• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මඩකලපුවේ මහ කැලයක LTTE සාමාජිකයෙක් අවුරුදු 4ක් හැංගිලා ඉඳලා! නම ‘බාලා’! දින 3ක මෙහෙයුමකින් හොයාගනී! PHOTOS

March 12, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
මඩකලපුවේ මහ කැලයක LTTE සාමාජිකයෙක් අවුරුදු 4ක් හැංගිලා ඉඳලා! නම ‘බාලා’! දින 3ක මෙහෙයුමකින් හොයාගනී! PHOTOS
Share on WhatsAppShare on Facebook

වසර හතරක් තිස්සේ ශ්‍රී ලංකාවේ වනාන්තරයක හුදෙකලාව ජීවත් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්.ටී.ටී.ඊ) හිටපු සාමාජිකයෙකු මුදා ගෙන රෝහල්ගත කර තිබේ.

ඔහුව මුදා ගත් පුද්ගලයින් සඳහන් කරන්නේ, ඔහු මිනිසුන්ගෙන් ඈත් වී ඉතා අපිරිසිදු ලෙස ජීවිතය ගත කර ඇති බව ය.

ශ්‍රී ලංකාවේ හමුදාව සහ සටන්කාමී දෙමළ බෙදුම්වාදී සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ ය අතර පැවති සිවිල් යුද්ධය 2009 වසරේදී එල්.ටී.ටී.ඊ යේ පරාජයත් සමග අවසන් විය. ඉතිරිව සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගෙන් ඇතැමෙකු යටත් වූ අතර ඇතැමුන් අතුරුදන් වී අනෙක් අය සීසීකඩ විසිරී ගියහ.

වනාන්තරයේදී ඔහුව දුටු පුද්ගලයින් විසින් ‘බාලා’ ලෙස හඳුන්වන ලද මෙම පුද්ගලයා ද විසිරී ගිය එවැනි හිටපු සාමාජිකයෙකි. යුද්ධය අවසන් වූ මොහොතේ සිට ඔහුගේ පවුල සහ ඔහුගේ ජීවිතය පිළිබඳ වූ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ, පට්ටිපලෙයි ප්‍රදේශයේ තණ්ඩමලෙයි වනාන්තර ප්‍රදේශයේ ගරා වැටුණු පැල්පතක ජීවත්ව සිටියදී ඔහු මුදා ගෙන තිබේ.

ආහාර ලබා ගැනීම සඳහා කලාතුරකින් ඔහු වනාන්තරයට මායිම්ව ඇති ගම්මන ව  ගොස් ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය,ආහාර ලබා ගැනීම සඳහා කලාතුරකින් ඔහු වනාන්තරයට මායිම්ව ඇති ගම්මාන වෙත ගොස් තිබේ.

අපිරිසිදු ජීවන තත්ත්වයන්

පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ‘කෘසේඩර්ස් ෆෝ ඩිමොක්‍රසි පාර්ටි’ යන දේශපාලන පක්ෂයේ උපසභාපති එන්. නගුලේෂ්, බාලා මුදා ගත් පිරිස අතර විය. ඔහු පවසන්නේ බාලා ඔහුගේ පවුලේ අය විසින් අතහැර දමනු ලැබ ඇති අතර මානසික ව්‍යාකූලත්වයට පත්ව සිටි බව ය.

පහුගිය අවුරුදු හතරක් තිස්සේ ඔහු ජීවත් වී ඇත්තේ වනාන්තරයෙන් ලබා ගත් පලතුරු ආහාරයට ගැනීමෙනි. ආහාර ලබා ගැනීම සඳහා කලාතුරකින් ඔහු වනාන්තරයට මායිම්ව ඇති මිනිස් වාසස්ථානවලට ගොස් ඇත. ඔහු මෙම ආහාර තම පැල්පතට ගෙන ගොස් ප්‍රාථමික හා අපිරිසිදු ආකාරයකින් ඒවා පිසින බව නගුලේෂ් පවසයි.

“ඔහු ජීවත් වෙලා තියෙන්නේ ඉතා අපිරිසිදු තත්ත්ව යටතේ. භාජනයක ඔහු ආහාර පිසිනවා නම් ඒක සෝදලා නෙවෙයි ගන්නේ. ඒ වගේ ම අනෙක් ආහාර වේලත් ඒ භාජනයේ ම හදා ගන්නවා. එක ම භාජනයක මාළු සහ බත් එකට උයාගෙන කාලා තියෙන්නේ,” නගුලේෂ් පැවසීය.

වසර හතරක් තිස්සේ ඔහු ස්නානය කර නොමැති අතර හිස කෙස් පවා කපා නොමැත. ඔහු හරි හැටි නින්දක් හෝ ලබා නොමැත.

මිනිස් ඇසුරෙන් වැළකිලා

මුලදී, බාලා කිහිප දෙනෙකු සමග සබඳතා පවත්වා ඇත. නමුත් පසුව මිනිසුන් දුටු විට ඔහු පළා ගොස් වනාන්තරයේ සැඟ වී සිට තිබේ.

ඔහු ජීවත්ව සිට ඇත්තේ වන අලි ගැවසෙන ප්‍රදේශයක ය.

