාර්තා වූ දිනය වන විටත් සිහිසුන්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව අපට දැනගන්නට ලැබුණා. අපට එහෙම දැනගන්න ලැබුණේ ‘නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් පැවසීය’ කියන උධෘතය යටතේ වෙබ් අඩවි විසින් මේ පුවත වාර්තා කර තිබුණා. ඇත්තටම මේ ප්‍රවෘත්තිය එසේ සිදුවූවක් නම් එවැන්නක් පිළිබඳ වාර්තා වූවා නම්, මෙසේ සිහිසුන් වූ පුද්ගලයා සම්බන්ධයෙන් රජය දරන මතය කුමක්ද? ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය, ඔහු දින ගණනක් පුරා රෝහලේ විඳින පීඩාව, ඔහුගේ ඥාතීන්ට ඉන් ලැබෙන පීඩාවට වන්දි ගෙවන්නේ කවුරුන්ද? විරෝධතා ව්‍යාපාරයක් අතරතුරේදී එය විසුරුවා හැරීමට එල්ල කරන කඳුළු ගෑස් ප්‍රහාරවල ප්‍රමිතිය, ඒ වගේම ඒ කඳුළු ගෑස් ප්‍රහාර එක දිගට කී වතාවක් එල්ල කරනවාද, විසිරී නොයනවා නම් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ හැකි අතර, විසිරී යන අයට එළව එළවා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ හැකිද යන බොහෝ කරුණු සම්බන්ධයෙන් දැන් වහාම තීරණයක් ගත යුතුයි.

හැබෑවක් නම් රට මේ ගතකරමින් සිටින්නේ මහා ව්‍යසනයකින් මහා අර්බුදයකින් යන්තම් ඔළුව උස්සනා කාලයක්. ඩොලරයේ අඩුවීම, රන් මිල අඩුවීම, විදේශිකයන්ගේ පැමිණීම, මේ සියල්ලම ඉතා සුබවාදී දේවල්. මෙවැනි අවස්ථාවකදී රටේ කීර්ති නාමයට හානි වන ආකාරයෙන් මෙවැනි ක්‍රියා සිද්ධ කිරීමම ප්‍රශ්නයක්. රටක විරෝධතා පැවැත්වීම හෝ බලපෑම් කණ්ඩායම් ක්‍රියාකාරීත්වය කියන්නේ ඒ රටේ නිවැරැදි ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින බවට වූ සාක්ෂියක්. මේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ දිගින් දිගටම සිදුවන විරෝධතා සම්බන්ධයෙන් ලෝකයේ කිසිවෙක් වැරැදි ඇහැකින් නොබලාවි කියන එක සම්බන්ධයෙන් අපට යම් විශ්වාසයක් තියෙනවා. ඒකට හේතුව වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක නම් බලපෑම් කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයට අනවශ්‍ය ආකාරයෙන් වැට බඳින්නේ නෑ. නමුත් බලපෑම් කණ්ඩායම්වලට දැඩි සේ පහරදීලා, ඔවුන් තුවාල කරලා, ඔවුන් සිහිසුන් වන ආකාරයට පහරදීලා, සමහර විට විරෝධතාකරුවන් මියගිහිල්ලා ඒ විරෝධතා නිමා වෙනවා නම්, ඒ රටේ බලපෑම් කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට ඉන් යම් හානියක් සිදුවෙනවා. එහෙම නම් ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව ගැටලුවක් තියෙනවා.

දැනගන්න තියෙන විදියට මෙසේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ 46 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු අජිත් ගමගේ නමැත්තෙක් විදියටයි අපට දැනගන්න ලැබුණේ. වාර්තා වන ආකාරයට ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. කෙසේ නමුත් මේ පුද්ගලයා සම්බන්ධයෙන් ආණ්ඩුව දරන ස්ථාවරය කුමක්ද, මේ පුද්ගලයා සම්බන්ධයෙන් දැනට අරගෙන තිබෙන පියවර කුමක්ද, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහුට සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන්, මේ විරෝධතා මර්දනයේදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රතිඵල මොනවාද යන්න පිළිබඳ අප වඩාත් සැලකිල්ලෙන් සිටින්නේ අද ඔහුට එල්ල වූ ප්‍රහාරය හෙට එල්ල විය හැක්කේ ඔබට හෝ මට විය හැකි නිසාවෙනි. ඔබ නෑසූ කන්ව මේ සියල්ල විඳදරා නොගත යුත්තේ හෙට මෙසේ සිහිසුන්ව දින ගණනක් ඇඳේ වැතිර සිටින්නේ ඔබ හෝ මම විය හැකි නිසාවෙනි. එසේම මෙසේ සිහිසුන්ව සිටින පුද්ගලයා හෝ වෙනත් පුද්ගලයකු පුද්ගලිකව වැටුප් ඉල්ලන්නට, පුද්ගලිකව උසස්වීම් ඉල්ලන්නට, පුද්ගලිකව කෝන්තර පිරිමසා ගන්නට ගිය අයද? එසේ නැත්නම් රටක් වශයෙන්, ජාතියක් වශයෙන් ඉල්ලීම් ඉදිරිපත් කරන්නට ගිය අයද යන්න පිළිබඳ වහාම අවධානය යොමුකළ යුතුය.

යම් හෙයකින් මෙවැනි තත්ත්වයක් යටතේ ඔහුට සිදුවන හානියට වන්දි ගෙවීම, ඔහුගේ නිවාඩු අවසන් වීම, ඔහුට ශාරීරිකව වෙනත් අපහසුතා ඇතිවීම, ඔහු නිසා ඔහුගේ යැපෙන්නන්ට සිදුවන හානිය යන මේ සියල්ල පිළිබඳ තක්සේරු කළ යුතුයි. එසේ නොවුණහොත් සියල්ල මතු දිනෙක මීටත් වඩා දරුණු විය හැකියි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බන්දුල කියන්නේ අලි බොරු! කෙහෙළිය පාර්ලිමේන්තුවට කිව්වෙත් බොරු! සාක්ෂි එක්කම පෙරටුගාමී පුබුදු ‌රටට හෙළිකරයි! VIDEO

Next Post

රෂ්මියෙන්ද දූවිල්ලෙන්ද සිනාසෙන මේ බිම තට්ටුවන්කොඩ්ඩිය…!

MORE NEWS

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News
Exclusive

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

Load More
පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ දෙන බවත් අභියෝග දුක් කම්කටොලු...

Read more
වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.