• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

IMF ගැන රනිල්ගේ තාත්තා JRට ලියපු රහස් ලියුම! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

March 11, 2023
in Exclusive, Gurudawa
Reading Time: 10 mins read
A A
IMF ගැන රනිල්ගේ තාත්තා JRට ලියපු රහස් ලියුම! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

1983 පෙබරවාරි 22 එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන නුගේගොඩ ශාන්ත මේරි සහ ශාන්ත ජෝන් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති විවෘත කරමින් ලෝකයටම ඇහෙන්න කෑගහලා මෙහෙම කීවේය.
‘අයි.එම්.එෆ්. එකට ලංකාවට අණ දෙන්න ඉඩ දෙන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපට බලපෑම් කරන එක නතර කරන්න ඕනා…’
ජේ.ආර්. ජයවර්ධන – ‘දවස’
22.02.1983

ලංකාව පළමු වරට අයි.එම්.එෆ්. සංවිධානයට බැඳුණේ ජේ.ආර්.ගේ මැදිහත් වීමෙනි. 1950දී 50 වැනි සාමාජිකයා ලෙස ජේ.ආර්. අයි.එම්.එෆ්. සාමාජිකත්වය ලංකාවට ලබාගත්තේ මුදල් ඇමැති ලෙසය. ලංකාවට පළමු වරට අයි.එම්.එෆ්. ආධාර ගන්න උපදෙස් දුන්නේත් ජේ.ආර්.ය. ඒ, 1965-70 ඩඩ්ලි සේනානායක ආණ්ඩු කාලයේය. 1977 බලයට ආ ජේ.ආර්.ගේ ආණ්ඩුව මාස තුනක් තුළ ආධාර ඉල්ලා අයි.එම්.එෆ්. ගියේය. එහෙව් ජේ.ආර්. අයි.එම්.එෆ්. ආධාර ගෙන 1983 සැප්තැම්බර් යළිත් අයි.එම්.එෆ්. ආධාර ගන්න ගිවිසුම් ගහන්න සාකච්ඡා කරන අතරතුර 83 පෙබරවාරි 22 වොෂින්ටනයේ අයි.එම්.එෆ්. එකට ඇහෙන්න අයි.එම්.එෆ්. එකට ඕනෑ විදියට අපි නටන්නේ නැහැ යැයි කීවේය.

ජේ.ආර්.ට මේ උපදෙස දුන්නේ වෙන කවුරුවත් නොව, ජේ.ආර්.ගේ සමීප මිත්‍රයකු වූත්, එවක අධ්‍යාපන සහ තරුණ කටයුතු ඇමැති රනිල් වික්‍රමසිංහගේ පියා වූත් එස්මන්ඩ් වික්‍රමසිංහය. 1984 නොවැම්බර් 23 අයවැය විවාදයේදී එවක විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක ජේ.ආර්.ගේ මිත්‍රයා රනිල්ගේ පියා යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩලයට අයි.එම්.එෆ්. එක ගැන ලියපු රහසිගත ලිපියක් කියෙව්වේ මෙසේය.

‘ගරු කතානායකතුමනි, මම දැන් තවත් රසබර තැනකට මේ කතාව ගෙන යනවා. මගේ අතිජාත මිත්‍රයා රනිල් වික්‍රමසිංහ කිව්වා මිනිස්සු කාලා බීලා ඇඳලා හොඳට ජීවත් වෙනවා කියලා. මිනිස්සු දැන් කරදරයක් නැතුව ඉන්නවා කියලා. අපේ කලවාන මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවගම මන්ත්‍රීතුමා ඔහුට උත්තරයක් දුන්නා. මමත් මේ ලෑස්ති වෙන්නේ වෙනත් විදියකට ඔහුට උත්තර දෙන්න. හැබැයි මම මේ විදියට උත්තර දෙයි කියලා ඔහු හිතන්නෙවත් නැතුව ඇති. ඔහු ඇහුවා මොන පිස්සු විකාරද ශ්‍රීලනිපය විපක්ෂය මේ කියන්නේ කියලා. මම කියන්නම් ඔහු කතා කරන්නේ මෝඩයෙක් විදියට. මම ඔප්පු කරනවා ඔහු කතා කරන්නේ කුණු දේවල්. මම මේ උපුටා දක්වන්න යන්නේ කොළඹ 03, පස්වැනි පටුමගේ, නොම්මර 115 පදිංචි එස්මන්ඩ් වික්‍රමසිංහගේ වචන. ඔහු යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක්. අධ්‍යාපන ඇමැතිගේ පියා. ජනාධිපතිගේ ළඟම මිත්‍රයා. ජනාධිපතිගේ කුස්සි කැබිනෙට්ටුවේ අතිදක්ෂ මොළයක් ඇති සාමාජිකයෙක්.
අනුර බණ්ඩාරනායක
23.11.1984
පාර්ලිමේන්තු හැන්සාර්ඩ්
1069-1070