එවැනි පසුබිමක් තුළ ‘කෘසේඩර්ස් ෆෝ ඩිමොක්‍රසි පාර්ටි’ යන දේශපාලන පක්ෂයේ සාමාජිකයින් ඔහුව මුණගැසී ඇති අතර දින තුනක් පුරා පැවති දුෂ්කරතාවලින් පසු ඔහු සමග සබඳතා ගොඩනගා ගෙන ඇත.

නගුලේෂ් පවසන්නේ, බලා ඔවුන් දුටු මුල් අවස්ථාවේ පැන ගොස් සැඟවුණු බව ය.

“අපිට ඔහු ගැන තොරතුරු ලැබුණා. අපි දවස් තුනක් කැලේ බලා ගෙන හිටියා. පළවෙනි දවසේ අපිව දැක්ක ම එයා පැනලා ගියා. අපි දහවල් වන තුරු බලා ගෙන හිටියා. අපි එයාට ‘බාලා’ කියලා ආමන්ත්‍රණය කරලා එයාව දන්නා කෙනෙක් වගේ කතා කළා. අපි කිව්වා ‘මුලතිව් සටන් බිමේ අපි ඔයත් එක්ක හිටියා’ කියලා,” ඔහු පවසයි.

මඩකලපුව ,පට්ටිපලෙයි ප්‍රදේශයේ තණ්ඩමලෙයි වනාන්තර ප්‍රදේශයේ ගරා වැටුණු පැල්පතක ජීවත්ව සිටියදී ඔහු මුදා ගෙන තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය,මඩකලපුව ,පට්ටිපලෙයි ප්‍රදේශයේ තණ්ඩමලෙයි වනාන්තර ප්‍රදේශයේ ගරා වැටුණු පැල්පතක ජීවත්ව සිටියදී ඔහු මුදා ගෙන තිබේ.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් බාලා ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ, තමා අසලට නොපැමිණෙන ලෙස ය.

“සල්ලි ටිකක් දීලා, බිස්කට් ටිකක් කාලා, පිටවෙලා යන්න කියලා එයා අපිට කිව්වා. ඊට පස්සේ අපි එයාට කාරුණිකව කතා කරලා එයාගේ ළඟට ගියා. ත්‍රස්ත සංවිධානයක හිටපු සාමාජිකයෙක් නිසා කොණ්ඩේ කපලා පිළිවෙලක් වෙන්න ඕනේ කියල අපි එයාට කිව්වා. අපි කිව්වා එයාගේ ප්‍රශ්න අපි විසඳලා දෙන්නම් කියලා. ඒත් එයා ඒක ප්‍රතික්ෂේප කරලා කිව්වේ, ප්‍රශ්න නෑ කියලා. දවස් තුනකට විතර පස්සේ එයත් එක්ක නිසි සන්නිවේදනයක් ගොඩනගා ගන්න අපිට පුළුවන් වුණා. අපි එයාට කතා කළොත්, එයා අපි ළඟට ඒවි,” නගුලේෂ් පැවසීය.

පුනරුත්ථාපන පියවර

පසුව එම කණ්ඩායම සෞඛ්‍ය නිලධාරීන්ට දැනුම් දී ගිලන් රථයක් කැඳවා බාලා මඩකලපුව දිස්ත්‍රික්කයේ, එරාවුර් ප්‍රදේශයේ පිහිටි රෝහලකට ඇතුළත් කර ඇත.

නගුලේෂ් පවසන්නේ, බාලා ඔහුගේ පාක්ෂිකයෙකුගේ අධීක්ෂණය යටතේ සිටි බව ත් ඔහුගේ සෞඛ්‍යය යහපත් අතට හැරෙමින් තිබූ බව ත් ය.

ඇතැමෙකු බාලා පිළිබඳ නොමග යවනසුලු වීඩියෝ සමාජ මාධ්‍යවල ප්‍රචාරය කළ බව ත්, ඒ හරහා මුදල් එකතු කිරීමට උත්සහ කළ බව ත් නගුලේෂ් පවසයි.

එන්. නගුලේෂ්, පවසන්නේ බාලා ඔහුගේ පවුලේ අය විසින් අතහැර දමනු ලැබ ඇති අතර මානසික ව්‍යාකූලත්වයට පත්ව සිටි බව ය.
ඡායාරූප ශීර්ෂ වැකිය,එන්. නගුලේෂ් පවසන්නේ බාලා ඔහුගේ පවුලේ අය විසින් අතහැර දමනු ලැබ ඇති අතර මානසික ව්‍යාකූලත්වයට පත්ව සිටි බව ය.

බාලාට සුවය ලබා ගැනීමට, පුනරුත්ථාපනය වීමට සහ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ජනතාවගේ උදව් ලැබිය යුතු බව ඔහු අපේක්ෂා කරයි.

BBC සිංහල සංදේශය

SendShareShare
Previous Post

සරසවි සිසුන්ට ගහන්නේ ලංකාව වෙනත් රටක හමුදාවකටවත් ගහන්නේ නෑ කියලා සහතික වෙච්ච කඳුළු ගෑස්! කවුරුත් නොදත් රහසක් නීතීඥ සුරේන් පෙරේරා හෙළිකරයි! VIDEO

Next Post

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍යයි! අගවිනිසුරු ඇතුලු නීතීඥවරුන් සහභාගී වූ ජාතික නීති සම්මේලනයට ආ අමෙරිකානු තානාපතිනිය නැවත අවධාරණය කරයි! VIDEO

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.