එදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ‘කම්මුතුකාරයා’ යැයි කී රනිල් වික්‍රමසිංහ මහතා අද වනවිට රටේ ප්‍රජාතන්ත්‍රවාදයම කම්මුතු කරමින් සිටින බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මැතිවරණ, පාර්ලිමේන්තුවේ බලය, අධිකරණ බලය ආදී සියල්ල වික්‍රමසිංහ මහතා විසින් කම්මුතු කරමින් සිටින බවකි.