‘ඔබ පුතා වෙනුවෙන් තාත්තාව උපුටා ගන්නවද…?’
රොනී ඩි මෙල්
23.11.1984
පාර්ලිමේන්තු හැන්සාර්ඩ්
1069-1070

‘බලන්න ඔහුගේ පියා රටේ ආර්ථිකය සහ ජීවන වියදම ගැන කියන කතාව. ඔහු කියනවා විරැකියාව වැඩිවෙලා, 90%කින් ජීවන වියදම වැඩිවෙලා. බලන්න පුතා මොකක්ද කියන්නේ? තාත්තා මොකක්ද කියන්නේ?…’
අනුර බණ්ඩාරනායක
23.11.1984
පාර්ලිමේන්තු හැන්සාර්ඩ්
1069-1070

එස්මන්ඩ් වික්‍රමසිංහ ජේ.ආර්.ටත් යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් යවපු මේ ලිපිය ගැන අනුර කී කතාව ‘ගුරුදා විග්‍රහය’ 2009 ජූලි 30 මතක් කළේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂටය. ඒ, අයි.එම්.එෆ්. දිරච්ච ලණු ගිලින්න එපා කියලාය. පහත දැක්වෙන්නේ ඒ ලිපියේ උපුටා ගත් කොටසක්ය.

‘ජේ.ආර්.ගේ සමීපතම දේශපාලන උපදේශකයා වූ රනිල්ගේ පියා එස්මන්ඩ් වරක් ජේ.ආර්.ට ලිපියක් ලීවේය. ඔහු එම ලිපිය ලියා තිබුණේ ලෝක බැංකුවේ සහ අයි.එම්.එෆ්. නොහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලණු කන්න එපාය කියලාය. ඔහු කියා තිබුණේ මෙම ආයතන දෙකම කරන්නේ ලොව ජනප්‍රිය ආණ්ඩු අප්‍රසාදයට පත්කොට වට්ටවන්න දිරච්ච ලණු දෙන එක යැයි කියාය.

ලෝකයේ ආර්ථිකය ලෙඩ දෙන රටවල් හොය හොයා මේ ආයතන බේත් තුණ්ඩු ලියන බවත්, ඒවායෙන් තියෙන ලෙඩ හොඳවෙනවා නොව ලෙඩ වැඩිවෙනවා යැයි ඔහු එම ලිපියෙන් කියා තිබිණි.
එකල විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක මෙම ලිපිය පාර්ලිමේන්තුවේදී කියවාගෙන ගියේය.

‘තමුන්නාන්සේලාගේ ජනාධිපතිතුමාගේ තින්ක් ටෑන්ක් එකේ ඉන්න ගෝල්ඩන් ෆිෂ් නොහොත් රත්තරන් මාළුවා කියනවා තමුන්නාන්සේලාගේ ජනාධිපතිතුමාට ලෝක බැංකුවේ, අයි.එම්.එෆ්. එකේ ලණු කාලා ආණ්ඩුව නැති කරගන්න එපා කියලා…’

මේ, අනුර එදා පාවිච්චි කළ වචනය. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන එස්මන්ඩ් කී කතාව හරියටම හරිය. මේ එස්මන්ඩ් කී කතාවම ඊට පස්සේ කීවේ ජවිපෙය. ඒ, චන්ද්‍රිකා එක්ක සන්ධාන ආණ්ඩුව ගැහුවාට පස්සේය.

‘අයි.එම්.එෆ්., වර්ල්ඩ් බෑන්ක් ලණු කාලා අපි අමාරුවෙන් හදපු ආණ්ඩුව නැති කරගන්න එපා…’

ජවිපෙ චන්ද්‍රිකාට කීවේය. අයි.එම්.එෆ්. එකට කොළඹ ඔෆිස් එකත් වහලා අකුළගෙන යන්න වුණේ ඒකය. 2005 ජනාධිපතිවරණය ජයගත් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවත් අයි.එම්.එෆ්. ලණු කන්න සූදානම් නැති බව පෙනුණු විට අයි.එම්.එෆ්. එක බඩු පැක් කරගෙන යන්න ගියේය.

