• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට හොර ෆෝන් ගේන මහා මාෆියාවක් රේගුවත් බුදි, ඇමැතිවරුත් බුදි, නිළධාරීනුත් බුදි… කෝටි ගණන් ඩොලර් නැතිවෙයි: උඹලා බුදියගෙන හිටපල්ලා…

March 14, 2023
in Exclusive, News
Reading Time: 15 mins read
A A
ලංකාවට හොර ෆෝන් ගේන මහා මාෆියාවක් රේගුවත් බුදි, ඇමැතිවරුත් බුදි, නිළධාරීනුත් බුදි… කෝටි ගණන් ඩොලර් නැතිවෙයි: උඹලා බුදියගෙන හිටපල්ලා…
Share on WhatsAppShare on Facebook

රුපියල් බිලියන ගණනක විදේශ විනිමය රටට අහිමි කරන මහාපරිමාණ වංචාවක් පිළිබඳ මහජන අයිතිය බලගැන්වීමේ ක්‍රියාකාරී, විනිවිද පදනමේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සුවිශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා. භාවිත කළ ජංගම දුරකතන මෙරටට ගෙන්වා ඒවා අලුත් දුරකතන බවට හඟවා අලෙවි කරන මෙම ජාවාරම කලක පටන් සිදුවන බවත් ඔහු පෙන්වා දෙනවා. ජංගම දුරකතන ආනයනය හරහා සිදුවෙතැයි කියන මෙම මහාපරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් හෙතෙම මෙම අනාවරණය කර ඇත්තේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා මෙහෙයවනු ලබන Chamuditha News Brief වැඩසටහනට එක්වෙමිනි. එම සාකච්ඡාව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.

ඔබ පසුගිය දවසක සඳහන් කළා ශ්‍රී ලංකා රේගුව ප්‍රධනා පෙළේ දුරකතන සාප්පු කිහිපයක් වැටලීමකට ලක්කළා කියලා. ඒ වැටලීම මොකක්ද?

මේ අවස්ථාව වෙනකොට ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ විදේශ විනිමය සම්බන්ධයෙන්. ෆෝන් ගෙන්වන්න මිනිස්සුන්ට සල්ලි නෑ. ඒ වගේම මිනිස්සු බදු වංචා කරලා ෆෝන් ආනයනය කරන නිසා මුදල් අමාත්‍යාංශයේ රැස්වීමක් පැවැත්වූවා. ඒකට සී.අයි.ඩී. එක, රේගුව, ටී.ආර්.සී. එක සහභාගි වුණා. ඒකෙදී තීන්දුවක් ගත්තා හොර ෆෝන් වංචාව නවත්වන්නේ කොහොමද කියන එක ගැන. නමුත් මෙතැන ප්‍රශ්නයක් තියෙනවා ශ්‍රී ලංකා රේගුවට. ඔවුන්ට මෑන් පවර් එක නෑ අපට හිතෙන විදියට. රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රණරාජා මහතා ඒ අනුව නියෝග කළා වහාම මේක වටලන්න කියලා.

එතකොට මේ වැටලීම කළේ කවුරු හරි කරපු පැමිණිල්ලක් අනුව තෝරාගත් සාප්පුවලට විතරද?

නැහැ, පොදුවේ වැටලීම කළේ. නමුත් මේක කොළඹ විතරක් නෙවෙයි හැම තැනම වෙන වංචාවක්. හොර ෆෝන් ගෙනැල්ලා වෙළෙඳ පොළේ අලෙවි කරනවා. ඒ වැටලීම කරලා මැරීනා මෝල් එකේ ෂොප් එකකුයි ලිබර්ටි ප්ලාසා එකේ ෂොප් දෙකක් වටලලා ෆෝන් තුන්සිය ගානක් රේගුව භාරයට ගත්තා. මේකෙ තියෙන ප්‍රශ්නය තමයි මේවා මෙහෙම වෙන්නේ කොහොමද කියන එක.

ඇයි කඩ තුනක් විතරක් වැටලුවේ?

බැහැනේ. දෙක තුනකට පනිනකොට අනිත් ඔක්කොම බඩු හංගනවා.

ඒ කියන්නේ කලින්ම ඔත්තුව යනවද?

මේගොල්ලෝ ගිය හැටියේ අනෙක් ෂොප්වල තියෙන ඒවා හංගනවා. මේක සාමාන්‍ය දෙයක්. 225 ලංකාවට දීලා තියෙන තෑග්ග මේ.

