පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (30) සවස පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දැනට පත්කොට ඇති සාමාජිකයන් 58 දෙනාගෙන් 34 දෙනකු සහභාගී වී ඇති බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් සම්පූර්ණ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන් 96 දෙනකුගෙන් සමන්විතය.
මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කර තිබූ සජිත් ප්‍රේමදාස පිලේ විශේෂ පණිඩුඩය රැගෙන මලික් සමරවික්‍රම මහතා නුවර සිට කොළඹ බලා පැමිණ තිබුණේ විශේෂ හෙලිකොප්ටර් යානයකිනි.
ඒ අනුව ප්‍රේමදාස පිලේ නියෝජනයකින් තොරව පැවැත්වුණු මෙම රැස්වීමේදී පක්ෂ නායකත්වය තවදුරටත් වික්‍රමසිංහ මහතා වෙත ලබා දීමටත්, නව සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා හට ලබා දීමටත් තීරණය කර තිබේ.
නමුත් සන්ධානයේ මහලේකම් ධූරයට එජාප නියෝජිතයකු පත් කිරීමටත්, නාමයෝජනා පිළිබදව තීන්දු කිරීම සදහා ලක්ෂ්මන් කිරිඇල්ල, නවීන් දිසානායක සහ රවී කරුණානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමටත් පියවර ගෙන ඇත.