ඔන්න දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආපහු ඇවිත් ඉන්නේ හොඳ දිරච්ච ලණුවක් අඹරගෙනය.

‘ඉදිරි මාස හය ඇතුළත ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් තියන්න සැලසුම් කරගෙන සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසි නිසා රට තුළ හදිසි බඩු මිල වැඩිවීම්වලට මුහුණ දෙන්න වෙයි…’
‘ද නැෂනල්’ – 2009.07.27

මේ, මැදපෙරදිග ප්‍රකට ‘ද නැෂනල්’ පුවත්පත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ගැන කියන කතාවය.

‘ශ්‍රී ලංකාවේ ජනතාවට ජාත්‍යන්තර අරමුදල් නිසා දුෂ්කර කාලයකට මුහුණ දෙන්න වෙයි. තෙල් සංස්ථාවේ සහ විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගන්න සහනාධාර කපන්න වෙන නිසා ලොකු මිල වැඩිවීම්වලට මුහුණ දෙන්න වෙයි…’ එම පුවත්පත තවදුරටත් කියයි.

‘ඉතින් එහෙම නම් ඇයි ආණ්ඩුව මේ ලණුව ගිල්ලේ…?’

ප්‍රශ්නය තියෙන්නේ එතැනය.

‘අපට ඉතිහාසයේ ලොකුම ණය මුදල ලැබුණා…’

ආණ්ඩුව ආඩම්බරයෙන් කියයි.

‘ඔන්න ආණ්ඩුවට කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි හම්බවෙලා. දැන් යුද්ධෙත් නැහැනේ. පඩි වැඩි කරලා බඩු මිල බැස්සුවොත් ලොකු දෙයක්….’

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගැන කියන කතා අහලා මිනිස්සුන් කියන්නේ ඔය කතාවය.

‘අඩුම තරමේ මේ බස් ගාස්තුවයි ලයිට් බිලයි අඩු වෙනවා නම්…’ මෙහෙම කියන මිනිස්සුත් සිටිති. මෙහෙම කිය කියා මිනිස්සු මාසයක් දෙකක් වැඩිම වුණොත් බලා සිටිති.

‘තෙල් සහනාධාරය කපලා තෙල් මිල නගින කොට, විදුලිය සහනාධාරය කපලා ලයිට් බිල නගින කොට, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල නගින කොට කොහොම වෙයිද…?’ ආණ්ඩුවේ ආර්ථික ලෙඩේට අයි.එම්.එෆ්. එක බේත් තුණ්ඩුව ලියලා දීලා තියෙන්නේ මිනිසුන්ගෙන් ඒ වගේ වචන කටින් එළියට ගන්න පුළුවන් වෙන විදියටය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බෙහෙත් තුණ්ඩුවට බෙහෙත් බොන්න ගිහින් හතර ගාතේ වැටුණු ආණ්ඩු ඕනෑ තරම්ය.

මේ නිසාම ලෝක ආර්ථික අර්බුදය හමුවේ ආර්ථිකය ලෙඩ කරගත්ත රටවල් ලෙඩේ හොඳ කරගන්න දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බෙහෙත් තුණ්ඩුව දිහා බලන්නේ පණ බයෙන්ය.
‘බොස්නියාව ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ඉල්ලා සිටියේය. 2009 මැයි 25 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාධ්‍ය වාර්තාවක් කිව්වේ එම ආයතනයෙන් ණය දෙන කොන්දේසි ඉටු කරන්න ගියොත් බොස්නියාව තුළ සුවිශාල සමාජ අසහනයක් මතුවෙයි කියලාය. එය දැනගත් අප්‍රසාදයට පත්ව තිබෙන බොන්සියා ආණ්ඩුව ජනතාවට තව තවත් එපා කරවනු ඇතැයි දේශපාලක විචාරකයෝ කියා සිටිති.