ඒ කියන්නේ ලංකාවේ මහා පරිමාණයෙන් මේ හොර ෆෝන් ජාවාරම කෙරෙනවා?

අනිවාර්යයෙන්ම. මහා පරිමාණ ෆෝන් ආයතනත් මේක කරනවා. බාගෙට බාගයක් තියෙන්නේ හොර ෆෝන්.

මොනවද මේ හොර පෝන් කියලා ඔබ කියන්නේ?

ඒවට බද්දක් නෑ. ඉම්පෝර්ට් ලයිසන්ස් නෑ. ටී.ආර්.සී. ලියාපදිංචියක් නෑ. මොනවත් නෑ.

එතකොට මේ ගේන්නේ ඔරිජිනල් ෆෝන් එකමද, එහෙම නැත්නම් රීකන්ඩිෂන් ෆෝන්ද?

ඔරිජිනලුත් ගේනවා, කැඩිච්චත් ගේනවා. ඔබ දන්නවනේ ගණිකා නිවාස ගැන. ඒවාට පොලිසියත් යනවනේ. ඉඳලා ඉඳලා අල්ලනවා. ඒ වගේ තමයි රේගුවත්. කීප පාරක් ඔහොම යන්න දීලා අතරින් පතර අල්ලනවා. ඒ අල්ලන එක සමහර විට කැඩිච්ච ෆෝන් වෙන්නත් පුළුවන්. එතකොට ඒක රේගුවට දෙනවා ඔන්න ඇල්ලුවා කියලා.

එතකොට මේ විදියට බාල ෆෝන් ගෙන්වලා ඒවා අපේ රටේ දරුවන්ටත් පාවිච්චි කරන්න දෙනවා. සූම් ක්ලාස්වලට වගේම වෙනත් අධ්‍යාපන කටයුතුවලට. එතකොට ඒකෙන් දරුවන්ගේ සෞඛ්‍යයට වෙන හානිය මොන වගේද?

දරුවන්ගේ සෞඛ්‍යයටත් බලපානවා. ඒකට හේතුව අපේ රටේ කිසිම නියාමනයක් නෑ. පාර්ලිමේන්තුව වගේ තමයි කිසිම තැනක දැන් ක්‍රමවේදයක් නෑ. සිස්ටම් එක සම්පූර්ණයෙන්ම අඩාළ වෙලා මේ රටේ. සල්ලි දීලා ඕනෙම දෙයක් ගේන්න පුළුවන්.

දැන් මේවා ගේන්නේ බැංකුවෙන් එල්.සී. ඕපන් කරලා නෙවෙයි නේ. මේවට සල්ලි යවන්නේ කොහොමද එතකොට?

හරීන් ප්‍රනාන්දු කිව්වනේ දැන් ලක්ෂ ගානක් ටුවරිස්ට්ලා එනවා කියලා. ඒගොල්ලෝ ගේන්නේ මොනවද? ඒගොල්ලෝ යූරෝ ගේනවා. බි්‍රටිෂ් පවුම් ගේනවා. ඩොලර් ගේනවා. ඒ සල්ලි මොනවද කරන්නේ? ඒගොල්ලෝ ගේන මේ විදෙස් මුදල් රැස් කරන්න වෙනම කට්ටියක් දාලා ඉන්නවා ටුවරිස්ට් හොටෙල්වලින්, රෙස්ටුරන්ට්ස්වලින්. මිලියන ගණන් එකතු කරනවා. ඒ සල්ලි බී්‍රෆ් කේස්වල දාලා පැක් කරලා එයාර්පෝර්ට් එක හරහා ආපහු අරගෙන යනවා.

කොහාටද අරගෙන යන්නේ?

බි්‍රටිෂ් පවුන් නම් එංගලන්තයට. යූරෝ නම් යුරෝපා සංගමයේ රටවලට. ඩොලර් නම් ඇමෙරිකාවට. දැන් මේකෙදි වෙන්නේ මොකක්ද? මේ සල්ලි හොරෙන් එකතු කරලා, හොරෙන්ම රටින් පන්නනවා.

කවුද මේ පන්නන කට්ටිය?

ශ්‍රී ලංකා රේගුවේ අයත් සම්බන්ධ කරගෙන ජාවාරම්කාරයෝ මේක කරන්නේ.

එතකොට ලංකාවට ලැබෙනවා කියන ආදායම්වලට මොකද වෙන්නේ?