ලැට්වියාවේ ආර්ථික අර්බුදය හේතුකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න ගිහින් ලොකු දේශපාලන අර්බුදයක් මතුව ඇත. එයට හේතුව එම රටේ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ මෙම ණය ගැනීමට ඉටුකළ යුතු කොන්දේසිවලට දක්වන බයය. එයින් මහජනතාව අප්‍රසාදයට පත්වී ආණ්ඩුව වැටෙයි කියා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීමට අනුමැතිය දෙන්න බැහැ කියයි. එහෙත් දැන් ණය ගන්න සම්මුතියකට ඒමට සාකච්ඡා පැවැත්වෙන බව 2009 ජූලි 29 රොයිටර් වාර්තා කොට ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 2008 ඔක්තෝබරයේදී ණය ගත් යුක්රේනය රාජ්‍ය සේවක වැටුප් කපා විශ්‍රාම වැටුප් කපා ගෑස් මිලට දුන් සහනය අයින් කොට එය ජනතාව පිට පටවා ඇත.

හංගේරියාවත් රාජ්‍ය සේවයේ වැටුප් කපා බෝනස් කපා අත්‍යාවශ්‍ය භාණ්ඩ මත පැනවූ බදු ඉවත් කරන්න හදපු සැලසුම් අයින් කරගෙන ඇත. අයිස්ලන්තයේත් සිදුව ඇත්තේ ඒ ටිකමය.

වැඩිදුරයන්න ඕනෑ නැත. ළඟම රටක් වන පාකිස්තානය 18%කින් විදුලිය බිල වැඩි කරලා තෙල්වලට දුන්න සහනාධාරය කපාදැම්මේය.

මෙසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට ණය ගැනීමට ගිහින් ලෝකයේ විවිධ රටවලට මුහුණ පාන්න වෙලා තියෙන නස්පැත්තියය.

‘රනිල්ගේ ආණ්ඩුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසිවලට යටවෙලා ණය ගත්තා…’ ආණ්ඩුව කියයි.

රනිල්ගේ ආණ්ඩුවත් පරාජය වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීමට එම අරමුදලින් දුන් බේත් තුණ්ඩුවට බේත් බොන්න ගිහින් බව ආණ්ඩුව දන්නේ නැති නම් පුදුමය.’

එදා ‘ගුරුදා විග්‍රහය’ කී විදියට මහින්දට 2015 ගෙදර යන්න සිදුවූයේ 2009 අයි.එම්.එෆ්. ණය ගෙන ඒවා ගෙවන්න 2010 ජනාධිපතිවරණය කලින් තියලා පසුව අයි.එම්.එෆ්. කොන්දේසි ඉටු කරන්න හිටු කියලා බඩු මිල නග්ගපු නිසාය.

චන්ද්‍රිකා 2001 මහ ඡන්දයෙන් කුජීත ලෙස පරාජය වූයේත් අයි.එම්.එෆ්. කොන්දේසි ඉටු කරන්න ගිහිල්ලාය.

2001 බලයට ආ රනිල්ට 2004 ගෙදර යන්න සිද්ධ වූයේත් අයි.එම්.එෆ්. කොන්දේසි ඉටු කරන්න ගිහින්ය. අන්තිමේදී රනිල්ට ඉල්ලපු මුළු මුදල අයි.එම්.එෆ්. දුන්නේත් නැත.

2019 රනිල්ට මන්ත්‍රීකමත් නැති වෙන්න එක් හේතුවක් වූයේ අයි.එම්.එෆ්. කියන විදියට මිල සූත්‍ර හදන්න ගිහින්ය. අයි.එම්.එෆ්. කියන විදියට බදු ගහන්න ගිහින්ය.

‘එතකොට අයි.එම්.එෆ්. අරගෙන රනිල් ගොඩ යනවා කියන්නේ කොහොමද…?’

එහෙම කියන අය රනිල්ගේ මහ ගෙදර පුස්තකාලය අවුස්සා රනිල්ගේ තාත්තා ජේ.ආර්.ට ලියපු ලියුම හොයාගෙන කියවිය යුතුය. එදා කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙක් ලෙස රනිල්ටත් ඒ ලිපියේ කොපියක් ලැබෙන්න ඇත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කූඹි කැළේ ඩී.එස්.ට දැන් 56ක්!

Next Post

හරක් කටාට මැඩගස්කරයේදී ගැහුවේ ඩුබායිවලදී මධූෂ්ට ගහපු ගේමමයි! ඔත්තුව දුන්නේ ලංකාවේ අංක එකේ කුඩු ජාවාරම්කරුවෙක්! අතිවිශේෂ හෙළිදරව්ව මෙන්න!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.