සත පහක් ලැබෙන්නේ නෑ. හරීන් ප්‍රනාන්දු කිව්වා ලක්ෂ ගානක් ටුවරිස්ට්ලා එනවා කියලා. ඒ සල්ලි ආවට ඇයි මේ රටේ විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙන්නේ?

ඔබ හරි මම හරි රටින් යනවා නම් අපට අරගෙන යන්න පුළුවන් මුදල් ප්‍රමාණයක් තියෙනවා. එතකොට බී්‍රෆ් කේස්වල දාලා කොහොමද සල්ලි අරගෙන යන්නේ?

ඒක තමයි කියන්නේ. තනිකරම සූට් කේස්වල පැක් කරලා තියෙන්නේ මොනවද? ෆොරීන් කරන්සි. කෑෂ් මේ ගෙනියන්නේ.

එතකොට මේ හොර ෆෝන් ගේන කට්ටියත් මේ වගේ සල්ලි අරගෙන යනවද?

ඒගොල්ලොත් ගෙනියනවා වෙන්න පුළුවන්. සමහර විට ෆෝන් එකේ බොක්ස් එක ගලවලා ඒකෙ කෑෂ් දාගෙන යනවා වෙන්න පුළුවන්.

එතකොට හොරෙන් ෆෝන් ගෙන්වනවා කියන්නේ ලංකාවේ කිසිම තැනක සටහන් වෙන්නේ නෑ. කොච්චර ෆෝන් ගෙනාවද කියලා සටහනක් නෑ. ලංකාවේ මහ බැංකුව භාණ්ඩ රැසක් ආනයනය කිරීම තහනම් කළා. නමුත් ඒ භාණ්ඩ වර්ග හැම එකක්ම වගේ වෙළෙඳපොළේ තියෙනවා?

අනිවාර්යයෙන්ම. මේ රටේ නීතියක් නෑනේ. 225 රට ඒ විදියට හදලා තියෙන්නේ.

මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහගේ ඇඩ්වයිසර් කෙනෙක් තමයි දැන් බී.එම්.ඩබ්ලිව්. නඩුවට උසාවියේ ඉදිරිපත් වෙන්නේ. ඔහු මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්. එහෙම වෙන්නේ කොහොමද? ඒ තරමට රටේ නීතියේ ආධිපත්‍යය බිඳවැටිලා.

මේ දුරකතන හොරෙන් ගෙන්වන අය අතේ හරි, හංගගෙන හරි සල්ලි අරගෙන යනවා. එහෙම ගිහින් කොහොමද මේ ෆෝන් අරගෙන එන්නේ?

මේවා සංවිධානාත්මක වංචාවන් නේ. සාමාන්‍ය ගුවන් මගියකුට ගේන්න පුළුවන් කිලෝ 20යි. මේ අය ගේනවා සමහර විට කිලෝ 200ක්.

හැබැයි අමතර කිලෝ ගානට ගෙවීමක් කරන්න පුළුවන් නේද?

නෑ. ඒකෙ තියෙනවා ගෝල්ඩ් මෙම්බර්, සිල්වර් මෙම්බර් කියලා. හැමදාම විදෙස් රටවලට යන එන අයට ගුවන් සමාගම්වලින් විශේෂ අනුග්‍රහයක් දීලා තියෙනවා.

එතකොට මේ ෆෝන් වංචාව සිදුකරන අය සතියට තුන් හතර පාර රට යන අයද?

ඔව්. එතකොට ඒගොල්ලන්ට ලොකු අමතර ගාස්තුවක් ගෙවන්න වෙන්නෙත් නෑ. මම ඕක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ලාල් වීරකෝන්ටත් කිව්වා.

යම් ගුවන් යානයක් අදාළ රටෙන් පිටවුණාම රේගුවේ අයට පුළුවන් ඒ යානයේ එන අයගේ තොරතුරු ගන්න. කී දෙනෙක් ඒකෙ එනවද, ඒකෙ ඉන්න විශේෂ කෙනෙක්ගෙ ගමන් මල්ලේ බර කොච්චරද වගේ තොරතුරු ලබාගන්න පුළුවන්. ඒ විදියට තොරතුරු අරගෙන, ප්ලේන් එක ලෑන්ඩ් කරපු ගමන් ඒ නම් ටික අරගෙන, ඒ අයගේ බඩු ටික රාජසන්තක කරන්න.

ඒත් එහෙම කරන්න ඔත්තුවක් තියෙන්න ඕනා නේද?

ඔව්. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. මම කිව්වනේ ක්‍රමවේදය දැන් දූෂිතයි කියලා.

උදාහරණයක් විදියට මම එනවා කිලෝ 200ක බඩු අරගෙන. ඒකෙ තියෙනවා ෆෝන් හාර පන්සීයක්. එතකොට මම එන්නේ මගේ හිතවත් රේගු නිලධාරියා ඉන්න දවස බලලද? එතකොට එදාට එයා එතැන ඉන්නවද?

අනිවාර්යයෙන්ම.

එතකොට එයා මගේ පාර්සල් අරින්නේ, බලන්නේ නෑ?

අනිවාර්යයෙන්ම. අවශ්‍ය නෑනේ.

එතකොට ෆෝන් එකකට ගානක් වශයෙන්ද ඔහුට ගෙවන්නේ?

ඔව්. එයාර්පෝර්ට් එකේ දවසේ කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ කලෙක්ෂන් එක එදා දවසේ කට්ටිය අතරේ බෙදෙනවා. ඒ තත්ත්වෙට රට කාලා ඉවරයි.

ඒ කියන්නේ එක ෆෝන් එකකට උදාහරණයක් විදියට රුපියල් 5,000ක් වගේ. කස්ටම් ඔෆිසර්ට කියනවා මම මෙච්චර කෑලි ගේනවා සර් කියලා. එතකොට එයා මාව පරීක්ෂා කරන්නේ නැතුව එළියට යවනවා?

ඔව්. විශාල ට්‍රොලිවල ඒවා පටවගෙන එළියට යනවා. මේ රටේ නීතියේ අධිපත්‍යය බින්දුවයි. හැම ආයතනයක. රේගුවේ විතරක් නෙවෙයි.

එතකොට මේවා වැඩිපුර ගේන්න් ඩුබායිවලින්ද?

ඩුබායි වෙන්න පුළුවන්, සිංගප්පූරුව වෙන්න පුළුවන්, හොංකොං වෙන්න පුළුවන්. ඉන්දියාවෙනුත් ගේනවනේ.

හැබැයි මම ගේනවා කෑලි 300ක්. නමුත් මම කස්ටම් ඔෆිසර්ට කියන්නේ 200ක් තියෙනව කියලා. එහෙම ඔහුව රවට්ටන්න පුළුවන් නේ?

ඔව් එහෙම කරන්න පුළුවන්. මොකද තියෙනවා කියලා කියන ප්‍රමාණයට තමයි එකඟ වෙන්නේ.

එතකොට රේගු අධ්‍යක්ෂවරයෙක් ඉන්නෙ මොකටද මේ වගේ වංචාවල් සිදුවෙනකොට?

හැම ගුවන් මගියෙක්ම එයා බලන්නේ නෑනේ. ඒවා බලන්න අධීක්ෂණ නිලධාරීන් ඉන්නවා. අධ්‍යක්ෂවරයාට මොකක් හරි පැමිණිල්ලක් ආවොත් එයා අනිවාර්යයෙන් මැදිහත් වෙනවා.

ඔබ කියන්නේ ටී.ආර්.සී. එක රෙගියුලේට් කරන්නේ නැති තාක්කල්, සල්ලි අතට ගන්න කස්ටම් ඔෆිසර්ලා ඉන්න තාක්කල් මේ හොර ෆෝන් එන එක නවත්තන්න බෑ කියලද?

කස්ටම් ඔෆිසර්ලා වෙන් කරලා පහර දෙන්න මම කැමැති නෑ. මේ ඔක්කොටම වගකියන්න ඕනෙ පාර්ලිමේන්තුවේ ඉන්න 225 මේ රටේ නීතිය නැති කරපු නිසා.

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

මතකද ට්‍රැවලින් බෑග් එකක කෙල්ලෙක්ගේ බෙල්ල නැති සිරුරක් දාගෙන ගිය සිද්ධිය! මෙන්න දැන් ප්ලාස්ටික් බැරලයක දාපු කාන්තා මළ සිරුරක් ස්ටේෂන් එකකදි හමුවෙලා!

Next Post

රටේ නොසන්සුන්තාවක් ඇතිවෙලා! ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙස පළාත් පාලන මැතිවරණය තියන්න! මල්වතු-අස්ගිරි මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දෙයි!

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.